දෑන් අපි ගෙවන්නේ අපි කලින් කරපුවම තමයි

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    අපි දැන් ගෙවන්නේ මැදමුලෙන නාකි මයිනයි උගේ පවුලයි කරපු වීරක්‍රියා වල ප්‍රතිවිපාක තමා
     
    • Like
    Reactions: elakiriaddict

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    sampurna aththa.habayi rahath unoth witharak neme sowan margaya dekkath berenna puluwan
    සෝවන් උනොත් තව උපරිම ආත්ම 7ක් උපදින්න පුලුවන්. එ අතරෙ ඔය අකුසල් විපාක දෙන්න එන්න පුලුවන්
    ------ Post added on Aug 29, 2023 at 9:49 AM
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,068
    113
    Man wiswasa karanne , giya athmey magulak hinda neme mey athmey kuppa wada nisa thama api fail wenne..

    Hithapan api hondata igena gaththoth api pass wela goda yanawa . Mona hari karala honda jobak set karaganna puluwan.. deyyane kiyala kala inna puluwan..

    Ithin thamun dan karana dey matha thama hama dema
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113



    සෝවන් උනොත් තව උපරිම ආත්ම 7ක් උපදින්න පුලුවන්. එ අතරෙ ඔය අකුසල් විපාක දෙන්න එන්න පුලුවන්
    ------ Post added on Aug 29, 2023 at 9:49 AM

    සොවහන් මාර්ගය දකින විදිය අනුව තමා.සද්ධා සීල වලදී පව පළදෙනවා රහත් උනත්.(විතක්ක,විචාරයේ දී චන්දය මුල් වෙලා මෝහය සුළු වශයෙන් හෝ සකසන නිසා) ප්‍රඥ්ඥ වේදී මේක වෙනස් වෙනවා.විතක්ක විචාරයත් චන්දයත් සම්පුර්ණයෙන්ම අවබෝද (අදිමොක්ෂ)වන නිසා මෝහය සම්පුර්ණයෙන්ම වගේ දුරු වෙනවා.කරන ක්‍රියාවේ පලය තම විපාකය.මට තාම මේවා තේරිලා විතරයි තියෙන්නේ.අවබෝදය කියන්නේ වෙනස් දෙයක්.
     
    Last edited:
    • Like
    Reactions: Emios

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Kalin kiyala deyak nane ban.tiyenne warthamanayk witarane.past present future kiyane mind eken hadana ekak.kalin karapuwa kiyanne me mohothema wena ekak tamai
    මේකට මෙහෙම පැහැදිලි කිරීමක් ලැබුන
    අතීතය කියල දෙයක් තියෙනවද? තියෙනවා ,වර්තමානයේ කරන කරම
    අනාගතය කියල දෙයක් තියෙනවද ? තියෙනවා ,අතීතයේ කල කර්ම පල
    වර්තමානය කියල දෙයක් තියෙනවද ? තියෙනවා අතීතයේ කල කරම පල බුක්තිවීදීම තුල අලුත් කරම කිරීම

    වර්තමානයේ පොල් ගහක් යට ඉඳ ගත්තොත් අනාගතයේ පොල් ගෙඩියක් ඔලුවට වැටෙන්න ඉඩ තියනවා.වර්තමානයේ පොල් ගෙඩියක් ඔලුවට වැටෙන්නේ අතීතයේ පොල් ගහක් යට ඉඳ ගත්ත නිසයි.අතීතයේ විමසිලිමත්ව ගෙඩි නැති පොල් ගහක් යට ඉඳ ගත්තනම් වර්තමානයේ පොල් ඔලුවට වෙටෙන්නේ නැ.ඕක තමා අතීත,වර්තමාන ,අනාගත කාලරුප තුනේ කරම පල බේදය.හිතින් හදා ගත්ත එකක් නෙමේ.වර්තමාන කරන කරම නිවැරදි උනත්.අතීත වැරදි කරම වල පල විදින්න වෙනවා.හැම මොහොතකම වර්තමාන කර්ම නිවැරදිනම් අතීතය නිවැරදි වෙයි.එතකොට ඉබේම අනාගතයත් නිවැරදියි.
     
    • Like
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    මේකට මෙහෙම පැහැදිලි කිරීමක් ලැබුන
    අතීතය කියල දෙයක් තියෙනවද? තියෙනවා ,වර්තමානයේ කරන කරම
    අනාගතය කියල දෙයක් තියෙනවද ? තියෙනවා ,අතීතයේ කල කර්ම පල
    වර්තමානය කියල දෙයක් තියෙනවද ? තියෙනවා අතීතයේ කල කරම පල බුක්තිවීදීම තුල අලුත් කරම කිරීම

    වර්තමානයේ පොල් ගහක් යට ඉඳ ගත්තොත් අනාගතයේ පොල් ගෙඩියක් ඔලුවට වැටෙන්න ඉඩ තියනවා.වර්තමානයේ පොල් ගෙඩියක් ඔලුවට වැටෙන්නේ අතීතයේ පොල් ගහක් යට ඉඳ ගත්ත නිසයි.අතීතයේ විමසිලිමත්ව ගෙඩි නැති පොල් ගහක් යට ඉඳ ගත්තනම් වර්තමානයේ පොල් ඔලුවට වෙටෙන්නේ නැ.ඕක තමා අතීත,වර්තමාන ,අනාගත කාලරුප තුනේ කරම පල බේදය.හිතින් හදා ගත්ත එකක් නෙමේ.වර්තමාන කරන කරම නිවැරදි උනත්.අතීත වැරදි කරම වල පල විදින්න වෙනවා.හැම මොහොතකම වර්තමාන කර්ම නිවැරදිනම් අතීතය නිවැරදි වෙයි.එතකොට ඉබේම අනාගතයත් නිවැරදියි.
    Ow but oka Hithn hadagatta ekak tama.pol gaha kiyanneth hadagatta ekak ne.rupeta ahu una tanama thun kalayata ahu wenawa.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    Ow but oka Hithn hadagatta ekak tama.pol gaha kiyanneth hadagatta ekak ne.rupeta ahu una tanama thun kalayata ahu wenawa.
    විචාරයේ පරාසය වැඩි කරගෙන චන්ද යේ ස්වභාව අවබෝද කර ගන්න
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,060
    113
    විචාරයේ පරාසය වැඩි කරගෙන චන්ද යේ ස්වභාව අවබෝද කර ගන්න
    Eka hari.mn kivve ara thun kalaya kiyana swabawayath patan ganne rupeta ahu wetcha thana.but eka awaboda wenne ne swabawaya adunaganne netuwa
     
    • Like
    Reactions: lankalk

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුරජාණන් වහන්සේගේ සමයේ එක්‌තරා රජතුමෙකුට බුදුරජාණන් වහන්සේට දානයක්‌ පූජා කිරීමට සිතා එම දානය තම සේවකයින් ලවා දානයක්‌ පිලියෙල කර බුදුරජාණන් වහන්සේට පූජා කළේය. එම පිනෙන් රජතුමා මියගිය පසු දිව්‍යමය සම්පත්වලින් අඩුම සම්පත් ඇති චාතූරර්මහා රාජිකයේ ඉපදුණේය. එහෙත් එම දානයම තම දෑතින්ම පිළියෙළ කොට බුදුරජාණන් වහන්සේට පූජාකළ රජුගේ ඇමැතියා එම පිනින් වඩාත් දිව්‍යමය සම්පත් ඇති ඉහළ දිව්‍ය ලෝකයක්‌ වූ තව්තිසා දෙව්ලොව ඉපදුණේය. එකම දානය පූජාකළ දෙදෙනාට ආකාර දෙකක විපාක ලැබීමට හෙතුව භික්‌ෂුන්වහන්සේලා හේතු විමසන ලදී. එය පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ තමාම පිළියෙළ කර බුදුරජාණන් වහන්සේට පූජා කරන දෙයින් වඩාත් පින්සිඳු වන බවය. මෙයින් අවබෝධකර ගතයුත්තේ එකම පුණ්‍යකර්මය කරන සියලු දෙනාටම එකම ඵල විපාක හා ආනිශංස නොලැබෙන බවය. එසේ වීමට හේතු රාශියක්‌ බුදුදහමේ දක්‌වා ඇත.
    උදාහරණයක්‌ ලෙස නිවසක දෙන සාංඝික දානයක්‌ ගනිමු. ගෙහිමියා, බිරිඳ, දූ දරුවන් ඥාතීන් සහ සේවක සේවිකාවන් සාමාන්‍යයෙන් මෙම මහඟු පුණ්‍යකර්මයට සහභාගි වේ.

