දිනක්ෂි රට හැර යයි

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    දිනක්ෂි රට හැර යයි

    වසරේ ජනප්‍රිය නිළිය ලෙස කිරුළු පලන් දිනක්ෂි රට හැර යාමේ සුදානමක්
    පහුගිය හිරු සම්මාන උළෙලේදී මදුරි ඩික්සිත් ගේන බොලිවුඩයේ රඟපෑමට කල අරදානාවක් අනුවයි..


    නමුත් මේකට ඉඩ දෙන්න බැහැ .. අපි සංවිදානය විය යුතුයි... දිනක්ෂි නංගිට අපේ බලය පෙන්නමු.. මොකද කියන්නේ කට්ටිය සෙට් වෙමුද මේ ඉරිදා දියත උයන ට ?

    දිනක්ෂි ගේ මුණු පොතේ ලියමු යන්න එපා කියලා
    මොකද කියන්නේ ?











    2016-09-15-ent-32.jpg

    2016-09-15-ent-33.jpg
    2016-09-13-ent-231.jpg
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නිළියට හිමි සම්මනය ලැබුණේ ඔබට මොකද හිතුණේ?
    ඇත්තටම සතුටුයි. මට දැනට ලැබුණු හොඳම සම්මානය තමයි මේ. හොඳ දිරිගැන්වීමක්

    සම්මානය ලබාගත්තේ බොලිවුඩයේ සුපිරි නිළි මධුරි ඩික්සිත් අතින්.
    ඔව් ඒකත් මේ සම්මානය මට විශේෂ වෙන්න එක හේතුවක්. මොකද මම පුංචි කාලේ ඉඳන් ආදරය කරන ඉන්දීය නිළියක් තමයි මධුරි ඩික්සිත් කියන්නේ. ඉතින් මට හිතාගන්න බැරි වුණා. ඒ නිසා මට ඇය අතින් සම්මාන ගනිද්දී සියලු දේ අමතක වුණා.

    ඔබ හිතුවද ඔබට මේ සම්මානය ලැබෙයි කියලා?
    අනේ නැහැ. මම සම්මාන බලාගෙන රඟපාන්නේ නැහැ. කොහොමත් මගේ ජීවිතේ මම නොහිතපු අවස්ථාවල තමා මට සම්මාන ලැබිලා තියෙන්නේ.

    සම්මානය ලබාදෙද්දී ඇය ඔබට යමක් කිව්වා. මොකක් ද ඒ?
    මම සම්මානය ලබාගන්න කලින් ඉදිරිපත් කළ නර්තනය ඇය බලාගෙන හිටියා. ඒක Perfect Dance එකක් ඒ වගේම ඒ නර්තනය ඇය ආසාවෙන් රසවින්දා කියලා කිව්වා. ඒ වගේම මම ගොඩක් ලස්සනයි කිව්වා. ඒ නිසා තමා මට හැමදේම අමතක වුණේ. මොකද ඇය වගේ කෙනෙක් මගේ ගැන එහෙම කියද්දී මට දැනුණ සතුට වචන වලින් කියන්න බැහැ.

    එතකොට ඇයට ඔබත් යමක් කීවා?
    ඔව්, මම කිව්වේ මාත් ඇයගේ නර්තනයට රංගනයට පොඩි කාලේ ඉඳන්ම ආදරය කළා, මට මේ සම්මානය ඔබේ අතින් ලැබීම ලොකු වාසනාවක් කියලා.

    රත්තරන් පාට ලස්සන ඇඳුමකින් ඔබ සැරසිලා හිටියා. කවුද නිර්මාණය කළේ?
    මගේ අම්මා තමා මට මේ ඇඳුම හදලා දුන්නේ.

    කාගෙද අදහස?
    මගේ අදහස සහ මගේ ඉල්ලීමට තමා අම්මා මහලා දුන්නේ. මොකද මම මේ ඇඳුම හදාගත්තේ ගියවර අයිෆා සම්මාන උළෙලට දීපිකා පදුකෝන් ඇඳන් ආව ඇඳුම දැකලා. මම ඇයටත් ඉතාමත් කැමැතියි. ඒවගේම ඇයගේ විලාසිතාවන්වලට මම ගොඩක් ප්‍රිය කරනවා. ඉතින් ඒ නිසා තමා මම අම්මට කියලා ඒ වගේ ඇඳුමක් හදාගත්තේ.

