දෑස ගොළු වී…

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    තාරා ඔයා යන්නේ නැද්ද?…මේ තාත්තිට හොඳටම පරක්කුයිලු…හැමදාමත් වගේ නයනතාරගේ මව තාරාගේ ගමන් ඉක්මන් කිරීමට කෑ ගැසුවාය.මේ එනවා අම්මා….
    හරි තාත්තී යමු. අම්මා යනවා බායි…
    ඔවුන් දෙදෙනා ගේට්ටුවෙන් නික්ම යන තුරු බලා සිටි මව වාහනය නොපෙනී ගියාට පසු ගේතුලට ගියාය.
    දුව ඔයාට බ්‍රෙක්ෆස්ට් ගන්න කොහෙන්ද නවත්තන ඕන…නුගේගොඩ කිට්ටු වනවා සමගම තාරගේ පියාගේ හඬ අවධි විය.
    ආහ් තාත්ති ඔය පෙරේරා ඇන්ඩ් සන්ස් එක ගාවින් නවත්තන්නකෝ මම මොනවා හරි අරන් එන්නම්…
    ආ සල්ලි, ඕන නෑ තාත්ති මා ගාව තියෙනවා…
    ආපණය තුලට ගොඩ වැදුනු නයනතාරා හැම් සහ එලවළු පුරවන ලද විශාල ප්‍රමානයේ සැන්ඩ්විච් දෙකක් මිලට ගෙන නැවතත් වාහනයට පැමිණියාය.
    නුගේගොඩ පිහිටි පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිඝනක ජාල කරනය පිළිබඳ උපාදිය හදාරන නයනතාරා එහි පළමු වසරේ සිසුවියක් විය. සරසවියට ඇතුළු වී කෙටි කලක් වූවත් එහි සිටි සියළු දෙනාගේම පාහේ මතකයේ තාරාගේ රුව සටහන් වී තිබින. මන්දයත් ඒ දුටුවන් සිත වශී කරනා රූපයකින් හෙබි වීමත්, තම රූපය ගැන ආඩම්බර නොවී සිටීමත් නිසාය. නිහඬ චරිතයක් වූ තාරාට කිසිවෙකුගෙන් අපහසුවක් හෝ කරදරයක් නොවීය.
    තම පියාට සමුදීමෙන් පසුව වේලාව බැලූ ඇය තවත් මිනිත්තු හතලිහක් පමණ තම දේශනයට ඇති හෙයින් තම උදේ අහාරය ගැනීමට කැන්ටිම වෙත පිය මැනීය. අතුරු සිදුරු නැතිව පිරී ගිය කැන්ටිමේ හිස් උන එකම එක අසුනක් ඈත කෙරෙවරක තිබෙනු තාරාගේ නෙත් ගැටින. වහා වහා ඒ වෙත ගිය ඇය එහි වාඩි වී තම ජංගම දුරකථනයට ලැබී තිබූ පණිවිඩයකට පිළිතුරු සැපයීය. තමා අසල සිටින කෙනා තමා දෙස බලා සිටිනවා යැයි ඇයට හැඟුන නිසාවෙන් ඇය ඔහු දෙස බලා මද සිනහවක් පෑවාය.
    ඒ දිලීප විය. තාරා මොහුව නොහඳුනන නමුත් මීට පෙර දෙතුන් වතාවක්ම ඔහුව දැක ඇත. අඩි හයයි අඟල් තුනක් පමණ උසකින් යුක්ත වූ දිලීප ද අන් අය අතරේ කැපී පෙනෙන චරිතයක් විය. ඒ ඔහුට හිමිව තිබූ අසාමාන්‍ය උසත් සිත් ඇදගන්නා සුළු පෙනුමත් නිසාවෙනි. බෝහෝ දෙනෙක් දන්නා නමුත් තාරා විසින් නොදන්නා තවත් එක් කාරණයක් දිලීප හා බැඳී පවතී. එනම් ඔහු ගොළු වීමයි. උපතින්ම ගොළු නොවූ දිලීපට අවුරුදු දාසයේදී පමණ දරුනු ලෙස වැලඳුනු අඩප්පර රෝගයෙන් ඔහුව ගලවා ගැනීමට දොස්තරවරුන්ට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදු විය. එම රෝගය සුව වූවත් ඔහු සදාකාලික ගොළු භාවයට පත්විය. සිදුවුන කිසිම දේකින් පසුතැවිළි නොවූ දිලීප තම අධ්‍යන කටයුතු ඉතා හොඳින් සිදු කරගෙන ගියේ අන් අයටද තරඟයක් වෙමිනි.
    නැවතත් තාරා තමා නියුතු කාර්‍යයේම යෙදෙන්නට විය. දිලීපද ඔහු කියවමින් සිටි පත්තරයට නෙත් යොමාගෙන සිටී. උදේ අහාරය මතක් වූ තාරාට අත් සේදීමට අවශ්‍යව වූ හෙයින් අසුන නැති වේයැයි බිය නිසාම තම අත් බෑගය එහි තබා යන්නට විය. ආපසු හැරුනු තාරා දිලීපට තට්ටු කර,
    මම අත් සෝදගෙන එන්නම් කාටවත් වාඩි වෙන්න දෙන්න එපා…හොඳේ…යැයි පැවසූවාය.
    සිනහමුසු මුහුනින් ඔලුව වැනූ දිලීප ඇයගේ අත් බෑගය දෙස බලා නැවතත් ඇය දෙස බලා සිනාසීය. සිනාසී පිළිගන්නවා ඇරෙන්නට ඔහුට වචනයකින් ඇයට සංග්‍රහ කිරීමට හැකියාවක් නැති බව තාරා නොදනී. විනාඩි කිහිපයකින් පසු නැවත පැමිණි ඇයට දක්නට ලැබුනේ ඇය බලාපොරොත්තු නොවූ දසුනකි. ඒ දිලීප විසින් සැන්ඩ්විච් දෙකෙන් එකක් අනුභව කරමින් සිටීමයි. පෙරේරා ඇන්ඩ් සන්ස් සළකුන සහිත කවරයද පසෙකින් වේ.
    තාරාගේ ඔලුවට විවිද අදහස් එකින් එක ගලා එයි. සමහර විට මෙයාට කන්න දෙයක් ගන සල්ලි නැතුව ඇති…නැත්තම් මෙයත් එක හිනා වුන හින්දා මාව බයිට් එකට ගන්න වෙන්න ඇති…මේ හොරෙක් ද?…අනේ මන්දා කමක් නෑ කන දෙයක්නෙ සමහර විට මම වාඩි උනහම මට කියයි විස්තරේ…මම මොකුත් කියන්නෙ නෑ.
    තාරා එසේ සිතා ඔහුගේ ඇඟේ වදිමින්ම ඇගේ අසුනෙහි අසුන් ගත්හ. තාරා දෙස බලා සිනහවක් පෑ දිලීප නැවතත් සැන්ඩ්විච් එක අනුභව කරන්නට විය. තත්පර කිහිපයක් ගත වූවත් දිලීප මේ ගැන කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඇය තුල කැකෑරෙමින් තිබුනු කෝපය තවතවත් ඉස්ස්මතු වෙන්නට විය. ඔහුට පෙනෙන්නට තම බෑගය ඇවිස්සීය. මොනවාදෝ මුමුණමින් ඇය වේගයෙන් එම කාර්‍යයෙහි යෙදෙන්නට විය. ටික වේලාවක් ඒ දෙස බලා සිටි දිලීප ඒ වන විට අනුභව කරමින් සිටි දෙවැනි සැන්ඩ්විච් එකෙන් තම මුඛ ස්පර්ශ කරන ලද කොටස කඩා දමා ඇය වෙත සිනහමුසු මුහුණින් පිළිගැන්වීය. බැමි බිඳිමින් ඈ තුළ වූ කෝපය එළියට එන්නට විය. ඉන්නේ කොතැනද කොහේද මේ සියල්ලම අමතක විය.