    1) දානය එකම වුවද මේ එකිනෙකාට ලැබෙන ඵල විපාක හා ආනිශංස එකසමාන නොවේ. ඒ ඔවුන්ගේ සහභාගිත්වය විවිධවනවා සේම ඇතිවන කුසල් සිත්ද වෙනස්‌ වන


    නිසාය. දානමය කුසලයක නම් එහි ඵල විපාක හා ආනිශංස දානයට පෙර සංවිධානයේදී ඇතිවන පූර්ව චේතනාද දානය පිරිනමන අවස්‌ථාවේදී ඇතිවන මුඤ්චන චේතනාවද දානයට පසුව දක්‌වන අපර චේතනාවද මත රඳා පවතී. දානය දීමේ මූලික අදහස්‌ ඉදිරිපත්කර තමාගේම වුවමනාවෙන් ඉදිරිපත්වී වෙහෙස මහන්සි වී තම මුදල්ද වැයකොට දානය දීමේ කටයුතු කරන ගෙහිමියාට ලැබෙන දානමය ආනිශංස හා පල විපාක වැඩිය.
    දානය යනු තමන් සතු දෙය නිර්ලෝභිව පූජා කිරීමය. මෙහි කුසල් ගෙහිමියාට වැඩිවන්නේ එම නිසාය.
    එයට හොඳම උදාහරණය වන්නේ කොසොල් රජතුමා දුන් අසදෘශ දානයයි. මෙම දානය දීමේ මූලික අදහස ඇතිවූයේ කොසොල් රජතුමාටය. කෝටි සංඛ්‍යාත ධනයක්‌ වැය කළේ කොසොල් රජතුමාය. එහෙත් එම දානයේ සියලු කටයුතු කළේ මල්ලිකා දේවියයි. එහෙත් ඇයට වඩා වැඩි පිනක්‌ කොසොල් රජතුමාට ලැබිණි. ආමිශ දානයක වැඩිම පින ලැබෙන්නේ තම ධනය නිර්ලෝභිව වියදම් කරන පුද්ගලයාටය.
    මේ බව හොඳින් දැන සිටි දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේදී එම සෑයට ගඩොලක්‌ තැබූ භික්‌ෂුන් වහන්සේ නමකට පිරිකරක්‌ යවා ගඩොල අස්‌කර තමාගේම ගඩොලක්‌ තැබීමට කටයුතු කළේ එම නිසාය.
    2) දානය සැලසුම් කර සංවිධානය කරන අයටත් අමතර කුසලයක්‌ ලැබේ. ඒ සංවිධානයේදී කය, වචනය හා සිත යන තුන් දොරින්ම කුසල් සිදුවන නිසාය. දානය ගැන සිත සිතා සැලසුම් කිරීම විශාල පිනක්‌වේ. දානය පිළියෙල කිරීම දානය බෙදීම ආදී අවස්‌ථාවලදී මුඤ්චන චේතනාව නිසා අමතර කුසළ් ඇතිවීමට හේතු කාරක වේ. දානය දීමෙන් පසුව ඒ ගැන පසුතැවිලි නොවී කුසසය ගැනම සිතීමෙන් තව තවත් කුසල් සිදුවේ. එහෙත් ඒ වියදම ගැන ශෝක වුවහොත් පසුතැවිලි වුවහොත් අකුසල් සිදුවේ. මේ අනුව එකම දානයමය පුණ්‍ය කර්මයකට සහභාගි වන පුද්ගලයින්ගේ තුන් දොරින් සිදුවන ක්‍රියාදාමය එකිනෙකට වෙනස්‌ බැවින් ඔවුන් එකිනෙකාට ලැබෙන ඵල හා ආනිශංස ප්‍රමාණයද එකිනෙකට වෙනස්‌ වේ.
