දැනුයි රනිල්ගෙ අගය තේරිලා තියෙන්නෙ..

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    124614129-360234825239150-934241787976816555-n.jpg
     
    • Haha
    Reactions: LazyLizard

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    වර්තමාන පාර්ලිමේන්තුවේ මිනීමැරුම් චෝදනාවකට මරණ දඬුවම් නියම වුනු මිනිහෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු විදිහට ඉන්නවා, ලෝක ඉතිහාසයේම මෙහෙම දෙයක් වෙලා තියේද කියන්න මම දන්නේ නැහැ, එත් ශිෂ්ඨ රටක එවන්නක වෙන්නේ නැහැ කියල සහතිකයි,

    දැන් මේ හේතුව නිසාම අනාගතයේදී ඕනෑම පාදඩයෙක්ට පාර්ලිමේන්තුවට පත්වෙන්නත්, නීති සම්පාදනය කරන්නත් පුළුවන්, මේක ඇත්තටම ඛේදවාචකයක්. එත් මිනිස්සුන්ගේ නහර හිරි වැටිලා, මීක් නැහැ, හරි නම් ඒ මිනිහා ඉල්ලා අස්වෙනකම් උද්ගෝෂණ කරන්න ඕන, අලුත් නීතියක් ගෙන්න ඕන මොනම අපරාධ නඩුවකින් හෝ වැරදිකරු වූ එකෙක්ට පාර්ලිමේන්තු තේරී පත්වුවත්, තනතුර දැරීමට නොහැකිය කියල,

    එත් ඒ මොකක්වත් වුනේ නැහැ, අර 20 සංශෝධනයෙන් මේ රටේ මිනිස්සුන්ට මොකක්ද ලැබුණු ප්‍රතිලාභය? ඒ දෙය කලේ එක්තරා පවුලක ආත්මාර්ථකාමී බල ලෝභය නිසා කියල මොන්ටිසෝරියේ යන පුංචි එකෙක් වුනත් දන්නවා, එත් කිසිම මිනිහෙක් කටක් අරින්නැනේ නැහැ.

    රනිල් පරාජය වුනු ඡන්දය මේ රටේ එක යුගයක අවසානය සනිටුහන් කළා, දැන් පටන්ගෙන තියෙන්නේ පාදඩ යුගයක්, පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නීතිය නවන්නන්ගේ යුගයක්, බලය ඇත්තාට සියල්ලමත්, බලයක් නැත්තාට නීතියේ පිහිටවත් නැතිවෙන යුගයක්,

    මිනිස්සුන්ට ඔය දෙය දැන්ම තේරෙන්නේ නැහැ,

    මේ විදිහට රට විනාශවීමට රනිල් ඇතුළුව මේ රට ආණ්ඩුකල , සහ ආණ්ඩු කරන සියල්ලන්ම වගකිවයුතුයි!
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    *"" අනේ රනිල් සර්... සිරිසේන සර්. ... ඉදිරිපත් වෙලා රට බේරලදෙන්න.. අපිට වැරදුනා සමාවෙන්න. මිනුවන්ගොඩින් සති දෙකෙන් කන්ට්‍රොල් කරන්න තිබ්බ එක යුද්දෙත් එක්ක පටලවගන්න ගිහින් අද මුලු කොලබම ඉවරයි. ඔය මැරෙන්නෙ කාගෙ හරි අම්මල තාත්තල නේද. ඔය මැරෙන හැම මිනියකම ආන්ඩුව වැරැද්ද බාරගන්න ඕන""
    -FB
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    *"" අනේ රනිල් සර්... සිරිසේන සර්. ... ඉදිරිපත් වෙලා රට බේරලදෙන්න.. අපිට වැරදුනා සමාවෙන්න. මිනුවන්ගොඩින් සති දෙකෙන් කන්ට්‍රොල් කරන්න තිබ්බ එක යුද්දෙත් එක්ක පටලවගන්න ගිහින් අද මුලු කොලබම ඉවරයි. ඔය මැරෙන්නෙ කාගෙ හරි අම්මල තාත්තල නේද. ඔය මැරෙන හැම මිනියකම ආන්ඩුව වැරැද්ද බාරගන්න ඕන""
    -FB
    sarcasm level 100%
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    වර්තමාන පාර්ලිමේන්තුවේ මිනීමැරුම් චෝදනාවකට මරණ දඬුවම් නියම වුනු මිනිහෙක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙකු විදිහට ඉන්නවා, ලෝක ඉතිහාසයේම මෙහෙම දෙයක් වෙලා තියේද කියන්න මම දන්නේ නැහැ, එත් ශිෂ්ඨ රටක එවන්නක වෙන්නේ නැහැ කියල සහතිකයි,

    දැන් මේ හේතුව නිසාම අනාගතයේදී ඕනෑම පාදඩයෙක්ට පාර්ලිමේන්තුවට පත්වෙන්නත්, නීති සම්පාදනය කරන්නත් පුළුවන්, මේක ඇත්තටම ඛේදවාචකයක්. එත් මිනිස්සුන්ගේ නහර හිරි වැටිලා, මීක් නැහැ, හරි නම් ඒ මිනිහා ඉල්ලා අස්වෙනකම් උද්ගෝෂණ කරන්න ඕන, අලුත් නීතියක් ගෙන්න ඕන මොනම අපරාධ නඩුවකින් හෝ වැරදිකරු වූ එකෙක්ට පාර්ලිමේන්තු තේරී පත්වුවත්, තනතුර දැරීමට නොහැකිය කියල,

    එත් ඒ මොකක්වත් වුනේ නැහැ, අර 20 සංශෝධනයෙන් මේ රටේ මිනිස්සුන්ට මොකක්ද ලැබුණු ප්‍රතිලාභය? ඒ දෙය කලේ එක්තරා පවුලක ආත්මාර්ථකාමී බල ලෝභය නිසා කියල මොන්ටිසෝරියේ යන පුංචි එකෙක් වුනත් දන්නවා, එත් කිසිම මිනිහෙක් කටක් අරින්නැනේ නැහැ.

    රනිල් පරාජය වුනු ඡන්දය මේ රටේ එක යුගයක අවසානය සනිටුහන් කළා, දැන් පටන්ගෙන තියෙන්නේ පාදඩ යුගයක්, පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නීතිය නවන්නන්ගේ යුගයක්, බලය ඇත්තාට සියල්ලමත්, බලයක් නැත්තාට නීතියේ පිහිටවත් නැතිවෙන යුගයක්,

    මිනිස්සුන්ට ඔය දෙය දැන්ම තේරෙන්නේ නැහැ,

    මේ විදිහට රට විනාශවීමට රනිල් ඇතුළුව මේ රට ආණ්ඩුකල , සහ ආණ්ඩු කරන සියල්ලන්ම වගකිවයුතුයි!
    රනිල් කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ( Westminster system ) තුල ආසියාවේ සිටි අවසාන වියත් පාලකයි ! දැන් ඒ යුගය නිමාවී හමාරය. ඔහු අනාගතයේ නායකයෙකි.. ඔහුගේත් ලංකාවෙත් අවාසනවනම් ශ්‍රී ලංකා සමාජය තවමත් පවතින්නේ 19 වන සියවසේ වීමය. බොහෝදේ ලිවීමට හැකි වුවත් දැන් ලියා පලක් නැත.

    මෙය කියවා උපහාසයෙන් අපහාස කිරීමට සැරසේන්නවුන්ට එක් දෙයක් මතක් කරදෙන්නම්...එය නැවත සිතා බලා පසුව ඔබේ අදහස පවසන්න (මෙය එරෝසන් මහත්මාට අදාල නොවේ)

    මිට මාස 11කට පෙර අදසිටින පාලකයන් ගැන ඔබ සිහින මැවුයේ, බලාපොරොත්තු තැබුයේ කෙසේද ? දැන් ඔබ පැතූ ලෝකය ඉටුවී තිබේද ? කණගාටුවට කරුණනම් තවම ගෙවී ඇත්තේ එක් අවුරුද්දක් වීම පමණය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකක් අඩුයි... ශ්‍රී ලංකා මහා බැංකුවට පහර දී විනාශ කිරීම.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රනිල් මහතා දේශපාලනය කරේ නුගත් මිනිස්සු ටිකක් එක්ක. නුගත් මිනිස්සු ටිකක් වෙනුවෙන්
    වෙන රටක (UK.France) වගේ කරා නම් ඒ මනුස්සය අදටත් ඒ රටවල් වල ගෞරව පාර්ත්ව ජීවත් වෙනවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    තව එකක් දාපන් අර අහිංසක මිනිස්සු 300ක් මරාගත්තත් කියලා
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    View attachment 102157

    01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.

    02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.

    03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.

    04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.

    05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.

    06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
    • නිල්වලා
    • පස්දුන්රට
    • මහවැලි
    • සියනෑ
    • නිට්ටබුව ශාරිපුත්ත
    • ඌව
    • හාපිටිගම
    • ශ්‍රී පාද
    • අඩ්ලච්ච්න

    07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.

    08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
    (පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)

    09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම

    10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .

    12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.

    13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.

    14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .

    15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.

    16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.

    17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.

    18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

    19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
    ( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)

    20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම

    21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.

    22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (😭.I.)

    24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    31. පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.

    32. ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.

    33. "ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද" කියා ඇසූ
    ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
    (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.

    36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.

    37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.

    38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

    39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
    රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
    මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
    නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.

    40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.

    41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.

    42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.

    45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.

    48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.

    49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.

    50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.

    51. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    52. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල පහත හෙලීමට කටයුතු කිරීම.

    53. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.

    54. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    55. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.

    56. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම



    මොනවා කරත් වැඩක් නෑ... හොරුන් රකිනවානම්.... හොරාකන්න දීල බලන් ඉන්නවානම්...


    රටේ දූශනයා අවම කරල ( එක පාරට නැතිකරන්න බැරි නිසා ) නීතියේ ස්වාඩීපත්යා හදපු දවසට වැදගත් දේශපාලුවෙක් කියල පිලිගන්නවා....
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,604
    6,149
    113
    ත්‍රෙඩ් එකේ ගොම ගඳක් එනවා.... ඉන්ඩ්‍රේ බැහැලම වැඩ වගේ...