දැනුමෙන් දිනමු.!!!

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දැනුමෙන් දිනමු.!!!

    වර්තමාන සමාජයේ සාමාන්‍ය දැනුමට ඉහල වටිනාකමක් ලැබී ඇත.සැණෙකින් ඔබට දශ ලක්ෂපතියෙක් වන්නට ඔබේ හැකියාව ඔබට අත වනයි. එසේම සීමාවක් නැති දිනෙන් දින පුළුල් වන දැනුමට කිසිකලෙක සීමා මායිම් යෙදීමද කල නොහැක.

    විවිධ මාධ්‍ය හරහා සංවිධානය කරන තරග වෙත අද විශේෂ අවධානයත් ඉතා ඉහල වටිනාකමක් ලබාදීමත් සුවිශේෂී කාරණයකි.එසේම සීමාවන් නැති දිනෙන් දින පුළුල් වන දැනුමට කිසිකලෙක වැට සීමාමායිම් දැමිය හැකිද නොවේ.
    තරග විභාග සදහා සේම සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය වන්නාවු කරුණුද බාල තරුණ සියළු දෙනාට නොබියව ඕනෑම තරගයකට මුහුණ දීමට හැකි ශක්තියද හැකි පමණින් එක් තැනකට ගෙන ඒමට සියළු උත්සාහයන් දරා ඇත.

    මෙහි එන සෑම පැනයකම පිළිතුර ඉදිරියේ දක්වා ඇත.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1. KLM ගුවන් සේවය අයත් රට - නෙදර්ලන්තය
    2. ජුඩෝ ආරම්භය කුමන රටකද - ජපානය
    3. අද ඉරානය අතීතයේ හැදින්වූයේ - පර්සියාව
    4. ජපානයේ විෂවායු පැතිරවීමට මූලික වූ ආගමික නායකයා - සෝකෝ අසහාරා
    5. 2012 ඔලිම්පික් පැවැත්වෙන රට - එංගලන්තය
    6. දාම් ලෑල්ලක කොටු ගණන - 72
    7. තෙරේසා මව්තුමිය උපන් රට - යුගෝස්ලාවියාව
    8. ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා - ඇන්ගිලිබික්
    9. මහ බැංකුව පිහිටවූ වසර - 1950
    10. රිවෝල්වරය නිපදවූයේ - සැමුවෙල් කෝල්ට්
    11. යොදුනකට ගව් කීයද - 4
    12. ගව්වට සැතපුම් - 4
    13. ලොව පුථම ජනපතිනිය - ඉසබෙලා පෙරොන්
    14. බුද්ධි පරීක්ෂණ වලින් ඉහලම ලකුණු ලැබූ අයගේ සංගමය - මෙන්සා ඉන්ටර්නැෂනල්
    15. මෙරට ගුවන් හමුදාවේ ඉහලම නිලය - එයාර් මාර්ෂල්
    16. බුසලක් සදහා සේරු කීයද? - 32
    17. මැදියම් රැයේ සූර්යයා උදාවන රට - නෝර්වේ
    18. අමාවතුර කෘතියේ කර්තෘවරයා - ගුරුළුගෝමී
    19. භූතානයේ අගනුවර - තිම්පු
    20. පන්සලේ පියතුමා විරුදාවලි ලත් පූජකතුමා කව්ද? මර්සලීනු ජයකොඩි පියතුමා
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1. අර්නස්ට් සිල්වා මහතා සතුවූ දුර්ලභ මුද්දරය - මුරුසි දිවයින් පැන්ස මුද්දරය
    2. 1883 දී පිනෝකියෝ නවකථාව ලියුවේ - කාලෝ ක්ලෝඩ්
    3. 11 මාසයේ 11 දිනයේ 11 වන පැයේ අත්සන් තැබූ ගිවිසුම - පළමුවන ලෝක සංග්‍රාමය
    4. පවිත්‍රණය සදහා රෝමයේ වෙන්වූ මාසය - පෙබරවාරි
    5. 1989 දී ගාමිණී පොන්සේකා මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ - මාතර දිස්ත්‍රික්කයෙන්
    6. ලොව ප්‍රථම බහුජාතික සමාගම -ඔලන්ද පෙරදිග ඉන්දියා වෙළද සමාගම
    7. වර්ගප්‍රමාණයෙන් විශාලම ඉන්දීය ප්‍රාන්තය - රාජස්ථාන් ප්‍රාන්තය
    8. ඩුම් ඩුම් නගරය පිහිටියේ - ඉන්දියාවේ
    9. ලොක්නස් ජල රකුසා දර්ශනය වන්නේ - ස්කොට්ලන්තයේ ලොක්සෙස්
    10. සුභ පැත්මේ තුඩුව පිහිටියේ - දකුණු අප්‍රිකාවේ
    11. පුරා විද්‍යාගවේශණයේ පියා - මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා
    12. තරාදියක සළකුණ ඇති රාශිය - තුලා
    13. ලජ්ජා නැමති ග්‍රන්ථය රචනා කිරීමෙන් 1993 දී ඉස්ලාමීය ෆක්වා නියෝගයට මුහුණ දුන්නේ - තස්ලිමා නස්රින්
    14. ඩබ්ලිව් . සිරිවර්ධන මහතා 1959-1970 දක්වා නායකත්වය ලබාදුන් ක්‍රීඩාව - වොලිබෝල්
    15. ලම්බාඩා නැටුම අයත් රට - බ්‍රසීලය
    16. උසේන් බෝල්ට් උපන් රට - ජැමෙයිකාව
    17. ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව - රගර්
    18. සොයුරන් 99 ක් මරා රජවූ ඉන්දීය රජු - අශෝක රජු
    19. එල් නීනෝ තේරුම - පිරිමි ළමයා
    20. ශාක භක්ෂක නොවන ඩයිනෝසරයා - වෙලොසිරැප්ටර්
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1. වහල්සේවය අහෝසි කල ජනාධිපතිවරයා කවුරුන්ද? ඒබ්රහම් ලින්කන් (ඇ.එ.ජ. 16 වෙනි ජනපතිවරයා)
    2. 20වන සියවසේ පහලවූ කෲරතම පාලකයා කවුරුන්ද? ඇඩොල්ප් හිට්ලර්
    3. 1921 භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලැබූයේ කවුද? ඇල්බට් අයින්ස්ටයින්
    4. ටෙලිපෝනය නිපදවූයේ කවුරුන්ද? ඇලෙක්සැන්ඩර් ගැහැම් බෙල්
    5. ඩයිනමයිට් සොයා ගැනීමෙන් නෝබෙල් ත්‍යාගය ලබාදීමට මුල් වූයේ කවුද? ඇල්ෆඩ් බර්නාඩ් නොබෙල්
    6.ඇමෙරිකාව සොයාගත් නාවිකයා කවුද? ඇමෙරිගෝ වෙස්පුචි
    7.ෂර්ලොක් හොල්ම්ස් නම් රහස්පරීක්ෂකවරයා තම කථාමගින් නිර්මාණය කලේ කවුරුද? සර් ආතර් කොනන් ඩොයිලි.
    8.1950 සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාගය හිමිවූයේ කාටද ?බර්ටන්ඩ් රසල්
    9. මයිකොසොෆ්ට් සමාගමේ සභාපතිවරයා කවුද? බිල් ගේට්ස්
    10. ඇ.එ.ජ. ලාබාලතම ජනාධිපතිවරයා වූයේ කවුද? 42 වැනි ජනපති බිල් ක්ලින්ටන්
    11. පුංශයේ පළමු ජනපතිවරයා කවුද? චාල්ස් ඩී ගෝල්
    12. පරිනාමවාදයේ පියා වශයෙන් හදුන්වන්නේ කවුරුන්ද? චාල්ස් රොබට් ඩාවින්
    13. සූර්යයා වටා පෘතුවිය ඇතුළු වස්තු කරකැවෙන බව පැවසූවේ කවුරුද?නිකලස් කොපර් නිකස් 1473 දී
    14.1989 නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ කාටද? දලයි ලාමා
    15.1954 සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිවූයේ කාටද? අර්නස්ට් හෙමිංවේ
    16. 1925 දී සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිවූයේ කාටද? ජෝර්ජ් බර්නාඩ් ෂෝ
    17. ඇ.එ.ජ. පළමු ජනාධිපතිවරයා කවුරුන්ද? ජෝර්ජ් වොෂින්ටන්
    18. 1991 දී සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමිවූයේ කාටද? ගෝඩිමර් නාඩින්
    19. ඇ.එ.ජ. 39 වැනි ජනාධිපතිවරයා වූයේ කවුද? ජිම් කාටර්
    20. ඇ.එ.ජ. 35 වැනි ජනාධිපතිවරයා වූයේ කවුද? ජෝන් එෆ් කෙනඩි.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බලල නිකම්ම යන්න එපා "Bump" එකක්වත් දාල යන්න.

    salakana Tharamata Labenawa.

     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    බලල නිකම්ම යන්න එපා "Bump" එකක්වත් දාල යන්න.

    salakana Tharamata Labenawa.