දැන් කාලේ හැදෙන පෙඩි උන් අම්මපා

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අපි පොඩි කාලේ අපේ ගෙදර තිබ්බේ ටීවි එකයි රේඩියෝ එකයි වතරයි

    රේඩියෝ එක මම පොඩි පර්යේෂණ වගයක් කරන්න ගිහින් අන්තිමට පෝරකවරයක් ඇතුලේ තනි කරන්න උනා :shocked::lol::lol:

    ටීවී එකෙත් චැනල් දෙකයි

    මගේ අතට කොම් එකක් ලැබුනේ මං නවය වසරෙදී
    ඒකත් p2/ 32 mb ram/ 4gb hdd/ win 98

    හෙහ් අදකාලේ උන්ට සිංදුවක් අහන්නත් ඒක මදි


    හැබැයි බන් අපේ පොඩි කාලේ අපි පට්ට පන් ගත්තා

    හවසට අපේ ගෙදර කොල්ලෝ පස් හය දෙනෙක් පිරිලා කිකට් ගහන්න

    ආතල්ම වැඩේ තමයි තරගෙට බයිසිකල් පදින එක

    ඒ අතින්නම් අපේ අක්කගේ පොඩි දුව පව්

    එයා දන්නේ dvd player එකට Film එකක් දාගෙන බලන්න විතරයි

    වෙන එයාට සුන්දර ළමා කාලයක් නෑ:sorry:

    :nerd::nerd:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මෙයා නේද කෙලි පොඩිත්ත. අලි සෝක්. :D:yes::D

    මානුශික හේතූන් මත ඉවත් කරන ලදි.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය සින් එක මටත් දැනිල තියනවා මචං ...දැන් බලපන් අපේ ආච්චිලගේ වයසේ අයට ලෑන්ඩ් පොන් එකේ නො ඔබල කෝල් එකක් ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක් .....අපේ අම්මලාගේ පරම්පරාවට එනකොට ඉටවද සාමාන්යෙන් දිව්නුයි යමක් කියල දුන්නම අමාරුවෙන් හරි අල්ල ගන්නවා....(මසින් එක ඕන් කරලා නෙට් කනේච්ට් කරලා ස්කයිප් ඔපෙන් කරලා අදාල කෙනාට කෝල් එකක් ගන්න විදිය හා ඊට පස්සේ මැසිම වහන හැටි කියලා දෙන්න අපේ අම්මට දවස් 2ක් ගියා :) ).....අපේ පරම් පරාව වෙනකොට ඉතින් උබලට තේරෙනවා ඇතිනේ ......අපිට පස්සේ අපු පරම් පරාව 4න් එකක් ලැපක් අල්ලපු ගමන් උන්ට තේරෙනවා එක ඔපෙරේට් කරන හැටි ... මටනම් හිතෙන්නේ මිනිස්සු අමුතුම අදිවේගී පරිණාමයක් වෙනවා වේගේ මේ කලේ .....නිකන් හිතන්න 1990 ඉදන් 2012 වෙනකොට ලෝකෙම අනිත් පැත්ත හැරිලා වගේ ......මට හිතුන පොඩි අදහසක් කිව්වේ ....

    :yes::yes::yes:
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මටත් ඉන්නව නංගි කෙනෙක් අවුල තමයි මම නිදාගෙන ඉන්නව දැක්කොත්, කාමරේ දොර ලොක් කරල නැත්නම් මාර්කර් පෙන් වලින් අතේ ඔරලෝසු අඳින එක :LOL
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔව් බන් පොඩි කෙල්ලොත් එක්ක ඉන්නකොට මාර ජොලි බන්, උන් එක්ක කතා කරන කොට අපිත් නිකම්ම පොඩි උන් වෙනව :)

    හැබැයි පොඩි කොල්ලො නන් මට අල්ලන්නේම නෑ බන්, මල වදේ උන්ගෙන් .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1710812607a1bf8f11c060c2cae85abcebb716cb.jpg

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි අපේ කාලේ කොච්චර ෆන් එකක් ගත්තද බන්
    දැන් ඉන්න උන්ට ඒවා නෑනේ
    :(:(:(
    අපි ඉස්සර මහා පාරේ ක්‍රිකට් ගහනවා, i spy කරනවා, ටින් කඩනවා, කොටිගස් පනිනවා, එල්ලේ ගහනවා, සම්බෝල කඩනවා
    :yes::yes::yes::yes:
    දැන් ඉන්න උන් මේවා දන්නේ වත් නෑනේ බන්...
    :growl::growl::growl::growl:
    ඉස්සර අපි නිවාඩු කාලෙට කොච්චර සෙල්ලම් කරනවද බන්
    ;););)
    උදේ ගියාම රෑට තමය ගෙදර එන්නේ

    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හික් හික්.... දැන් කාලේ පොඩි උන් ඔහොම තමා බං.... තාක්ෂණේට දැන් තියාම පුරුදු වෙනවා..... :)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ළමයෙක්ට හොඳින්ම ඉගෙනගන්න ලෝකේ තියෙන දේවල් ග්‍රහණය කරගන්න හොඳම කාලේ තමයි උපතේ ඉඳලා වයස අවුරුදු 7 ක් විතර යන කාලේ. ඊට පස්සේ මොලේ හැකියාව ටික ටික අඩුවෙනවා. පොඩි ලමයින්ට හොඳට මතක තියෙනවා. ඒ වගේම එයාලා අත්හදා බැලීම්වලට බයවෙන්නේ නෑ. වැරදීම් කියන ඒවා එයාලට ගානක් නෑ. ඒක නිසා වැරදි වැරදී හරි අලුත් දේවල් ඉගෙනගන්නවා.
    අද කාලේ තාක්ෂණය ගොඩක් දියුණු වෙලා ඒ වගේම මිනිහෙක්ට ග්‍රහණය කරගන්න එන තොරතුරු ප්‍රමාණය වැඩිවෙලා. (Information Overload )

    වගේ දෙයක් තමයි අද අලුත් ලෝකේ තියෙන්නේ. සාමාන්‍ය කෙනෙක්ට ඒක අමාරු වුනාට එකපාරටම එන ලොකු තොරතුරු ප්‍රමාණයක් පොඩි ලමයෙක්ට හොඳින් මතක තියාගන්න පුලුවන්. "පරණ බල්ලන්ට අලුත් සෙල්ලම් ඉගැන්වීමට බැරිය" කියලා කතාවක් තියෙන්නේ. හැබැයි පොඩි කෙනෙක්ට එහෙම නෑ.

    මම කොම්පියුටර් මල පොතේ අකුරක් දන්නේ නෑ අට වසරට එනකන්. නවය වසරට යනකොට තමයි මටත් කොම්පියුටර් එකක් ලැබුනේ. මොබයිල් ෆෝන් එකක් අපිට ගත්තෙත් මම දහය වසරේ ඉන්නකොට. nokia 1100 එකක්. නමුත් අද කාලේ ඉපදෙන දරුවා ඒ හැමදේම තියෙන ලෝකයක ඉන්නවා