දෑන් අපි ගෙවන්නේ අපි කලින් කරපුවම තමයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එවන් මහා ආනිශංස ලැබෙන මල් පූජා කිරීමේදී තම ගෙවත්තේම හදන මල් නෙළාගෙන ගොස්‌ බුදුහාමුදුරුවන්ට පූජා කිරීම මල් කඩෙන් මල් මිලදීගෙන ගොස්‌ හෝ වෙනත් කෙනකුගෙන් ඉල්ලාගත් මල් පූජා කිරීමට වඩා වැඩි පිනක්‌ ලැබේ. එසේ වන්නේ කෙසේදැයි විමසා බලමු.
    බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති අංගුත්තර නිකායේ එන වනරෝපන සූත්‍රය මෙයට පිළිතුරු ලබාදේ. බුදුරජාණන් වහන්සේ ගස්‌ වැවීමේ ආනිශංස වදාරා ඇත. එය මහා කුසල කර්මයකි. ඒ අනුව මල් ගසක්‌ වැවීමද කුසල කර්මයකි. තමාව වවා පෝෂණය කළ ගසකින් මලක්‌ කඩා පූජා කිරීම නිසා පූජාකරන්නාට තව කුසල් ප්‍රමාණයක්‌ද ලැබේ. එසේම මෙම මල් ගස සිටවන පොහොර දාන, වතුර දාන, වල්පැල ගලවා සැප සාත්තු කරන සෑම මෙහොතකම බුදුගුණ සිහිකර කවදා හෝ එහි මල් මල් බුදුන්ට පූජා කරන්නේ යෑයි සිහිකරමින් මල් ගස හදා වඩා ගැනිමේදී තව තවත් කුසල් සිත් රාශියක්‌ ඇතිවේ. එම නිසා ඔහුට ලැබෙන අමතර කුසල් ප්‍රමාණය අති මහත්වේ. මල් කඩයකින් මල් ගන්නා කෙනකුට හෝ අනුන්ගෙන් මල් ඉල්ලාගෙන පුජා කරන කෙනකුට මෙම අමතර කුසල කර්ම නොලැබේ. මල් පූජා කිරීම එකම පුණ්‍යකර්මය වුවද පල විපාක ආනිශංස එකම නොවන්නේ පුණ්‍ය කර්මයට කරන මේ කැප කිරීම මතය.
    මේ සියල්ලටම අමතරව කුසලය කරන අවස්‌ථාවේ ඇතිවන කුසල් සිත මතද පල විපාක හා ආනිශංස වෙනස්‌වේ. කමාවර අපට කුසල් සිත් අටක්‌ ඇතිවිය හැකිය. එහි පළමුවැනි කුසල් සිත සෝමනස්‌සසහගත ඥාණසම්ප්‍රයුක්‌ත අසංකාරික සිතය. එහි අසංකාරික බව හා ඥාන සම්ප්‍රයුක්‌ත භාවය ඉහතින් විස්‌තර කරන ලදී. සෝමනස්‌ස සහගත යනු කුමක්‌ද? මෙය කුසල් සිතක ඇති ඉතා වැදගත් කොටසකි. බොහෝ විට මෙය සතුටු සිතින් කරන පින ලෙස සරලව හඳුන්වනු ලැබේ. එහෙත් එය ඊට වඩා ගැඹුරු දහමක්‌ කියා පායි සෝමනස්‌ස සිතක ප්‍රධානම ලක්‌ෂණය වන්නේ අධික ශ්‍රද්ධාවයි. ඒ අනුව සෝමනස්‌ස පුද්ගලයා කුසලයක්‌ කිරීමට අරඹන්නේ මහත් ශ්‍රද්ධාසමපන්නවය. ඊළගට දර්ශණ සම්පත්තියයි. එනම් දර්ශනය නිසා සිතෙහි ඇතිවන සතුටයි. විහාරස්‌ථානයට යනවි විහාරස්‌ථානය පිරිසිදු නම් පරිසරය ලස්‌සන නම් හිතෙහි ඇතිවන සතුටයි. තෙවැන්න සිල්වත් ප්‍රතිග්‍රාහකයින් දැකීමේ සතුටයි. එනම් ගෞරවණීය මහා සංඝරත්නය විහාරස්‌ථානයේ වැඩසිටී නම් ඇතිවන සතුටයි. සිව්වැන්න නිවරැදි ධර්මය දැනගැනීමෙන් ඇතිවන සතුටයි. පස්‌වැන්න කල්‍යාණ මිත්‍ර සේවනය ලැබීමේ සතුටයි. සයවැන්න කාල සම්පත්තියයි. සත්වැන්න පීඩා හිරිහැර කරදර නැති බවය. මේ අනුව සෝමනස්‌ස සහගත සතුට යන් නිකම්ම නිකම් සිතේ ඇතිවන සතුට නොවේ. සෝමනස්‌ස කුසල් සිතක්‌ ඇතිවීමට මේ සියල්ල සම්පූර්ණ විය යුතුය.
    .
    මේ අනුව පුණ්‍යකර්මයක්‌ කිරීමේදී එහි ඵල හා ආනිශංස පුණ්‍යකර්මය කරන පුද්ගලයාගේ ප්‍රඥාව ඇතිවන කුසල් සිත් ප්‍රමානය ඒ සිත්වල ප්‍රබලත්වය කුසලය කර්මයට දරන වීර්යය කැපකිරීම ආමිෂය තමාගේද නැද්ද යන්න ආදී කරුණු රාශියක්‌ මත රඳා පවතින බව පෙනේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    squidward-head-shine.gif
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍යරාජ්‍යා ප්‍රමුඛ දේව පිරිසට අභිධර්මය දේශනා කරන අවස්ථාවේදී මුලින්ම බුදුන් වහන්සේ අසුන්ගත් ඉන්දික හා අංකුර දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගෙන් ඉන්දික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ අබියසම සිටියදී මහේශාක්‍ය දෙවිවරුන් අසුන් ගනිද්දී ක්‍රමයෙන් පසුපසට යමින් යොදුන් 12000 ක් ඈතට යාමට අංකුර දිව්‍ය පුත්‍රයාට සිදුවිය. අංකුර දිව්‍ය පුත්‍රයා වසර 12ක් තිස්සේ සියලු වස්තුව යොදා ගනිමින් දන්සැල් පැවැත් වූ අයෙකි. ඉන්දික දිව්‍ය පුත්‍රයාට දෙව්ලොව යාමට ඉවහල් වූයේ රහතන් වහන්සේ නමකට එක් බත් හැන්දක් පමණක් ලැබීමට සැලැස්වීමෙනි.



    ප මොනවා හරි දෙයක් පිළියෙල කරලා දානයක් ලෙස තව කෙනෙකු අතට පත් කළ පමණින් දානයට ලැබෙන මහානිශංසය ලබන්නට බැහැ. ගොවියෙක් ගොවිතැන කරන්නේ ඇයි? සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. සරු අස්වැන්න බලාරොත්තු වන ගොවියා කොතැනක හෝ වපුරල හරි යන්නේ නැහැ. නිසරු බිමක වපුරා සරු අස්වැන්නක් ලබන්නට බැහැ. ගොවියා දක්ෂ වෙන්නඕන සරු කෙත හඳුනාගන්න

    තථාගතයන් වහන්සේ ලොව පහළවන කල්හි කල්‍යාණ මිත්‍රත්වයෙන් සද්ධර්මය ශ්‍රවණයෙන් නිවනට මඟ පාදාගන්න සුදුසුකම් නිර්මාණය කිරීමයි අවසාන ඉලක්කය. ඒ ඉලක්කය උන්වහන්සේගෙන් ඉෂ්ඨ සිද්ධවෙන්න නම් අප මහානිශංස ක්‍රියා පිළිබදව ගැඹුරින් විමසා බලන්න ඕන. අප කරන පින්කම් කොහොම කළත් ප්‍රතිවිපාක ලැබෙන නමුත් එහි අඩු වැඩිකම් තිබෙනවා.

