එවන් මහා ආනිශංස ලැබෙන මල් පූජා කිරීමේදී තම ගෙවත්තේම හදන මල් නෙළාගෙන ගොස් බුදුහාමුදුරුවන්ට පූජා කිරීම මල් කඩෙන් මල් මිලදීගෙන ගොස් හෝ වෙනත් කෙනකුගෙන් ඉල්ලාගත් මල් පූජා කිරීමට වඩා වැඩි පිනක් ලැබේ. එසේ වන්නේ කෙසේදැයි විමසා බලමු.
බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති අංගුත්තර නිකායේ එන වනරෝපන සූත්‍රය මෙයට පිළිතුරු ලබාදේ. බුදුරජාණන් වහන්සේ ගස් වැවීමේ ආනිශංස වදාරා ඇත. එය මහා කුසල කර්මයකි. ඒ අනුව මල් ගසක් වැවීමද කුසල කර්මයකි. තමාව වවා පෝෂණය කළ ගසකින් මලක් කඩා පූජා කිරීම නිසා පූජාකරන්නාට තව කුසල් ප්‍රමාණයක්‌ද ලැබේ. එසේම මෙම මල් ගස සිටවන පොහොර දාන, වතුර දාන, වල්පැල ගලවා සැප සාත්තු කරන සෑම මෙහොතකම බුදුගුණ සිහිකර කවදා හෝ එහි මල් මල් බුදුන්ට පූජා කරන්නේ යෑයි සිහිකරමින් මල් ගස හදා වඩා ගැනිමේදී තව තවත් කුසල් සිත් රාශියක් ඇතිවේ. එම නිසා ඔහුට ලැබෙන අමතර කුසල් ප්‍රමාණය අති මහත්වේ. මල් කඩයකින් මල් ගන්නා කෙනකුට හෝ අනුන්ගෙන් මල් ඉල්ලාගෙන පුජා කරන කෙනකුට මෙම අමතර කුසල කර්ම නොලැබේ. මල් පූජා කිරීම එකම පුණ්‍යකර්මය වුවද පල විපාක ආනිශංස එකම නොවන්නේ පුණ්‍ය කර්මයට කරන මේ කැප කිරීම මතය.
මේ සියල්ලටම අමතරව කුසලය කරන අවස්‌ථාවේ ඇතිවන කුසල් සිත මතද පල විපාක හා ආනිශංස වෙනස්‌වේ. කමාවර අපට කුසල් සිත් අටක් ඇතිවිය හැකිය. එහි පළමුවැනි කුසල් සිත සෝමනස්‌සසහගත ඥාණසම්ප්‍රයුක්‌ත අසංකාරික සිතය. එහි අසංකාරික බව හා ඥාන සම්ප්‍රයුක්‌ත භාවය ඉහතින් විස්‌තර කරන ලදී. සෝමනස්‌ස සහගත යනු කුමක්‌ද? මෙය කුසල් සිතක ඇති ඉතා වැදගත් කොටසකි. බොහෝ විට මෙය සතුටු සිතින් කරන පින ලෙස සරලව හඳුන්වනු ලැබේ. එහෙත් එය ඊට වඩා ගැඹුරු දහමක් කියා පායි සෝමනස්‌ස සිතක ප්‍රධානම ලක්‌ෂණය වන්නේ අධික ශ්‍රද්ධාවයි. ඒ අනුව සෝමනස්‌ස පුද්ගලයා කුසලයක් කිරීමට අරඹන්නේ මහත් ශ්‍රද්ධාසමපන්නවය. ඊළගට දර්ශණ සම්පත්තියයි. එනම් දර්ශනය නිසා සිතෙහි ඇතිවන සතුටයි. විහාරස්‌ථානයට යනවි විහාරස්‌ථානය පිරිසිදු නම් පරිසරය ලස්‌සන නම් හිතෙහි ඇතිවන සතුටයි. තෙවැන්න සිල්වත් ප්‍රතිග්‍රාහකයින් දැකීමේ සතුටයි. එනම් ගෞරවණීය මහා සංඝරත්නය විහාරස්‌ථානයේ වැඩසිටී නම් ඇතිවන සතුටයි. සිව්වැන්න නිවරැදි ධර්මය දැනගැනීමෙන් ඇතිවන සතුටයි. පස්‌වැන්න කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමේ සතුටයි. සයවැන්න කාල සම්පත්තියයි. සත්වැන්න පීඩා හිරිහැර කරදර නැති බවය. මේ අනුව සෝමනස්‌ස සහගත සතුට යන් නිකම්ම නිකම් සිතේ ඇතිවන සතුට නොවේ. සෝමනස්‌ස කුසල් සිතක් ඇතිවීමට මේ සියල්ල සම්පූර්ණ විය යුතුය.
.
මේ අනුව පුණ්‍යකර්මයක් කිරීමේදී එහි ඵල හා ආනිශංස පුණ්‍යකර්මය කරන පුද්ගලයාගේ ප්‍රඥාව ඇතිවන කුසල් සිත් ප්‍රමානය ඒ සිත්වල ප්‍රබලත්වය කුසලය කර්මයට දරන වීර්යය කැපකිරීම ආමිෂය තමාගේද නැද්ද යන්න ආදී කරුණු රාශියක් මත රඳා පවතින බව පෙනේ