පහුගිය සතිය පුරා රටේ සිදු වුන නොයෙකුත් සිද්ධි අතුරින් මාව වැඩියෙන්ම කුතුහලයෙන් අවුළුවා තබන්න පුළුවන් උන සිදුවීම උනේ " කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ඝාතනය "
අපරාධ විද්‍යාව ගැන හදාරන / උනන්දුවක් දක්වන කෙනෙක් හැටියට මට හිතුනා මේ ඝාතන සිදුවීම සිදු වෙන්නට ඇත්තෙ කිනම් ආකාරයෙන්ද කියන කාරණය ගැන මගෙ උපකල්පන කිහිපය ගොඩ නංවන්න..
අපි පොඩ්ඩක් මේ ගැන කථා කරමු .
සිදුවිය හැකි යැයි සැක කල හැකි * මට පෙනෙන සිදුවීම් හැම එකකම උපකල්පන මම මෙතනදි ඉදිරිපත් කරනවා . මට නොපෙනුන නමුත් සිදුවෙලා සිතිය හැකියි ඔබ සැක කරන යම් යම් සිදුවීමුත් තිබිය හැකියි . ඔබට පුළුවන් ඒ උපකල්පනත් මෙතනදි ඉදිරිපත් කරන්න. ඒ වගේම මම ඉදිරිපත් කරන උපකල්පන හා තර්ක බිඳ වට්ටන දෝශ සහගත තැන් ඉදිරිපත් කරලා මගෙ උපකල්පනයන් බිඳ වට්ටන්නත් ඔබට පුලුවන්.
අන්න එතකොටයි මේක සිත්ගන්නාසුළු සංවාදයක් වෙන්නෙ..
මුලින්ම කියන්න ඕනෙ අනික් හැම රාජකාරියම අහකට දාලා ශාප්ටර්ගෙ මර්ඩර් එක ගැනම කට පුම්ප ඇරන් බලන් ඉන්න / කතා කරන්න තරම් ශාෆ්ටර් කියන්නෙ ජාතික වීරයෙක්වත් , මේ රටට අම්මට සිරි වෙන සේවයක් සිදුකල පුද්ගලයෙක්වත් වගෙ කාරණා හේතු භූත වෙන්නෙ නෑ.
ශාප්ටර් කියන්නෙ කොච්චර කෝටිපතියෙක් උනත් ඔහුත් මිය ගියාට පස්සෙ තවත් එක ඝාතනයට ලක් උන වින්දිතයෙක් පමණයි.
දිනපතා අපේ රටේ කිහිපදෙනෙක්වත් යම් යම් සිද්ධි වලින් / ක්‍රම වලින් ඝාතනයට ලක් වෙනවා . හැබයි රටක් හැටියට එකින් එක මේ හැම ඝාතනයක් ගැනම අපි කතාබහ කරන්නෙ හෝ උනන්දුවක් දක්වන්නෙ නෑ. කාලාන්තරයකින් සිදුවන යම් යම් සුවිශේශි ඝාතන සිද්ධි ගැන තමයි සාමාන්‍යයෙන් රටේම අවධානය යොමු වෙන්නෙ.. ඒක තමයි ස්වභාවය..
උදාහරණයකට මේ රටේ වසරකට බොහෝ ප්‍රමාණයක් දරුවන් පැහරගෙන ගිහින් ඝාතනයට ලක් කිරීම / අපයෝජන කිරීම වගේ දේවල් වාර්තා වෙනවා. නමුත් සේයා සදෙව්මි සිදුවීම ගැන වගෙ ඒ හැම එකක්ම රටේම අවධානයට පාත්‍ර වෙන්නෙ නෑ.
අපි මුලින්ම බලමු යම් ඝාතනයක් අනික් ඝාතන වලට වඩා රටේම ආන්දෝලනයට පත්වෙන්න බල පෑ හැකි හේතු මොනවද කියලා ?
