දැයට කිරුළ ප්‍රදර්ශනයට ගෙන ගිය ක්‍රිකට්‌

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දැයට කිරුළ ප්‍රදර්ශනයට ගෙන ගිය ක්‍රිකට්‌

    නුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට්‌ ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ කිහිපයක්‌ අතුරුදන්ව ඇත.

    ප්‍රදර්ශනයට තබා තිබූ මෙම 96 ලෝක කුසලාන රැගෙන යන අවස්‌ථාවේ එහි දෙපැත්තක තිබූ සුදු රත්තරන් වර්ගයේ ඇණ දෙකක්‌ අතුරුදන්ව ඇති අතර ක්‍රිකට්‌ ආයතනයෙන් රැගෙන යන අවස්‌ථාවේ නොතිබූ සුළු පළුදුවීම් කිහිපයක්‌ද කුසලානයෙන් දැක ගත හැකි බව වාර්තා වේ.

    මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම ජය ගත් තවත් කුසලාන කිහිපයක්‌ද මෙම ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස්‌ ඇති අතර එම ඇතැම් කුසලානවල අඩංගු විවිධ කොටස්‌ කැඩී බිදී ගොස්‌ තිබේ. ඇතැම් කුසලාන කිහිපයක තැළීම්ද සහිතව දැක ගන්නට හැකි බවද වාර්තා වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ කිසිදු නිලධාරියෙක්‌ මේ වන විට දැනුවත් නොමැති බවද වාර්තා වේ.

    අදාළ ප්‍රදර්ශනය සඳහා මෙම කුසලාන භාරව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සේවය කරන සිදත් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත. ඔහු මෙම දින නවයේ ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම සඳහා රුපියල් ලක්‍ෂයක පමණක මුදලක්‌ ලබාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. එම මුදල් ඔහුගේ ඉදුම් හිටුම් සහ කෑම බීම ඇතුළු අනිකුත් දෑ සඳහා වියදම් කිරීම වෙනුවෙන් ලබා ගත් බව වාර්තා වේ.

    wcc.jpg

     
    Last edited:

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    aneeeeeeeeeee oi santhaketama tibbe oya WC witarai ekatath h*kanawane :(
    aiyo oka jathika wasthuwak neda ?
    oke ana dekak nemei mahindayage ata deka galawanna tibbe....