දැන් මේක උසාවියකින් නෙවෙයිද දීල තියෙන්නේ පොනිලෝ

wca

Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් "එතුමා" සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.


    සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් "විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උසාවියකින් බරපතළ ලෙස චෝදනා ලැබ අපකීර්තිමත් වූ පුද්ගලයෙක් යැයිද "මිස්ටර් ක්ලීන් "ට මේ වගේ කුණු ගෑවුණු සංවිධායකවරයෙක් එක්ක ඉන්න පුලුවන්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


    "එතුමාට විරුද්ධව මහාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවරක් යන්නට එතුමාට අයිතියක් තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකාරයා යයි කිව හොත් එවිට එතුමා සමග මා ඉඳගන්නේ නැහැ.ඒ වගේම එහෙම වුනොත් එතුමාට මෙතන වාඩිවෙන්නත් බැහැ.නමුත් එවැනි තීන්දුවක් ලැබෙන තුරු මා මෙතන ඉන්නවා.ඔය ගොල්ලො කීප දෙනෙකුටත් නඩු දමා වැරදිකාරයා කරන තුරු මහ උසාවි යනකං අප හිටියා".යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
     

    Sen-lu

    Well-known member
  • පක්ෂ විපක්ෂ නැතුව වැරදිකාරයෝ ආරක්ෂා කරල කියල අද රනිල්ම පිලිගත්ත. ලංකාවේ මේ ජරා ක්‍රමේ තියාගෙන යන්න උපරිම මහන්සිවෙන දේසපාලුවෙක් තමා ඔය.
     
    • Like
    Reactions: Honda.putha

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    අනේ ඔය රනිල ඵක පාරක් කිව්ව දැන් නම් මම බාරගන්නේ නෑ රට හදන්න රට ඒ තරම් හිිඟමනට වැටිල කියල ඊට මාසෙකට පස්සෙ මෙන්න මූ අගමැති පට්ටම ගත්ත..🤭
     
    • Haha
    Reactions: Honda.putha

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මහාධිරණයේ තීන්දු අනුව වැරදි කාරයො උනු කී දෙනෙක්, හිරගෙවල් වන ඉන්නවද..? දැන් මේ කියන විදිහට උන් වැරදි කාරයො නොවෙයිනේ....🤔
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ammage redde nee.....ya. pol geduyak kadapu eka kelinma hire apath nee. habayi munta athhitawu hira daduwm. mona padanamen da ban ?