දැන් සජිත්ට දිනන්න බෑ

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    460861716_538897442020271_3658396808781650588_n.jpg



    ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමාගේ යෝජනා පිලිගත්තේ නම් කිසිවෙකුටත් රටින් පිටව යාමට සිදු නෙවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

    අඩුම වශයෙන් තමාට තනිවම තරගකර ජනාධිපතිවණය දිනා ගැනීමට නොහැකි බව දැන දැනම රනිල් වික්‍රමසිහ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමද වැලැක්වූ බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත.

    ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු බැසිල් රාජපක්ෂ රටින් පිටවීමට පෙර දුරකථනයෙන් ඉදිරි දේශපාලන තත්වය විමසා සිටි අවස්ථාවකදීය.

    මෙහිදී අදාල ව්‍යාපාරකයා දිගින් දිගටම විමසා ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය සම්බන්ධයෙනි.

    “අන්කිම බලාපොරෙත්තුව තිබුණේ සජිත් ගැන වුණත් එකත් අන්තිමට බිදවැටුණා. රනිල් පොහොට්ටුව කැඩුව වගෙම ස.ජ.බයත් බේද කළා. සජිත්ට කිසිම දෙයක් තේරෙන්නේ නෑ. රනිල් හිතුවේ ඒක ප්‍රයෝජනයට ගන්නයි. එක්කෙනෙක්ගේ බල ලෝභය සේරගෙම විනාශයට හේතු වුණා. සජිත්වත් දිනුවානම් වැඩේ බැලන්ස් කරන්න තිබුණා. දැන් සජිත්ට දිනන්න බෑ “ යනුවෙන් බැසිල් රාජපක්ෂ පවසා තිබේ.