දාර්ශනිකයෝ ඉන්නවාද?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
ඔබ ඔය කියන්නේ දුරං ගමන ඒක චරං ගාථාව ගැන වෙන්න ඕන. ඒ බුද්ධදේශනාවක් නෙමෙයි.

ඉහත සඳහන් ගාථාව අයිති වන්නේ සූත්‍ර පිටකයේ ධම්ම පදය නම් බෞද්ධ අත්පොතේ චිත්ත වර්ගයටයි. මෙහි සාමාන්‍ය සරල අර්ථය වන්නේ දුර අරමුණු කරා නිතර ගමන් කරන, නිතර තනිවම හැසිරෙන ශරීර ගුහාවෙහි නිදන සිත යම් කෙනෙක් තැන්පත් කර ගනීද? ඔහු මාර බන්ධනයෙන් හෙවත් සංසාර බැම්මෙන් මිදෙන බවය.

බුදුපියාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරන්නට යෙදුනේ භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් වහන්සේ අරභයාය.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු දේවල් දැකල තියනවා වගේ කතා කරනවා දැක්කම පිත්තු වගේ..! :baffled:
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මිනිස්සු දේවල් දැකල තියනවා වගේ කතා කරනවා දැක්කම පිත්තු වගේ..! :baffled:

    දැන් එතකොට ඔයා මෙච්චර කාලයක් ඇස් දෙක ට නොදැකපු කිසි දෙයක් විස්වාස කරල නැද්ද :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එතකොට ඔයා මෙච්චර කාලයක් ඇස් දෙක ට නොදැකපු කිසි දෙයක් විස්වාස කරල නැද්ද :P

    මම කිසිම දෙයක් 'විශ්වාස කරන්නේ නෑ' , මිට කලින් ඇත්ත දේවල් කිව්ව කෙනෙක් , මුලාශ්‍රයකින් දෙයක් එලියට ආවොත් ඒ දේ ඇත්ත වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියනවා කියල විශවාස කරනවා...

    එත් ඔයා මිට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ල නොදියුණු සාමජේ හිටපු මිනිස්සු කිව්ව දේවල් 'පරම සත්‍ය' කියල විශ්වාස කරනවා... :sorry:
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    මම කිසිම දෙයක් 'විශ්වාස කරන්නේ නෑ' , මිට කලින් ඇත්ත දේවල් කිව්ව කෙනෙක් , මුලාශ්‍රයකින් දෙයක් එලියට ආවොත් ඒ දේ ඇත්ත වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියනවා කියල විශවාස කරනවා...

    එත් ඔයා මිට අවුරුදු දහස් ගානකට ඉස්සෙල්ල නොදියුණු සාමජේ හිටපු මිනිස්සු කිව්ව දේවල් 'පරම සත්‍ය' කියල විශ්වාස කරනවා... :sorry:

    සමාජේ නොදියුනුයි කියල ඇස දෙකට දැක්කද?
     

    Joker DC

    Member
    Apr 5, 2019
    320
    22
    0
    මැරෙන්න කලින් ඇතිවෙන චුති සිතට අනුව ඊළඟ භවය ඇතිවෙනව. (අලුත් සිතක් උපදිනව) උදා- මනුෂ්‍ය දේව බ්‍රහ්ම ප්‍රේත නිරිසත් තිරිසන් වගේ

    ගොඩක් ස්තුති ... දන්නේ නැති නිසා අහන්නේ ... චුති සිත ... ක්ෂනකිව ඇති වෙන දෙයක්ද .... නැති නම් අපේ පව් පිං අනුව ඒක කලින්ම තීරණය වෙච්ච දෙයක්ද
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    sstRUnZl.jpg



    ඒත් මගේ පුද්ගලික අදහස නම් සාම්ප්‍රදායික බටහිර භෞතික විද්‍යාවේ මතය නිවැරදි වියයුතුයි. මනස යනුවෙන් සත්වයා තුල ඉන්ද්‍රජාලිය ශක්තියක් පවතින බව පිළිගන්න සාධක නෑ.
    :rolleyes:


