දිනකට 20 දෙනෙකු සමග sex කල කත

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දිනකට 20 දෙනෙකු සමග sex කල කත

    ගෘහ සේවය සඳහා බහරේනයට ගිය මෙරට කාන්තාවක් එහි ගණිකා නිවාසයක වසර දෙකක් තිස්සේ දැඩි පීඩා මත නිවාස අඩස්සියේ තබාගෙන දිනකට පුද්ගලයන් 20 දෙනකු පමණ සමඟ ලිංගිකව එක්වීමට සිදු වූ ඛේදවාචකයක් පිළිබඳව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

    වයස අවුරුදු 36ක් පමණ වන මෙම කාන්තාවට රැකියාවක් ලබාදෙන බව පවසා රවටා බංග්ලාදේශ ජාතිකයකු විසින් රැගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා සිට ඇති බවද මෙහිදී වාර්තා වේ. මේ සඳහා වයස අවුරුදු 43ක් පමණ වන ශ්‍රී ලාංකික කාන්තාවක්ද හවුල් වී ඇති බව එරට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකදී හෙළි වී ඇත.

    අදාළ කාන්තාවට ආහාර සඳහා ලබාදී ඇත්තේ පාන් පමණක් වන අතර ඇය ලිංගිකව එක්වීමට නොහැකි බව පවසන සෑම අවස්ථාවකදීම බංග්ලාදේශ පුද්ගලයාට මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑමට උදවු කරන ශ්‍රී ලාංකික කාන්තාව ඇයට දැඩි ලෙස අඩන්තේට්ටම් කරන බවද මෙහිදී හෙළි වී තිබේ.

    අවස්ථා ගණනාවකදීම ඇය එම නිවාසයෙන් පැන යෑමට උත්සාහ ගෙන ඇති අතර ඒ බව සැලවීමත් සමඟ ගණිකා නිවාසය පවත්වාගෙන යෑම සඳහා උදවු කරන ශ්‍රී ලාංකික කාන්තාව ඇයට මිරිස් කුඩු ගසා ලිංගික පෙදෙස් පුච්චා ඇති බවද අධිකරණයේදී හෙළි වී ඇත. මෙම ගණිකා නිවාසය සඳහා තවත් විදේශීය කාන්තාවක් පැමිණි පසු දිනක් ඇය පැන ගොස් පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.

    අනතුරුව පොලිසිය විසින් මේ ගැන විමර්ශනයක් කර එරට අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම ගණිකා නිවාසය ගැන විස්තර හෙළි වී ඇති බවද වාර්තා වේ.

    මේ ගැන 'මව්බිම' ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී. වනසේකරගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසීය.

    'මේ ගැන නිවැරැදි තොරතුරු අපිට වාර්තා වෙලා නෑ. මෙය මාධ්‍ය වාර්තාවක් මත පදනම් වුණු කරුණක්. අපි එරට විදේශ තානාපති කාර්යාලය හරහා මේ ගැන තොරතුරු විමසනවා. ඉන් අනතුරුව මේ ගැන පරීක්ෂණ පවත්වා එම කාන්තාව විදේශගත කරපු සහ එම රටේදී ඇයව මේ සඳහා යොදවා ගනු ලැබූ අයට දඬුවම් කරන්න බලාපොරොත්තු වෙනවා.'


    http://www.mawbima.lk/print20180101MB20181230.php?id=24343
     
    • Like
    Reactions: Faded

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    :sorry:කැත විධියට දේවල් වාර්තා කරන්න එපා බං.ජාතියක් ලෙස අපි දුක් වෙන්න ඔින
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    :sorry:කැත විධියට දේවල් වාර්තා කරන්න එපා බං.ජාතියක් ලෙස අපි දුක් වෙන්න ඔින


    ඇයි හංගන්නේ මේවා



    සිංහලුන්ගේ හැටි තම මේ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඇයි හංගන්නේ මේවා



    සිංහලුන්ගේ හැටි තම මේ
    Machan ubata Sinhala aya ekka paudgalika tharahak neda thiyenne? :confused:
    Meke kisi thanaka sinhala kenek kiyala sadahanak nam naa.
    Muslim, catholic aya ehema waradi karana ewa awulak naa neda, sinhalu witharai awula neda?
    Hodai, Hodai. :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අදාළ කාන්තාවට ආහාර සඳහා ලබාදී ඇත්තේ පාන් පමණක් වන අතර ඇය ලිංගිකව එක්වීමට නොහැකි බව පවසන සෑම අවස්ථාවකදීම බංග්ලාදේශ පුද්ගලයාට මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑමට උදවු කරන ශ්‍රී ලාංකික කාන්තාව ඇයට දැඩි ලෙස අඩන්තේට්ටම් කරන බවද මෙහිදී හෙළි වී තිබේ.

    :baffled: