දිනේෂ් ෂාෆ්ටර් 🤔

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    උපකල්පන අංක 1

    කීපදෙනෙක් මත ප්‍රකාශ කරලා තිබුනා බොරැල්ල කනත්ත අපරාධය සිදුවු තැන නෙමෙයි dumping site එකක් පමණක් බව. මගෙ උපකල්පනය කනත්ත ඩම්පින් සයිට් එක විතරක් නෙමෙ ඝාතනයේ කූටප්‍රාප්තිය වෙන්නෙත් කනත්තෙදි .

    ඒක වෙන්නෙ මෙහෙමයි 1.55 ට ගෙදරින් පිට වෙන ශාප්ටර් කෙලින්ම කනත්තට යන බවක් පේනවා . ඒ අතර තුර නවත්තලා තියෙන එකම තැන හැටියට තවමත් සොයාගෙන තියෙන්නෙ කෙටි ආහාර අවන් හල පමණයි. එතනදිත් ඔහු යසට නිරුපද්‍රිතව නැවත වාහනයට ගොඩත් වෙනවා කෑම අරන්. නැවත කොහෙදිවත් නවත්වපු බවක් පේන්න නෑ. ඒ කියන්නෙ ඝාතකයා ඔහුව ග්‍රහණයට ගන්නෙ අවන්හලෙන් කෑම අරන් ආවටත් පස්සෙයි. එසේ වීමට නම් ඝාතකයා පිටුපස අසුනේ සැඟවි සිටිය යුතුයි. එහෙම නැත්තම් අවන් හලෙන් කෑම අරන් ආයි මගදි තප්පර කිහිපයකට හෝ වාහනය පාර අයිනෙන් නවත්වලා යමෙක්ව නංවා ගත්තා විය යුතුයු ( බොහෝ විට යමෙක්ව cctv නැති තැනකින් වාහනයට නංවා ගත් සම්භාවිතාව වැඩියි )

    මේ උපකල්පනය ‍යටතේ ඝාතකයා සැඟවි සිටියෙ වාහනය පිටිපස අසුනේ නම් ඔහු ශාෆ්ටර්ගෙ ගෙලට වයරයක් පටලවා හෝ තුවක්කුවක් එල්ල කර කනත්ත දක්වා බලහත්කාරයෙන් රිය ධාවනය කෙරෙව්වා විය යුතුයි. කනත්ත තෙක් ඔහු ලවාම රිය ධාවනය කර සෙනඟ වැඩිම අවමංගල්‍යය පැවති ස්ථානයේ පාක් කර තිබු වාහන අතර ශාෆ්ටර්ගෙ වාහනය නවතාගෙන ඔහුගෙ ගෙල එතනදි සම්පූර්ණයෙන් සිරකර, පොලීසිය නොමඟ යැවිම උදෙසා ඔහුගෙම ෆින්ගර් ප්‍රින්ට් එක බලහත්කාරයෙන් තබාගෙන BT නැමති ජනප්‍රිය සතුරාට කෙටි පණිවුඩයක් ඝාතකයා විසින් තිබ්බා විය හැකියි.. ඉන් පසු වාහනයෙන් බැස අවමගුලට සහභාගී වු පිරිස සමඟ එක්වී කනත්තෙන් පිට වූවා විය හැකියි.

    මෙතනදි ඝාතකයා පෙර සිට වාහනයේ සැඟවි සිටියා නම් අනිවාර්යයෙන් සැකය යොමු වෙන්නෙ ශාප්ටර්ගෙ නිවස දිහාවට. ශාප්ටර්ගෙ බිරිඳ හෝ නිවසේ යමෙකුගෙ සහය නැතිව නිවසට ඇතුල්වී ගරාජයේ ගාල් කර තිබෙන ලොක් කරපු වාහනයකට නගින්න අමාරුයි.

