ජනාධිපති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් සුදුස්සෙකු මේ මොහොතේ නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් බදාදා පැවති අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර තිබේ.
අරගලය පැවති සමයේදී තම පක්ෂයේ මන්ත්‍රිවරුන් මුහුණ දුන් කටුක අත්දැකීම් සිහිපත් කර ඇති බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ඇතැමුන්ට මුල අමතකව ඇතැයි ද කියා ඇත.
“අපිට නිදහසේ එයාර්පෝර්ට් එකකටවත් යන්න බැරි කාලයක් තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි ඒ කළගුණ අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් ද පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු තෝරාගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක කිහිපයක් තිබෙන බව ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගත් තම පක්ෂයේ ඉදිරි පෙළ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ම පිරිනැමිය යුතු බවට වන යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ඉදිරිපත් කිරීමට මැති ඇමැතිවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බවද එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය මැයි රැලියෙන් පසුව ප්‍රකාශයට පත්වනු ඇතැයි ද පැවැසේ.
@N A K A M U R A @2osama @hirashgeff @John Dutton @netudara
ubala kiyapalla ranilda sudusuma kena

Last edited: