දාහත් වසක් තහනම් ගහේ ගෙඩි කෑ සැමියා කුවේටයේ සිටියා කියා ගෙදර ඇවිත්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුවේටයේ සිටි බව පවසමින් 17 වසරක් තිස්සේ වෙනත් බිරියක සමග වාසය කර නිවසට පැමිණි සැමියාගෙන් ඔහු නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය බිරිඳ විසින් ඉල්ලා සිටි පුවතක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තා වේ.
    විවාහ වී බිරිඳ හා දරුවන් දෙදෙනා සමග තම නිවසේ විසූ සැමියා විදේශ රැකියාවක් සඳහා කටාර් බලා
    පිටත්ව ගොස් තිබේ. කටාර් හි වසර දෙකක් පමණ සේවය කළ මොහු ඉන්පසු නිවසට පැමිණ සති දෙකක් පමණ නිවසේ රැඳී සිට නැවත පිටව ගොස් ඇත්තේ ක්වේට් රටේ සේවය සඳහා යන බව පවසමිනි. මෙසේ නිවසින් පිටව ගිය සැමියා ක්වේට් රටට නොගොස් වසර 17 ක කාලයක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමග ජීවත් වී තිබේ. තමන් විදෙස් රටක සිටිනා බව පවසමින් මෙරටේ විසූ මොහු පසුගිය දිනෙක තම බිරිඳ හා දරුවන් පදිංචිව සිටි බිරිඳගේ නිවස වෙත පැමිණ තිබේ.


    ඔහු නිවසට පැමිණි විගස බිරිඳ විසින් ඔහු මෙරට තුළ නිරෝධායනය වූ බවට ලබාදෙන සහතිකය ඉල්ලා තිබේ. ඉන්පසු ඔහු පවසා ඇත්තේ තමාට එවැනි සහතිකයක් නොලැබුණු බවය.

    මෙම පුද්ගලයා තම දියණිය හා දරු දෙදෙනා ඇතුළු සියලු දෙනාම රවටා ඇති බව වටහාගත් බිරිඳගේ පියා මොහු නිවසින් පිටමං කර ඇත. පසුව ඔහු අලවතුගොඩ තම උපන් ගමට ගොස් තිබේ. මොහු විදෙස් රටක සිට පැමිණි බවට සැක පහළ කළ ගම්වාසීන් ද නිරෝධායනය නොවී ඇති මෙම පුද්ගලයා හට විරෝධය පළ කර තිබේ. මේ අවස්ථාවේ කිසිවක් කරකියාගත නොහැකි වූ මොහු තමා රට නොගිය බවත්, කිරිබත්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ බවත් ප්‍රදේශවාසීන් හට පවසා තිබේ. මෙම පුද්ගලයා නිවසින් පිටව ගෙවූ වසර 17 ක කාලයේදී ඔහුගේ දෙමාපියන්ද මියගොස් ඇති බව වාර්තා වේ.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මාර ඩයල් එකක් නේ.
    අපරාදේ හොර එකටත් රට යනවා කියලා තව ගෑනියෙක් ළඟට යන්න තිබ්බා. 🤣
     
    • Haha
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔක තමා හැම තැනම වෙන්නෙ. රට ගියාම වෙනම පවුල් කනව. ලන්කාවට ආවම හොයන්තත් බෑ. සමහර උන් වෙනම ගෙවල් රෙන්ට් කරන් එකට ඉන්නේ