දැන්-රූපවාහිනී-බලන්න....
මැතිවරණ නීතී රීතී උල්ලංඝණය කරමින්
ජාතික රූපවාහිනීයෙන් සංගීත ප්රසංගමාලාවක්
2010 ඳ 01 ඳ 08
මැතිවරණ නීතී රීති උල්ලංඝණය කරමින්, දේශපාලන සංගීත ප්‍රසංග මාලාවක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තා වේ. ජාතික රූපවාහනියේ වෘත්තිය සමිති ප්‍රධානියෙකු සඳහන් කළ පරිදි, එම සංගීත ප්‍රසංග මාලාව සැලසුම්කර ඇත්තේ නාමල් රාජපක්ෂගේ නියෝගය මතය.
මෙම දේශපාලන සංගීත ප්‍රසංග මාලාවේ පළමු ප්‍රසංගය ජනවාරී 10වන ඉරිදා ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාගේ ප්‍රධානත්වයෙන් පන්නල නගරයේදී පැවැත්වේ. අනතුරුව 17 ඉරිදා පොලොන්නරුවේදීද 24වන ඉරිදා තිස්සමහාරාම නගරයේදීද, 25වන දා තිලංග සමතිපාලගේ ප්‍රධානත්වයෙන් බොරැුල්ල නගරයේදීද මෙම සංගීත ප්‍රසංග පැවැත්වේ.
ජනාධිපතිවරයාගේ ඡුන්ද ව්‍යාපාරයට වෙනුවෙන් පැවැත්වෙන මෙම සංගීත ප්‍රසංග ජාතික නාලිකාව ඔස්සේ සජීවී ලෙස විකාශණය කිරීමට කටයුතු යොදා ඇති අතර එහිදී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගේ කතාද විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. තවද ප්‍රසංගය සඳහා සහභාගීවන කලාකරුවන්ගේ දීමනා වෙනුවෙන් රූපවාහිනී සංස්ථාවේ මුදලින් එක් ප්‍රසංගයක් සඳහා රුපියල් ලක්ෂ 15කට වැඩි මුදලක් වෙන්කර තිබේ.
මෙවැනි සංගීත ප්‍රසංග සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාගැනීම රූපවාහිනියේ සමාන්‍ය සම්ප්රදාය වුවද ඒ සඳහා සුදුසු අනුග්‍රාහකයෙකු සොයා ගැනීමට රූපවාහිනී බලධාරීන් මෙතෙක් අසමත් වී තිබේ.
Source :- http://www.lankanewsweb.com/Sinhala/news/2010_01_08_004.html

Last edited: