ඔව්. ලංකාවෙ චන්දෙකදි අපි චන්දෙ දෙන්න තෝරගන්නෙ ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් රටට වඩාත්ම අඩුවෙන් හානි කරනු ඇති බවට උපකල්පනය කරන පුද්ගලයාව. එහෙම නැත්නම් මොකක් හෝ විදිහකින් අනික් අයට වඩා රටට වැඩක් කළායැයි සළකන කෙනාට. මහින්ද දිනුවෙත් ඒ විදිහට. (ඒ කියන්නෙ හොර චන්ද නොදැම්මායැයි හිතුවොත්.)
කොහොම වුණත් ඊළඟ පියවර විය යුත්තෙ රට ගොඩ නැගීමයි. මෙච්චර කාලෙකට අපි කළේ අර අවුරුදු දෙදාස් පන්සීයෙ ඉතිහාසෙ ගැන, නාමිකව අදහන නමුත් පිළිනොපදින බුද්ධ ධර්මය ගැන, වස බී මැරෙන නමුත් රජකමට සුදුසු ගොවියන් වෙනුවෙන් තැනූ වැව් අමුණු ගැන, වැනසී යන සුන්දර සොබාදහම ගැන, උසස් මට්ටමේ තිබේයයි අප උපකල්පනය කරන එනමුත් ලජ්ජාවිය යුතු මට්ටමේ පවතින සංස්කෘතිය ගැන නන් දෙඩවීම පමණයි.
සාධාරන සමාජයක්, බියෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ඇරඹීමට දැන් කාලයයි. එහෙම එකක් 48න් පසුව, 56න් පසුව, චන්ද්රිකාගෙ ආගමනයෙන් පසුව කරාවියයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා. ඒත් වුණේ නෑ. දැන් ආයෙත් වාරයක් ඇවිත්. යුද්ධෙ ඉවර කළා වගේ මේ පියවරත් ගත්තෙ නැත්නම් චන්දෙ දුන් මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වෙයි.