    චානි කලුසුද්දියේ,වැඩි කතා ඔනේ නෑ.පුනරුප්පත්තිය හෙළි කරන අය කලින් ආත්මේ ගැන ටක්කෙට කිව්වේ කොහොමද කියලා හිතුවොත් ඔය හැදිමිටේ මොළේට සමහර විට තෙරෙවි බටහිර මතේ බොරුවක් කියලා :rolleyes:
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    චානි කලුසුද්දියේ,වැඩි කතා ඔනේ නෑ.පුනරුප්පත්තිය හෙළි කරන අය කලින් ආත්මේ ගැන ටක්කෙට කිව්වේ කොහොමද කියලා හිතුවොත් ඔය හැදිමිටේ මොළේට සමහර විට තෙරෙවි බටහිර මතේ බොරුවක් කියලා :rolleyes:
    Funny :rofl::rofl:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කෙසේ වෙතත් මනස යන්න පුර්ණ වශයෙන් මොළයට ඌනනය කරන්න පුළුවන්ද කියන එක ගැන සැකයක් තියෙනවා. විද්‍යාත්මක විග්‍රහයේදී සතුන් සහ ශාක යන කොට්ටාශ දෙකම එකම පුර්වජයකුගෙන් පැවත එන්නේ. මේ අනුව ශාක ප්‍රජාවත් ජීවින් වශයෙන් පිළිගැනෙනවා. සතුන් මෙන්ම ශාක ත් පරිසරයේ උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා ශාක ප්‍රජාවත් යම් ආකාරයක මනෝමුල සන්දර්භයන් ට යටත් වෙනවා. අනිත් කාරණය තමයි මනස මොළයට ඌනනය කිරීමෙන් කයක් නැති සිත පමණක් ඇතැයි කියන බ්‍රහ්ම ලෝකවල පැවැත්ම තේරුම්ගන්න බැහැ. :rolleyes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කෙසේ වෙතත් මනස යන්න පුර්ණ වශයෙන් මොළයට ඌනනය කරන්න පුළුවන්ද කියන එක ගැන සැකයක් තියෙනවා. විද්‍යාත්මක විග්‍රහයේදී සතුන් සහ ශාක යන කොට්ටාශ දෙකම එකම පුර්වජයකුගෙන් පැවත එන්නේ. මේ අනුව ශාක ප්‍රජාවත් ජීවින් වශයෙන් පිළිගැනෙනවා. සතුන් මෙන්ම ශාක ත් පරිසරයේ උත්තේජනයන්ට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා ශාක ප්‍රජාවත් යම් ආකාරයක මනෝමුල සන්දර්භයන් ට යටත් වෙනවා. අනිත් කාරණය තමයි මනස මොළයට ඌනනය කිරීමෙන් කයක් නැති සිත පමණක් ඇතැයි කියන බ්‍රහ්ම ලෝකවල පැවැත්ම තේරුම්ගන්න බැහැ. :rolleyes:

    විශ්වයම හැදුනේ සිතෙන්...සාක්ෂිත් තියනවා :frown:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජේ නොදියුනුයි කියල ඇස දෙකට දැක්කද?

    දැන් දකින දෙ විශ්ලේෂණය කරාම , ඊට කලින් කාල වල දේවල් තිබ්බේ කොහොමද කියල හිතන්න පුළුවන් ලොකු විශ්වාසයක් ඇතුව..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    විශ්වයම හැදුනේ සිතෙන්...සාක්ෂිත් තියනවා :frown:
    ලෝකය මනසේ නිර්මාණයක් කියන අදහස හුදෙක්ම දාර්ශනික ප්‍රකාශනයක්. එහි ඉතා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒත් එමඟින් ලෝකයේ ස්වායත්ත භෞතික පැවැත්ම පිළිබඳ විද්‍යාත්මක විග්‍රය පහසුවෙන් පරාජය කරන්න බෑ.
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    Read This

    http://www.elakiri.com/forum/showthread.php?t=1883671&referrerid=558239




    මනස කියා දෙයක් ඇත්තටම පවතීද ?