    තමුසෙට ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් තියෙනවද හලෝ….
    මුළු කැන්ටිමම නිහඬ විය සියල්ලන්ම් සිදු වන්නේ කුමක් දැයි දෑස් යොමා බලා සිටී. ඒ හැමටමත් වඩා දෑස් ලොකු කර දිලීප තාරා දෙස බලා හිඳී. තමා අතින් සිදු වූයේ වැරද්දක්දැයි සැක හැර දැන ගැනීමට ඔහු නැවතත් තමා දිගු කළ සැන්ඩ්විච් කැබැල්ල දෙස බැලීය.
    කන්න නැත්තම් ඉල්ලගෙන කනවා ඕයි…හොරකම් කරන්නේ…
    තාරාගේ දැසේ මෙන්ම දිලීපගේ දෑසේද කඳුළු පිරී ඇත. තාරා කඳුළු සළමින් නොනාත්වාම දිලීපට අවඤා සහගත ලෙස බැන වදී. දිලීපද කිසිත් කරගත නොහැකිව ඇය දෙස බලා සිටී. ඉවසා සිටි දිලීප හස්ත භාෂාවෙන් යමක් පැහැදිළි කිරීමට ගියත්…එයද තමාට කොලොප්පන් කරනවා යැයි සිතූ තාරා දිලීපට පහරක් ගසන්නට අත එසවීය, එවැන්න්නක් කිරීමට ඇයට ශක්තියක් නොවූ මුත් ඒ මොහොතෙහි ඈ තුල තිබුනු ආවේගය එවැන්නක් කළත් පුදුම නොවිය යුක්තකි. සිදුවන්නේ කුමක්දැයි සිතාගත නිහැකිව සියළු දෙනා බලා සිටී…
    හොරෙන් කාලා මෙතන ගොළුවා වගේ ඉන්න හැටි විතරක්….චික්
    තාරාගේ ඒ පද ටිකට දිලීප සිර කරගෙන සිටි කඳුළු කඩා හැලෙන්නට විය. පෙනුමෙන් උස මහත වූවත් ලාමක හිතක් ඇත් දිලීපට එය තවත් දරාගත නොහැකි විය. තාරා ඇගේ අත් බෑගය ගෙන බලා සිටි සෙනග අතරින් කඩා බිඳගෙන යන්නට වූයේ නොනවත්වමින්ම මොනවාදෝ මුමුණමිනි…සියළු දෙනා දිලීප දෙස බලා සිටී. ඔවුන්ට මුහුණ දීමට ඔහුට ශක්තියක් නැත. බිම බලා ගත් දෑසින් යුතුව ඔහු තම අසුනේ වාඩි වීය…
    රතු වූ මුහුනින් යුතුව තාරා කැන්ටිමෙන් එලියට පැමිණියාය. ඇයගේ පපුව වේගයෙන් ඉහළ පහළ යයි. ඒ මොහොතෙහිම ඇගේ දුරකථනය නාද වන්නට විය, ඇමතුම පියාගෙනි.
    ඇයි?…
    ආහ් දුවා ඔයාගේ කෑම එක කාර් එකේ දාලා ගිහින්…අදට කැන්ටිමෙන් කන්න…








    http://pettiwrites.wordpress.com
    me thyenne mage blog eka......eken thami mam issuwe....:)
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචෝ කතාවනම් මෑක්සා...හෑබෑයි ඔක්කෝම දෑම්මොත් තමයි වටිනා කම වෑඩිවෙන්නේ.....ඔකෝම දාපන් කොල්ලෝ....:)
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    මම උසස් පෙළ කලේ ඉදන් තාමත් හිතින් ආදරේ කරන ගැනු ලමයාගේ නමත් නයනතරා ............. එයාගේ චරිත ලක්ෂනත් ඔය වගේ තමා.......
    මේක ඇත්තට වෙච්ච දෙයක් ද?
    දැන් නම් එය කොහේ ඉන්න වද මොනවා කරනවද කියල දන්නේ නෑ......:love::love::love::love::love::love::love::love::love: