මිහිපිට සුරපුරක් සේ පැවති
දැයට කිරුළ භූමිය අද මෙහෙමයි...
"කළුවර බුරුත සල් - පලුවීර නා කොස් දෙල්
නැදුන් ඈ සුවිසල් - ගස්වලින් යුත් කැලෑවක දුල්"
මෙය පෙරදා පාසල් පංති පොතක පැවැති කවියකි. ඔයාමඩුව සැණකෙළි භූමිය සුරපුරක් සේ බබළවන්නට පෙර මෙවැනි ගහකොළවලින් පිරී පැවැති ඝන වනාන්තරයක් විය. මෙය ඔයාමඩුවේ රජයේ සත්ව ගොවිපළට යාබදව පැවතිණ. මේ මහ කැලයෙන් අක්කර හයසීයක තරම් වපසරියක පිහිටි ගහකොළ දැයට කිරුළ පිහිටුවීම සඳහා සුන්නත්දූවිලි වී ගියේය.
මේ බිම් පෙදෙස සිංහල ජනතාවට සංස්කෘතික වශයෙන් ඉතාමත් වටිනා ඓතිහාසික ප්රදේශයකි. විජය මෙරටට ගොඩබසින ලද යුගයේ මෙරට දේශීය ජනතාවගේ රැජිනිය වූ කුවේණි (මහී-පාලිකාව) සිය රාජධානිය කරගෙන මේ ප්‍රදේශයේ විසූහයි ජනප්රවාදයේ පවතී. දැනට මේ භූමියේ පවත්නා මාරිඅම්මා කෝවිල හෙවත් දේවාලය ඊට හොඳම සාධකයකි. එය කුවේණිය වෙනුවෙන් පවත්වාගෙන යන දෙවොලකි. මේ ප්‍රදේශයේ බොහෝ හාස්කම් පැවතිණැයි ප්‍රදේශයේ ජනතාව අතර මතයක් පැවැති අතර ඒ නිසාම ලීයක්, දණ්ඩක් කපාගැනීමට පවා ජනතාව මේ වන අඩවියට රිංගුවේ නැත. එහෙයින්ම ඝන කැලෑව හොඳින් පරිස්සම් වී තිබිණ.
නමුත් බුල්ඩෝසර්වලට ඒ අණගුණ නැත. රුක් රාජයන් අඟිරි ගාගෙන බිම වැටෙද්දී බුල්ඩෝසරය ඊළඟ ගහමුලට වදී. සියලු වටිනා ගහකොළ යටකරගෙන ගොස් කිසිදු වැඩකට නැති පඳුරු ගස් පමණක් අද ඉතිරි වී ඇත. අද මුළු ප්‍රදේශය පුරා තැනින් තැන පඳුරු ගස් හැරෙන්නට වෙනත් කිසිවක් නැත. සමහර තැනක ඉදිවූ පරිපාලන ගොඩනැඟිලි, බිත්ති නැති දැවැන්ත ගොඩනැඟිලි තුනක්, අහස් යානයක්, ඉන්ධන බෙදාහැරීමේ ඒකකයක් වැනි දැයට කිරුළ ප්‍රදර්ශනයේ සුන්බුන් ඉතිරි වී ඇත.
දැයට කිරුළ භූමියේ පිහිටුවා ඇති ඉන්ධන පිරවුම්හලද පාළුවේ පවතී. දැයට කිරුළ පැවැති දිනවල අසීමිත රාජ්‍ය වාහනවලට ඉවරයක් නැතිව ඉන්ධන ලබාදීමට හිස උස්මක් නැතිව මෙහි කාර්ය මණ්ඩලය වැඩකළ නමුත් දැන් දවසේ වැඩි කාලය නිකං බුම්මාගෙන සිටී. මීට යාබදව කිලෝමීටර් පහක් පමණ දුරින් පේමඩුවේ නිත්‍ය ඉන්ධන පිරවුම්හලක් පවත්නා හෙයින් ඔයාමඩුවට එන්නේ අහම්බෙන් ඉන්ධන හිඟවූ වාහනයක් පමණි. ඔයාමඩුවේ පාළුවත් සමග තව ටික දිනකදී ඉන්ධනහල ඉගිල්ලී යනු ඇත.
බිත්ති ආවරණයක් නැතිව බිමට සිමෙන්ති දමා ඇති වහළයට සෙවිලි තහඩු දැමූ දැවැන්ත ශාලා තුනක් ප්‍රදර්ශන භූමියේ පවතී. සැලසුම්කරුවන් කියන්නේ මේ ගොඩනැඟිලි වී ගබඩා ලෙස යොදාගත හැකි බවය. මේ එක් ගොඩනැඟිල්ලක වී මෙටි්රක් ටොන් 9,000 ක් ගබඩා කළ හැකි බව පැවසේ. ඔයාමඩුවද ඇතුළත් වන මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් කන්නයක වී නිෂ්පාදනය මෙටි්රක් ටොන් නවදහසකට වඩා ඇති බව වාර්තා වේ. ඒ අනුව මහවිලච්චිය ප්‍රදේශයේ වී ගබඩා කිරීමට මෙයින් එක් ගොඩනැඟිල්ලක් ප්‍රමාණවත් වේ. අනෙක් ගොඩනැඟිලි දෙක නිශ්ඵල නොවීමට නම් වී නිපදවන කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව වැනි ප්‍රදේශයක සවිකළ යුතුය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවල වී මෙම ගබඩාවලට ගෙන ආ හැකි නොවේදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. නමුත් අනුරාධපුරයේ සිට ඔයාමඩුවට කිලෝමීටර් 28 ක් දුර පවතී. මෙතරම් දුරක් වී ප්‍රවාහනයේදී ඒ සඳහා වැයවන ප්‍රවාහන ගාස්තු ගැන බලන විට වී වල මිල වැඩිවීමට එයත් එක් හේතුවක් වනු ඇත. මේ නිසා අනුරාධපුරයේ වී ගබඩා කිරීමට ඔයාමඩුවට ගෙන ඒම තවත් වියදම් වැඩිකර ගැනීමකි.
මහවිලච්චියේ වී ගබඩා කිරීමට වුවත් මේ දැවැන්ත අනාවරණ ශාලා සුදුසු නැත. එසේ නම් හතර වටේ බිත්ති ආවරණ යෙදිය යුතුය. එසේ නොවුවහොත් සිදුවන්නේ වැස්සට, සුළංපොදට, පින්නට වී තෙත බරවී ඒවායේ පුස් හැදී වී දිරාපත් වීමය. එමෙන්ම වී තොග අනාවරණව පවත්නා හෙයින් ඔයාමඩුව එළිපෙහෙළි කිරීමෙන් උන්හිටිතැන් අහිමිවී වියරු වී සිටින අලි ඇතුන් රංචුපිටින් පැමිණ ගබඩා ටික දවසට දෙකට හිස්කර දමනු ඇත. "වී" අලින්ගේ ප්‍රියමනාප ආහාරයක් බව රජරට උදවිය දනිති.
හැම අමාත්‍යාංශයක්ම, හැම දෙපාර්තමේන්තුවක්ම ඔයාමඩුව භූමිය තුළ ප්‍රදර්ශන ශාලා ඉදිකර ගෙන ඔවුනොවුන්ගේ හපන්කම් ජනාධිපතිතුමන් ඇතුළු ජනතාවට පෙන්වීමට මහත් කැපකිරීමක් කරමින් රජයේ මුදල් ලෝභ නැතිව වියදම් කර තිබිණ. සමහර ප්‍රදර්ශන ශාලා සහ කුටි ගරු ගාම්භීර ලෙස දර්ශනීය ලෙස නිම කරන්නට රුපියල් ලක්ෂ කෝටි ගණනින් මුදල් නිර්ලෝභීව වැයකර තිබිණ. මේවායේ ඉදිකිරීම් කටයුතු සහ අධීක්ෂණ කටයුතු සඳහා ඒ ඒ අංශවල, අමාත්‍යාංශවල, දෙපාර්තමේන්තුවල නිලධාරීහු අනුරාධපුරයේ හෝටල්වල පැල් බැඳගෙන සති දෙක තුන ගතකළහ. දැයට කිරුළ ප්‍රදර්ශනය ආසන්න වෙත්ම අනුරාධපුර එකම හෝටලයක වත් කාමර නිදහස්ව නොතිබිණ. මෙය එක්තරා විදිහකින් රාජ්‍ය නිලධාරීන්ට විනෝද සමයක් සේම රජයේ වියදමින් යෑපීමට ඉඩ ප්‍රස්ථාව ලත් සැණකෙළියක්ද විය. සමහර අමාත්‍යාංශවල සහ දෙපාර්තමේන්තුවල ඇතැම් නිලධාරීහු තවමත් යෑපීම් දීමනා ගමන් ගාස්තු ආදී අයපත් සකස් කරමින් සිටිති. මෙවැනි දේ සඳහා සමහර නිලධාරීන්ට රුපියල් ලක්ෂය හමාර ලබාගත හැකි විය. මේ සියලුම දේ බඩු මිල වැඩිකරමින් රජය උපයා ගන්නා බදු මුදල්ය. එක් ඉහළ මට්ටමේ නිලධාරියකු දැයට කිරුළ උළෙලට පළඳින්නට ගත් සපත්තු සඟල කොළඹ නිවහනේ අමතක වී එන්නට සිදුවීම නිසා නැවත වරක් අනුරාධපුරයේ සිට සිය නිල වාහනය කොළඹට යවා පාවහන් සඟල ගෙන්වාගත් බවට රසවත් කතාවක් ඒ දිනවල දැයට කිරුළ බිමේ පැතිරෙමින් පැවතිණ. ඇතැම් නිලධාරීන් දැයට කිරුළ සමයේ රජයේ මුදල් සමග පෙම්කෙළියේ කජු ඇට, කොස් ඇට ගාණටය. මෙසේ රුපියල් කෝටි ගණනක් වියදම් කොට තැනූ ප්‍රදර්ශන කුටි සියල්ල කාඩ්බෝඩ් නිර්මාණ මෙන් පෙබරවාරි 15 පමණ වන විට ඒ ඒ අයිතිකරුවන් විසින් ගලවාගෙන ගොස් ඇත. ඇත්තටම ඒවා නිකම්ම නිකං කාඩ්බෝඩ් වැඩය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඇස් බැන්දුම් වගා කීපයක් පමණක් තවමත් ඔයාමඩුව ප්‍රදර්ශන භූමියේ ඇත. මනාල ඇඳුම් ගලවා දමා පුරුදු ඇඳුමට වැටුණු තරුණියකගේ වුවත් ප්‍රියමනාප බවක් දකින්නට ඇත. නමුත් වනගහනයෙන් හා සතා සීපාවන්ගෙන් පිරීපවතිමින් ඔයාමඩුවේ එදා ඇතිකළ ස්වභාවික සුන්දරත්වය අද එහි දකින්නට නැත. අද ඇත්තේ පාළු සොහොන් පිටියක දැක්මක් පමණි.
"දැයට කිරුළ" බිමට යොදාගෙන ඇත්තේ අක්කර 600 කි. මේ ප්‍රදේශය පිහිටා ඇත්තේ අනුරාධපුරයේ එක් පැත්තකට වන්නට බටහිර පෙදෙසේය.
අනුරාධපුර දිස්ත්‍රික් මධ්‍යයේ මහඉලුප්පල්ලම භෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය පිහිටා තිබේ. මෙහි විවිධ ගොඩනැඟිලිවලට අමතරව නිල නිවාස පමණක් 300 ක් පමණ ඇත. හැම නිල නිවාසයකටම වාහනවලින් යා හැකි මාර්ග තිබේ. ආයතනයේ ජල විදුලි පහසුකම් තිබේ. ඉඩම අක්කර 1,500 ක් පමණ පවතී. මහඉලුප්පල්ලම ප්‍රජා ගුවන්විදුලිය යොදාගෙන සන්නිවේදන කාර්යය කරගත හැකිය. මුළු ඉඩම වටා ගොඩනැඟිල්ලෙන් ගොඩනැඟිල්ලට යා හැකි පරිදි මාර්ග පහසුකම් ඇත. මේ ආයතනය පිහිටා ඇත්තේ අනුරාධපුර - කොළඹ සහ අනුරාධපුර - මහනුවර මාර්ගය අසබඩය.
මෙම ආයතනයම "දැයට කිරුළ" වෙනුවෙන් යොදා ගත්තේ නම් "දැයට කිරුළ" භූමිය සකස් කිරීමට වැයවූ මුදලින් 10 % ක් වත් වැයවන්නේ නැත. එසේම එක් එක් අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල ප්‍රදර්ශන කුටි සකස් කර ගැනීමට වැය කරන ලද රුපියල් ලක්ෂ ගණන් මුදල් සියල්ලම ඉතිරිකරගත හැකිව තිබිණ. මක්නිසාද මේ ආයතනයේ පාරවල් ඇති, විදුලිය ඇති, ජලය ඇති, වැසිකිළි ඇති, නිල නිවාස පමණක් තුන්සියගාණක් හිස්ව පවතින හෙයිනි. මේවායේ සුළු සුළු අලුත්වැඩියාවන් නිමකොට නවීකරණය කළේ නම් මේ ගොඩනැඟිලි සමූහය ආයතනයේ ප්‍රයෝජනයට හැමදාමත් පවතී.
මෙතරම් සුවිශාල පහසුකම් ඇති, ඉතාම අඩු වියදමකින් සියල්ල නිම කරගත හැකි මහඉලුප්පල්ලම රජයේ භෝග සංවර්ධන හා පර්යේෂණ ආයතනය බලධාරීන්ගේ ඇස නොගැසුණේ අපේ අවාසනාවටය. මක්නිසාද දැයට කිරුළේ බිම සකස් කිරීමට හා ප්‍රදර්ශනය සැලසුම් කිරීමට වැය කරන ලද සියලු මුදල් සම්භාරය අප විසින් ගෙවන බදු මුදලින් එකතු කරගත් මුදල් වන බැවිනි. ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනය රජයේ අවශ්‍යතාවට මුවා වී ඇතැම් නිලධාරීන් දිනාගත් කෙළි සෙල්ලමක් හැටියට සමහරු හඳුන්වති.
එප්පාවල -
රත්න බී. ඒකනායක, මහවිලච්චිය -
සමන් කුමාර
මේ කාලකන්නි සක්කිලි ආණ්ඩුව මේ මෝඩ චූන් සැණකෙළි තියලා කාබාසිනියා කරන්නේ මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි. මේ සැණකෙළියට යොදවපු සල්ලි ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල්, ලයිට් නැති ගමකට ලයිට්, පාරක් තොටක්, පාලමක් නැති තැනකට යෙදෙවොත් මොකද වෙන්නේ?