දැවෙන සිතට ඉන්ධන
සිත් පීඩාවලින් මිදෙන්න සමහර දෙනා ගන්නා ක්‍රියාමාර්ග සිතේ දැවෙන ස්වභාවය වැඩිකරන ඉන්ධන වර්ගයකි.
මූලිකව සිතක දැවීමට හේතුවන දැ තමයි ලෝභය, ද්වේශය, රාගය වගේ දේවල්. එකී හේතු නිසා නිතර රත්වීමට බඳුන්වන සිත දැවෙන විට අප සිටින්නේ අසහනයෙන්, පීඩනයෙන් සහ ආතතියෙනි.
ඔබ තරහින් පිරුණු අවස්ථාවක් සිහියට නඟාගන්න. සමහර විට හිතේ තරහ නැති කරගන්න ඔබ නිවෙසින් මඳක් එළියට යනවා. ඔබේ හොඳම මිතුරියට හෝ මිතුරාට ඔබව පීඩාවට පත් කළ හේතුව පවසනවා. ඇය හෝ ඔහු තව තවත් ඔබේ ද්වේශය අනුමත කරමින් ඔබට වූ අසාධාරණය ගැනම කතා කරනවා.
හොඳ වැඩේ, ඔයා කළේ හරි දෙයක්. මටත් ඔය වගේ අවස්ථාවලදී තරහ යනවා. ඒක අසාධාරණයි. මේ වගේ සංවාදවලින් උපදෙස්වලින් තව තවත් ඔබ තුළ ද්වේශය වර්ධනය වෙනවා.
රාගය නිසා සිතුවිලි කැළඹී ඇතිවිට එය වඩ වඩාත් තීව්ර කරන ගීත රස විඳීම, නිර්මාණ නැරඹීම හෝ එවැනි පොත පත කියවීම නිසා ඔබ තුළ වූ රාග ගින්න පැතිර යනවා.
අප අවට පරිසරය තුළ සිතේ දැවීම වැඩිකරන ඉන්ධන තමයි වැඩිපුර තියෙන්නේ. අප අවට සිටින අයත් මේ දැවීම වැඩි කරවනවා.
නිවන්නේ කෙසේද?
මගේ හිත නිවාගන්නේ කොහොමද? කියලා හුඟක් දෙනෙක් අහනවා. ඒ වාගේම දැවෙන සිත සුවපත් කරන ප්‍රතිකර්ම හොයනවා. සරලම පිළිතුරු ලෙස බොහොමයක් දෙනා ආගමික කටයුතුවල යෙදිලා සහනයක් ලබාගන්න හදනවා. නමුත් නැවත සුළු මොහොතකට පසු පුපුරු ගසන සිතිවිලි නැවත මතුවෙනවා. කෙසේ වෙතත් ආගමානුකූල ජීවිතය සිත නිවාගන්න හොඳ මාර්ගයක්. නමුත් නොදන්නාකම නිසා හුඟක් දෙනෙක් ආගමානුකූල දිවිය වතාවත්වලට පමණක් සීමා වෙලා. ප්‍රතිපත්ති අතින් පිරිහිලා. තමන්ගේ ආගම හෝ ආගමික දර්ශනය තුළ ඇති දැ බුද්ධිමත්ව ග්‍රහණය කරගන්න මේ නිසා අමාරුයි. ඒ නිසාම තාවකාලික පිළියමක් පමණයි ආගමික වතාවත් නිසා ලැබෙන්නේ.
කවුද වැරදි
අපේ ජීවිතවල ඇතිවන පීඩාවන්ට අප හුඟක් දෙනකුට චෝදනා කරනවා. "එයා නිසයි මට තරහ ගියේ, මගෙ දෙයකුයි එයා පැහැර ගත්තේ, එයා මගේ හිත රිදෙව්වා, ඔහු මගේ ඉවසීම නැති කළා.." අප සිතින් දැවෙන විට අපි චෝදනා කරන්නේ අනුන්ට. ඒත් ඇත්තටම කවුද වැරදි. කවුද ඔබේ චිත්ත පීඩාවට වගකිව යුත්තේ.
ඒ ඔබේම සිත මිස අනෙකෙකු නම් නොවේ. නිවැරදි හික්මවා නොගත් සිත ඔබට පීඩා කරනවා. නිසි ලෙස සිත සකස් නොකළ නිසා ඔබ රූකඩයක් බවට පත්වෙලා. ඔබව අඬවන්න, රිදවන්න, කෝප ගන්වන්න අන් අයට පුළුවන්. අන් අයගේ ක්‍රියාව ඔබ නූල්වලින් නැටවීමයි.
සිත නිවන එකම මඟ
සිත සිතුවිලි උපදවන වේගය වැඩිවෙද්දී ජීවිතයට ප්‍රශ්න වැඩියි. මොහොතක් ඔබේ සිත දෙස බලා සිටින්න. සිතුවිලි එකිනෙක යාවී ඇතිවෙන අයුරු ඔබට පෙනේවි.
මෙය භාවනාවට ප්රවේශවීමේ කදිම ක්‍රමයයි. දිනකට මොහොතක් සිතුවිලි ඉපදෙන සැටි බලා සිටින්න. කිසිවිටෙක සිතුවිලි බලෙන් නවත්වන්න හදන්න එපා. ඒවාට ඔහේ ගලාගෙන යැමට ඉඩදෙන්න. සමහර සිතුවිලි ඔබේමදැයි ඔබට ලඡ්ජා සිතේවි. සිතුවිලි මෙතරම් නපුරුදැයි ඔබට සිතේවි.
දෙවනුව සිතුවිලි නිරීක්ෂණය කරමින් ඒවා හඳුනාගන්නට උත්සාහ කරන්න. සිත මත ඇති වූ සිතුවිල්ල රාගයට අයත් එකක් නම් එය හඳුනාගන්න. එය ලෝභය මුල්කරගත් එකක්දැයි හඳුනාගන්න. සමහර විට එය ආදරය මුවාවෙන් පැමිණි රාගික සිතුවිල්ලක් විය හැකියි.
සිතුවිලිවල ඇති විශ්මය ජනක දෙය නම් එය හඳුනාගත් සැණින් අතුරුදන්වීමයි. සිතුවිලි හඳුනාගත් විට එයට තව දුරටත් පැවැත්මක් නැහැ. සිතුවිලි හඳුනාගත් විට ඒවාට පැටව් ගසන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. තමා තුළ ඇති වන සිතුවිලි ගැන සවිඥනික වෙමින් ඒවා හඳුනා ගනිමින් ඔබ භාවනාවේ තවත් පියවරක් ඉදිරියට ඇවිත්.
දැන් ඔබට ඔබේ හුස්ම ගැන සවිඥනික විය හැකියි. බෞද්ධ දර්ශනයේදී එය හඳුන්වන්නේ ආනාපානසතිය ලෙසයි.
එහිදීත් ඔබ තුළට ඇතුළුවන පිටවන හුස්ම දෙස බලා සිටින්න. බලෙන් හුස්ම ගැනීම නොකළ යුතුය.
මෙය එකතැන වාඩි වී කාලයක් ගෙන කළ යුතු දෙයක් නොවේ. ඔබ බස් රථයේ ගමන් කරන විට නින්දට යන විට වාගේම එදිනෙදා වැඩකටයුතු අතර ඔබේ හුස්ම ගැන අවධානය යොමු කරන්න.
එය ඔබේ සිතේ සිතුවිලි ඉපදීම අඩු කරාවි. ඔබව නිරවුල් කරාවි.
ඔබ උයන විට දරුවන්ගේ සැමියාගේ හෝ බිරිඳගේ යුතුකම් කරන විට ඔබේ රැකියාව කරන විට මෙත් සිතිත්ම කටයුතු කරන්න. එවිට මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතයට බද්ධ වේවි. ඔබ කිසිවෙකුට අහිතකර දෙයක් නොකරාවි. ඔබේ වගකීම වංචාවෙන් තොරව ඉටුකරාවි. ඔබේ කාර්යන්වල ඔබ සතුටින් නිරත වේවි. ඔබ පිසින ආහාර සමඟ මෛත්‍රිය මිශ්‍ර කරන්න. ඔබේ දරුවන් වඩාත් නිරෝගිව සහ සුවෙන් වැඩේවි.
ඔබේ ව්‍යාපාරයේ ඔබ මෛත්‍රියෙන් යෙදෙන විට මිනිසුන්ට හිතකර දේ පමණක් ඔබ අලෙවි කරාවි. වැඩි පාරිභෝගිකයන් පිරිසක් ඔබ වෙත ඇදේවි.
මෛත්‍රී භාවනාව කියන්නේ සියලු සත්වයන් සුවපත් වේවා යි සිතමින් එක තැනක හිඳගෙන සිටීම නම් නොවෙයි. ඔබ අවදිව සිටින විටත් ඔබ එදිනෙදා කටයුතුවල යෙදෙන විටත් ඔබ නිදන විටත් මෛත්‍රී සහගත සිතුවිලිවලින් යුතුව සිටීමයි.
දිනකට කිහිපවතාවක් ඔබ කෙදිනක හෝ මිය යන බවට සිහිපත් කළ හැකියි. මෙය මරණානුස්සති නම් භාවනාවයි.
මරණය සිහිපත් කිරීමෙන් ඔබ තුළ ඇති තණ්හාව ලෝභය අඩු වී යනවා. තමා මිය යන බව දන්නා අයෙකු කිසිවිට අනුන්ට අහිතකර දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම තමා සතු දේ දැඩිව ග්‍රහණය කරගන්නේ නැහැ. තවද ජීවිතයේ අහිමිවීම් දරාගන්නට ඇති ශක්තියත් එනිසා වැඩිවෙනවා.
ජීවත්වන අතරතුරම මෙවැනි සරල භාවනාවන්ට සිත යොමු කිරීමෙන් ඔබට දැවෙන ජීවිතය නිවාගන්නට පුළුවනි.
එතැනින් නොනැවතී මරණයෙන් මතු දිවිය ද වාසනාවන්ත කරගන්නට පුළුවන්. එනිසා භව ගමන නවතන භාවනාවට යොමු වී වඩාත් නිවෙන්න.
http://www.navaliya.com/2013/02/11/feature3.html