    [ මේ ලිපිය මම මුලින්ම පල කලේ elakiri Thread එකක කොටස් දෙකක් වශයෙන්, 2016 ජුනි ජුලී මාසවල, දැන් මේ ලිපිය මම නැවත කියවන කොට, මම මේක කොහොම ඒ දවස්වල ලියුවද කියලත් වෙලාවකට පුදුම හිතෙනවා ]

    මනස, විඥානය, සිත වැනි ශුන්‍ය සංකල්ප පිළිබද කිසිදු පදනමක් නැති හුදු වචන හරඹ, හිතළු, අනන්තවත් සාකච්ජා අපිට දෛනික ජිවිතයේ දී මුද්‍රිත, විද්‍යුත් සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුල කොපමණ වත් හමුවේ. මේ ආගමික සහ දාර්ශනික පැහැදිලි කිරීම් වලින් කිසිදු අර්ථවත් දෙයක් උකහා නොහැකි අතර මිනිසා තුල ඇති නෛසර්ගික නිර්මාණශීලි චින්තනය පවා තවදුරටත් මොට කරයි. මේ වචන හරඹ වලින් ඇත්තටම ගතයුත්තක් ඇද්ද? මේවා හුදු වාක්‍ය සහ ජේද පමණයි.

    මානව ස්මෘතිය හෙවත් මතකය, මානව ජිවිතයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ගුණාත්මකව ගත් කල, මෂ්තිෂ්කය තුල ජෛව රසායනික මූලයකින් අන්තර්ගතව ඇති, විවිධ ස්මෘති ප්‍රභේද, මිට පෙර ලබා ඇති අත්දැකීම් වලට අනුව පරිසරයට උචිත වන ආකාරයට මානව චර්යා හැඩ ගසා ගැනීම, මෂ්තිෂ්කය තුල විද්‍යුත් රසායනික පදනමකින් ගබඩා වී තොරතුරු උපාර්ජනය මෙන්ම භාවිතය, පුර්ව සිද්ධි දාමයන් ආවර්ජනය සහ අනාගතය සැලසුම් කිරීම ආදී කාර්යයන් සදහා ප්‍රධාන වශයෙන්උපකාරී වෙයි. එමෙන්ම ස්මෘතිය හෙවත් මතකය, සැමවිටම මානව පුද්ගලභාවය, තීරණය කරන ප්‍රධාන සාධකය වන අතර, එක් පුද්ගලයකුගේ ස්මෘති දුරාවලිය, අනිවාර්යෙන්ම, තව පුද්ගලයකුගේ ස්මෘති දුරාවලියෙන් සැමවිටම විභින්න වීම දක්නට ලැබෙන විශේෂ අංගයකි. එසේම කිසියම් පුද්ගය සමුහයකගේ හෙවත් ජන සමුහයකගේ පොදු ස්මෘති සංරචකයක් එකිනෙක හා අතිච්ජාදානය වීම මගින්, සැමවිටම, පොදු සංස්කෘතික ස්මෘති ප්‍රවාහයක් ගොඩ නැගෙන අතර, එය බොහෝ විට, එම ජන සමුහයේ කලාකෘතික ආකාරයෙන් බාහිරට විද්‍යමාන වීම දක්නට ලැබේ. අද්‍යතන මානව සමාජය විසින්, ස්මෘතිය භාවිතය ට ගැනීම, එක්තරා ආකාරයකට වෙනස් කිරීමකට හෙවත් පෙරළියකට ලක් කර ඇති අතර, අවශ්‍යතාව මතම සෙවීම( Search on Demand )යන සංකල්පය භාවිතා කරමින් අන්තරජාලය වැනි භාහිර මාධ්‍ය තුල, විද්‍යුත් චුම්භක පදනමකින් ගබඩා කිරීම සදහා පෙළඹී ඇත. තවද, ස්මෘතිය ගිලිහී යාම, සන්ත්‍රාසයට හෙවත් භීතියට පත් වන ප්‍රධාන කාරණයක් වන අතර, එමෙන්ම පෞද්ගලික ප්‍රසාංගික මතකය ( Private Episodic Memory ) ගිලිහී යාම එක්තරා ආකාරයක, පුද්ගලභාවය අතුරුදහන් විමක ලෙස වුවද අර්ථකථනය කල හැක. එමෙන්ම, පුර්ව සිද්ධි සහ අත්දැකීම් ආවර්ජනය කිරීමට නොහැකියා, එක්තරා ආකාරයක දෛනික ජිවිතයේ පැවැත්මට එක එල්ලේ බලපාන මෙන්ම අපහසු තාවයට පත්කරන කාරණය ය යන ප්‍රස්තුතයට අවධානය යොමු කිරීමේදී පුද්ගල භාවය සහ ස්මෘතිය අතර ඇති සහ සම්බන්ධය මොනවට පැහදිලි වෙයි.

    සතුට, දුක වැනි මනෝභාවයන් හෙවත් චින්තන ක්‍රියාවලිය පිළිබද හුදෙක් නුතන හුදී ජන සමාජය විසින් කරනු ලබන අර්ථකතන මෙන්ම ඒ පිළිබද ඇති අවබෝධය , ඇත්තෙන්ම ස්වභාවයෙන් මෙන්ම ක්‍රියාකාරීත්වයෙන් ද සාවද්‍ය සහ සමස්තය පිළිබද නොවැටහිමෙන් කරන ලද ප්‍රකාශන බව පැවසීම අතිශෝක්තියක් නොවේ. තවද චින්තනය නමැති ක්‍රියාවලිය, ඇත්තෙන්ම උත්තේජ ප්‍රතිචාර න්‍යාය මත ගොඩ නැගී ඇති මානව චර්යාවක් ලෙසම සැලකිය හැකි අතර එය හුදෙක් භාෂා යාන්ත්‍රණ ක්‍රියාවලියේම විස්තීරණය ලෙස සැලකීම වුවද යුක්ති සහගතය. මන්ද, ඕනෑම චර්යාවක්, ඇවිදීම, දිවීම වැනි භෞතික සංචලනයක් හෝ ශබ්ද උච්චාරණයක් හෝ සිනහව වැනි ක්‍රියාවලියකදී මුහුණේ සිදුවන පැහැදිලි බාහිර පෙනුමේ වෙනසක් ලෙස හෝ ආදී විවිධ ස්වරූප වලින් දැකිය හැකි නිසා, එය කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස වුවද පොදුවේ හදුනා ගත හැක. තවද, කිසියම් කාල ප්‍රාන්තරයක් තුල සිදුවන කිසියම් භෞතික වෙනස් වීමක් ලෙස ම අර්ථකථනය කල හැකි, මොළය තුල සිදුවන චින්තන ක්‍රියාවලිය, බාහිර චර්යාවක් ලෙස විද්‍යමාන නොවුවද, චින්තනය සමග බැදී ඇති විද්‍යුත් සහ ජෛවරසායනික ක්‍රියාවලි නිරීක්ෂණය සදහා පොදුවේ පිළිගත් ක්‍රමවේද නුතනයේ වෛද්‍ය විද්‍යාව තුල අන්තර්ගතව ඇති නිසා චින්තනයද කිසියම් ආකාරයක අද්භූත ක්‍රියාදාමයක් නොව හුදු ද්‍රව්‍යවාදී භෞතික ක්‍රියාවලියක් ලෙසම සැලකිය හැක.

