පියා විදේශගතව සිට සීසීටීවී බලා දැරියට පහරදෙනු පැමිණිලි කරලා කුඩම්මා රිමාන්ඩ්
3/10/2023 09:25:00 PM
රාගමදී 17 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ කුඩම්මා යයි කියැවෙන 39 හැවිරිදි කාන්තාවක් රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
අදාළ කාන්තාව දැරියගේ කුඩම්මා වන අතර ඇයගේ පියා විදේශ ගතවී සිටියදී මෙම සිදුවීම සිදුව තිබේ.පියා විසින් නිවසේ සීසීටීවී සවි කර ඇති බවත්, එහි දර්ශන විදේශයක සිට නැරඹිය හැකි බවත් සීසීටීවී කැමරාවල සටහන් වී තිබුණ වීඩියෝව ගැන සිද්ධිය විමර්ශනය කරන ලෙස පියා ඇතුළු කිහිපදෙනෙකු රාගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කර කුඩම්මා අත්අඩංගුවට පත්විය.
සැකකාරිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කර ඇත.

