දැනුවත් වෙන්න

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
පොඩ්ඩක් ඔලුවෙන් හිතන්න ඕනේ දෙයක් තියනවා. එළකිරි එකට සාමාන්‍ය මනුස්සයෙක් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ? අපි එදිනෙදා වැඩ කරන ගමන් පොඩ්ඩක් බෝරින්ග් වෙනකොට මේකේ තියන දෙයක් බලන්න, නොදන්නා දෙයක් තියනවා නම් අහන්න, ඔය වගේ ඉද්දි ඉතින් අපි දන්න දෙයක් ගැන කව්රු හරි ප්‍රශ්නයක් අහලා තියනවා නම් එකට උත්තර දෙන්න.

නමුත් මේකේ තවත් කොට්ටාසයක් ඉන්නවා. උන් ටික මෙකෙමයි ඉන්නේ, සහ මාරම active. ඒ වගේම උන් මේ රටේ ප්‍රධාන පක්ෂ තුනට අම්බානක කඩේ යනවා. ඉතින් මුන් කරන ජොබ් එක අනිවා social media පාවිච්චි කරලා මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරලා තමන්ගේ පක්ෂෙට වාසියක් වෙන්න කඩේ යන එක.

මේ game අපිට තේරෙන්නෙත් නැ බන් සමහර වෙලාවට. මේ වගේ දේවල් බලලා mind වෙනස් කර ගන්න පිරිසක් අනිවා ඉන්නවා. උන් බොහොම අහිංසක, සාදාරණ පුද්ගලයෝ. උන් දකින දේ අනුව තමන්ගේ තීරණ වෙනස් කරනවා. ඉතින් මේ පිරිස නම්ම ගන්න එකෙන් තමයි මේ ප්‍රධාන පක්ෂ තුන තමන්ගේ numbers game එක play කරන්නේ.

මේ දේ මුන් කරන විදිය පොඩි උදාහරණයක් මම දෙන්නම්.

අපි හිතමු P කියන විපක්ෂෙට ට ඕනේ කරනවා දැන් තියන U පක්ෂේ වට්ටලා ඊලග ජනාධිපති වරණය දිනන්න. දැන් එතකොට P පක්ෂේ වෙනුවෙන් කඩේ යන කෙනා මොකද්ද කරන්නේ. U පක්ෂේ කරන හැම දේම විවේචනය කරලා ඒ ගැන පොස්ට් දාලා මිනිස්සුන්ගේ ඔලුව වනසන එකද ?

ඔව් එහෙම කරන කොටසක් ඉන්නවා. හැබැයි ඔක්කොම නෙමෙයි. ඒ මොකද කියලා මම කියන්නම්. P පක්ෂෙට දැනටමත් ඇන්දිල ඉන්න පරම්පරාවෙන්ම P ලේ තියනවා කියලා හිතන් ඉන්න එකෙක්ව ආයේ මේ වගේ කඩේ යන උන්ගෙන් කඩා ගන්න ඕනේ නැහැ. උන් කොහොමත් sure ගහේ බඩු . උන් ඉතින් අනිවා මොන මගුල කරත් තමන්ට චන්දෙ දෙන උන් තමා කියලා දන්න නිසා උනාට ඕනේ U පක්ෂේ චන්ද ටිකක් සහ අනිත් පක්ෂෙක චන්ද ටිකක් කඩාගෙන P ගොඩට එකතු කර ගන්න.

එක කරන්නේ කොහොමද ?

එක මුන් කරන්නේ මෙහෙමයි. P පක්ෂෙන් එකෙක් දානවා හැබැයි ඌගේ role එක වෙනස්. ඌ කඩේ යවන්නේ U පක්ෂේ වෙනුවෙන් යම් කිසි කාලයකට . මේක වෙන්නේ මෙහෙමයි. ඊලග චන්දෙට අවුරුදු 4ක් විතර තියල P පක්ෂේ හදනවා මෙහෙම චරිත ගොඩක්. උන් මාර පොඅරවල්. උන් U පක්ෂෙට අම්බානක කඩේ යනවා වගේ පෙන්නනවා. ඉතින් අර P පක්ෂේ වගේම U පක්ෂෙට දැනටමත් ඇන්දිල ඉන්න පරම්පරාවෙන්ම U ලේ තියනවා කියලා හිතන් ඉන්න උන් මු වටේ එකතු වෙනවා. මුගේ පොස්ට් share කරනවා, කියවනවා. මු මාර පොරක් කියල හිතන්න සලස්වනවා U පක්ෂේ හෝ වෙනත් පක්ෂ වල උන්ට. ඉතින් මෙහෙම පිරිස එකතු කරනවා. හොදම හරිය වෙන්නේ චන්දෙ ලං වෙලා අව්රුද්දක් විතර වෙනකොට. මේ වෙනකොට U පක්ෂෙට කර කියාගන්න දෙයක් නැති වෙන දෙයක් P පක්ෂෙන් ඇති කරනවා. එක රටට හොදද නැද්ද, මිනිස්සුන්ට හොදද නැද්ද කියන එක අදාළ නොකර සැහෙන්න දැනෙන දෙයක්. ඔන්න point එක. දැන් මොකද වෙන්නේ. අර U පක්ෂෙට කඩේ ගිය මාර පොරවල් ටික මෙන්න මේ දේ නිසා U පක්ෂේ එපා උනා වගේ දුක් වෙන්න,කතා කරන්න, පොස්ට් දාන්න පටන් ගන්නවා. ඔන්න දැන් මේක බලන් ඉන්නවා P පක්ෂේ එවුන් සහ අනිත් උන්.. මුන් ඉතින් බලන් ඉන්නවා ටිකක්. අවුලක් නැ ඒ අස්සේ ඔන්න ආයේ ටිකක් U පක්ෂෙට කඩේ යනවා. එත් ඉස්සර තරම් fit එකක් නැ වගේ post දානවා. සමහර උන් එහෙම පිටින්ම එපා උනා වගේම ඉන්නවා. චන්දෙ ලං වෙනකොට මෙන්න මුන් U පක්ෂේ සැහෙන්න විවේචනය කරන්න ගන්නවා. ගත්ත පියවර, action වැඩක් නැහැ කියනවා. P පක්ෂේ මොනවා උනත් හොදයි කියනවා.

මෙන්න මෙහෙම දේවල් වෙනවා. මේක දකින U පක්ෂේ උන් හිතනවා මේ වගේ පොරකුත් අනිත් පැත්ත ගැහුවා නම් මේ පාර බඩු බනිස් තමයි කියලා. විශ්වාසය අඩු වෙනවා, අනිත් උන්ටත් මේ දේවල් කියනවා. මේකට අහු වෙන කොටසක් මේක ඇත්ත තමයි කියලා හිතලා P පක්ෂෙට යනවා. කතාව ඇත්ත තමයි කියලා.

මේ දේ හැම තැනම වෙනවා. FB එකේ එළකිරි එකේ සහ අනික් එකී මෙකි හැම තැනම.

මේකට එළකිරි එකේ උදාහරණ උබලට හොයාගන්න පුළුවන්නේ.

post එක උස්සන්න එපා. FB වල දාන්න එපා.