******දැන්වීම් කරණය******

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    ******දැන්වීම් කරණය******

    6a00d83451a98f69e2014e87e2f681970d-800wi.jpg

    වානිජ්‍ය දැන්වීම් මාධ්‍යයන් ලෙස බිත්තිවල අඳින ලද චිත්‍රමය දැන්වීම් (Wall paints), බිල් බෝර්ඩ්, රූප මුද්‍රිත වාහන, ගුවන් විදුලිය, සිනමාව, රූපවාහිනී දැන්වීම්, වෙබ් අඩවිවල දැන්වීම්, ජංගම දුරකතන තිරයන්, කඩසාප්පුවල භාණ්ඩ එහා මෙහා කිරීමට යොදන කරත්ත, බස් නැවතුම්වල ආසන, සඟරා, පුවත්පත්, නගර නිළ නිවේදකයින්, බස්රථවල හෝ ගුවන් යානාවල දෙපැති (logojets) , කුලීරථවල දොර, මඟී තිර, සංගීත වේදිකා ප්‍රදර්ශන, දුම්රිය වේදිකා, සුපිරි වෙළඳසැල්වල ඇති ඇපල් මත ස්ටිකර්, ෆෝස්ටර්, ටිකට්වල පිටුපස දැක්විය හැකිය.

    අනුග්‍රාහකයා තම පණිවිඩය යම් මාධයයක් හරහා බෙදා හැරීම සඳහා ඕනෑම ස්ථානයකට යම් ගෙවීමක් සිදු කරයි නම් එය දැන්වීම් කරණයය‍ි. දැන්වීම් ඵලදායීතාව මනිනු ලබන තවත් විධියක් ලෙස දැන්වීම් ක්‍රියා පථයක් ඔස්සේ ගමන් කරවීම (Ad tracking) පෙන්වා දිය හැක.මෙම දැන්වීම්කරණ පර්යේෂණ ක්‍රම වේදයන් ඉලක්ක වෙළඳපොලේ ආකල්ප කොතෙක් දුරට වෙළඳ නාම, භාණ්ඩය හෝ සේවවාව කෙරෙහි නැඹුරු වීද යන්න මිනුම් කරනු ලබයි. මෙම ආකල්ප වෙනස් වීම, ආයතනික දැන්වීම් හා ප්‍රවර්ධනයන් කෙරෙහි පාරිභෝගිකයාගේ අනාවරණය වීමට සාපේක්ෂව ප්‍රස්ථාරගත කරනු ලබයි. දැන්වීම් ක්‍රියා පථයක් ඔස්සේ සකස් කිරීම (Ad tracking) සාමාන්‍යයෙන් මාධ්‍යයන්ට බර තැබුමෙහි හා වියදම් මට්ටමෙහි සුසංයෝගී බලපෑම, මාධ්‍යයන් මිලට ගැනීමේ හා ඉලක්ක කිරීමේ ඵලදායීතාව, දැන්වීම් නිර්මාණකරණයේ ගුණාත්වය ආදිය යන ඒවා අගය කිරීමට මිනුමක් සපයනු ලැබේ.

    ආවෘත දැන්වීම්කරණය (Covert Advertising)

    ආවෘත දැන්වීම්කරණය යනු නිෂ්පාදිතය හෝ සන්නම්නාමය විනෝදාස්වාදයන් තුලට හෝ මාධ්‍යයන් තුලට කා වැද්දීමයි. උදාහරණයක් ලෙස චිත්‍රපට වල ප්‍රධාන චරිතය යම් අංගයක් හෝ යම් සන්නම්නාමයක් භාවිතා කරනු පෙන්වීම දැක්විය හැක. Minority report යන චිත්‍රපටයේ Tom Cruise යන චරිතයේ ජෝන් ඇන්ඩර්සන් හට පැහැදිළිව Nokia ලාංඡනය සඳහන් දුරකතනයක් හිමිව තිබීම හා Bulgari ලාංඡනය සහිත ඔරලෝසුවක් පැළඳ සිටීම දැක්විය හැක.

    තවත් උදාහරණයක් ලෙස Irobot චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන Will Smith නිතරම Classic යන නම සඳහන් කරමින් තම කැන්වස් සපත්තු යුගල ගැන කිහිප වරක් සඳහන් කිරීම දැක්විය හැක. එමෙන්ම Irobot හා Space balls යන චිත්‍රපටවල Audi හා Mercedes Benz ලාංඡන සහිත කාර් පෙන්වනු ලබයි. එමෙන්ම Cardillae තම නාමය දැන්වීම් සඳහා The Matrix reloaded චිත්‍රපටය යොදා ගනිමින් ජවනිකා කිහිපයකම එම රථය යොදා ගන්නා ලදී.

    ඒ හා සමානවම Omega ඔරලෝසු , Ford, VAIO, BMW හා Astorn Martin රථ මෙම ක්‍රමය යොදා ගනිමින් මෑත කාලීන James Bond චිත්‍රපටවල තම නිෂ්පාදිතය පෙන්වීය.
     
    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0

    :yes::yes:

    rep+ බෑලු