දැරියක්_දූෂණය_කර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දැරියක්_දූෂණය_කර

මංගලලාට රාජිතලාට පන්සල් තහනම් කළ සිවුරුකාරයා දැරියක් දූෂණය කර වසර 7 කට හිරේ ගිය එකෙක් පමණක් නොව ගණිකාවන් රඟදෙන ගෙස්ට් හවුස් 2 ක්ද පවත්වාගෙන යන තක්කඩියෙක්..!





Pahalagama-Somarathana.jpg



මංගල, රාජිත සහ චතුර සේනාරත්න තිදෙනා ගම්පහ කිසිදු විහාරස්ථානයකට ඇතුළු කර නොගැනීමට ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලය තීන්දුවක් ගත්තේ යැයි පසුගියදා ප්‍රකාශයට පත් විය. මංගල ලා රාජිතලා මහා සංඝරත්නයට අපහාසකරන්නේ යයි කියා මෙම තීන්දුව එකී බලමණ්ඩලයේ නායක පහළගම සෝමරතන හිමියන්ගේ මූලිකත්වයෙනි. එම තීන්දුවෙන් පසු අදහස් දැක්වූ සෝමරතන හිමි කියා සිටියේ ඉදිරියේදී අනෙක් විහාරස්ථානද මංගලලාට රාජිතලාට ඒ හා සමාන දණ්ඩනයන් පනවනු ඇති බවයි. නමුත් සිදුවූයේ වෙනකකි. ඇත්තටම සිදුවූයේ මංගලලාට රාජිතලාට පන්සල් වැසීයාම නොව මෙකී තහනම පැනවූ පහළගම සෝමරතන සිවුරුකාරයා කුඩා දැරියක දූෂණය කොට වසර 7 ක් හිරේ ගිය තක්කඩියෙකු බව යලිදු මතක් වීමය. ඔහු ළමා දූෂකයෙකු පමණක් නොව ගණිකාවන්ගේ තිප්පොලවල් වන ගෙස්ට් හවුස් 2 ක් පවත්වාගෙන යන දූෂිතයෙකු බවද ලංකා ඊ නිව්ස් එකල වාර්තා කර තිබේ.


සෝමරතන තක්කඩියා කළ අපරාධය පිළිබඳ 2012 ජුනි 01 දා ලංකා ඊ නිව්ස් පළ කළ වාර්තාව මෙසේය.


ලාංකික දැරිය දූෂණය කළ ලන්ඩන් තේම්ස් විහාරාමාධිපති සෝමරතන හත් වසරක් හිරගෙට..!

(ලංකා ඊ නිව්ස් -2012.ජුනි.01, ප.ව. 11.30) බාල වයස්කාර ලාංකික දැරියකට ළමා අපචාර කිරීමේ චෝදනාවට වරදකරු කළ ලන්ඩනයේ ක්‍රොයිඩන්හි තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති පහලගම සෝමරතන චීවරධාරියාට ලන්ඩන් අයිස්ල්වර්ත් ක්‍රවුන් කෝට් අධිකරණය අද වසර 7 ක සිර දඬුවමක් නියම කෙළේය.
සිර දඬුවමට අමතරව පහලගම සෝමරතන නම දින නියමයකින් තොරව ලිංගික අපයෝජකයන් ගේ නාම ලේඛනයට ඇතුලත් කරන මෙන්ද විනිශ්චයකරු නියෝග කළේය. ඒ අනුව මින් මතුවට සෝමරතනට ළමුන් සම්බන්ධ කිසිම කාර්යයකට සම්බන්ධ වීමද තහනම් කෙරේ.

1970 වේ දශකයේ බටහිර ලන්ඩනයේ චිස්වික් පළාතේදී බාල වියේ ශ්‍රී ලාංකික දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා හතරකට සෝමරතන චීවරධාරියා වරදකාරයා බව පසුගිය මැයි මාසයේදී එම අධිකරණය තීන්දු කර දඬුවම් නියම කිරීම අදට දින නියම කර තිබිණ.

පහලගම සෝමරතන චීවරධාරියාගේ වත්මන් වයස අවුරුදු 65 කි. මොහුට විරුද්ධව නඩු වැටෙන බව දැනගත් විට මොහු හීන් සීරුවේ ලංකාවට මාරු වෙන්නට උත්සාහ කළද පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී හීත්රෝ ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනින. පසුව ඇප මත නිදහස ලබා සිටියේ ය.


සෝමරතන චීවරධාරියාට එරෙහිව වසර තිස් ගණනකට පසුව නඩු දැමීමට හේතු වූයේ අතවරයට පත් එකල දැරියක්ව සිටි කාන්තාව සිය පියාට අවනම්බුවක් වෙතැයි යන කාරණය මත පියා මිය යන තුරු ඉවසා සිටීම හේතුවෙනි.

කුඩා කාලයේදී අතවරයට පත්වූ ඇය ශ්‍රී ලාංකික සිංහල බෞද්ධ කාන්තාවක් වන අතර ඇය වර්තමානයේ ලන්ඩනයේ සමාජය ඉහලින් සලකන රැකියාවක නියුක්තව සිටින්නියකි. සිය පියාට තිබූ ආදරය ගෞරවය නිසා ඔහු ජීවතුන් අතර සිටියදී මෙය හෙලිවුවහොත් පියාට එය දරා ගන්නට නොහැකි වනු ඇතැයි සිතා පියා මිය යන තුරුම ඉවසා ගෙන සිට තිබේ. පියා මිය යෑමෙන් අනතුරුව ඇය සෝමරතන චීවරධාරියා ට එරෙහිව නීතියේ පිහිට පැතුවාය.



මෙය ඓතිහාසික නඩු තීන්දුවක් වන්නේ ඒ අනුවය.
මෙම චීවරධාරියා වසර ගණනාවක් මුළුල්ලේ තමන් තේම්ස් විහාරයෙන් හරි හම්බ කළ ධනය යොදවා තම සොහොයුරන් ලවා ගම්පහ මාකේවිට සහ කසගහවත්ත ප්‍රදේශන්හි ගෙස්ට් හවුස් දෙකක් සාදා ව්‍යාපාර කරයි.
මෙම ගෙස්ට් හවුස් ගණිකාවන් සමග සතුටු වීමට කෙටි කාලයකට කුලියට දෙන ස්ථානයන් වේ. 80 ගණන් වලදී කුලී රථ එළවමින් සිටි සොහොයුරන්ට ගෙස්ට් හවුස් සෑදීමට මුදල් වියදම් කළ මෙම චීවරධාරියා බෞද්ධ ජනතාව රවටා ලබා ගත් ධනයෙන් තවත් බොහෝ නීති විරෝධී කටයුතු ලංකාවේ සිදුකර තිබේ. ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවන නිසා ඉන් අපූරුවට ගැලවී සිටියේ ය. ( පැරණි ප්‍රවෘත්තිය නිමයි)


නීතිය නැවිය හැකි නිසා ලංකාවේදී චෝදනා වලින් ගොඩ ගියා..

සෝමරතන හිරේ ගියේ ලන්ඩන් වලදීය. සෝමරතන හිරේ ගියේ එංගලන්තයේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය නිසාය. කෙසේ වුවද ඔහුට එරෙහිව ගොනු වූ බාල අපචාර චෝදනා ගණනාවක් දැන් කරලියට පැමිනෙමින් ඇත . 2007 වර්ෂයේ හැටී සෙනවිරත්න නමින් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භකොට එහි වූ ලමුන් 6 දෙනෙකු අපයෝජනයට ලක් කළා කියාද ඔහුට එරෙහිව චෝදනා තිබී ඇත.

සෝමරතන සමග එකට සිටගත් ගම්පහ දේශපාලකයන්වත් ඔහු මේ තරම් බාල අපචාරකරුවෙකු බව දැන නොසිටියා විය හැකිය . නමුත් ඔහුගේ පැටිකිරිය යළි එලියට පැමිනීමත් සමග ඔහු සමග ඡායාරූප වලට පෙනී සිටි දේශපාලකයන් ගලේ පැහැරූ බළලුන් බවට පත් වී ඇත. මංගලලාට රාජිතලාට පන්සල් තහනම් වීම කෙසේ වෙතත් කුනු කේස් එක යළිත් ජනගත වීම නිසා දැන් උපාසක අම්මලා සෝමරතනගේ පන්සලට නොඑන තත්වයක් උද්ගත වී ඇත . ඉඳහිට අම්මලා එකෙක් දෙන්නෙක් ආවද ඒ කිසිවෙකු කුඩා ලමුන් ‍රැගෙන ඒමෙන් වැලකී සිටී.


මංගලගේ ප්‍රතිචාරය..

මංගල යනු සාමාන්‍යයෙන් පන්සල් දේශපාලනයේ මෙන්ම මළ ගෙවල් දේශපාලනයේ ද යෙදෙන්නෙක් නොවේ. නමුත් ඔහු සතිපතා මහජන දිනයට මාතර ගොස් මහජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්නෙකි. පන්සල් තහනම මංගලට නම් කිසිදු ප්‍රශ්නයක් නොවන අතර ඔහු ඒ පිලිබඳ මෙලෙස ට්විටර් පණිවුඩයක් තබා තිබිණ. “ බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගන් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා..” යි ට්විටර් පණිවුඩයේ සඳහන් විය. ඒ සමගම මේ ටික ද ලියා තැබිය යුතුය. මංගල පන්සල් නොගිය ද ඔහු මුදල් ඇමැතිවරයා ලෙස පසුගිය මාස 4 තුල පමණක් ගම්පෙරළිය යටතේ රුපියල් කෝටි 209 ක වියදමින් බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිත ව්‍යාපෘති 4124 ක් ක්‍රියාත්මක කර ඇති බවයි.



තුෂාරා වන්නිආරච්චි
 
Last edited:

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අලුතෙන් ගත්ත ලැපට ජෙනුයින් පොටෝෂොප් දාල කොල්ල වැඩ පටන් අරන් වගේ.