    තවද , අපක්ෂපාතී සහ අගතිගාමී නොවූ සද්භාව විචාරයේදී, මානසික සන්දර්භයක් තුල සිට කරන මානව චර්යා පිළබද විග්‍රහය, ඇත්තෙන්ම මානසික චර්යාවන්ට භාෂා පදනමක් තුල සිට කරන හුදු ලේබල් සමුහයක් ඇලවීම මිස , කිසිවිටකත් සායනික වශයෙන් ප්‍රචලිත මෙන්ම භාවිතයේ ඇති මානව චර්යාව පිළිබද ස්නායු විද්‍යාත්මක වශයෙන් අර්ථකථනය කර ඇති ආකෘති සමග කිසිදු සංගත බවක් හෙවත් ගැලපීමක් දක්නට නොලැබිම ප්‍රකටව දක්නට ලැබෙන කාරණයකි.

    තවද, පොදු ජන වහර තුල පැලපදියම් වී ඇති ආශයන්, විශ්වාස, භිතිකා සහ අභිමතාර්ථයන් වැනි මනෝ භාවයන් හෙවන් මනසේ ඇති මනෝ විද්‍යාත්මක අවස්ථා, ප්‍රකට ලෙස ව්‍යවහාරයේ පැවතුණද එමෙන්ම අර්ථකථනය කලද, ඒවා හුදු අතාත්වික නිර්මාණයන් හෙවත් හිතළු ලෙස පොදුවේ සැලකිය හැක.

    සැබවින්ම, මානව චින්තනය යනු ස්නායු පදනම් කරගත් කායවිද්‍යාත්මක ක්‍රියාවලියක් හෙවත් මොළය තුල ඇති ස්නායු සෛල හෙවත් නියුරෝන තුල සිදුවන අතිසංකිර්ණ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියා පෙළක් ලෙස සැලකිය හැක.
     
    Last edited:

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    දැන් දකින දෙ විශ්ලේෂණය කරාම , ඊට කලින් කාල වල දේවල් තිබ්බේ කොහොමද කියල හිතන්න පුළුවන් ලොකු විශ්වාසයක් ඇතුව..

    දැන් දකින දෙ විශ්ලේෂණය කරාම පෙර සමාජය දියුණු මට්ටමක පැවති බවත්, හුදු තාක්ෂණික දියුණුව පමණක් සමාජ දියුණුව නොවන බවත් මගේ මතයි. ඔබගේ චින්තනයට අනුව මෙතෙක් විද්යාඥයන් පර්යේෂණ කර සොයා ඇති සියලු දෑ ඔබ ඔබවිසින් දැක ප්‍රත්‍යක්ෂ කරන තුරු ඔබට පිළිගත නොහැක. එසේ බලන කල මෙම සම්මුති ලෝකයෙන් 80% පමණ ඔබට පිළිගත නොහැක. එසේම කර්මය හා කාර්ම පලත්, හුදු මිනිස් පරාසයට අසු නොවන නිරය ඇතුළු අනිකුත් සත්වයන් හා සත්ත්ව තල පවතින බවත්, සිත දියුණු කර ලබන ප්රඥාව හා නිර්වානය වැනි ඇසට නොපෙනෙන දැ උබ ප්‍රතික්ෂේප කරයි. මිත්‍යා දෘෂ්ටිය යනු ඉතා භයානක තත්වයකි
     

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    ගොඩක් ස්තුති ... දන්නේ නැති නිසා අහන්නේ ... චුති සිත ... ක්ෂනකිව ඇති වෙන දෙයක්ද .... නැති නම් අපේ පව් පිං අනුව ඒක කලින්ම තීරණය වෙච්ච දෙයක්ද

    එය එම අවස්ථාවේ හටගන්න දෙයක්. බලවත් කුසල් අකුසල් ඇත්නම් එය පැමිණිය හැකි. උදා- මව පිය මැරීම ඇතුළු මිනි මැරීම. එසේ නැතිනම් දුබල කුසල් හෝ අකුසල්. එසේත් නැතිනම් පෙර භවයක කුසල් හෝ අකුසල්. කොතෙක් කුසල් තිබුනත් තරහින් මැරුනොත් චුතිය අකුසල් වෙනව.