ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක්

    සේද මාවතේ රටක් වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් එල්ල වන්නට පටන් ගැනුණේ සියවස් ගණනාවක පටන්ය.
    භූගෝලීය පිහිටීම අතින් ඇති වැදගත්කම නිසාම බලවත් රටවල විදෙස් ඔත්තු සේවාවන්ද රටට අත පොවන්නට වූහ. ඒ කලාපයේ බලවතුන් වන්නට චීනය, ඇමෙරිකාව, ඉන්දියාව කරන නිල නොවන ලෝක සංග්‍රාමය අනුවය.
    පාස්කු ඉරිදා සහරාන්ලාගේ ප්‍රහාරය පසුපසත් මෙම විදෙස් අතපෙවීම් තිබූ බවට සාක්ෂි සාධක දැන් හෙළිවී හමාරය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර විදෙස් බලවතුන් හා බුද්ධි අංශ ක්‍රියා කළ ආකාරයෙන්ම එය මනාව තහවුරු කරගත හැකිය.
    පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වනවිටත් ලෝක බලවතකු වූ ඇමෙරිකාවේ යුද ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළේ සිට මෙරට ඉහළ ගුවන් තලයේ දහවල් වනතුරු රැඳී තිබුණේය. එය මත්තලට පැමිණ කලින් දිනයේත් මෙවැනිම ගුවන්ගත වීමක් කර තිබුණේය.
    රුසියන් හමුදාවට එරෙහි ඇෆ්ගන් යුද්ධයේදී මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දුන්නේ ඇමෙරිකානු බලවේගයන්ය. ඇෆ්ගන් යුද්ධයට තරුණයන් යවන්නට ‘මද්‍රසා පාසල්’ දහස් ගණන් අරඹන්නේ ඇමෙරිකානු හා සෞදි අරාබි මුදල් ආධාර මතය.
    ඇෆ්ගන් යුද්ධයට මෙන්ම සිරියානු යුද්ධයද මෙම බලවේග අත දිගහැර මුදල් වියදම් කරන්නට වූහ. සිරියාවට පහරදීමට අයිඑස්අයිඑස් ත්‍රස්තයන් සමග අන්තවාදී අදහස් දැරූ ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන්ද එක්වූහ.
    ඇෆ්ගන්, සිරියන් යුද්ධවලට දායක වූ ශ්‍රී ලාංකික මුස්ලිම් පිරිස් මෙන්ම චෙච්නියානු ගරිල්ලා පුහුණුවට මෙරටින් ගිය අන්තවාදීන්ද තවමත් සිටින බව තහවුරු වන්නේ සහරාන්ගේ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලදීය.
    රහස්‍ය භාවය උපරිමයෙන්ම තබාගෙන අයිඑස් ත්‍රස්තයන් ඇතුළු අන්තවාදී ගරිල්ලා සංවිධානය සමග සබඳකම් පැවැත්වූ ජමාත් ඊ. ඉස්ලාම් (ජමාතෙයි ඉස්ලාම්) සංවිධානයේ මෙරට නායකයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේ ඉකුත් සතියේදීය.
    ඔහු නමින් උස්තාද් රෂීඩ් හජ්ජුල් අක්බර්ය. මාවනැල්ල මුරුතවෙල පදිංචි 59 හැවිරිදි අක්බර් අත්අඩංගුවට ගත්තේ ඉකුත් 39දාය.
    1985 පටන් මවුලවිවරයෙක් ලෙස අන්තවාදී දේශන පවත්වමින් ගිය හජ්ජුල් අක්බර්ට එල්ල වන චෝදනා අතර මුස්ලිම් තරුණයන් තුර්කියට, සිරියාවට, ඇෆ්ගනිස්තානයට හා පාකිස්තානය බවට චෝදනාවක්ද තිබේ. ලංකාවට ප්‍රථම වරට ඉස්ලාමීය ත්‍රස්තවාදය හඳුන්වා දුන්නේ ජමාතේ ඉස්ලාම් සංවිධානය බව විමර්ශනවලදීත් හෙළි වූ කාරණාය.
    මෙයට හොඳම සාක්ෂියක් සැපයූවේ මාදම්පේ පිහිටි ජමාත් ඉස්ලාම් සංවිධානයට අයත් මද්‍රසා පාසලේ පළමු විදුහල්පති වූ ෆතීර් මවුලවි මාධ්‍ය වෙත හෙළි කළ කාරණාය.
    තමන් ජිහාඩ් පුහුණුව සඳහා පාකිස්තානයට ගිය බවත්, ලංකාවේ ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම එම සංවිධානයේ අවසාන ඉලක්කය බවත්, පුහුණු කඳවුරුවල පැවැත්වූ දේශනාවලදී හෙළිවුණ බව ඔහු කියන්නේය.
    රටේ නීතියට යටත් වී ජීවත් වීම අල්ලා දෙවියන්ට විරුද්ධව කරන ලොකුම පවක් බවට 1996 දී අක්බර් විසින් තමා සහභාගි වූ දේශනයකදී හෙළි කළ බව ෆතීර් මවුලවීම සාක්ෂි දැරුවේය.
    දැන් අක්බර් ගැන ඊටත් වඩා සාක්ෂියක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සතුව ඇත්තේය.
    ඒ මාවනැල්ල කේන්ද්‍ර කරගත් බුදු පිළිම කඩමින් රටේ අන්තවාදය වපුරන්නට ගිය සහරාන් වැනිම තවත් ප්‍රබලයකු වූ ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලාහ් හක්ය. පාස්කු ප්‍රහාරයට කලින් ඉකුත් වසරේ දෙසැම්බර 25 දා සිට මාවනැල්ලේ සිට අන්තවාදී තරුණ කණ්ඩායම් යවා බුදු පිළිම කඩන්නේ සාහිඩ් හා සාහිත් අයියා මලෝ දෙදෙනාය. රහස් පොලිසිය පාස්කු ප්‍රහාරයට කලින් වනාතවිල්ලුවෙන් පුපුරන ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය වළ දැමූ අන්තවාදී පුහුණු කඳවුරක්ද සොයා ගත්තේ අයියා මලෝ සොයා ගෙන යන ගමනේදීය. ඒ ගැන මුලින්ම සවිස්තරාත්මකව අනාවරණය කළේ සති අග අරුණ පුවත්පතිනි.
    නමුත් එදා බලධාරීන් ඊට නිසි අවධානයක් යොමු නොකළ තැන සහරාන්ගේ ප්‍රහාරය එල්ල කරනතුරුම අන්තවාදයක් ගැන රජය සොයා බැලුවේත් නැත. සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ පසුව සාහිඩ්, සාහිත් අයියා මලෝ දෙදෙනා ගම්පොළින් කොටුකර ගත්තේ මාස ගණනකට පසුවය. ඔවුන්ගේ පියා ඊබ්‍රාහිම් අත්අඩංගුවට ගත්තේ එම විමර්ශනයේදීය. ඊබ්‍රාහිම් අන්තවාදයට තරුණ කණ්ඩායම් මෙහෙයවූ මවුලවිවරයකු වූයේය.
    මවුලවි ඊබ්‍රාහිම්ගේ වැඩිමහල් සොහොයුරා වූයේ මෙම සතියේ අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් නායක හජ්ජුල් අක්බර්ය. අක්බර් මහප්පා විසින් 2014දී ඊබ්‍රාහිම් සාදික්ව සිරියා හා තුර්කිය බලා යවා චෙච්නියානු ගරිල්ලා පුහුණුව ලබාදුන් බව සාදික් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේදී ප්‍රශ්න කරද්දිත් හෙළි කරන්නේය.
    බුද්ධි තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත යටතේ වූ කණ්ඩායමක් අක්බර්ව කොටු කරගෙන විත් මූලික විමර්ශන ඇරඹුවේය. අක්බර් තොරතුරු හෙළි කරන්නට ගත්තේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේය. ජමාතේ ඉස්ලාම් සංවිධානයේ රහස් හෙළිවන්නට වීමත් සමග ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි ප්‍රධානී (CNI) මේජර් ජෙනරාල් රුවන් කුලතුංගගේ උපදෙස් මත වෙනමම විමර්ශනයක් ඇරඹෙන්නේ පොලිස් විමර්ශනවලට අමතරවය.
    අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකයේම අවධානය යොමුවෙද්දී අක්බර් සැඟවුණු නායකයා බවට පත්වෙමින් හුසෙයිර් නමින් මාදම්පේ ජමාත් ඉස්ලාම් මද්‍රසා පාසලේ උපාධිධාරියකුව පත්කර තිබුණේය.
    සහරාන් මතවාද පළ කළේ වහබ්වාදීන් සමග එක්වය. අක්බර් සම්බන්ධ වූයේ බ්‍රදර්හුඩ් හෙවත් ඉක්වානි සමගය. සිරියන් යුද්ධය වනතුරු දෙකඩ වී තිබූ මේ දෙපාර්ශ්වය සිරියන් යුද්ධයට ගෙන යන්නට එකතු කරන්නේ සීඅයිඒ ඒජන්තවරුන්ය.
    ඇමෙරිකාවේ වුවමනාවට වහබ්වාදය හා අන්තවාදය පැතිරවීමට කටයුතු කළ බව සෞදියේ සල්මන් කුමරු වරෙක හෙළිදරව් කළේ සීඅයිඒ සම්බන්ධය සනාථ කරමිනි.
    ශ්‍රී ලංකා ඉස්ලමික් ශිෂ්‍ය පෙරමුණේ සභාපතිකම වෙනුවෙන් පැවති සීතල යුද්ධය ඊබ්‍රාහිම් හා අක්බර් අයියා මලෝ දෙදෙනාගේ පවුලේ සටනක් බවට පත්වන්නේය. තම සොහොයුරා වූ ඊබ්‍රාහිම්ව ජමාත් ඉස්ලාම් සංවිධානයෙන් ඉවත් කරන්නේත් මේ සීතල යුද්ධය නිසාය. ඔවුන් දෙදෙනාම තමන්ගේ පුත්තුන්ට ශිෂ්‍ය පෙරමුණේ සභාපතිකම ලබාදෙන්නට කළ සටනින් විරසක විය. අක්බර් පිටට පැවසුවේ තම සොහොයුරා අන්තවාදී අදහස් දැරූ නිසා සංවිධානයෙන් ඉවත් කළ බවය. තුර්කි තානාපති කාර්යාලය මගින් වීසා ලබාගෙන සිරියාවට යැවූ සාහිඩ් අබ්දුල් හක් හට එම තනතුර නොදී අක්බර් තම පුතෙක් එම තනතුරට පත් කරන්නට කටයුතු යෙදුවේය.
    මරාගෙන මැරෙන දිවුරුම ලබාදුන් පසුව ශ්‍රී ලාංකිකයන්ට නමට ලබාදෙන ‘අබු’ නාමයෙන් අබු උස්මන් ලෙස පෙනී සිටින්නේ වත්මන් ඉස්ලාම් ශිෂ්‍ය පෙරමුණේ නායකයා බව කියන්නේය.
    අනාගත අරමුණු සඳහා විශ්වවිද්‍යාල සිසුන් රැස් කිරීම භාරව ඇත්තේ මෙම සංවිධානයට බව බුද්ධි අංශ කියන්නේය. නැගෙනහිර ඔලුවිල් සරසවියෙත්, පේරාදෙණිය, කොළඹ විශ්වවිද්‍යාලවලත් තරුණයන් රහසිගතව එක්කර ගැනීම මෙම සංවිධානයට අයත් කාරණාවකි.
