දෑස අහිමි සෙබලා

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
දෑස අහිමි සෙබලා

මේ ප්‍රවුර්තිය දැකල මගේ ඇස් වලට කදුළු ආව. මොකද මෙහෙම කාන්තාවන් බොහොම දුර්ලබ නිසා.
මේ ප්‍රවුර්තිය ඔබලාගේත් දැනගැනීම පිණිසයි. කොපි පේස්ට් කළා කියල මට දොස් කියන්න එපා.

කොටි සංවිධානය සමග පැවති යුද්ධයේදී අවසන් මෙහෙයුමේදී පුදුකුඩුඉරිප්පුවේදී කොටි ප්‍රහාරයකින් දෑස් අහිමිවූ බලංගොඩ අංජන කරුණාසිරි (27) සහ නිකවැරටියේ රස්නායකපුර නිරාෂා දුලක්ෂි (24) ගම්පහදී අද යුගදිවියට ඇතුළු වූහ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය හා ඔහුගේ බිරිය අංජලිකා ද, ගජබා රෙජිමේන්තු ආඥාපති මේජර් ජනරාල් කමල් ගුණරත්න, මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් රත්නායක ඇතුළු හමාදා නිලධාරීහු රැසක් ඊට සහභාගී වූහ.
මංගල යෝජනාවකින් මේ විවාහය සිදුවූ අතර මනාලිය නිකවැරටියේ සිට රාගම රණවිරුසෙවනට පැමිණ විවාහයට කැමති බව ප්‍රකාශ කළාය.
දෙපාර්ශ්වයේ දෙමාපියන්ගේ ආශිර්වාදයද ඊට ලැබිණි.
‘සියණෑවේ අපි‘ සංවිධානය මංගල උත්සවයේ සියලු කටයුතු සංවිධානය කළ අතර යුද හමුදා සේවා වනිතා ඒකකය නව යුවලට නිවසක් පිරි නැමීය.


052.gif


062.gif


072.gif


082.gif


092.gif


101.gif


113.gif


ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.