දැරියක් නිරුවත් කර වීඩියෝකර අන්තර්ජාලයට

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දැරියක් නිරුවත් කර වීඩියෝකර අන්තර්ජාලයට

    දහ හතර හැවිරිදි දැරියක් නිරුවත් කොට වීඩියෝගත කර එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරියේ යයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ රඳවා සිටි සැකකරුවෙකුට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය.

    ඇප නියම කරනු ලැබුවේ දැඩි කොන්දේසි සහිතව රුපියල් දසදහසක හා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇප මතයි.

    සැකකරු සෑම මසකම දෙවැනි ඉරිදා දිනයන්හි පෙරවරුවේ කොළඹ ළමා ආරක්ෂණ අධිකාරිය ඉදිරියේ පෙනී සිටීමටද නියම කර ඇත.

    පැමිණිලිකාර පාර්ශවය කිසිම බලපෑමක් තර්ජනයක් කළහොත් ඇප අවලංගු කොට නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් භාරයේ රඳවා තබන බවද අධිකරණය කියා සිටියේය.

    ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



    එළකිරියේ අපේ අය ද බොලව්