    බුද්ධි අංශවලට ඇති​ තොරතුරු අනුව උපාධිධාරීන්ව උපායමාර්ගිකව රාජ්‍ය ආයතන ඇතුළු රටේ මර්මස්ථානවලට හා පුද්ගලික අංශයේ සේවකයන් ලෙස රිංගවීම මොවුන්ගේ දීර්ඝකාලීන සැලසුමය. 2027 දී මෙරට දේශපාලනික, ආර්ථික හා සන්නද්ධ අතින් බලය පැතිරවීම අක්බර්ගේ නායකත්වයෙන් දීර්ඝකාලීන සැලසුමක් ක්‍රියාත්මක වෙද්දී සහරාන්ගේ ඉක්මන් පාස්කු ප්‍රහාරය නිසා දීර්ඝකාලීන සැලසුම් ව්‍යර්ථ ගිය බව අක්බර් ප්‍රශ්න කිරීම්වලදී පිළිගන්නට විය.
    ජමාතේ ඉස්ලාම් මූලස්ථානය අක්බර් විසින් පවත්වාගෙන ගියේ දෙමටගොඩ, මරදාන පාරේ අංක 77 ලිපිනයේය. බුද්ධි අංශවලට ඇති තොරතුරු අනුව සහරාන්ලාගේ පාස්කු ප්‍රහාරයට සතියකට පෙර රුපියල් කෝටි දහනවයකට ඒ ආසන්නයේම වූ එපාර්ට්මන්ට් එකක් මෙම සංවිධානය වෙනුවෙන් මිලදී ගත්තේය.
    සියලු දෙනාම එක්වී රුපියල් කෝටි 19 සොයාගත් බවට පසුව ප්‍රචාරය කළත් මෙයත් උණ්ඩියල් ක්‍රමයට විදෙස් බලවේගවලින් මෙරටට එවූ මුදල් බව දැන් සැක පහල වී ඇත්තේය.
    අක්බර්ට උණ්ඩියල් ක්‍රමයට සෞදියෙන් රුපියල් කෝටි ගණනක් ලැබී ඇතැයි කියන තොරතුරු මත කොළඹ අපරාධ කොට්ඨාසයත් විමර්ශන ඇරඹුවේය.
    ජමාත් ඉස්ලාම් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ හකීම් රහස් පොලිස් භාරයට පත්වන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. ජමාත් ඉස්ලාම් මෙතෙක් තහනම් කරගන්නට නොහැකි වූ සංවිධානයක් වුවත්, හකීම් අත්අඩංගුවට ගත්තේ දෙහිවලදී පාස්කු ප්‍රහාරය දා පුපුරුවා ගත් ජමිල් මොහුගේ සොහොයුරා නිසාය. ජමිල් සිරියාවේ ගොස් අයිඑස්අයිඑස් සංවිධානයට එක්ව කටයුතු කර මෙරටට පැමිණි අයෙකි. ජමාත් ඉස්ලාම් අයගේ පවුලේ අය සිරියාවට ගොස් පුහුණුව ලද බව ජමිල් හා සාහිඩ් සාක්ෂි පෙන්වා හමාරය. ජමිල්ගේ සොහොයුරා හකීම් පදිංචිව උන්නේ දෙමටගොඩ ඊබ්‍රාහිම්ගේ නිවස ඉදිරිපිටය.
    පොලිස් දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවේ දැනට රඳවා සිටින සහරාන්ලාගේ කල්ලියේ මහ මොළකරු හෙවත් බුද්ධි අංශ නායකයා බව කියන රූමි අබ්දුල් නසීස්ද ජමාත් ඉස්ලාම් සංවිධානය මගින් පාකිස්තානයට පිටත් කර යැවූ අයෙකි. අක්බර් මෙම සංවිධානයට පත්වන්නේ වසර විසිහතරකට පෙරය. රූමි නසීස් ඊටත් පෙර පාකිස්තානයට යවා ඇත්තේ කාශ්මීර යුද්ධයට සහභාගි වන්නටය. මොවුන් සමග පාකිස්තාන අයිඑස් බුද්ධි සේවාවද සබඳකම් පවත්වා තිබුණේය.
