දැයක පැතුම ඉටුවේ.. හදවතේ ගායකයා අවදානමෙන් මිදේ.. වෙන්ටිලේටර ගලවයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

    එහි සභාපති වෛද්‍ය රුක්ශාන් බෙල්ලන මහතා පැවසුවේ මේ වන විට චාමර වීරසිංහ මහතා කෘතිම ශ්වසන යන්ත්‍ර වලින් තොරව සාමාන්‍ය පරිදි හුස්ම ගනිමින් සිටින බවයි.

    නමුත් ඔහු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ රදවා සිටින බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් ඔහුට සාමාන්‍ය පරිදි ගායන කටයුතුවලට පිවිසීමට මාස හතරක පහක විවේක කාලයක් අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වන බවද එම කාලයෙන් අනතුරුව ඔහු පූර්ණ වශයෙන් ම සුව අතට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.