    දානය කියන දේ මහත්ඵල මහානිශංස වන්නේ කෙසේද කියා අප විමසා බැලුවොත් අප ඒ තුළ තිබෙන ගැඹුර නො දන්නේ නම් කුසල් සිතක් පින් සිතක් පහළ නො වුණානම් ඒක ඤාණ විප්‍රයුක්තයි. නුවණින් තොරයි. ඒ නුවණ යෙදුන පින කුසලය හරියට උපමාවකින් පැවසුවොත් නැවත ප්‍රතිවගාව සඳහා බීජ තෝරනවා වගේ. බීජ හැම එකක්ම පැළ සඳහා සුදුසු නැහැ. බීජ ගනයට අප තෝරන්නේ එහි උපරිම සුදුසුකම් සොයා බලමින්. බීජය තුළ යම් ශක්තියක් මෙන්ම යම් බීජමය හැකියාවකුත් අවශ්‍යයි. බීජමය හැකියාව නැති බීජත් තිබෙනවා. අප වී ගත්තොත් බීජ වශයෙන් ගන්න සුදුසු බීජ තිබෙනවා. බීජ වශයෙන් ගන්න බැරි වී තිබෙනවා. බීජ වශයෙන් ගන්න පුළුවන් දෙයින් කාර්යයන් දෙකක් කරන්න පුළුවන්. එකක් එදිනෙදා කෑමට ගන්න පුළුවන්. අවශ්‍ය නම් නැවත වගාවට යොදවන්නත් පුළුවන්. අප දාන, ශීල භාවනා වශයෙන් කරගන්නා කුසලය, පින මේ හැකියාවන් දෙකම සම්පූර්ණ වෙන්න ඕන. බීජමය හැකියාව කියන්නේ ඒ හා යෙදෙන නුවණ. බුදුරජාණන් වහන්සේ මේ අගයන්නේ ප්‍රශංසා කරන්නේ් මේ නුවණ හා යෙදුන ක්‍රියාවටයි. උතුම් පවිත්‍ර මනස හා යෙදුන ක්‍රියාවයි අගයන්නේ.

    තථාගතයන් වහන්සේ මාතෘ දිව්‍ය පුත්‍රයාට බණ කියන්න දෙවි ලොවට වැඩම කළ දවසේ මුලින් ම ඇවිදින් බුදුරජාණන් වහන්සේ අසළ වාඩිවුණේ “අංකුර” හා “ඉන්දික” කියන දිව්‍ය පුත්‍රයන්. ටික වෙලාවකදී බුදුරජාණන් වහන්සේ සුදම් සභාවට වැඩම කළා කියලා දැනගත් සදෙව් ලෝකවාසී මහ දෙව්වරු උන්වහන්සේට වන්දනා කරන්න දකින්නට, බණ අහන්න එන්න පටන් ගත්තා. එවෙලෙහි මේ අංකුර දිව්‍ය පුත්‍රයා එන එන මහේශාක්‍යය දෙවිවරුන්ට ඉඩ දෙමින් පස්සෙන් පස්සට යන්න වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ දැක්කේ මුලින් ඉදිරියේ සිටි කෙනෙක් පිරිස කෙළවරටම ගිහිල්ලා. මෙහි රහස තථාගතයන් වහන්සේ දැන සිටියත් ඔහුගෙන් ම මේ ප්‍රකාශනය කරවා ගතයුතු බැවින් පළමුකොට උන්වහන්සේ විමසුවා අංකුරය, ඔබ සියල්ලටම පෙර මා සමීපයේමයි හිටියේ. එන එන දෙවිවරුන්ට ඉඩ දී ඔබ දැන් ඉන්නේ පිටු පස්සේයි. ඉන්දික තමා සිටි ඉරියවුවේ ම ඉන්නවා. ඇයි එහෙම වුණේ? ඉන්දික මේ වෙලාවේ අංකුර දිව්‍ය පුත්‍රයා සරු කෙත නිසරු කෙත පිළිබඳව හඳුන්වා දීමක් කරනවා. ස්වාමිනි, ඔබ අසල ඉන්න ඉන්දික දිව්‍ය පුත්‍රයා වෙන කිසිවෙක් නොව එදා සැවැත්නුවර සිටිය ඉන්දික දුගියා යි. ඉන්දික දුගියාට දන් දීමට තමා ළඟ කිසිවක් තිබුණේ නැහැ. ඔහු අනුන්ගෙන් යමක් ඉල්ලලායි ජීවත් වුණේ. එදත් පුරුදු විදිහට සිඟමනේ ගියා. එවෙලෙහි ඔහුට යම් කෙනෙක් කෑමට දෙයක් දීමට සූදානම් වුණා. තමාගේ් පතට යමක් බෙදන්න හදනවාත් සමඟ ඒ ළඟ ළඟ ම වඩින අනුරුද්ධ මහරහතන් වහන්සේ දුටුවා. ඉන්දික දුගියා කල්පනා කළා මේ දේ මගේ නො වුවත් මට බෙදන්න ගිය දේ හෝ අනුරුද්ධ මහ රහතන් වහන්සේට පූජා කරන්න ඕන. පෙරත් දන් දෙන්න බැරි වූ නිසා අද දුප්පත් වෙලා. මෙබඳු දුකකට නො වැටෙන්න නම් මෙබඳු පිනක් හෝ කරගන්න ඕනෑයැයි සිතා ගෞරවණීය සිතක් උපදවා ගෙන තමාගේ් නො වුණත් තමාට ලැබෙන්න ගිය දේ අනුරුද්ධ මහ රහතන් වහන්සේට පූජා කළා. ස්වාමිනි ඉන්දික දුගියා කළේ මේ පින විතරයි. එය තමයි මේ සියලු දෙවියන් අතර ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ආධිපත්‍යභාවයට පත්වෙලා ඉන්නේ. එහෙත් ස්වාමිනි, මම එක් දානයක් නොවේ. අවුරුදු විසි දහසක් දවසට ලක්ෂ ගණන් වැය කරමින් මහ දන්සල් පැවැත්වූවා. නමුත් මගේ දානයට එබඳු ආනිශංසියක් ලැබුණේ නැහැ. මට කවදාවත්ම දිට්ඨිසම්පන්න කෙනෙකුට අඩුතරමින් කර්මඵල දන්න නුවණ තිබෙන කෙනෙක් එහෙම නැත්නම් සෝතාපන්න මාර්ගයට හෝ පැමිණි කෙනෙක් මගේ දානයට කවදාවත් ම ලැබුණේ නැහැ. නිසරු කෙතක බොහෝ වපුරපු මට ලැබුණේ අල්ප වූ අස්වැන්නක්ම යි.සරු කෙතේ ටිකක් වපුරපු ඉන්දික දුගියාට මහ අස්වැන්නක් ලබන්න පුළුවන්කම ලැබුණා. මේ සිදුවීම තුළ අප කෙත ගැන කෙසේ සැළකිලිමත් විය යුතු ද? කියා අපට කියා දෙනවා.

    අප වෑයමක් කරලා ලෞකික විපාකයක් ලෙස වුවත්, අංකුර වගේ පස්සෙන් පස්සට යන අල්ප විපාක බලාපොරොත්තු නොවිය යුතුයි. ඉන්දික වගේ ඉදිරියෙන් ඉන්න, හිටි තැන ම ඉන්න දිව්‍යමය වූ ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපතිභාවයෙන් බැබළෙන පින්කම් කළ යුතුයි. මනුෂ්‍යයන් අතරට ආවත් සිව්පස ලබන උත්කෘෂ්ඨ මහ විපාකයන් ලැබෙන ලෙස අප සරු කෙත වපුරා තිබෙන්න ඕන. ඒ නිසා දානමය පින කරනකොට කෙත ගැන සිතන්න විමසන්න. ඒ ටික දැනගත්තේ හඳුනා ගත්තේ් නැතිව ඒ ශාසනය තුළ මහානිශංසදායි මහ පින්කම් කරන්න බැහැ.