    රූමි ත්‍රිරෝද රථ රියැදුරකු ලෙසද කටයුතු කර වරෙක මනෝ උපදේශකයකු වශයෙන් මොළ සේදීමේ (Brain Wash) ව්‍යාපාරයක්ද අන්තවාදය වෙනුවෙන් කරගෙන ගිය අයෙකි. සහරාන් ඇතුළු කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරයට යන්න කලින් කුරුණෑගල සහරාන්ගේ ගමට වෑන් රථයකින් ගැහැනු හත්දෙනෙක් මෙන් බුර්කා ඇඳුම් හැඳගෙන පැමිණ සහරාන්ගේ දෙවැනියා වූ නවුෆර් මවුලවි හා රූමි හමුවන්නේය. ප්‍රහාරයට යන අතරේ පොලිසියට අසුවන්නට ගියොත් ගැලවී යන ආකාරය ගැන මනෝ උපදේශනයක් රූමිගෙන් ලබාදෙන්නට සහරාන් එහි ආවේය. සහරාන්ට උපදෙස් දුන් රූමි මෙන්ම නවුෆර් මවුලවි දැන් ඉන්නේ හතරවැනි තට්ටුවේය.
    ‘‘දෙමටගොඩ ඊබ්‍රාහිම්ලාගේ මහවිල උද්‍යානය අසල පිහිටුවා ඇති වර්ල්ඩ් එසෙම්බලි ඔෆ් මුස්ලිම් යූත් එකේ තරුණයන්ව අන්තවාදයට ඉගැන්නුවා. සුඩාන්වල ඉඳලා ඔමර් ඉද්දිස් කියලා සුඩාන්කාරයෙක් ගෙනැල්ලා තමයි මුස්ලිම් තරුණයන්ව බ්‍රේන් වොෂ් කළේ. මේවා ගැන 2012දී මුස්ලිම් අය සීඅයිඩී එකට පැමිණිලි කරලා තිබුණා. නමුත් ඔමර්ට ප්‍රශ්නයක් නැතිව වැඩේ කරගෙන යන්න පුළුවන් වුණා. විකිලීක්ස් එකේ ඇමෙරිකානු රහස් තොරතුරු හෙළි කරන අතරේ ලංකාවේ තානාපති කාර්යාලයේ තොරතුරුත් හෙළිවුණා. ඔමර්ව ජිහාඩ් ගැන ක්ලාස් කරන්න ලංකාවට යවපු බවට වූ රහස් තොරතුරුත් එහිදී හෙළි වුණා. ඔමර් ඒත් එක්කම එදාම රටින් සෞදියට පැන්නා’’ යැයි එවකට මෙම බුද්ධි තොරතුරු සොයා ගිය නිලධාරියකු සතිඅග අරුණට හෙළි කළේය.
    අයිඑස්අයිඑස් එක්ක අක්බර්ගේ සබඳතාව තවත් තහවුරු වන්නේ සිරියාවේ සටන්වලදී අයිඑස් ත්‍රස්තයන් අවුරුදු එකොළහක් බලය පැතිරවූ ඇලප්පෝ නගරය ඔවුන්ට අහිමි වීමය. අයිඑස් ත්‍රස්තයන්ට ඇලප්පෝ නගරය අහිමි වෙද්දී ඇලප්පෝ නගරය රැකගන්නයි බල කරමින් කොළඹ විහාරමහා දේවී ක්‍රීඩාංගණය අසල අක්බර්ගේ ජමාතේ ඉස්ලාම් සංවිධානයේ සාමාජිකයන් විරෝධතා පැවැත්වූහ. ඒ ඔවුනොවුන් අතර ඇති සබඳතාව නිසාය.
    අක්බර්ගේ සංවිධානයට කෝටි ගණනින් මුදල් උණ්ඩියල් ක්‍රමයට ගලා ආ වගට තවත් තොරතුරු ලැබී ඇත්තේය. හජ්ජි උත්සවයට හරක් මරණ කොන්ත්‍රාත්තු ලැබෙන්නේත් මොවුන්ටය. මෙවැනි කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි සියයක් පමණ උණ්ඩියල් ක්‍රමයට ආ වගට ඇති තොරතුරු මත දැන් විමර්ශන කෙරෙන්නේය.
    අක්බර්ට උණ්ඩියල් ක්‍රමයට මුදල් ආවේ අලව්දීන් මාර්ගයෙන් බව බුද්ධි අංශවලට ඇති තොරතුරුය. මන්නාරමෙන් රත්තරන් ඇතුළු නීතිවිරෝධී දෑ ගෙන්වන ජාවාරම අලව්දීන් කරන බව හමුදා බුද්ධි අංශත් හෙළිකර තිබිණි.
    දෙමටගොඩ මහවිල උද්‍යානයේදී පාස්කු ඉරුදින පොලිසිය පරීක්ෂණවලට ගිය මොහොතේ බෝම්බ පුපුරුවාගත් ඊබ්‍රාහිම් හාජ්ජියාර්ගේ පුත් ඉල්හාම්ගේ බිරිඳගේ තාත්තා අලව්දින්ය.
    මේ සියලු කාරණා හරහා අක්බර්ගේ ජමාතේ ඉස්ලාම් සංවිධානය රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසින් රට අල්ලන්නට කළ අභ්‍යන්තර රහස් රැසක් අක්බර් හෙළිකර ඇත. දැන් ඇත්තේ ඒවා සාක්ෂි සහිතව ඔප්පු කරගැනීමේ මෙහෙයුමය.
    අවාසනාවට පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව මෙරට තුළ එම සංවිධානයවත්, අයිඑස්අයිඑස් සංවිධානයවත් තවමත් තහනම් සංවිධානයක් බවට පත්කර නොමැත.
    හමුදා බුද්ධි අංශ, පොලිස් බුද්ධි අංශ මේ අනතුර ගැන ඉහළට වාර්තා කර ඇතත්, කෝටි ගණනින් විසිවෙන මුදල් හමුවේ විමර්ශනවලට දේශපාලනඥයන්ගේ බලපෑම්ද එල්ල වෙමින් ඇත්තේය.
    ජාතීන් අතර ගැටුම් ඇතිකරවමින් රට අරාජික කරන ජාත්‍යන්තර බලවේග සිරියාවේ, ඇෆ්ගනිස්තානයේ කල ආකාරයට ලංකාවේත් අන්තවාදීන්ට කිරි පොවන්නට කටයුතු කර හමාරය. නමුත් රටේ වාසනාවට මහා විපතක් වන්නට කලින් බුද්ධි අංශ අනාගත අනතුර හඳුනාගෙන ඇත.
    අන්තවාදයට එරෙහිව මෙරට ආරක්ෂක අංශ ක්‍රියා කළ ආකාරය පිළිබඳව මෙම සතියේ මෙරටට පැමිණි ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන් මෙන්ම ජිනීවා නියෝජිතයන් පවා ආරක්ෂක අමාත්‍යාංශයේදී ප්‍රශංසාව පිරිනැමීය.
    එල්ටීටීඊ ත්‍රස්තවාදය ජයගත් ආකාරයෙන් මෙම තර්ජනය හඳුනාගෙන විසෙන් විස නැසීමට කාලය පැමිණ ඇත.
    ඇෆ්ගන් යුද්ධයටත් ගිය බව කියන අන්තවාදී තරුණයන් විදෙස් පුහුණුව සඳහා යැවූ බව කියන අක්බර්ගේ ජාලය සොයා නොගියහොත් මීට පෙර සිදුවූ අයුරෙන්ම අනතුර දැක දැක වළකා නොගත් චෝදනාව රටටම එල්ල වනු ඇත.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේක ගූ දේශපාලුවෝ එක්ක හවුලේ කරගෙන යන ව්‍යාපාරයක් වගේ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    isis එක තමා ඊලඟ voc එක වෙන්නෙ
    ඔය සේරම අල්ලගන්න කං විතරයි
    අල්ලගෙන කාලයක් ගියාට පස්සෙ isis එක හොඳයි කියනව අපේ උන්
    කට්ටිය කියයි මම ඒ කාලෙ හිටිය නං මාත් සපෝට් කරන්නෙ isis එකට කියල
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉතින් ලංකාව ඉස්ලාම් රාජ්‍යක් කරගන්න උවමනා මූලික කරුණු ටික දිනාගෙන ඉවරයි....
    1 ඉස්ලාමිය මූල්‍ය ක්‍රම නිතිගත කිරිම...
    2 කාති උසාවි වලින් නිතියේ ආධිපත්‍යය ඩැහැගැනිම...
    3 ශරියා විශ්වවිද්‍යාල වලින් උවමනා අධ්‍යාපන ක්‍රමයන් ඇති කිරිම....
    4 හලාල් නිතිගත කරගැනීම

    මේවයෙන් 75% -80% අතර උන් දිනාගත්තේ මොහමඩ් කලීෆා රාජපක්ෂතුමාගේ කාලේ...
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    3201b263a455be29b10dd797573bd7ed.jpg=s480

    මේ ඉන්නේ තවත් සිපයියෙක්...... 2012 ලංකාව ඇවිල්ලා ජෝගියල් නටලා ගියා....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය අන්තවාදින් සහ ත්‍රස්තවාදින්ට තේරෙන භාශාවකින් උත්තර දෙන්ඩ නම් මහින්දගෙ ආණ්ඩුවක් අතයාවශ්යයි...පොන්නයාගේ ගූ ඇන් පී පාන්ඩුව කරන්නෙ ත්‍රස්තවාදින්ට පුක දෙන එක .. පුක දීල දීල උන් බොම්බත් පුපුරන් මිනිස්සු මැරුවම පොන්නය කෙලින්ම දැනගෙන උන්නෙ නැ කියල ශේප් වෙන්ඩ බලනව..

    ගූ ඇන් පී පාන්ඩුවක් නැවත රටට අවශ්ය නැ, සීහලුනි මේ අවසන් අවස්තාවයි..:yes::yes:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔය අන්තවාදින් සහ ත්‍රස්තවාදින්ට තේරෙන භාශාවකින් උත්තර දෙන්ඩ නම් මහින්දගෙ ආණ්ඩුවක් අතයාවශ්යයි...පොන්නයාගේ ගූ ඇන් පී පාන්ඩුව කරන්නෙ ත්‍රස්තවාදින්ට පුක දෙන එක .. පුක දීල දීල උන් බොම්බත් පුපුරන් මිනිස්සු මැරුවම පොන්නය කෙලින්ම දැනගෙන උන්නෙ නැ කියල ශේප් වෙන්ඩ බලනව..

    ගූ ඇන් පී පාන්ඩුවක් නැවත රටට අවශ්ය නැ, සීහලුනි මේ අවසන් අවස්තාවයි..:yes::yes:
    අන්න ත්‍රෙඩ් එකක් දැම්මා.... අපි කතා කරමූ...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    3201b263a455be29b10dd797573bd7ed.jpg=s480

    මේ ඉන්නේ තවත් සිපයියෙක්...... 2012 ලංකාව ඇවිල්ලා ජෝගියල් නටලා ගියා....

    "Suicide is clearly forbidden in Islam[42], but the permissibility of Istishhad (martyrdom) has scholars split on the issue.

    Notable scholars and apologists such as Shaykh Yusuf Al-Qaradawi, the world's most quoted independent Islamic jurist,[43] and Dr. Zakir Naik, known for his advocacy of "Qur'anic science", have justified the use of suicide bombing in Islam.[44][45][46] Opinion polls have further shown that an extremely large number of Muslims from around the world support the practice."


    source: https://wikiislam.net/wiki/72_Virgins
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    "Suicide is clearly forbidden in Islam[42], but the permissibility of Istishhad (martyrdom) has scholars split on the issue.

    Notable scholars and apologists such as Shaykh Yusuf Al-Qaradawi, the world's most quoted independent Islamic jurist,[43] and Dr. Zakir Naik, known for his advocacy of "Qur'anic science", have justified the use of suicide bombing in Islam.[44][45][46] Opinion polls have further shown that an extremely large number of Muslims from around the world support the practice."


    source: https://wikiislam.net/wiki/72_Virgins
    මේ අයව රාජ්‍ය අනුග්‍රහයෙන් එදා ලංකාවට ගෙනාවේ තම්බි චන්ද ගන්න. අන්තිමට තම්බි චන්දවලට කෙලවෙච්ච විදිය තාම දන්නේ නෑ...