දැයට අහිමි වූ මහ රණවිරු මතක

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    දැයට අහිමි වූ මහ රණවිරු මතක

    සෙන්පති ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා ප්‍රමුඛ රණවිරුවන් කයිට්‌ස්‌ අරාලිතුඩුවේදී බිම් බෝම්බයකට හසුව මියගොස්‌ ඊයේට (අගෝස්‌තු 07) වසර 24 කි.
    මේ ලිපිය ඒ නිමිත්තෙනි.
    p6-1.jpg
    අප උපන් මාතෘ භූමියට වසර දෙදහස්‌ පන්සිය ගණනකටත් අධික ඉතිහාසයක්‌ ඇත. ලොව අන් කිසිදු රටකට මෙවන් දීර්ඝ කාලීන ඉතිහාසයක්‌ නැතැයි ඇතැම් බුද්ධිමතුන්ගේ අදහසයි. එදා සිට අද දක්‌වා මේ කාල සීමාවන් තුළ අප මාතෘ භූමියේ පහළවූ වීරෝදාර යුග පුරුෂයන්ගෙන් රටටත්, ජාතියටත් ආගමටත්, භාෂාවටත්, සාහිත්‍යයටත්, කලාවටත් සිදු කළ සිදු වුණු සේවය සදානුස්‌මරණීය වේ. කෘතගුණදත් ජාතියක්‌ වශයෙන් එවැන්නන් වරින් වර හෝ සිහිපත් කිරීම බාල පරම්පරාවට ආදර්ශයක්‌ වන අතර ඔවුන් තුළ ජාතිකත්වය, වීරත්වය, ප්‍රෙෘඪත්වය, ශාසන මාමකත්වය, ජනිත කරවීමට ප්‍රබල සාධකයක්‌ වනු ඇත.

    අප රටේ මුල්යුගයේ පහළ වූ විරුවන් සේ දුටුගැමුණු, ධාතුසේන, මහා පරාක්‍රමබාහු, වලගම්බා, විජයබා සේම, ලීලාවතී, කල්‍යාණවතී සෝමාදේවි, විහාරමහාදේවි, අනුලාදේවි, ඇහැළේපොළ කුමාරිහාමි වැනි වීරවරියන්ද වූහ.

    විජය විමලරත්න

    මෑත යුගයේ පහලවූ යුග පුරුෂයන් අතර ගිහි පැවිදි අය බොහෝවූහ. වීදියබණ්‌ඩාර, මායාදුන්නේ රාජසිංහ, අනගාරික ධර්මපාල වැන්නවුන්සේම වාරියපොල සුමංගල වැලිවිට සරණංකර මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද ආදි පැවිදි උතුමෝ ද වූහ.

    ශ්‍රී ලංකා මාතාවගේ වීරෝදාර සුජාත මෙවන් දරු පරපුරේ තවත් විරුවෙකු ගැන මතකය අවදි වන දිනයක අගෝස්‌තු අට වැනි දිනය. ශ්‍රී ලාංකීය ජන හදවත් තුළ මේ දිනය නොමැකී ජීවමානව පවතී. ජාති, ආගම්, කුල මල භේද කිසිවක්‌ නොසිතූ මෙතුමා පොදුවේ මේ හැම කෙරෙහි තිබුණේ අසීමිත මානව දයාවකි. ආදරයකි. මාතෘ භූමියට මහත් සේ ආදරය කළ මෙතුමා හැම ජන කොටසක්‌ම සැලකුවේ ලක්‌මවගේ දරුවන් ලෙසටය. ඒ අන් කවරෙකුවත් නොව 1992.08.08 වැනි දින උදේ උතුරේ අරාලි තුඩුවේදී තවත් එවැනිම වීර සෙබළුන් 9 දෙනෙක්‌ සමඟ බිම් බෝම්බයකට හසුවී සදහටම දැයෙන් සමුගත් සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීමතාණෝය.

    එතුමා දැයෙන් සමුගෙන වසර 24 ක්‌ පිරෙන මේ මොහොතේ එතුමාගේ සේවයෙන් බිඳක්‌ හෝ සනිටුහන් කිරීම එතුමාට කරනු ලබන ගෞරවයකි. එමෙන්ම අප කාගෙත් යුතුකමක්‌ ද වේ.

    කොබ්බෑකඩුව ශ්‍රීමතාණන්ගේ දෙමාපියන් වූයේ මහනුවර දෙල්දෙනියේ, ලොකු බණ්‌ඩා කොබ්බෑකඩුව සහ අයෝනා රත්වත්ත යුවළයි. එතුමා උපත ලබන්නේ 1940 ජුලි 27 වැනි දිනයි. ඒ මහනුවර ගුන්නෑපාන අමුණුගම වලව්වේදීය. බොදු චාරිත්‍රයට ගරු කරමින් මෙතුමාට හාපුරා අකුරු කියවාගනු ලැබුවේ තම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ වෙතිනි. මින් පසු මහනුවර හිල්වුඩ් විද්‍යාලයට පිවිස මූලික අධ්‍යාපනය ලැබූහ. උසස්‌ අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙනි.

    1960 වර්ෂයේදී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයෙන්ද සමත් විය. මෙතුමාගේ සමකාලීන පාසල් මිතුරකු වූයේ අභාවප්‍රාප්ත ගාමිණී දිසානායක ඇමැතිතුමාය.

    උසස්‌ අධ්‍යාපනයෙන් පසු මෙතුමා 1960.05.29 දින කෙඩෙට්‌ නිලධාරියෙකු ලෙස හමුදා සේවයට බැඳුණේය. එවකට මෙතුමාගේ වයස 19 ක්‌ විය. හමුදා මූලික පුහුණුව ලැබුවේ දියතලාව හමුදා කඳවුරේදීය. මේ පුහුණුවීමෙන් පසු මෙතුමා එංගලන්තයේ යුද අභ්‍යාස විදුහලේද වසර දෙකක කාලයක්‌ පුහුණුවීම් ලබාගෙන ඇත. පුහුණුවීම් කටයුතු වලින් පසු පැමිණි මෙතුමාට 1962.08.03 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි ලුතිනන් තනතුර ලැබුණි. වරින් වර මෙතුමා විදෙස්‌ගතව හමුදාවට අවශ්‍ය පුහුණුවීම් කටයුතු වල නිරතවෙමින් අවශ්‍ය උපරිම සුදුසුකම් ලබා ගත්හ. මේ නිසාම දියතලාව හමුදා පුහුණු මධ්‍යස්‌ථානයේ උපදේශකවරයෙක්‌ වශයෙන්ද පත්වී ඇත.

    රාජ්‍ය සේවකයා රටේ කුමන හෝ ප්‍රදේශයක සේවය කිරීමට නිරන්තරයෙන් බැඳී ඇත. ඒ අනුව මෙතුමා උතුරෙත්, නැගෙනහිරත්, දකුණෙත් ආදි පළාත් වල සේවය කර ඇත. මේ සේවා කාලයන් තුළ පියවරෙන් පියවර, උසස්‌වීම් ලැබ ලුතිනන් ජනරාල් පදවිය දක්‌වා උසස්‌වීම් ලැබූහ.

    සුදු ජාතීන්ගේ පාලනයෙන් පසු සිංහල, දෙමළ, මුස්‌ලිම් අපි කවුරුත් සහෝදරත්වයෙන් ජීවත්වූ බව දනිමු.

    නමුත් වරින් වර උද්ගත වූ ඇතැම් ප්‍රශ්න නිසා මේ සමගි සමාදානතා පලුදුවූ අවස්‌ථා බොහෝ වූහ. ජාත්‍යන්තර ඊළාම්වාදී කුමන්ත්‍රණකරුවන්ටත් දේශීය වශයෙන් බලලෝභී ඊළාම්වාදී අන්තගාමීන්ටන් මෙතුවක්‌ එකට සුහදව ජීවත්වූ සිංහලයන් වහකඳුරු වැනි විය. ගින්නට දමන පිදුරු සේ මහත්සේ ඇවිල ඔඩු දුවපු තුවාලයක්‌ බඳු විය. මෙහි භයානක ප්‍රතිඵලය වූයේ රට දෙකඩ කර උතුරේ වෙනම රාජ්‍යයක්‌ ඇතිකරගැනීමේ අරමුණින් ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් අවි ආයුධ අතටගත් මිනීමරු එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමයි.

    එවකට පැවැති රජයන් මේ ප්‍රශ්නය විස¹ගැනීම සඳහා ගත් සෑම උත්සාහයක්‌ම නිෂ්ඵල විය. 1990 වර්ෂය වනවිට දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ක්‍රියාකාරකම් උග්‍ර විය. මෙනිසා මෙය කෙසේ හෝ මැඩපැවැත්වීම සඳහා ඩෙන්සිල් කොබ්බෑකඩුව අභීත සෙන්පතියාගේ මූලිකත්වයෙන් හමුදා කණ්‌ඩායම් උතුරේ මෙහෙයුම් ආරම්භ කළහ. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් එතුමාට, අලිමංකඩ, වන්නි, වඩමාරච්චි, යාපනේ කොටුව, කිරාන්, මන්නාරම, මුලතිව් වැනි ප්‍රදේශ කොටි ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගැනීමට හැකිවිය. එතුමාට ද්‍රවිඩ, මුස්‌ලිම් බේදයක්‌ නොවීය. සාමාන්‍ය ජනජීවිතයට හානියක්‌ නොවන ලෙස ක්‍රියාන්විතයන්හි යොමුවීම, එතුමාටම ආවේණික වූ සුවිශේෂී ලක්‍ෂණයක්‌ විය. එතුමා වඩාත් ධෛර්යමත් වූයේ තම සහෝදර සෙබළුන්ගේ විශ්වාසය, කැපවීම තමා කෙරෙහි උපරිම ලෙස තබා තිබුණ බැවිනි.

    මාතෘ භූමිය දෙකඩ වනු දැකීමට එතුමා කිසිසේත් කැමැති නොවීය. ත්‍රස්‌තවාදීන් යුද්ධයෙන්ම අවසන් කළ යුතු බවත් එවැන්නන් සමඟ කෙරෙන සාම සාකච්ඡා ඵලක්‌ නොවන බවත් එතුමාගේ මතය විය.

    මේ නිසාම මෙතුමා මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් ජීවිතය පරදුවට තබා යුද පිටියේ රැඳෙමින් මෙහෙයුම් කීපයක්‌ දියත් කිරීමේ අටියෙන් විජය විමලරත්න සෙන්පතියා හා තවත් රණවිරුවන් කීපදෙනකු සමඟ ජීප් රථයෙන් ගමන් ගන්නා මොහොතේ කයිට්‌ස්‌ දූපතේ, අරාලි මංසන්ධිය අසල අටවා තිබූ බිම්බෝම්බයකට හසුවීමෙන් නවදෙනෙකු සමඟ ඊයේ (07) වැනි දිනක මෙතුමා සහ පිරිස සදහටම දැයෙන් සමුගන්නා ලදී.

    රටට, ජාතියට ආගමට මහත් සේ ආදරය කළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව අභීත සෙන්පතියාණෝ ඇතුළු පිරිස සිහිපත් කර එතුමාගේ දයාබර බිරිඳ ඇතුළු දූදරු පිරිස අට වැනි දින ඓතිහාසික ලංකාරාම චෛත්‍ය ස්‌ථානයේ පිංකම් රැසක්‌ සංවිධානය කර ඇත. අටවැනි දින දහවල සඟසතු මහා දානමය පිංකමකි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස එදින සවස බෝධි පූජා මය පිංකමකුත්, දිළිඳු පවුල් වෙනුවෙන් වියළි ආහාර බෙදාදීමේ පිංකමකුත් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    මේ පුණ්‍ය ශක්‌තියෙන් එතුමා ඇතුළු පිරිසට උතුම් අමා මහ නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

    * රළපනාවේ ධම්මජෝති නාහිමි
    අනුරාධපුර, ලංකාරාමාධිකාරි
    උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
     

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    කොටා ආ යු ඔල් රයිට්.. මේ වගේ Thread එකක් උබ දාල තිබුනම ඈස් අදහා ගන්න බෑරි උනා කියහන්කො..
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පුණ්‍ය ශක්‌තියෙන් එතුමා ඇතුළු පිරිසට උතුම් අමා මහ නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු