දිනකට 20 දෙනෙකු සමග sex කල කත
ගෘහ සේවය සඳහා බහරේනයට ගිය මෙරට කාන්තාවක් එහි ගණිකා නිවාසයක වසර දෙකක් තිස්සේ දැඩි පීඩා මත නිවාස අඩස්සියේ තබාගෙන දිනකට පුද්ගලයන් 20 දෙනකු පමණ සමඟ ලිංගිකව එක්වීමට සිදු වූ ඛේදවාචකයක් පිළිබඳව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
වයස අවුරුදු 36ක් පමණ වන මෙම කාන්තාවට රැකියාවක් ලබාදෙන බව පවසා රවටා බංග්ලාදේශ ජාතිකයකු විසින් රැගෙන ගොස් බලහත්කාරයෙන් රඳවා සිට ඇති බවද මෙහිදී වාර්තා වේ. මේ සඳහා වයස අවුරුදු 43ක් පමණ වන ශ්‍රී ලාංකික කාන්තාවක්ද හවුල් වී ඇති බව එරට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකදී හෙළි වී ඇත.
අදාළ කාන්තාවට ආහාර සඳහා ලබාදී ඇත්තේ පාන් පමණක් වන අතර ඇය ලිංගිකව එක්වීමට නොහැකි බව පවසන සෑම අවස්ථාවකදීම බංග්ලාදේශ පුද්ගලයාට මෙම ගණිකා නිවාසය පවත්වාගෙන යෑමට උදවු කරන ශ්‍රී ලාංකික කාන්තාව ඇයට දැඩි ලෙස අඩන්තේට්ටම් කරන බවද මෙහිදී හෙළි වී තිබේ.
අවස්ථා ගණනාවකදීම ඇය එම නිවාසයෙන් පැන යෑමට උත්සාහ ගෙන ඇති අතර ඒ බව සැලවීමත් සමඟ ගණිකා නිවාසය පවත්වාගෙන යෑම සඳහා උදවු කරන ශ්‍රී ලාංකික කාන්තාව ඇයට මිරිස් කුඩු ගසා ලිංගික පෙදෙස් පුච්චා ඇති බවද අධිකරණයේදී හෙළි වී ඇත. මෙම ගණිකා නිවාසය සඳහා තවත් විදේශීය කාන්තාවක් පැමිණි පසු දිනක් ඇය පැන ගොස් පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.
අනතුරුව පොලිසිය විසින් මේ ගැන විමර්ශනයක් කර එරට අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම ගණිකා නිවාසය ගැන විස්තර හෙළි වී ඇති බවද වාර්තා වේ.
මේ ගැන 'මව්බිම' ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ඩබ්ලිව්.එම්.වී. වනසේකරගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසීය.
'මේ ගැන නිවැරැදි තොරතුරු අපිට වාර්තා වෙලා නෑ. මෙය මාධ්‍ය වාර්තාවක් මත පදනම් වුණු කරුණක්. අපි එරට විදේශ තානාපති කාර්යාලය හරහා මේ ගැන තොරතුරු විමසනවා. ඉන් අනතුරුව මේ ගැන පරීක්ෂණ පවත්වා එම කාන්තාව විදේශගත කරපු සහ එම රටේදී ඇයව මේ සඳහා යොදවා ගනු ලැබූ අයට දඬුවම් කරන්න බලාපොරොත්තු වෙනවා.'
http://www.mawbima.lk/print20180101MB20181230.php?id=24343

කැත විධියට දේවල් වාර්තා කරන්න එපා බං.ජාතියක් ලෙස අපි දුක් වෙන්න ඔින