    යම්කිසිවෙක්‌ යම් කුසල කර්මයක්‌ සිදුකරනවිට එහි විපාක ඇති වන්නේ එම පුද්ගලයාට ඇතිවන කුසල් සිත් අනුවය. කාමාචර පුද්ගලයින් වු අපට ඇතිවන කුසල් සිත් ප්‍රමාණය අටකි. මෙම කුසල් සිත් අට ඇතිවන්නේ දාන, ශීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ධම්මසවන, ධම්ම දේශණා සහ දිට්‌ඨිඡ්ජුකම්මය යන දස පුණ්‍ය ක්‍රියාවන්ට අනුවය. මෙම කුසල් සිත් අට එම කුසලය කරනු ලබන්නේ සිතේ ඇතිවන සතුටකින්ද (සෝමනස්‌ස සහගත) නැතහොත් උපේක්‌ෂා සහගතවද යන කාරණය උඩ හතට බැගින් යුත් කොටස්‌ දෙකකට බෙදේ. මෙම කොටසක්‌ද කුසලයේ ආනිසංස දන්නේ නම් ඥණ සම්ප්‍රයුක්‌ත ලෙසද ආනිශංස ඵල විපාක නොදන්නේ නම් ඥාන විප්‍රයුක්‌ත යනුවෙන් නැවත කොටස්‌ දෙකකට බෙදේ. ඒ එක කොටසක්‌ද තමාගේ කැමැත්තෙන්ම හෝ අනුන්ගේ බලපෑමකින් තොරව කරන්නේ නම් අසංකාරික ලෙසද වෙනකුගේ ඉල්ලීම හෝ බලකිරීමක්‌ මත සිදුකරන්නේ නම් සසංකාරී ලෙසද යනුවෙන් කොටස්‌ දෙකකට බෙදේ.
    මේ අනුව කුසල් සිත් අටකි. දසකුසලය සඳහාම ඇතිවන බැවින් සිත් සංඛාව අසූවකි. මෙසේ විවිධ අයුරින් හටගන්නා කුසල් සිත්වල ප්‍රබල දුබලභාවය ඒ ඒ සිත් සෑදීමට එකතුවන්නාවූ චෛතසික හෙවත් සිතිවිලි අනුව වෙනස්‌ වේ. මෙවැනි චෛතසික පනස්‌දෙකක්‌ ඇති අතර කුසල් සිත් සඳහාම උපයෝගි වන්නාවූ චෛතසික විසිහතරකි. ඒවා ශෝබන චෛතසික ලෙස හැඳින්වේ. මේ විසිහතරම සෑම කුසල් සිතක්‌ම සඳහාම උපයෝගි නොවන අතර ඒ ඒ ප්‍රමාණයන් මත ගුණාත්මකභාවය අනුව කුසල් සිතේ ප්‍රබලත්වය රඳා පවතී. එම නිසා එකම පුණ්‍යකර්මයට සහභාගිවන එක්‌ පුද්ගලයාගේ කුසල්සිත් සිත්වල ප්‍රබලතාවය එකිනෙක හාත්පසින්ම වෙනස්‌ නිසා ඵල විපාක හා ආනිශංස එකිනෙකෙට වෙනස්‌ වීමට මෙයද හේතු කාරක වේ.
    එකම පුණ්‍යකර්මයෙන් සමාන ඵල විපාක නොලැබෙන තවත් එක හේතුවක්‌ වන්නේ පුද්ගලයා සතු ප්‍රඥාවයි. මෙයට දැක්‌විය හැකි හොඳම උදාහරණයක්‌ වන්නේ අග්‍රශාවක සාරිපුත්ත මහතෙරුන් වහන්සේ සහ මුගලන් මහතෙරුන් වහන්සේය. මේ දෙදෙනාම ගිහිගෙයි වාසය කරද්දී අඹයාළුවෝය. දෙදෙනාම සංජය නම් පිරිවැජියා ළඟ තපස්‌ රැකියේ එකටය. සාරිපුත්ත සංජය පිරිවැජියාගේ ධර්මයෙන් නිවන් අවබෝධ කළ නොහැකි බව තේරුම්ගෙන විමුක්‌තිය සොයා යන විට අස්‌සජී මහරහතන් වහන්සේ හමුවිය. උන්වහන්සේගේ සංවර පෙනුම ගැන පැහැදී ඔහුගේ ශාස්‌තෘවරයා කවුරුන්දැයි ඇසූවිට අස්‌සජී තෙරුන් පහත සඳහන් ගාථාව කීය.
    යේ ධම්මා හේතුප්පභවා
    තේසං හේතු තතාගතෝ හේතු
    තේසං චයෝ නිරධෝ ආහ
    ඒවං වාදි මහා සමණෝ
    .
    මෙම ගාථාවෙන් අර්ධයක්‌ අසත්ම සැරියුත් හමි සෝවාන් විය. එම ගාථාවම සෝවාන් වූ සැරියුත් රහතන් වහන්සේම සිය හිතමිත්‍ර කෝලිතට දේශනා කරනවිට ඔහු සෝවාන්වූයේ සම්පූර්ණ ගාථාවම ඇසුවිටය. සැරියුත් මහතෙරුන් මුල්පදය ඇසීමෙන්ම සෝවාන්වූයේ උන්වහන්සේ තුළවු මහා ප්‍රඥාව නිසාය. බුදුරජාණන් වහන්සේ හැරුනවිට මෙලොව බිහිsවූ මහා ප්‍රඥාවන්තයා වූයේ සැරියුත් මහරහතන් වහන්සේය. කෝලිය - උපතිස්‌ස දෙදෙනාම කළේ එකම පුණ්‍යකර්මයය. සවන් දුන්නේ එකම ගාථාවකටය. විපාක ලැබුවේ දෙවිදියකටය. ඒ ප්‍රඥාවද පුණකර්මයේ ඵල විපාක වලට බලපාන බවට සාධකයකි.
    ප්‍රඥාව යනු යම් ධර්මයක ස්‌වරූපය අවබෝධකර ගන්නා නුවණයි. අමෝහය සහ ඥානය යනු මෙයට සමාන අර්ථයන් සේ දෑක්‌විය හැක. මෙය කුසල් සිත් ඇතිකිරීමට සිතට උදව්වන චෛතසිකයකි. ප්‍රඥාවන්තයාට ප්‍රබල කුසලයන් ලැබෙනුයේ ඔවුන්ගේ අමෝහය සහ ඥාණ සම්ප්‍රයුක්‌තභාවය නිසාය. කුසලයන් උත්පාදනය වනුයේ කුසල මූලයන් තුනක්‌ මූලික කරගෙනය. එනම් අලෝභය, අද්වේෂය හා අමෝහයයි. යම්කිසි අරමුණක්‌ ගන්නාවිට එම අරමුණ තත්ත්වාකාරයෙන් දැන ගැනීමට නොපිළිවන්වන අයුරින් සිත අපැහැදිලි කරන අඳුරුකරන ස්‌වභාවයට මෝහය යයි කියනු ලැබේ. මෙහි ප්‍රතිවිරුද්ධ අරමුණ පැහැදිලි කර යථාවබෝධයෙන් අරමුණ කරා යොමුකර සිත පිරිසිදුකර ඒකාලෝකකර සිත පහන්කරන තත්ත්වය අමෝහයයි. එම නිසා අමෝහය හෙවත් ප්‍රඥාවෙන් ඇතිකරගන්නා සිත් ප්‍රබලය. ඒවා සෑම විටම අසංකාරීය. අසංකාරී කුසල් සිත් සසංකාරී කුසල් සිත්වලට වඩා ප්‍රබලය. එසේම අමෝහයෙන් යුක්‌ත තැනැත්තාගේ ප්‍රඥාවන්තභාවය නිසා ඔවුන්ගේ ඥාණ සමුප්‍රයුක්‌තයෙන් යුක්‌තය. ඥාණ සම්ප්‍රයුක්‌ත කුසල්ද ඥාණවිප්‍රයුක්‌ත කුසල්වලට වඩා ප්‍රබල බැවින් ප්‍රඥාවන්තයා කරන කු=සල්වල ඵල විපාක හා ආනිශංස වැඩිය. ඒ අනුව එකම පුණ්‍යකර්මය කරන පුද්ගලයන්ගෙන් ප්‍රඥවන්තයාට ලැබෙන කුසලය ප්‍රබලවේ.
    එකම පූණ්‍යකර්මය වුවද කැප කිරීම වැඩි පුද්ගලයාට වැඩි ඵල විපාක ලැබීමට හේතුවේ. උදාහරණයක්‌ ලෙස මල් පූජා කිරීම ගනිමු. මල් පූජා කිරීමෙන් මහා ආනිසංස ලැබෙන බව බුදුදහමේ සඳහන් සුමන මාලාකාරයාගේ කථාවෙන් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩවසන සමයේ දිනක්‌ භික්‌ෂුන් වහන්සේලා පිරිවරාගෙන පිඬුසිඟා වඩිමින් සිටිසේක. එකල බිම්බිසාර රජතුමාට මල් සපයන සුමන නම් මාලාකාරයා රජතුමා වෙත මල් ගෙන යන අතරමගදී පිඬුසිඟා වඩින බදුqරජාණනන් වහන්සේ දැක සිත පිනාගොස්‌ බුදුන්ට පිදීමට දෙයක්‌ නොමැතිව රජතුමා දෙන දඬුවමක්‌ දුන්නාවේ යෑයි සිතා රජතුමාගේ මල්වලින් මිටක්‌ බුදුන්ට පිදීය. එම මල් බුදුරජාණන් වහන්සේ වටා වියනක්‌ මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යයෙන් පුදුමයට පත් සුමන ඉතිරි මල් ටිකද බුදුන්ට පූජා කළේය. පෙර මෙන්ම ඒ මල් සියල්ලම බුදුන් වටා වියනක්‌ මෙන් පිහිටියේය. මෙම ආශ්චර්යය දුටු ජනයා සාදු නද දෙමින් ඝෝෂා කරන්නට වූහ.
    එම පුවත දැනගත් බිම්බිසාර රජතුමාද එම ස්‌ථානයට පැමිණ ඒ ආශ්චර්ය දැක ප්‍රීතියට පත්ව සුමන මාලකාරයාට දඩුවම් කරනු වෙනුවට ඇතුන් අට දෙනෙක්‌ද, අශ්වයින් අට දෙනෙක්‌ද, දාසයින් අට දෙනෙක්‌ද, දාසියන් අට දෙනෙක්‌ද, මහාර්ග පළඳනා අටක්‌ද, කහවනු අට දහසක්‌ද, ඉතා රූමත් කාන්තාවන් අට දෙනෙක්‌ද යනුවෙන් ස්‌වර්ෂඨක පරිත්‍යාග කළේය. මෙය දුටු ආනන්ද හාමුදුරුවන් බුදුරජාණන් වහන්සේ අමතා සුමන මාලාකාරයාගේ මෙම ක්‍රියාවේ විපාක විමසීය. එවිට උන්වහන්සේ බුදුqරජුන් මලින් පිදීම මහා පුණ්‍යකර්මයක්‌ බවත් එහි විපාක වශයෙන් සුමන මාලාකාරයා කල්ප ලක්‌ෂයක්‌ කිසිදු දුර්ගතියකට පත්නොවී සුගතියේ ඉපදී සැප සම්පත් විඳ අවසානයේ සුමන නම් පසේබුදු වන බවත් වදාළ සේක.
    ..
    ------ Post added on Aug 30, 2023 at 6:29 AM