දික්කසාදය

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    දික්කසාදය


    ශ්‍රී ලංකීය නීතිය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන නීති ක්‍රම



    ශ්‍රී ලංකික පුරවැසියකුවන ඕනෑම පුද්ගලයකු තම විවාහය අවසන් කර ගැනීමේදී නැතහොත් දික්කසාද වීමේදී ඒ සඳහා ඉහත ඒවා අතුරින් පහත සඳහන් කුමන හෝ නීතියක් බලපායි. ඒවා නම් ,

    මේ නීති ක්‍රම තුන හැරෙන්නට,තේසවලාමෙ නීතිය යට‍තේ පාලනය වන පුද්ගලයන්ද දික්කසාදය සම්බන්ධයෙන් සාමාන්‍ය නීතියෙන් පාලනය වේ. ඕනෑම නීති ක්‍රමයක් යටතේ වුවද දික්කසාදය ලබාදෙන්නේ වෙනස් පදනම් යට‍තේය.


    [සංස්කරණය] රෝම ලන්දේසි විවාහ (සාමාන්‍ය විවාහ)


    [සංස්කරණය] දික්කසාදය ලබා දෙන පදනම්



    • වෛවාහක වරද (matrimonial fault)
    • විවාහය බිඳවැටීම (breakdown of marriage) ලෙස කොටස් දෙකකි
    අප නීතියේ පදනම වන්නේ වෛවාහක වරදයි.ඒහිදී 1907/19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 13වන වගන්තිය යටතේ දික්කසාදය ලබාගැනීම සඳහා ඔප්පු කර පෙන්විය යුතු අවස්ථා 3කි.

    • අනාචාරය (Adultery)
    • ද්වේශ සහගත අතහැරයාම (Malicious desertion)
    • සුවකළනොහැකි ලිංගික බෙලහීනතාව (Incurable impotence)
    [සංස්කරණය] අනාචාරය

    කාලාත්‍රයන් ස්වෙච්චඡාවෙන් වෙනත් පාර්ශවයක් සමඟ කැමැත්තෙන් ලිංගිකව හැසිරීමයි. (පෙම් සබඳතා , සමලිංගික ආශ්‍රයන් මීට අයත් නැත) මෙය ඔප්පු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව තුල මුල් කාලීනව තීරණය වී තබූ තත්වය වුයේ සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුය යන්නයි. තීරණය වූ නඩුවක් වන "පුෂ්පකුමාර එ. ටාර්මෙටි සහ අනෙක් අය" දී ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ "ශක්‍යතා වැඩි බර මත" යන පදනම අදාල බවයි.
    සිවිල් නඩු විධාන සංග්‍රහයේ "598" වගන්තිය ප්‍රකාරව අනාචාරයට අදාල අනියම් පුරුෂයා /කාන්තාවද වගඋත්තරකරුවකු විය යුතුය. නමුත් මේ සඳහා ව්‍යාතිරේඛී අවස්ථා තුනක් පවතී.

    • විත්තිකාර පාර්ශවය ගණිකා වෘත්තියේ යෙදීම.
    • නිසි අවධානය යෙදුවද වගඋත්තරකරුගේ නම සොයා ගත නොහැකි වීම.
    • තුන්වන පාර්ශවය මියගොස් ඇත්නම්.
    [සංස්කරණය] ද්වේශ සහගත අතහැර යාම

    එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය යම් කාලයක් ඇතුලත ,නැවත පැමිනී‍මේ හෝ ඉටුකිරීමේ චේතනාවක් නොමැතිව ඉටුවිය යුතුකම් ඉටුනොකර සිටීමයි.මෙහිදී

    • මානසික අංගය හා
    • ශාරීරික අංගය ඔප්පු කළයුතු අතර මේ දෙක අතර සම්බන්ධයක් තිබිය යුතුය.
    අනෙක් පාර්ශවයට වෛවාහක නිවස අතහැරයාමට වන පරිදි කටයුතු කිරීම තුලින් එෂේ කරන පුද්ගලයා අනුමිත ද්වේශ සහගත අතහැර යාමකට මුල් වේ. උදාහරනයක් වශයෙන් බබුන් නෝනා එ. ඇල්බන් කෙම්පස් දී අනාචාරයේ යෙදුනු සැමියාට විත්තිකාර බිරිඳ පහරදී ‍රෝහල් ගතකළමුත්,ඇය එසේ කළේ සැමියාගේ චරිතය අයහපත් වූ හෙයින් නිසා එය අනුමිත ද්වේශ සහගත අතහැරයාමක් ලෙස සැළකුණි.
    [සංස්කරණය] ලිංගික බෙලහීනතාව


    විවාහ වන අවස්ථාවේ පවා තිබිය යුතු සුවකළ නොහැකි ලිංගික බෙළහීනතාව මෙයින් අදහස් වේ. බෙළහීනතාව වරදක් වන්නේ ඒ බව දැනගෙන විවාහ වු විටය. මේ කරුණු මත සාමාන්‍ය නීතියේ දික්කසාදය සාකච්ඡා වේ.දික්කසාදය සිවිල් වරදක් වන නිසාවෙන් සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව , දිසා අධිකරණයේ , එදිරිවාදී නඩු පටිපාටිය අනුව ක්‍රියාත්මක වේ. එසේම ඉහත කරුණු වලට අමතරව සිවිල් නඩු විධාන සංග්‍රහයේ "608"ට, 1970 ගෙනා සංශෝධනය ප්‍රකාරව , අවුරුදු 7ක් වෙන්ව සිටියදී හෝ අවුරුදු 2ක අධිකරණමය වෙන්වීමක් වී තිබේ නම් ලඝුකාර්‍ය පටිපාටියෙන් දික්කසාදය ගත හැක.(නමුත් කාර්‍ය පටිපාටියට වූ මෙම වෙනස්කම , හරයාත්මක නීතියට හඳුන්වා නොදීම නිසා ප්‍රායෝගිකව මෙම තත්වය ක්‍රියාත්මක නොවේ.)

    Posted by දුරස්ථ පරිගණක අධ්‍යාපන


    උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න . මෙම ලිපිය ම අතට පත් උයේ ඉ-මේල් මගිනි .
     

    Bumping

    Banned
    Mar 30, 2011
    441
    49
    0
    :yes::yes::yes:
    DO NOT MISS UNDERSTAND ME THEIR IS A NO BUDDHIST LAW IN SRI LANKA JUDICIARY

    SRI LANKAN RECOGNIZE ONLY ROMAN LAW, THESAWALAMAI LAW AND SHARIA LAW