දැන් හමුදා පාලනයක් තියෙනව.

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දැන් හමුදා පාලනයක් තියෙනව.

ජනතා විමුක්ති පෙරමුණේ නායක සේමවංශ අමරසිංහ මහතා,

"අපි කිසිම අවස්ථාවක රජෙක් හෝ රැජිනක් බලයට ගේන්න කටයුතු කරන්නේ නැහැ. මේ අවස්ථාවත් එසේමයි. අපි මේ කටයුතු කරන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉටු කිරීම පමණයි.
ජෙනරාල්තුමා බලයට ආවහම හමුදා පාලනයක් එනවද කියල අහනව. හමුදා පාලනයක් දැන් තියෙනව. හමුදා පාලනයක් සහිත රටක තමයි දැන් අපි ජීවත් වෙන්නේ. බලන්න විරුද්ධ පක්ෂවලට දේශපාලනය කරන්න ඉඩ නැහැ. විරුද්ධ දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගේ කකුල් කඩනව, ඔළු පළනව, කාර්යාල ගිනි තියනව, ඡන්දෙ දාන්න දෙන්නෙ නැහැ. අන්න ඒව තමයි හමුදා පාලනයක් යටතේ ක්‍රියාත්මක වන දේවල්. මේ ‍දේවල් ජරාජය කිරීම තමයි අපේ ව්‍යායාමය. අපි මේ මහින්ද රාජපක්ෂ හමුදා පාලනයට කියනව ඔය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු නතර කරන්න කියල."