දාවිත් අයියා කොළඹ ගිහින්

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    දාවිත් අයියා කොළඹ ගිහින්

    ඔන්න එක දොහක් ගමක මනුස්සයෙක්, නම දාවිත් කියලා තමන්ගේ මුණුබුරාත් ඇදගෙන ගමනක් යනවලු සිදාදිය පැත්තේ ගමේ පංසලේ දානේට ඕනකරන බඩු වගයක් ගන්න..

    ගොඩ කාලෙකින් යන නිසා දාවිත් උන්නැහේට මැජික් වගේලු එව්වා මෙව්වා ඔක්කොම.ඉතින් සිදාදියේ ඉස්කෝලෙක යන මුණුබුරාගෙන් අහගෙනලු විස්තර දැනගන්නෙත්..

    ඔහොම ඔහොම යනකොට ඔන්න තියෙනවාලු වෙනදාට හොඳට කැලේ වැවිලා තිබ්බ ඉඩමක් ඔක්කොම ගස් කපලා එහෙම ලොකූ බෝඩ් එකක් ගහලා.
    දාවිත් උන්නැහේ ඒක දැකලා අහනවලු

    " මොකක්ද කොලුවේ අර බෝඩ් එකේ ඉංගිරිසියෙන් තියෙන්නේ ? "

    "ඒ සීයේ තියෙන්නේ ඩිවලොප්ඩ් ලැන්ඩ් ෆො සේල්..ඒ කියන්නේ සංවර්ධිත ඉඩම විකිණීමට කියලා.."

    "අනේ මුන්ට කෝලං..බලහල්ලකෝ වටින ගස් කපලා මොන සංවර්ධනයක්ද.?"

    ඔහොම ඔහොම යනකොට වෙනදා පාළුවට තිබ්බ ඉඩමක් පිරෙන්න කාර් සෙට් එකක් තියෙනවලු.
    ආයිත් දාවිත් අහනවාලූ..

    "මොකක්ද ලමයෝ අර ගහලා තියෙන බෝඩ් එක කියලා"

    "ආහ්..සීයේ ඒ තියෙන්නේ රෙන්ට් අ කාර් කියලා"

    ඒක නම් දාවිත්ට තේරුණා..ඉතින් දාවිත්
    "සිදාදියෙන් එවුන්ට නම් හොල්මං කොළුවො ඇත්තටම..
    මොනවටද බං රෙන්ට කාර්..අච්චර කක්කුස්සියි, බඩවැටියි තියෙද්දි.."

    කිව්වලු එහෙම..
    :lol: :lol: :lol: