දැන් අලුත් මාත්ෘකාවක් කරලියට පැමින ඇත.

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    දැන් අලුත් මාත්ෘකාවක් කරලියට පැමින ඇත.

    දැන් අලුත් මාත්ෘකාවක් කරලියට පැමින ඇත. එනම් දමිත් අසංක නම් ගායකයා පිලිබඳ කතාවයි.ඔහු මානසික ව්‍යකූල භාවයක් නිසා අසාමාන්‍ය ලෙසින් හැසිරී පොලිස් අත් අඩංගුවට ගෙන තිබිණි. ඔහු භාවිතා කල මත් ද්‍රව්‍යක් නිසාවෙන් එම තත්වය ඇති වූ බව බොහෝ දෙනාගේ උපකල්පනය වී තිබිණි. නමුත් ඔහු නිදහස් වී පැමිනීමෙන් අනතුරුව විශ්ව කර්ම නම් යූ ටියුබ් චැනලයක් විසින් එම ගායකයාගේ සහෝදරයෙකු සමඟ සාකච්ඡාවක් කිරීමෙන් අන්තුරුව එම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම වීඩියෝවේ මාත්ෘකාව ලෙස යොදා ඇත්තෙ "දමිත් අසංකව පිස්සු වැට්ටූ රහත් යැයි කියාගන්නා හිමිනම - දමිත්ගේ අයියා හෙළිකරයි" යනුවෙනි. එම පාඨය අසලින් සමන්තභද්‍ර හිමිගේ රුව යොදා ඇත. ඒ බොඳ කිරීමකිනි. මොවුන්ගේ අරමුණ පැහදිලිය. අරකී ඊනියා සහෝදරයාට මුදල් ලබා දී හෝ නොදී යම් යම් ප්‍රකාශයන් කිහිපයක් මොවුන් විසින් ලබා ගෙන ඇත. මොවුන් එතැනදී සමන්තභද්‍ර හිමි රුව බොඳ කිරීමකින් යොදා ඇති සේම කිසිදු අයුරකින් සමන්තභද්‍ර හිමි යන නාමය නොකීමටත් ප්‍රවේශම් වී තිබේ. එයින් ගම්‍ය වන්නේ එවැනි කිසිදු කරුණක් සඳහා ඔවුන් සතුව සාක්ශි නොමැති බවයි. සමන්තභද්‍ර හිමි රුව යොදාගැනිමෙන් ඔවුන්ගේ වීඩියෝව ට්‍රෙන්ඩිං යවාගත හැකි නිසා එසේ කොට ඇති බව සක්සුදක් සේ පැහැදිලියි.
    දමිත්ගේ සත්‍ය තත්වය දෙසට හැරෙමු. දමිත් අසංකගේ සත්‍ය තත්වය ගැන කරුනු විමසීමට පසුගිය දිනෙක ඉරාජ් විසින් සමන්තභද්‍ර හිමියන් සමඟ කල සාකච්ඡාව අතරතුරේදී ඇමතුමක් ගත් අතර එම අවස්තාවෙදී පෞද්ගලිකව මමද එම ස්ථානයේ සිටියෙමි. ඒ අවස්ථාවේදී ඉරාජ් විසින් එම මවගෙන් දමිත් ගැන තොරතුරු විමසූ අවස්ථාවේ ඇය හැඬූ කඳුලින් පැවසුවේ "අනේ පුතේ මොනවා හරි කරන්න, මෙයා තවම මුරන්ඩුයි, තාම මත්ද්‍රව්‍ය සොයනවා, ඒවා ඉල්ලනවා.." කියාය. එම වීඩියෝවට අදාල හඬ පටය යෙදීමෙන් දමිත් අසංකටම අනර්ථයක් සිදු වන නිසා එම හඬ පට එම විඩියෝවට ඇතුලත් නොකරන ලෙස උන්වහන්සේ විසින් අවවාද කල නිසා ඉරාජ්ගේ එම වීඩියෝවට එම හඬපට ඇතුළත් නොවිනි. දමිත් අසංකගේ මවද ඇයගේ පුතාගේ තත්වයට හේතුව මත්ද්‍රව්‍ය මත් කුඩු බව පිලිගත් අතර එය ඔහුව ඒවායින් මුදාවා ගැනිමට වෛද්‍ය ප්‍රථිකාර සඳහා උපකාර කරන ලෙසද ඉල්ලා සිටියාය.
    නමුත් දිනේශ් සුරංග ප්‍රමුඛ විශ්ව කර්ම යූටි‍යුබ් හිට්ස් සිඟන්නන් පිරිස මෙම තත්වය වෙනමම දෙයක් බවට පත් කොට එයට සමන්තභද්‍ර හිමියන්ව ඈඳා ගැනීමට පහත් වෑයමක් දරා ඇත.
    1. ආශ්‍රමයේ දොරටුවේ පාට කුමක්ද කියාවත් දමිත් අසංකගෙන් අසා බලන්න.
    2. සිරි සදහම් ආශ්‍රමයට එන පාර මොකක්දවත් කියා ඔහුගෙන් අසා බලන්න.
    අඩු තරමේ සමන්තභද්‍ර හිමිව ඈඳීමට කලින් ඒ කරුනු දෙකවත් ඔහුගෙන් අසා බලන්න.

    ඊලඟට මෙම ඊනියා විශ්ව කර්ම චැනල සිදු කරන දිනේශ් සුරංග නැමති මානසික අසමතුලිතතාවයෙන් පෙලෙන්නා දෙස හැරී බලමු. කෙනෙකුගේ මුහුණෙන් හරියටම ඇතුලාන්තය ගැන කිව නොහැකි නමුත් ඔහුගේ මුහුණ දුටු පමණින් යම් කිසි මානසික අසමතුලිතභාවයක් ඇති බව පෙනී යනවා. එයට සාක්ශි පහත පින්තූර ඔස්සේ දක්වා ඇත. මීට වසර ගණනකට පෙර ඔහු තමන් "අනාගාමී ආර්‍යයෙකු" ලෙස හඳුන්වාගත් අතර 2011 වසරේදී ඔහු විසින් පල කල අනාවැකියක් නම් 2012 දෙසැම්බර් 21 පසුව සමන්තභද්‍ර හිමියන් ධර්මය දේශනා නොකරන බවයි. එය දෙවැනි වන්නේ පින්වත් කිරිබත්ගොඩ හිමියන් විසින් 2008දී පේන කියන සමීර කොලුවාගෙන් අසාගෙන 2012 ලෝක විනාශය ගැන කියූ අනාවැකියටය. වෙනස වන්නේ දිනේශ් සුරංග අනාවැකි අහන්නේ නාරිලතා සුජිත් නිශාන්තගෙන් වීමයි. (සාක්ශි සඳහා පහත පින්තූර පෙල බලන්න.)
    ඔබට පහත පින්තූර පෙල බැලීමෙන් මෙම චැනලය සිදු කරන පුද්ගලයා සමන්තභද්‍ර හිමි සමඟ ඇති වෛරයේ තරම බලාගත හැකිය. එවන් අයෙක් ව්‍යාජ ප්‍රව්ෘත්ති නිර්මාණය කොට බෙදා හැරීම එක්තරා ආකරයකින් නීතිමය වශයෙන් ද වරදකි. ඔහු විසින් සමන්තභද්‍ර හිමි රුව යන්තම් හෝ යොදාගෙන මවා පෙන්වන්නට හදන්නේ මුසාවකි.
    ඇත්ත වශයෙන්ම එම වීඩියෝවෙදී දමිත් අසංකගේ සහෝදරයා විසින් රහත් යයි කියාගන්නා කෙනෙකුගේ බණ ඇසූ නිසා මෙසේ වුනා කීම වූයේ දමිත් විසින් මෙම ාඅර්‍ය යයි කියාගන්නා දිනේශ් සුරංගගේ මොළේ බැලන්ස් නැති බන ඇසීම නිසාද?
    දිනේශ් සුරංග විසින් තමා සමාපත්තිලාභී ආර්‍යන් වහන්සේ නමක් බව ප්‍රකාශ කොට සමන්තභද්‍ර හිමියන්ට අභියෝග කොට ඇති පෝස්‍ටුවක පින්තූරයක්ද පහත සාක්ශි වශයෙන් දක්වා තිබේ. ඔහුගේ නිවේදක කණ්ඩායමේ එක් අයෙකු විසින් කියූ ෆේස්බුක් පුරා රහත් යයි කියන්නා ඔහුගේම ලොක්කා වන දිනේශ් සුරංග විය හැකිය.

    වඳුරන්‍ට දැලි පිහිය ලැබුනා සේ අද මෝඩයෙක්ට කැමරාවක් මයික් එකක් ලැබුනාම ඔහු ලෝකෙටම ලොක්කෙක් කියා සිතාගෙන පච වැමෑරුවාට සත්‍ය කෙදිනක හෝ හෙලිවනවාමය.


    43828259-2013076232089467-685080934780764160-n.jpg


    43879580-2013076285422795-43334579339132928-n.jpg


    43739498-2013076252089465-395756720653074432-n.jpg


    43879706-2013076378756119-3380804904573468672-n.jpg


    43878484-2013076452089445-9182522929320034304-n.jpg


    https://www.facebook.com/groups/Ashramaya/permalink/10161024045305357/
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පුද්ගලයින් පසුපස නොව ධර්මයේ සරණ යා යුතුය...
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    අපි ඩේටා කපාගෙන , උක දෙනවා.ඌ ඇඩ් වලින් ලක්ශ ගණන් හොයනවා. ඌ එල බුවා, ඉන්නේ රජගිරියේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    kuddekta oluwa aul wenna kagewath bana ahanna oneda bn :lol::lol::lol: uu kudu gahala pissu kelala dan wena unwa allanawa hoda miniha wenna. thamange waradda hadaganne nathuwa. :rofl::rofl::rofl:
     
    Last edited:

    Similar threads