දැනගෙන දන්දෙමු 

දැනෙගෙන දන් දෙමු..
සද්ධාය දානං දේති, සක්කච්චං දානං දේති, කාලේන දානං දේති, අනග්ගහිතචිත්තෝ දානං දේති, අත්තානං ච පරං ච අනුපහච්ච දානං දේති. ( සප්පුරිසදාන සූත්‍රය )
1) ශ්‍රද්ධාවෙන් දන් දීම.
2) සකස් කොට දන් දීම.
3) සුදුසු කාලයෙහි දන් දීම .
4) දෙන දෙයෙහි ඇල්මක් නැතිව දන් දීම.
5) තමා හා අනුන් නො නොගටා දන් දීම.
1) ශ්‍රද්ධාවෙන් දන් දීම..
ශ්‍රද්ධාවෙන් දන් දීම යනු තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් යුතුව යුතු ව දන් දීම , මහා පිනක් යැයි කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව දන්දීමයි. එසේ දන් දීමෙන් කෙනෙක් ලස්සන වී උපදී.
2) සකස් කොට දන් දීම..
සකසා දන්දීම යනු තමන් සිල්වත් වීම,දෙන දෙය දැහැමින් උපයාගත් දෙයක් වීම, තමා භුක්ති විඳිනවාට වඩා පිරිසිදුව ප්‍රණීතව දානය පිළියෙළ කොට සියලු දේ අනුපිළිවෙලට සකස් කොට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රතිග්‍රාහකයන් වඩා හිඳුවා ඉතා සැලකිල්ලෙන් සිදු කරන දානයයි.එසේම කිසිවක් අඩු නැතිව පුජා කීරිමටද කටයුතු කළ යුතුය.කේසේද යත් සකසා දන් දෙන්නේය කියද්දි අහාර දානය සකස් කොට පුජා කිරිමෙදී වැළදීම සදහා දානය පුජා කරන්නා සේම අත් දෝවනා පැන් වැලදීමට පැන් දානය බෙදා ගැනිම සදහා අවශ්‍ය හැදි ආදිය මෙන්ම අත් පිස්නා ආදිය පවා මේ සකසා දීම යන තැන දී පිලිගැන්වීම කල යුතුයි එසේ නොවන්නේ නම් එය පරිපූර්ණ දානයක් නොවන්නේය.කිසිත් අඩුවක් නැතිව පුජා කීරිමයි සකස් කොට පුජා කරනවා යන්නෙන් කියවෙන්නේ.එසේ දන් දීමෙන් තමාගේ පිරිවර ජනයා තමාට අවනත වෙයි.කෙනෙකුට ඔහුගේ අඹුදරුවන් හෝ සිසු දරුවන්, සේවක සේවිකාවන් හෝ කීකරු නොවන්නේ අවනත නොවන්නේ ඔවුන්ගේම වරදින් නොව මෙසේ තමන් දන් දුන් ආකාරයේ ද වරදින් බව මෙයින් පෙනේ.
3) සුදුසු කාලයෙහි දන් දීම...
අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන පරිදි කාල දාන පහකි. එනම්,
1) ආගන්තුකයන්ට දන්දීම
2) මගියන්ට දන්දීම
3) ගිලනුන් ට දන් දීම
4) දුර්භික්ෂයෙහි දන් දීම
5) අලුත් සහල් හෝ අලුතින් හැදුනු ඵලාඵල ආදියෙහි පළමු කොටස සිල්වතුන්ට දන් දීම
යන මේ අවස්ථාවන්හි දන් දීම සුදුසු කල්හි දන් දීමයි. මෙසේ සුදුසු කල්හි දන් දීමේ විපාකයෙන් තමාට අවශ්‍ය වූ වෙලාවට අවශ්‍ය මිල මුදල හෝ අවශ්‍ය ඇප උපකාර ලැබේ.
4) දෙන දෙයෙහි ඇල්මක් නැතිව දන් දීම..
දෙන දෙයෙහි ඇල්මක් නැතිව දන් දීම යනු යමක් දුන් පසු එය සහමුලින් සිතින් අත්හැර දැමිය යුතු ය. ඒ ගැන පසුතැවිලි වීම හෝ පසු විපරම් කිරීම හෝ නොකළ යුතුය. ඇතැමුන්ට කෙතරම් ධනය තිබුණත් ඒවා භුක්ති විඳින්නට නොසිතේ. ඔවුහු ධනය තැන්පත් කරගෙන අසරණ දුගියන් සේ ජීවත් වෙති. මෙසේ සිදුවන්නේ දෙන දෙය සිතින් අත්හැර නොදීම නිසාය.
5) තමා හා අනුන් නොගටා දන් දීම..
දන් දෙන විට තමාගේ ලොකුකම් ධනවත්කම් බලවත්කම් පෙන්වන්නට හෝ තමා දානපතියෙක් යැයි කැපී පෙනෙන්නට හෝ දීමත් දන් ලබන පුද්ගලයන්ගේ හැඩරුව ගතිගුණ උස්මිටිකම් සලකා අවඥාවෙන් ඔවුන් පහත හෙළා දන්දීමත්, තමා හා අනුන් ගටා දන් දීම නම් වෙයි. එසේ දීමෙන් විපාක ලබන දවසට දන්දීම නිසා සැප සම්පත් ලැබුණත් ඒවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙයි. විවිධ විපත්තිවලින් විනාශ වෙයි.
සප්පුරිසදාන සූත්‍රය කියවන්න..
’’මහණෙනි, මේ සත්පුරුෂ දාන පසක් වෙත්.
’’කවර පසක්ද යත්?
ශ්‍රද්‍ධාවෙන් දානය දේද,
සකස් වශයෙන් දානය දේද,
සුදුසු කාලයෙහි දානය දේද,
මුදනලද ත්‍යාග සිත් ඇත්තේ දානය දේද, තමාද,
අනුන්ද නොපෙලා දානය දේද (යන පසයි.)
’’මහණෙනි, ශ්‍රද්‍ධාවෙන් දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාකය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. විශිෂ්ට රූ ඇත්තේ, දැකුම්කළුවූයේ, ප්‍රසාද එළවන්නේ, උතුම්වූ වර්‍ණ සෞන්‍දර්‍ය්‍යයෙන් යුක්තවූයේද වේ.
’’මහණෙනි, සකස් වශයෙන් දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාකය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ පුත්‍රයෝය කියා හෝ, භාර්‍ය්‍යාවය කියා හෝ, දාසයෝය කියා හෝ, පණිවිඩකාරයෝය කියා හෝ, කම්කරුවෝය කියා හෝ ඒ යම් කෙනෙකුන් වෙද්ද, ඔවුහුද කියන ලද්ද අසන්ට කැමති වෙත්. කණ එළවා තබත්. දැන ගැනීමට සිත එළවා තබත්.
’’මහණෙනි, සුදුසු කාලයෙහි දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාකය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුට සුදුසු කල්හි පැමිණියාවූ සම්පත්ද බොහෝ වෙත්.
’’මහණෙනි, මුදනලද සිත් ඇතිව දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාකය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මහත්වූද පස්කම් ගුණයන්හි පරිභෝ්ග කිරීමට සිත නැමෙයි.
’’මහණෙනි, තමන්ද අනුන්ද නොපෙලා දානය දී යම් යම් තැනෙක්හි ඒ දානයාගේ විපාකය උපදීද, (ඒ ඒ තන්හි) ආඪ්‍ය වූයේද, මහත් ධන ඇත්තේද, මහත් සම්පත් ඇත්තේද වේ. මොහුගේ සම්පත්වලට ගින්නෙන් හෝ දියෙන් හෝ, රජුන්ගෙන් හෝ, සොරුන්ගෙන් හෝ, අප්‍රිය දායාදයන්ගෙන් හෝ, කොයිනුත් වැනසීමක්ද නොපැමිණේ. මහණෙනි, මොහු වනාහි සත්පුරුෂ දාන පස වෙත්ය’’ යි වදාළ සේක..
ධර්ම දානය පිණිස share කරන්න.