දැනගෙන දන් දෙමු..

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    සද්ධාය දානං දේති,
    සක්කච්චං දානං දේති,
    කාලේන දානං දේති,
    අනග්ගහිතචිත්තෝ දානං දේති,
    අත්තානං ච පරං ච අනුප්පහච්ච දානං දේති.
    ( සප්පුරිසදාන සූත්‍රය )
    1) ශ්‍රද්ධාවෙන් දන් දීම.
    2) සකස් කොට දන් දීම.
    3) සුදුසු කාලයෙහි දන් දීම .
    4) දෙන දෙයෙහි ඇල්මක් නැතිව දන් දීම.
    5) තමා හා අනුන් නො නොගටා දන් දීම.
    1) ශ්‍රද්ධාවෙන් දන් දීම..
    ශ්‍රද්ධාවෙන් දන් දීම යනු තුනුරුවන් කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් යුතුව යුතු ව දන් දීම , මහා පිනක් යැයි කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව දන්දීමයි.
    2) සකස් කොට දන් දීම..
    සකසා දන්දීම යනු තමන් සිල්වත් වීම,දෙන දෙය දැහැමින් උපයාගත් දෙයක් වීම, තමා භුක්ති විඳිනවාට වඩා පිරිසිදුව ප්‍රණීතව දානය පිළියෙළ කොට සියලු දේ අනුපිළිවෙලට සකස් කොට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රතිග්‍රාහකයන් වඩා හිඳුවා ඉතා සැලකිල්ලෙන් සිදු කරන දානයයි. එසේ දන් දීමෙන් තමාගේ පිරිවර ජනයා තමාට අවනත වෙයි.කෙනෙකුට ඔහුගේ අඹුදරුවන් හෝ සිසු දරුවන්, සේවක සේවිකාවන් හෝ කීකරු නොවන්නේ අවනත නොවන්නේ ඔවුන්ගේම වරදින් නොව මෙසේ තමන් දන් දුන් ආකාරයේ ද වරදින් බව මෙයින් පෙනේ.
    3) සුදුසු කාලයෙහි දන් දීම...
    අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන පරිදි කාල දාන පහකි. එනම්,
    1) ආගන්තුකයන්ට දන්දීම
    2) මගියන්ට දන්දීම
    3) ගිලනුන් ට දන් දීම
    4) දුර්භික්ෂයෙහි දන් දීම
    5) අලුත් සහල් හෝ අලුතින් හැදුනු ඵලාඵල ආදියෙහි පළමු කොටස සිල්වතුන්ට දන් දීම
    යන මේ අවස්ථාවන්හි දන් දීම සුදුසු කල්හි දන් දීමයි. මෙසේ සුදුසු කල්හි දන් දීමේ විපාකයෙන් තමාට අවශ්‍ය වූ වෙලාවට අවශ්‍ය මිල මුදල හෝ අවශ්‍ය ඇප උපකාර ලැබේ.
    4) දෙන දෙයෙහි ඇල්මක් නැතිව දන් දීම..
    දෙන දෙයෙහි ඇල්මක් නැතිව දන් දීම යනු යමක් දුන් පසු එය සහමුලින් සිතින් අත්හැර දැමිය යුතු ය. ඒ ගැන පසුතැවිලි වීම හෝ පසු විපරම් කිරීම හෝ නොකළ යුතුය. ඇතැමුන්ට කෙතරම් ධනය තිබුණත් ඒවා භුක්ති විඳින්නට නොසිතේ. ඔවුහු ධනය තැන්පත් කරගෙන අසරණ දුගියන් සේ ජීවත් වෙති. මෙසේ සිදුවන්නේ දෙන දෙය සිතින් අත්හැර නොදීම නිසාය.
    5) තමා හා අනුන් නොගටා දන් දීම..
    දන් දෙන විට තමාගේ ලොකුකම් ධනවත්කම් බලවත්කම් පෙන්වන්නට හෝ තමා දානපතියෙක් යැයි කැපී පෙනෙන්නට හෝ දීමත් දන් ලබන පුද්ගලයන්ගේ හැඩරුව ගතිගුණ උස්මිටිකම් සලකා අවඥාවෙන් ඔවුන් පහත හෙළා දන්දීමත්, තමා හා අනුන් ගටා දන් දීම නම් වෙයි. එසේ දීමෙන් විපාක ලබන දවසට දන්දීම නිසා සැප සම්පත් ලැබුණත් ඒවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වෙයි. විවිධ විපත්තිවලින් විනාශ වෙයි.
    සප්පුරිසදාන සූත්‍රය
     
    • Like
    Reactions: kinkon