දිගු දුර විහිදුම් බලකාය#සුනිල් රත්නායක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    දිගු දුර විහිදුම් බලකාය#සුනිල් රත්නායක

    LRRP නොහොත් දිගු දුර විහිදුම් බලකාය කිව්වම 2009 ට කළින් ජීවත් වුණ කවුරුත් අහල ඇති. අපේ හමුදාවේ සුපිරිතමයන් දෙපිරිස ලෙස සැලකෙන විශේෂ බලකායේ සහ කොමාන්ඩෝ බලකායේ සෙබලුන්ගෙනුත් අති දක්ෂතා දැක්වූ සහ උපරිමයෙන්ම විනය තියෙන බොහොම සුළු පිරිසක් පමණයි LRRP (Long Range Recon Patrol) එකට සම්බන්ධ කරගන්නේ.

    යුධ කාලයේදීනම් කොටි කඳවුරු 5 ක් හෝ 6 ක් වුවත් පසුකරගෙන රහසේම ගොස් අදාල මෙහෙයුම සිදුකර නිරුපද්‍රිතව නැවතත් පැමිණීම ඔවුන්ගේ රාජකාරියයි.

    මේ ප්‍රවෘත්තියේ කථා නායකයා රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක. ගමේ හැදිච්ච හොඳ සිංහල කොල්ලෙක්. පසුගිය මානුෂික මෙහෙයුම සමයේ රට බේරා ගැනීම සඳහා යුධ හමුදාවට එක් වී, එහිදී ඔහු දැක්වූ අති විශිෂ්ට දක්ෂතාවය නිසා දිගු දුර විහිදුම් බලකායට ඔහුව බඳවා ගන්නවා.

    එවකට ඔහුට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. දින ගණනාවක් රැක සිට යාපනයට පහර දීමට සැලසුම් කළ ආයුධ සන්නද්ධ ත්‍රස්තයින් 8 දෙනෙක්ව වැඩි සද්දයක් නැතිව ඉවර කරලා ආපසු එනවා. ඒ තමයි ඔවුන්ගේ රාජකාරිය.

    මානුෂික මෙහෙයුම අවසානයේ විශිෂ්ඨතා ඇගයීම් වලට ලක්ව සිටි ඔහු ඇතුළු දිගු දුර විහිදුම් බලකායේ දෙවන ලුතිනන්වරයෙක් සහ තවත් 4 දෙනෙකුව හදිසියේම මෑතකදී අත් අඩංගුවට ගන්නවා. සිවිල් පිට සිටි දෙමළ ජාතිකයින්ව මැරීමයි ඔවුන්ට එරෙහිව තිබූ චෝදනාව. නමුත් ඔබ හොඳින් දන්නවා කොටි සාමාජිකයින් යුනිෆෝම් පිටින් නෙමෙයි යුද්ධ කළේ. අවශ්‍යනම් මේ වීඩියෝව බලන්න. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153174314606934/?type=3&theater

    ඔවුන්ට විරුද්ධව චෝදනාවක් තිබේනම් ඔවුන්ව යුධ අධිකරණයකට (Court Martial) ගෙන ආ යුතුයි. නමුත් යුධ අධිකරණයට ගෙන යන්නේ නොමැතිව සාමාන්‍ය සිවිල් අධිකරණයකදී ඔවුන්ට එරෙහිව නඩු අහනවා. එය යුධ හමුදා පණත උල්ලංඝනය කරන්නක්.

    LRRP එකට බඳවා ගන්නේ කිසිම ආකාරයකින් විනය කඩ නොකරන බවට අදල මෙහෙයුම් බලගණයේ නායකායට පවා 100% ක් තහවුරු කරගත හැකි අයව පමණයි. ඔවුන් අතින් ඉතිහාසයේ කිසිම විටෙක විනය කඩකිරීම් සිදුවී නෑ.

    හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වෙනවා. අන්තිමට හිටපු කොටි සාමාජිකයෙකුගේම සාක්ෂි යොදා ගනිමින් රණවිරු සුනිල් රත්නායකට මරණ දඬුවම ලබා දෙනවා. මේ වන විට එල්ලුම් ගහ ක්‍රියත්මකව පැවතියානම් තව මාස කීපයකින් මොහුගේ නිසල දේහය වැලිකඩ පෝරකයේ තියේවි.

    ඉදිරියේ වෙනත් රජයක් පත් වුවහොත් නැවතත් නඩු විභාග කර මොහුව ගෞරව සහිතව නිදහස් කිරීම සිදුවෙන බව දන්නා නිසා, ඉදිරි අගෝස්තුවේදී මොහු ඇතුළු තවත් රණවිරුවන් 40 දෙනෙක් සහ යුධ නායකත්වය ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන ගොස් මහ මැතිවරණයට පෙරදීම නඩු ඇසීමට සූදානම්. එසේ කරන්නේ බටහිර රටවල නායකයින්ට දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමටයි.

    ඉන්දියාවේ රාජ්‍ය නායකායව පවා ඝාතනය කළ කෲර ජන ඝාතක ප්‍රභාකරන් එදා බිය වුණානම් බිය වුණේ අපේ හමුදාවේ දිගු දුර විහිදුම් බලකායට පමණයි. ඒ නිසයි 2002 සටන් විරාම ගිවිසුමේ කොන්දේසියකට අනුව අතුරුගිරිය මිලේනියම් සිටි නිවාසය වටලා එහි බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සියලුම රණවිරුවන්ව හෙළිදරව් වෙන්නේ. මාස කිහිපයක් ඇතුළත ඒ සියලුම දෙනා කොටි පිස්තෝල කල්ලිය අතින් පිට පිට ඝාතනය වුණා.

    වෙනත් රටවල ජාතික සම්පත් ලෙස සැලකෙන මෙවන් දිගුදුර විහිදුම් බලකා නිලධාරීන්ට විශාල වැටුප් වර්ධක සහ පදක්කම් ලබා දෙමින් උපරිමයෙන් රැක ගන්නවා. යම් විදිහකින් ඒ නිලධාරීන් අතින් මෙහෙයුමකදී අතපසු වීමක් සිදුවුණත් ජනාධිපති සමාව ලබා දෙමින් ඔවුන්ව ආරක්ෂා කරනවා. ඒ ඔවුන් ජාතිය වෙනුවෙන් කරන ලද සේවයට කෘත ගුණ දැක්වීමක් ලෙසටයි. නමුත් අපේ රටේ සිදුවන්නේ සතුරන්ගේ සාක්ෂි අසා අර රණවිරුවන්ව පෝරකයට දැක්කීමයි.

    හිටපු ජේෂ්ඨතමයෙකුගේ මාස්ටර් ප්ලෑනකට අනුව අනුව විශේෂයෙන් පුහුණුව ලැබූ දිගුදුර විහිදුම් බලකාය මේ වන විට විදේශ රටකට පවා ගොස් සතුරන්ව අඩපන කිරීමට හැකි පරිදි ශක්තිමත් වී සිටිනවා. අන්න ඒ නිසා අදටත් ජාත්‍යන්තර කොටි ජාලය බියෙන් පසුවෙනවානම් ඒ දිගුදුර විහිදුම් බලකායටයි.

    ඉදිරියේදී දෙමළ ඩයස්පෝරාව සමග ශ්‍රී ලංකාවේ උත්සවයක් පවත්වන නිසා, දෙමළ ඩයස්පෝරා නායකයින්ට මෙරටට පැමිණීමටනම් දිගු දුර විහිදුම් බලකාය අඩපන වී තිබීම පූර්ව කොන්දේසියක් වී තිබෙනවා.



    දයාබර විරු සොයුර අප වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඔබ එදා අපගේ ජීවිත සුරක්ශිත කරන්නට අවිය එසවූ ඔබ එදා අපට දෙවි කෙනෙකි අදද අපට ඔබව දෙවි කෙනෙක් බදුය නමුදු එදා ඔබ ඔබේ ජිවිතය මරන මුවේ තමා අපේ ජිවිත රකිද්දී නිකමට වත් අහම්බෙකින් වත් සිතුනේ නෑ නේද මේ මගේ පන පුදා මා රකින්නේ මගේම මරනය වෙනුවෙන් නැගී සිටින උනුන්ව කියා බලන්න එදා වීරයකු උනු ඔබ අද මේ දුෂ්ඨ පාලකයන්ට වරදකරුවෙකු මිනීමරුවකු කර ලේබල් ගසා ඔබව පෝරකයට නියම කර හමාරයි ඔබ කර වරද අපේ ජීවිත වෙනුවෙන් ඔබේ ජිවිතය අනතුරේ දමා අඔඅව රැක ගත්තු එකද ඇගේ ලේ කකියද්දි අද අප අසරනව ඇත කල ගුන හදුනන ඔබේම සොයුරන් වන අප අන්ත අසරනය හැකිනම් අපට සමා වෙන්න නමුදු කිසිදු ආත්මයක ශ්‍රී ලාංකිකයකු වි ඉපදුනද මෙවැනු අමනයන්ගේ ජිවිත සුරැකීමට ඔබේ ජිවිතය පරදුවට නොතබන්න මන්ද එදා ඔබ සුරැකියේ නයි පැටවුන්වය


    28wc60n.jpg
    xminnc.jpg

    23sw7ld.jpg


    domjo5.jpg
    axip8o.jpg
     
    • Like
    Reactions: Yahapala_Naya

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    බොරුවට තටමල වැඩක් නැ ඕයි... කරන්න පුලුවන් මොනාද බලමු අපේ කොල්ලා වෙනුවෙන්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ජාතියක්,ජන්මයක් නැති පොන්න රැලකට යහ පාලනය බාරදීපු උන්ට දැන් සනීපෙට නින්ද යනව ඇති...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ලංකාවේ තියන බලු අවජතක නිතිය කවදා වෙනස් වෙන්නෙ.මෙතෙක් රට පාලන කල එක බල්ලෙකුට බැරිවුනා මහා පරිමාන කුඩු කාරයකුට මරනදඩුවම දෙන්න.මොහු වෙනුවෙන් රටම හඩ නැගිය යුතුයි . නඩු කරයන්ට ජිවත්වෙන්න තින්දු දෙන්න රටක් ඉතිරි කලෙ මොවුන්. තින්දුව දුන්න එකාට ගහනවා ...............
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යකෝ අර කුඩු කන්ටේනර් පිටින් ගෙනාපු ඒවුන්ට ජනාධිපති උපදේශක තනතුරු කුඩු දුමියා ගැන දැන් කතාවක්වත් නෑ
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    පව්. රට බේරගන්න ජීවිතය පරදුවට තියලා ඉදිරිපත් වුනාම ලැබිච්ච දේ.:(