    ඇඳුමට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
    මේ දක්වාම ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර හොඳ ප්‍රතිචාර වගේම මට බැණලත් ප්‍රතිචාර ලැබෙනවා. මම දීපිකාගේ ඇඳුම කොපි කරලා කියලා. මම දීපිකාගේ ඇඳුම සම්පුර්ණයෙන්ම කොපි කළේ නැහැ. අනික මම කොහේදීවත් කියන්නේ නැහැ මේක මගේම නිර්මාණයක් කියලා. මම දීපිකාගේ ඇඳුම දැකලා තමා මේ ඇඳුම අම්මට කියලා හදාගත්තේ.

    ඔබ ජනප්‍රිය නිළියටත් නිර්දේශ වුණා.
    නිර්දේශ නම් 40ක් විතර අතරින් අවසන් තුන් දෙනා අතරට මමත් ඉන්නවා කියලා දැනගත්තම මම ගොඩක් සතුටු වුණා. මට ඉතින් ඒකත් සම්මානය ලැබුණා හා සමාන සතුටක්.

    නංගිලා දෙන්නගෙන් ලැබුණු ප්‍රතිචාර?
    අපි තුන් දෙනාම මේ සම්මාන සඳහා 40 අතර හිටියා. කොහොම හරි අවසාන තුන් දෙනා අතරට ආවේ මම. එයාලා දෙන්නත් මට ගොඩක් සහයෝගය දෙනවා. මම සතුටු වෙනවට වඩා එයාලා මම ගැන සතුටු වෙනවා. ලොකු නංගි නම් පොඩි විවේකයක් අරගෙන ඉන්නවා. පොඩි නංගි උසස් පෙළ විභාගය නිසා තරමක් කලා කටයුතුවලින් ඈත් වෙලා හිටියා. දැන් නම් ආයේ ඇය කලා කටයුතු පටන් අරගෙන තියෙනවා. ශේෂාද්‍රි දිගින් දිගටම සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණා නම් මට තැනක් නැති වෙන්නත් පුළුවන්. මොකද එයා ගොඩක් දක්ෂයි. ඒ වගේම කියන්න ඕනේ සිනමාවට මට වඩා එයා ගැළපෙනවා. මට වෙලාවකට හිතෙනවා එයාට ලැබෙන්න ඕන සම්මානයක් මට ලැබුණදෝ කියලත්.

    ලැබුණු උණුසුම්ම ප්‍රතිචාරය කාගෙන්ද?
    හැමදාම වගේ මගේ අම්මගෙන් සහ තාත්තාගෙන්. ඒ වගේම චන්ද්‍රන් රත්නම් මහතාගෙන් සහ ඔහුගේ බිරියගෙන්. ඒවගේම සම්මානය ගැන මතක් වෙද්දී සම්මානය ලබද්දී මධුරි ඩික්සිත් සහ මගේ godfather රංජන් රාමනායක අතින් සම්මානය ලැබීමත් ඒ අයගේ ප්‍රතිචාරත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය මට සුබපැතුවා. ඒ හැමෝටම ස්තූතියි.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇයි බං බොලිවුඩ් වල සින්දුවලට නටන සහය නිලියොත් ......... එක්කෝ ඔ්නෙ නෑ.
     

    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    elakiri පොන්නයෝ........ ගෑනු ගැන හොයන් නැතුව ගොඩ පලයල්ලා...............................
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඔය බඩේ ගැවිච්ච පබළු වැල ඉල්ලේ ගැන බැරිද ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    2016-09-15-ent-32.jpg


    මේ පින්තූරේ මදුරිගේ ලස්සනයි මෙකිවයි ටිකක් බලපන්කො...මීට වඩා දෙයක් කියන්න තියෙනවද...:baffled::rolleyes: