මචන් ඔය දෑවැද්ද කියලා ඉස්සර ඉඳන් ආරෝපනය වෙච්ච අර්ථකතනයෙන් බලනවට වඩා ඕක දිහා සමාජීවයව බලන්න ඕනේ..
උඹට මාසෙට ලක්ෂ 2 පැනලා ස්ථිර ආදායමක් එනවා නම් ඉඩම් දේපළ සල්ලි තියෙනවා නම් ඔය කිසිම මගුලක් බලන්න ඕනේ නෑ කෙල්ලගේ ගති ගුණ හොඳ නම් බඳින්න පුළුවන්. බැඳලා ශපාන් එකේ ඉන්න පුළුවන් ඒකිට බබාලා / ගෙදර වැඩ ටික බලාගෙන..
ඒත් මේ අද තියෙන ආර්ථික රටාව එක්ක කොහොමද බන් ඔහොම එකක් බලාපොරොත්තු නොවෙන්නේ.. ?
කසාදෙදි දෙදෙනාටම යම් කිසි ප්‍රමාණයකින් යම් යම් දේවල් තිබිය යුතුයි... නැත්නම් ඒවා ගොඩ නගා ගන්න උත්සහා කල යුතුයි.. අද කාලේ මූලිකව ඉඩමක් / නිවසක් / වාහනයක්... ඔය 3 නේහ් බලාපොරොත්තු වෙන්නේ.. ඔය 3ම තනියෙන් ඉටු කර ගන්න ගියොත් කොපමණ කාලයක් යයිද... ඒ නිසා දෙදේනාගෙම පැති වලින් මූලිකව දේවල් ටිකක් ලැබෙනවා නම් යම් කිසි දුරකට ඔළුව උස්ස ගන්න පුළුවන්.. නැත්නම් 4 අතේ ලෝන් දාගෙන කිසිම නිදහසක් නෑ... දියුණුවකුත් නෑ...
ඒ නිසා කසාඳ බඳිනකොට හොඳට හිතලා බලලා බැඳපල්ලා... අවුරුදු 25/ 26 න් බඳින ඔය ලහුටු වයසට ඕවා තේරෙන්නේ නෑ.. පරිණත වයසට එද්දී තමා තේරෙන්නේ රඟේ...
කොල්ලට මහගේ තියෙනවා නම් ඌ හම්බ කරලා වණ්ඩියකුත් ගෙනත් තියෙනවා නම් අඩුම ගානේ ගෙදරට ඕනේ ලී බඩු ටික හරි අරන් එන්න කියාපන්.. නිකන් අත් 2 වන වන එන්නේ කියන්නේ නැතුව.. සාලෙට සුදුසු සෙටියක් කෑම මේසයක්/ පුටු 6ක් සහ ඇඳවල් අල්මාරි කණ්නාඩි මේස පිඟන් බඩු මුට්ටු සහ කුස්සියට අවශ්‍යය කළමණාකරන බඩු... ඕවා ටික දම්රෝ එකෙන් ගන්න ගියා නම් ඒවටත් බර ගානක් යනවා...
කෙල්ලයි කොල්ලයි දෙන්නම ජොබ් කරනවා නම් හරි දෙන්නම මාසෙට ලක්ෂේ පැනලා පඩියක් ගන්නවා නම් ගේමක් ගහගෙන යන්න පුළුවන් අර දේවල් ඒ ඒ විදියට ලැබිලා තියෙනවා නම්..
එහෙම නැතුව බැන්දොත් අපා දුකක් විඳින්න වෙන්නේ.. එහෙම දුක් විඳින උන් මම ඇති වෙන්න දැකලා තියෙනවා...

ජිගි ජිගිය මාස 3යි.. ඊට පස්සේ රණ්ඩු සරුවල්...
ඊයේ එකෙක්ට බබෙක් හම්බුනා.. ණය වෙලා ලෝකෙට පේන්න වෙඩිමක් ගත්තා.. කුලී ගෙවල් වල හිටියා.හැමදාම රණ්ඩූ.. බබාලා හැදුවෙත් නෑ මුදල් ප්‍රශ්න නිසා.. තාම ස්ථිර ගෙයක් නෑ.. ඉඩමක් නෑ... ස්කූටි ඔන්ලි.. කෙල්ල ඩිවෝස් වෙන්නත් ගියා... ප්‍රශ්න නිසා දෙන්නා ටික කාලයක් වෙනමත් හිටියා.. ඒ අතරේ සල්ලි තියෙන කොල්ලෙක් මේකිට ඩිවෝස් වෙලා එන්නත් කියලා බාර ගන්න ලෑස්තී කියලා.. ඌ ඇන්නා කියලත් ආරන්චී... (ජොබක් කරලා හම්බ කරන කෙල්ලෝ දෙකට නැමෙන්නේ නෑ.. ගේම නම් ගේම.. ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න කෙල්ලොන්ට ඉතින් ආදායමක් නෑනේ.. ඉතින් වැටිලා ඉන්නවා මොක උනත්...) ඒත් යාළුව ඇදගෙන ආවා ඩිවෝස් වෙන්න බැරි කමට.. දැන් බබා හම්බෙලා කෙල්ලගේ ගෙදර පදින්චියට ගියා... ඒ වියදම් බලන්නත් වෙලා තියෙන්නේ මහ එවුන්ට...