    අප මොනවා හරි දෙයක් පිළියෙල කරලා දානයක් ලෙස තව කෙනෙකු අතට පත් කළ පමණින් දානයට ලැබෙන මහානිශංසය ලබන්නට බැහැ. ගොවියෙක් ගොවිතැන කරන්නේ ඇයි? සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන්. සරු අස්වැන්න බලාරොත්තු වන ගොවියා කොතැනක හෝ වපුරල හරි යන්නේ නැහැ. නිසරු බිමක වපුරා සරු අස්වැන්නක් ලබන්නට බැහැ. ගොවියා දක්ෂ වෙන්නඕන සරු කෙත හඳුනාගන්න. සරු කෙත වගේම නිසරු කෙත තිබෙනවා. නිසරු කෙතක වපුරලා සරු අස්්වැන්නක් බලාපෙරොත්තු වුණාට එය සිදුවන්නේ නැහැ. සරු කෙතෙක වැපුරුවොත්නම් සරු අස්වැන්නක් ලබන්න පුළුවන්කම තිබෙනවා. ගොවියා සරු නිසරු කෙත දන්නේ නැත්නම් කොහොමද සරු අස්වැන්නක් ලබන්නේ. වැලි පොළොවේ වැපුරුවාට සරු අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ගල් බොරලු සහිත බිමක වැපුරුවාට, කිරිමැටි පොලවක වැපුරුවාට, ඉක්මණින් දිය සිඳෙන කුඹුරක වැපුරුවාට සරු අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ගොවියාට මේ තැන්වල වපුරන්න පුළුවන්. නමුත් සරු අස්වැන්නක් ලැබෙන්නේ කුඹුර මඩ සහිතනම්, ඇතුළට වතුර ගෙන එන්න පුළුවන් වගේම කැමැතිවිටක වතුර පිට කරන්නත් පුළුවන්නම් එබඳු කෙතක වැපුරුවොත් සරු අස්වැන්නක් ලැබෙනවා.

    දැන් ගොවියා දක්ෂවෙන්න ඕන වපුරන්න සුදුසු කෙත හොයාගන්න. සුදුසු කෙත සොයා නොගත්තත් සරු අස්වැන්න ලැබෙනවා කියන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. බීජ නිසරුනම් සරු අස්වැන්නක් ලැබෙනවා කියන දේ සිදු නොවෙන දෙයක්. දිලීර බැක්ටීරියාවලට ගොදුරුවීමත් සරු අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. එහෙනම් හොඳ බීජ, හොඳ කෙතක වැපුරුවොත් සරු අස්වැන්නක් ලබන්න පුළුවන්. කෙත හොඳ වුවත් බීජ හොඳ වුවත්, ගොවියා අදක්ෂ වුණොත් අනුවණ වුණොත්, නිසි කලට, නිසි කටයුතු කරන්න අසමත් වුණොත් ඒ අනුවණ ක්‍රියාවෙන් ගොවියාගේ් ගොවිතැන සරුවෙන්නේ නැහැ. සරු අස්වැන්න සඳහා ගොවියා නුවණැති වෙන්න ඕන. අනලස් වෙන්න ඕන. නිසිකලට කටයුතු කිරීමට දක්ෂ වෙන්න ඕන. මේ කරුණු තුන එකතු නො වුණොත්, ස්වභාවික විපත් සිදු නොවුණොත් ගොවිතැන සාර්ථක වෙන්න පුළුවනි. දානය ගැනත් බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වූයේ මේ ආකාරයට යි. එතැනත් තිබෙනවා කෙතක්. බීජත් තිබෙනවා. එතැනත් ඉන්නවා ගොවියා.

    මේ සාධක තුන ඒ ආකාරයෙන්ම තියෙනවා. මේ සාධක තුන හඳුනාගෙන යම් කෙනෙක් කටයුතු කරනවානම් එතැන සම්මාදිට්ඨිය පෙරටුකරගත් ගමන්මඟ ක්‍රියාත්මක වෙනවා.
    ------ Post added on Aug 30, 2023 at 7:07 AM