* ඝාතනයට ලක් උන පුද්ගලයා රටේ ප්‍රබල/ ජනප්‍රිය සූරූපි / කඩවසම් පුද්ගලයෙක් වීම
* ඝාතනය සිදුවුන ක්‍රමයේ යම් යම් සුවිශේශි කාරණා ( ex - සූට්කේස් සිද්ධිය වගෙ )
* ඝාතනය සිදුවුන ස්ථානයෙ යම් යම් සුවිශේශි කාරණා
* ඝාතනය සිදු උන වෙලාවේ යම් යම් සුවිශේශි කාරණා
* අදාල පුද්ගලයා ඝාතනය වීමෙන් පසු ඇතිවිය හැකි after effect එකේ යම් යම් සුවිශේශි තත්ව
* මියගිය තැනත්තාට ජනප්‍රිය සතුරෙක් සිටීම
වගේ දේවල්... තවත් හේතු තිබිය හැකියි. කොහොම හරි බැලු බැල්මට අපිට පේනවා මෙතනින් කාරණා එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම දිනේශ් ශාප්ටර් ඝාතනය මෙතරම් ආන්දෝලනාත්මක එකක් වීමට බලපාලා තිබෙන බව
මම හිතන්නෙ මේක මේ දශකයේ සිදු උන අභිරහස් ඝාතන සිදුවීම් අතරින් ඉතාම වැදගත් තැනක් ගනිවී කියලා පැහැදිලිවම පෙනෙන එකක්
. ඒ වගේම අපේ රටේ අපරාධ විද්‍යාව හදාරන / නීතීය හදාරන අයට අනාගතයේ දවසක වැදගත් වේ යැයි සැලකිය හැකි ඝාතන සිදුවීමක්.. එහෙම වෙන්න හේතුව මේ ඝාතනය වටා තියෙන අතිශය අභිරහස් සිද්ධි දාමය තමයි ! මේවා බොහොම අමුතු අමුතු ඒවා බව ඔබටත් පේනෙවි..
සමහර ඔස්තාර්ලා කීපදෙනෙක් කියලා තිබුනා මේ ඝාතනය බොහොම අසාර්ථක තිරපිටපතක් කියලා. ඝාතනය වෙලා සතියකට කිට්ටුයි. තවම සෘජු ලෙස යමෙක් කෙරෙහි සැකයක්වත් එල්ල කරන්න පොලීසියට බැරිවෙලා තියෙනවා. ඒ කියන්නෙ මේක ඒ ඔස්තාර්ලා කියන තරම් අසාර්ථක තිර පිටපතකුත් නෙමෙයි.
මගේ මේ ප්‍රකාශය ටිකක් අමන විය හැකියි
නමුත් සමහරවිට ශර්ලොක් හෝම්ස් හිටියා නම් උන්දෑත් කියාවි අහා වොට්සන් !මෙන්න මේ තඩිම තඩි බෝරිං ලෝකෙ ඔන්න කාලෙකිං අපිට හම්බුනා කුතුහලය ඇතිකරන සුළු යමක් කියලා. හෝම්ස්ගෙ දායක සභාවෙ සාමාජිකයෙක් හැටියට මේ ලෝකෙ too much සාමකාමී නොවී මේ වගෙ එකක් ඉදහිටවත් වෙනවා කියන එකත් .... නෑ එක්කො ඒක ඕන්නෑ

සිද්ධිය නොදන්න අයත් ඉන්න පුළුවන් නිසා ( ඔව් ඔව් බන් එහෙම උනුත් ඉන්නවා
) අපි මුලින්ම සංක්ෂිප්තව key points එක්ක සිද්ධිය ලියාගමු.
ඉන් පස්සෙ උපකල්පන ගොඩ නංවමු..
දිනේශ් ශාප්ටර් කියලා කෝටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා ජනශක්ති රක්ශණ සමාගමේ අධ්‍යක්ෂ වරයෙක්. එයාගෙ තාත්තා චන්ද්‍රා ශාප්ටර්ත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වගේම කාලයක් ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිකමකුත් දැරුවා. ඒ නිසා මේ මුළු පවුලම ක්‍රිකට් ක්‍රිඩාවටත් ඩිරෙක්ට් ලින්ක් වෙනවා. දිනේශ්ගෙ සහෝදරයාත් මට මතක විදියට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක්. පවුල් පසුබිම අනුව මේ පවුල ධනවත් / බලවත් පවුලක් වෙන්නෙ අන්න එහෙමයි..
සිද්ධිය වෙන්නෙ 15 වෙනිදා. ශාප්ටර් ඔහුගෙ කොළබ 07 මල් පාරේ අංක 39 දරණ නිවසින් ( මේ නිවස මන් ඔෆිස් යන පාරේ තියන මගෙ ඔෆිස් එල කිට්ටුව තියෙන හැමදාම පහු කරන් යන ගෙදරක් ) දවල් 1.55 ට පිටත් වෙන්නෙ පැය බාගෙකිං එනවා කියලා බිරිඳට පොරොන්දු වෙලා. යන්නෙ කොහෙද ? මොනවටද කියලා බිරිඳට කියලා ගිය කතාවක් සමහර මාද්‍ය වාර්තා වල පල වෙනවා. සමහර ඒවායෙ කියවෙන්නෙ යන තැන හරියටම බිරිඳට කියලා නැති බවක්.. කොහොම උනත් ඔහු එදින රාත්‍රියේ විදේශගත වෙන්න ඉදලා තියෙනවා. පැය බාගෙන් එන්නම් කියපු සැමියා පැයකින්වත් ආවෙ නෑ . ඇය කෝල් ගන්නවා. මැසේජ් කරනවා නමුත් දුරකථනයත් ක්‍රියා විරහිතයි . මේ නිසා කතාවෙ කියවෙන හැටියට ඇය යම්කිසි ට්‍රැකින් ඇප් එකකින් GPS තාක්ශණය ඔස්සෙ සැමියා අවසන් වරට සිටින ස්ථානය නීරික්ශණය කරනවා . බොරැල්ල කනත්ත තමයි location එක ලෙස දැක්වෙන්නෙ. ඇය වහාම ක්‍රිශ් පෙරේරා නැමති සමාගමේ විධායක නිලධාරියෙක්ට කතා කරනවා. ඔහුව යවනවා එතනට . ඔහු එතනට යන්නෙ ඔහුගෙ වාහනයේ. නමුත් මාර්ගයේ ඒ මොහොතේ තිබුනය කියන තදබදයක් නිසා ඔහු තමන්ගෙ රථය කනත්තෙන් පිට ගාල් කරලා පයින් තමයි ඇතුලට යන්නෙ. වෙලාව 3.30 යි .
මෙතනදි බොරැල්ල කනත්ත ගැන වැඩි අවබෝධයක් නැති ඔබට යමක් කියන්නම්. මේ කියන්නෙ වසර දෙක තුනක් බොරැල්ල කනත්තට ආසන්නයෙ බ්‍රිටිශ් ස්කූල් හරියෙ අපාට්මන්ට් එකක හිටපු මගෙ අත්දැකීමෙන් .. සාමාන්‍යයෙන් මන් ඒ හරියෙ සෑහෙන්න තරමක් දන්නවා. බොරැල්ල කනත්ත විශාල වපසරියක විහිදුන අති විශාල භූමි ප්‍රදේශයක්. මේ කියන හරිය උදේ 10 ඉදන් හවස 4 හෝ 5 වනතෙක් නම් ටිකක් ජනාකීර්ණයි. මොකද දවසකට භූමිදාන පහකට වඩා නම් කෙරෙන නිසා සාමාන්‍යයෙන් . හවස 6 න් පස්සෙ නම් ප්‍රශ්නගත කනත්ත භූමිය වගේම කිතුල් වත්ත පාර ,රේමන්ඩ් මල් ශාලා පාර වගෙ තැන් නම් ටිකක් පාළු ස්වභාවයක් ගන්නවා. හවස 3.30 කියන්නෙ කනත්තෙ භුමිදාන කටයුතු කෙරෙන බිසී ටයිම් එකක් . දෙසැම්බර් 15 ත් අවමංගල්‍යය 6 ක් කනත්ත තුල වෙලා තියෙනවා . කනත්ත ඇතුලට මේ කියන ටයිම් එක තුල ඕනෙනම් තමන්ගෙ වාහනෙන් යන්නත් පුළුවන්. ( අන්න ඒ ටික දැනට හිතේ තියාගන්න ) කනත්ත ඇතුලට ගිය ක්‍රිශ්ට *එදා අලුතෙන් භූමිදානය කල මිනී වලක් ( මේක තමයි එදා දවසේ වැඩිම ජනකායක් සහභාගි උන අවමඟුල ක්‍රිශ් එතනට යනකොට ඒ හරියෙ කිසිවෙක් ගැවසිලා නෑ. අවමඟුල ඉවරයි ඒ වෙද්දි) ආසන්නයේදී ශාප්ටර්ගෙ වාහනය හමුවෙනවා . ඔහු ඉන්නවා ඉදිරිපස අසුනෙ ගැටගසා දාලා ඔහුව ගැටගහලා තිබෙන්නෙ වයර් ටයි වලින් . මේක දැකපු ක්‍රිශ් ඔහුගෙ බෙල්ලෙ තදකරපු ගැටය ලිහිල් කරාම ඔහුට පොඩි කැස්සක් ඇතිඋන බව කියනවා. කෑ ගහලා කනත්ත සේවකයෙක් අඬ ගහ ගන්න ක්‍රිශ් කියන කෙනා දිනේශ්ගෙම වාහනයේ පසු පස ආසනයට ඔහුව දාගෙන ඒ වාහනයෙන්ම ශාප්ටර්ව ( අපරාධ ස්ථානයක සාක්ශි සුරැකිමේ මුලික මූලධර්මය අමතක කරලා . මේක අමතක වෙන්නෙ නූගතෙක්ට නෙමෙ.හොඳින් උගත් විධායක නිලදාරියෙක්ට) රෝහලට ගෙනියනවා. දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරලා පැය කිහිපයකින් ඔහු මිය යනවා
පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු කරනවා මෙය ගෙල සිරකිරීමෙන් සිදු උන ඝාතනයක් බව..
දැන් අපි බලමු මෙතෙක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවට මාද්‍ය වාර්තා කරන කරුණු..
* ඝාතනය කලින් සැලසුම් කරන ලද්දක් බව - cctv රහිත කලාපයක් තෝරාගැනීමෙනුත් ඝාතනයට යොදාගත් අමු ද්‍රව්‍ය වලිනුත් දැනටමත් ඒ කාරණය අපිට පැහැදිලි
* දිනේශ් ශාප්ටර් නිවසේ සිට කනත්ත දක්වා ගිය ගමනේදි අතර මඟ කෙටි අහාර අවන් හලක නවත්වා දෙදෙනෙකුට සරිලන ආහාර රැගෙන ඇති බව ( දැනට ඔහු නවත්තපු එක තැනයි හොයාගෙන තිබෙන්නෙ. තව තැන් තිබිය හැකියි)
* ගමනට පෙර ක්‍රිශ් නැමති විධායක නිලදාරියට තමුන් BT ලෙස හදුන්වන අයෙක්ගෙන් ( ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයා) අයවිය යුතු ණය මුදලක් ගැන කතා බස් කිරීමට ඔහු හමුවෙන බව පවසා තිබුනාලු. මෙන්න මේ ක්‍රිශ්ව තමයි ඔහුගෙ බිරිඳ ඔහු සෙවීමට කනත්තට යවන්නෙත්
* ශාප්ටර්ගෙ වාහනයෙන් රෝම කූප හතරක් සහ ඇඟිලි සලකුණු 13 ක් සොයාගෙන ( එතනදි අපරාධ ස්ථානයක සාක්කි සුරැකිමෙ මුලධර්මය මුල පටන්ම හිතාමතාම හෝ නොසැලකිලිමත්කම නිසා කඩ වී ඇති බව මම මතක් කරන්න කැමතියි)
* නිවසින් පිටත් වූ ශාප්ටර් වාහනය පසුපසින් තවත් එක් වාහනයක් නිරන්තරයෙන් ලුහුබැඳ ඇති බවට cctv අනුව කීප වතාවක් නීරික්ශණය වෙලා
* අපරාධය සිදු උනා යැයි සැක කරන කාල සීමාව තුල BT නැමත්තා තමුන්ගෙ නිවසේ සිට ඇති බව cctv දර්ශන වලින් සොයාගෙන තිබෙනවා. ( මෙයින් කියවෙන් නෑ ඔහු මෙයට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවට )
* දිනේශ් ශාප්ටර්ගෙ දුරකථනයෙන් BT ගේ දුරකථනයට පස්වරු 2.55 ට පමණ යවපු කෙටි පණිවුඩ අනුව BT එනතෙක් තමුන් බලා සිටින බවත් , " ඔයා කිව්ව විදියට මම මැසේජ් ඩිලිට් කලා " යනුවෙනුත් මැසේජ් යොමුකර තිබෙනවා
එම කෙටි පණිවුඩ තමුන් වෙත පැමිණි පසු ඒවා දැක ශාප්ටර් හමුවීමට තමුන්ට කිසිම උවමනාවක් හෝ කතා කිරීමට කිසිම උවමනාවක් නැති බවත් BT විසින් යොමු කල කෙටි පණිවුඩ වල සදහන් .. ඒ වගේම BT ඔහුට පිලිතුරු වශයෙන්
" මම කවද්ද ඔයාට මැසේජ් ඩිලිට් කරන්න කිව්වෙ " කියලත් අහලා තියෙනවා
මෙතනදි ශාප්ටර් ගෙ ටයිප් කරන ස්ටයිල් එකෙ වෙනසක් ඔහු නීරීක්ශණය කරනවා
ඝාතනයේ සැකය මුලින්ම නිතරඟයෙන් යොමු වුණ BT නැමති ඉංග්‍රිසි ක්‍රිකට් විස්තර විචාරකයා ගැනත් ඔබ දැන ගැනීම වටිනවා. ඔහු මේ ඝාතනය කලා හෝ නොකලා හෝ ඔහු කුප්‍රකට පුද්ගලයෙක් බව නොරහසක්. ඔහු සැරටම විවිධ ධනපතියන්ගෙ , වෘතිකයින්ගෙ , ක්‍රීඩකයින්ගෙ ආදායම් බදු වලට හසු නොවු කළු සල්ලි සුදු කිරීමෙ ව්‍යාපෘතියක නිරතව සිටි බව ප්‍රසිද්ධ කරුණක්. ඔහුගෙ ඉහල පැලැන්තිය , ක්‍රිකට් නිසා ඇති කරගත් සමාජ සබඳතා වගේ දේවල් නිසා ඔහුගෙ මේ කලු සල්ලි ජාවාරමට ලේසියෙන්ම බොහෝ දෙනා ගොදුරු වෙනවා. මුලින් මාස කිහිපයක් ඉහළ ලාභාංශ / පොලි ගෙවන නමුත් ඉන් පස්සෙ දිගටම පොල්ල. කවුරුත් මේ ගැන පැමිණිලි නොකරන හේතුව ඔබට පැහැදිලි ඇති. හේතුව තමයි කළු සල්ලි..මේවා ගැන පැමිණිලි කලොත් මේවා උපයපු මූලාශ්‍ර ගැන පහදන්න ඔවුන්ට සිද්ධ වෙනවා. දිනේශ් ශාප්ටර්ත් මොහුට කෝටි 400 ක් ලබා දී ඇති බව සදහන්.. ඒ ණයක් වශයෙන්ද ? ඒක ආයෝජනයයක්ද යනුවෙන් පැහැදිලි නෑ. කොහොම උනත් මේ BT සහ ශාප්ටර්ලා අතර හිතවත්කම් ඇති වෙන්නෙත් ක්‍රිකට් නිසාම තමයි. ඔබට මතක ඇති මන් කිව්වා දිනේශ්ගෙ පියා ක්‍රිකට් පරිපාලනයේ හිටපු බව
ප්‍රමාණාත්මකව ගත්තොත් කෝටි 400 ක් කියන්නෙ ප්‍රියමාලි වන් චා කල මුදලටත් වඩා වැඩි මුදලක් . මේ ගණුදෙනුව තුල වැඩිමනත් නීතීමය ලියවිලි තිබිලා නෑ. ඔවුන්ගෙ හිතවත්කම් මත ඇති වු ගණු දෙනුවක්. නමුත් මෙය ආපසු නොලැබීම නිසා උරණ වු ශාප්ටර් පොලිස් පැමිණිල්ලක් යොමු කරලා වසර 2 ට පසුව BT අත් අඩංගුවට පත් වෙනවා . ඔහු ඇප පිට නිදහස් වෙනවා. ඉන් පස්සෙ ඔවුන්ගෙ මිත්‍රකම් නැති වෙනවා. BT ඔහුගෙ ජනප්‍රිය සතුරා වෙනවා..
යමෙක් අහන්න පුලුවන් ශාෆ්ටර් ට කෝටි 400 ක් කොහෙන්ද? මේවා ඔහුගෙම සල්ලිද? නැත්න සමාගමේ මුදල්ද?
මගෙ අදහස නම් මේ කියන කෝටි 400 රක්ශණ සමාගමේ මුදල්.. ඔහු බය නැතුව පොලීසීයට පැමිණිලි කරන්නෙ එනිසා විය හැකියි. ඒ වගේම ඒක ඔහුගෙ පෞද්ගලික ධනයක් නම් ඒ ගැන සමාගමේ නිලධාරින් සමග කතා බස් කරන්නෙත් නෑ.. හැබයි අමතක කරන්න එපා බැංකු/ රක්ශණ සමාගම් සිය සේවාදායකයන්ගෙ මුදල් ආයෝජනය කල යුත්තෙ නීත්‍යානුකූල ආයෝජන ප්‍රභවයන්ගෙ මිසක බ්ලැක් මනී ඩීලර්ස්ලා ගාව නෙමෙ..
ඒ අනුව මේ මියගිය ශාෆ්ටර්ත් 100% සුදු චරිතයක් නොවන බව අපට පැහැදිලි. ඒ නිසාම ඔහුට සිටි එකම සතුරා BT ලෙස හැදින්වීමත් විකාරරූපීයි..(Continue...)