    මෙතනදි මම බිරිඳ වෙත යොමු කරන සැකය ඕනෑම හස්බන්ඩ් කෙනෙක් ඝාතනය උනාම බිරිඳව පදනම් විරහිතව සැක කරන සාම්ප්‍රදායික පිලිවෙල අනුව නෙමෙයි කරන්නෙ. යම් යම් සාධාරණ සැකයන් බිරිඳ දිහාවට එල්ල වන නිසයි මම ඇයව මේ උපකල්පනයට ඇතුල් කරන්නෙ.

    මේ තර්කය දුර්වල කරන කාරණයක් තමයි විශාල සුපෝභෝගී කාරයක පිටිපස්සෙ සීට් එක මැද යමෙක්ට එහෙම රියදුරුට හොරෙන් සැඟවෙන්න පුලුවන්ද? ඒකත් දවල් කාලයේ? නමුත් බොහෝ නිවෙස් වල ගරාජය තිබෙන්නෙ අදුරේ. වාහනයට ගොඩවන අවස්ථාවේ ඔහුගෙ අවධානය යමෙක් හිතාමතා වෙනස් කලොත් නම් ඔහු එදෙසට අවධානයක් නොදී වාහනයට ගොඩ වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩියි. 50% ක සම්භාවිතාවයක් තියෙනවා පිටුපස සැඟවි සිටි ඝාතකයාව නොදකින්න.

    බිරිඳගෙ දෙසට සැකය එල්ල වන අනික් කාරණය තමයි නිවසින් පිටත් වෙලා පැයක් ඇතුලත Gps වලින් පවා හොයලා කෙනෙක්ව ඇරලත් හොයන්න තරම් බිරිඳට තිබ්බ කුලප්පුව මොකක්ද ?

    ඔව් හරි පැය බාගෙන් එන්නම් කියලා ගියා වෙන්න පුලුවන්. නමුත් ධනවත් ව්‍යාපාරිකයන්ගෙ ඉදලා ගමේ ගොඩෙ සිරිපාල දක්වාම ලංකාවෙ බහුතර පිරිමින්ගෙ පුරුද්ද තමයි පැය බාගෙන් එන්නම් කියලා ගිහින් පැය කිහිපයකට නෑවිත් සිටීම. ඒක බොහොම සාමාන්‍යයි. ඔහු නිවසින් පිටත් උනෙ 1.55 ට. විධායක නිලධාරියා ඔහුව සොයාගන්නෙ 3.30 ට . එතන පැය එකාමාරයි වෙනස . විධායක නිලධාරියාට එතනට ලගා වෙන්නත් විනාඩි කිහිපයක් ගත උනා කියමු. එතකොට ශාෆ්ටර්ගෙ වයිෆ් කලබල වෙලා තියෙන්නෙ 3 ට විතර අවම වශයෙන්.

    ගෙදරින් ගිහින් පැයක් ඇතුලත GPs වලින් බලලා කෙනෙක් යවලා බලන්න තරම් කලබල වීම ටිකක් අභව්‍ය නැද්ද?

    අනික ශාප්ටර්ට විදේශගත වෙන්න තිබුනෙ එදින රාත්‍රියේ . ධනවත් ව්‍යාපාරිකයන් අපි වගෙ රට යද්දි පැය ගනන් කල්තියා ගිහින් එයාපෝට් එකේ ලගින්නෙ නෑ.

    අනිත් කාරණාව හස්බන්ඩ්ගෙ ලොකේශන් ශෙයා කරගෙන හෝ ලොකේශන් ට්‍රේස් කරන ඇප් එකක් දාගෙන ඉන්න බිරිඳකට තිබිය හැකි පොදු හේතු මොනවාද?

    1) සැමියාව සැක කිරීම
    2) සැමියාට ජිවිත තර්ජන තිබෙන බව දැන සිටීම
    3) ජොලියට වගෙ හෝ අහේතුකව එහෙම කරන වයිෆ්ලා සුලුතරයක් සිටිය හැකියි.

    බිරිඳ කෙරෙහි සැකය යොමුවන ඊ ගාව තැන?

    මල්පාරේ ඉදන් කනත්තට මහ දුරක් නෑ. ඇයි බිරිඳ තමන් විසින්ම නොයා සමාගමෙ නිලධාරියෙක්ටම මේක කියන්නෙ?

    විධායක නිලධාරියා ඔහු හම්බෙන්න ගිය කෙනා පෙර සිට දැනන් ඉදලා තියෙනවා. බිරිඳ ඒක දැනන් ඉදලත් නැතුව ඒ නිලධාරියාටම කෝල් කරලා සැමියව සොයන්න කීම අහම්බයක්ද?

    ශාප්ටර් බිරිඳ තමන් විසින්ම එතනට නොයන්නෙ ඒ වනවිටත් සැමියා ඝාතනය වී සිටි බවක් ඇය දැන සිටි නිසා සාම්ප්‍රදායිකව බිරිඳ කෙරෙහි එල්ල වන සැකය මඟ හැරීම උදෙසා වෙන්න බැයිද?

    BT සැමියාගෙ ජනප්‍රිය සතුරා නිසා පොලීසීය නොමඟ යවන්න ඇය විසින් සැකයේ වාසිය ගත්තා විය හැකියි.

    දෙවෙනි උපකල්පනය

    මෙතනදිත් බිරිඳ සහ අදාල විධායක නිලධාරියාගෙ අවියෝජනීය බැඳිම තමයි ඉස්මතු කරන්න වෙන්නෙ. ශාප්ටර්ව රවට්ටා කනත්ත මැදට ගෙන්න ගන්නෙ විධායකයත් මැදිහත් වෙලා. ඔවුන් තෝරගන්නෙ කනත්තෙ එදා වැඩියම සෙනග ගැවසුන cctv නැති තැන. සෙනඟ යනකල් ඉන්නවා ශාප්ටර්ව දුරකථනයෙන් එන්නම් එන්නම් ගගා රස්තියාදු කර කර ජන ශුන්‍ය උනාට පස්සෙ එතනට ඔහු ඇවිත් . ඔහු හෝ ඔහු රැගෙන ඒයැයි සිතිය හැකි අමුත්තන් කීප දෙනෙක් එනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න ශාප්ටර්ව ඔහු හෝ ඔහුත් සමඟ යන අනික් අයගෙ හිරිහැරයට ලක්වෙනවා. ( විධායකගෙ සහයට එන අය පෙර සිට කනත්‍තෙ යම් යම් තැන්වල සැඟවි හෝ රැදි සිටියා වෙන්න පුලුවන්) අන්තිමෙ ඔහුව මරා දැමීමෙන් පසු සහය වූ අය හෝ කිහිපදෙනා විසිර යනවා. විධායකයා කිසිත් නොවුනා සේ උදව් ඉල්ලා කෑ ගහනවා. මුරකාරයා එනවා ඔහුගෙ උදව් ඇතුව එම වාහනයේම ශාප්ටර්ව දාගෙන රෝහලට යනවා.

    ශාප්ටර් රෝහල්ගත කිරීමට මැටි ගොඩක් වගෙ එම වාහනයම යොදාගන ඔහුත් ඒකට නඟින්නෙ වැඩි හොදට වෙන්න පුලුවන්. Cctv නෑ. ඇසින් දුටු සාක්කිත් නෑ. තියෙන්න පුලුවන් එකම දේ DNA සාක්කි පමණයි. ඩී එන් ඒ සාක්කි ඵල රහිත කිරිමෙ හොදම ක්‍රමය ඝාතකයා විසින්ම ඝාතනයට ලක් වු අයගෙ ගැලවුම්කරු ලෙස පෙනි සිටීම😂

    ඔහුගේ ඩී එන් ඒ වාහනයෙන් හමු උනත් සැකයක් ඇති උනත් ඒ ශාප්ටර්ව රෝහල්ගත කිරීමේදි ඇති වු ඒවා බව පහසුවෙන් ඔප්පු කල හැකියි..

    අන්න ඒ නිසාම විය හැකි මේ සාක්කි විනාස කිරීමෙ නොසැලකිලිමත් දෙය ඔහු හිතාමතාම කරන්නෙ.

    දෙවනි උපකල්පනයෙදිත් ඒ අනුව සැකය යොමුවෙන්නෙ බිරිද දිහාවට සහ විධායක නිලධාරියා දිහාවට

    තුන්වෙනි උපකල්පනය

    තුන්වෙනි උපකල්පනය මම කරන්නෙම ඔහු මගදි දෙදෙනෙකුට සරිලන්න මිලට ගත් ආහාර මත. හමුවන්නෙ BT ව නම් ඔහුත් එක්ක කන්න ශාප්ටර් කෑම මිලට ගනි කියලා හිතන්න බෑ. අනිවාර්යයෙන්ම ඔහු යන්න ඇත්තෙ තමුන්ගෙ සමීපතමයෙක් මුණ ගැහෙන්න. ( එතනදි BT හම්බෙන්න යන බවට විධායක නිලදරුවා කියපු කතාව බොරුවක් බව පේනවා)

    සමීපතමයා ඔහුගෙ වාහනයට නගින්න ඇත්තෙ අවන්හලෙන් කෑම මිලට ගත්තටත් පස්සෙ. ඔහු විසින් ශාප්ටර්ව යම්කිසි බොරුවක් කියලා කනත්ත දක්වා ගෙනිහින් තියෙනවා. මොකද කනත්ත මැදට වෙන වැඩකුත් නැතුව තමන් විසින්ම රිය ධාවනය කරන්න හේතුවක් නෑ. සමීපතමයා කියන්න ඇති මට සහභාගි වෙන්න ෆියුනරල් එකක් තියෙනවා අපි පොඩ්ඩක් එතනට ගිහින් යමු කියලා 😁

    එතනදි ශාප්ටර්ව ඝාතනය කරන ඔහු සෙනග අතරේ අතුරුදහන් වෙනවා ශේප් එකෙ. කලින් නියම කරගත් ස්ක්‍රිප්ට් එකට අනුව එතනට එන විධායක බොරුවට උදව් ඉල්ලා කෑ ගහලා සාක්කිත් විනාශ කරගෙනම ඒ වාහනෙන් රෝහලටම යනවා

    මේ උපකල්පනයෙදිත් බිරිඳ , විධායකයා සහ තව හවුල්කාර ශාප්ටරුත් දන්න සමීපතමයෙක් ඈදෙනවා.

    මෙතනදි සමීපතමයා ඔහුගෙ වාහනයට ගොඩ නොවී තමුන්ගෙ වාහනයකින් ( තමුන්ගෙම වාහනයක් නොවෙන්නත් ඉඩ තියේ) ඔහුගේ කාරය පිටුපස ආවා විය හැකියි. හැබයි ශාප්ටර්ත් දැනුවත්ව . ඔහු කන්න අරන් තියෙන්නෙ අර සමීපතමයාටත් එක්ක විය හැකියි. නමුත් මිලදි ගත් ආහාර වලට උන දෙයක් ගැන සදහනක් නෑ. මිලට ගත් ආහාර වාහනයේ එලෙසම තිබුන් නැත්තම් ඒ කියන්නෙ ඔහු හෝ ඔවුන් එය ආහාරයට අරන් අවසන් . ඉන් පස්සෙයි ඝාතනය සිදුවෙලා තියෙන්නෙ. සුහද කතාවක් සහ ආහාර භුක්ති විදිමකින් පස්සෙ.

    මේ දෙදෙනෙකුට සරිලන්න කෑම ගත්තා කියලා හොයාගන්න ඇත්තෙ අවන්හලෙන් වෙන්න ඕනෙ..

    දෙදෙනෙක්ට සරිලන්න කියලා ඔවුන් හිතුවේ උදාහරණයකට රෝල්ස් දෙකක් පැටිස් දෙකක් වගෙ අරගත්ත නිසා නම් මේ තර්කය ටිකක් ඵුහු එකක් වෙනවා හතර පස් දෙනෙක්ට සරිලන්න කෑම අරන් ඒවා ඔක්කොම මම තනියෙන් කාපු අවස්ථාත් තියෙන නිසා ශාප්ටරුත් එයාට විතරක් කන්න ඔය ඔක්කොම ගත්තා වෙන්නත් බැරි නෑ 😂
    ------ Post added on Dec 22, 2022 at 8:36 PM

    හතරවෙනි උපකල්පනය

    - මේක කලේ ඔහුගෙ ක්ශේත්‍රයෙ ඉන්න හතුරෙක් . නමුත් ඒක සිදුවීමෙ සම්භාවිතාව හරි අඩුයි. මේ වගෙ විශාල සමාගම් වල අයිතිකාරයා හෝ අද්‍යක්ශලව ඝාතනය කරලා සමාගමක් වට්ටන්න පොඩ්ඩක් අමාරුයි.

    පස්වෙනි උපකල්පනය

    මේකට දේශපාලන හස්තයක් සම්බන්ධයි. කනත්තට ඔහුව කෙසේ හෝ රවටාගෙන ගෙන්වාගෙන එතනදි කුලී මිනිමරුවන් විසින් ඝාතනය කරවනවා. කනත්තෙ රැකවලට ඉන්නෙ සේනාධිපතිගෙ සමාගමේ අය. ඒ අයගෙත් උපකාර මේකට ලබාගන්නවා . ප්‍රබල දේශපාලන හස්තයක් විසින් බොහෝ පාර්ශව වල ආශිර්වාද යටතේ කර වූ ඝාතනයක් විය හැකියි

    නමුත් එතනදි මට මතුවෙන ප්‍රශ්නය දිනේශ් ශාප්ටර් ඔපමණකට දේශපාලන ක්ශේත්‍රයේ වෛරයට බදුන් වෙන පැහැදිලි හේතුවක් අපට පෙනෙන්නත් නෑ. ( තිබුනා විය හැකියි)

    හයවෙනි උපකල්පනය

    මම බර අඩුවෙන්ම තියන්නෙ ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරකයා වෙත. හේතුව තමයි ඔහු මේ පිඩා විඳින්නෙ ජනප්‍රිය සතුරා වීමේ සාපය නිසා වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා

    පාතල ලෝකයෙ අය ප්‍රබල සතුරෝ හදාගෙන මාරුවෙන් මාරුවට එලිපිට මරාගන පලිගන්නවා වගෙ වැඩ ඉහල පැලැන්තියෙ උගත් කපටි මිනිස්සු අතර වෙනවා අඩුයි. හේතුව සැකයේ වාසිය තමන් වෙත එල්ල වීමෙ අවධානමක් අරන් ඝාතනයක් කරන්න ඔවුන් එක එල්ලෙ පෙලබෙන්නෙ නෑ. BT ශාප්ටර්ගෙ පස මිතුරෙක් ලෙස හයිලයිට් වෙලා අවසන් මොහොතක ඔහු විසින්ම මේ ඝාතනය කරන්න හෝ යමෙක් ලවා කරවන්නවත් පෙලබේ කියලා හිතන්න අමාරුයි.

    ඒකෙන්BT හොඳ මිනිහෙක් බව කිසිසේත්ම කියවෙන්නෙත් නෑ.

    සමහර විට මුදලේ ප්‍රමාණය ටිකක් විශාල නිසාත් ශාප්ටර්ගෙ මල කරදරේ ඉවසන්න බැරි තැනත් මේ ඝාතනය BT විසින් කෙරෙව්වා වෙන්නත් පුලුවන්..

    හැබයි ඒ කාරනය බිද වැටෙන්නෙ මේ sms හුටපටේ නිසා. ඒ නිසා මේ අන්තිම උපකල්පනය දැනටමත් දුර්වල එකක්
    ------ Post added on Dec 22, 2022 at 8:37 PM
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: thriloka and corp

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මගෙ ප්‍රධාන උපකල්පන එපමණයි. මේවා දැනට තියෙන මූලාශ්‍ර මත පදනම් වුන ඒවා නිසා ඉදිරියේදි මේ උපකල්පන එකින් එක බිඳ වැටෙන්නත් පුලුවන්😁

    මේවා බිඳ වැටෙන තැන් / තර්ක මතු කරන්න ඔයාටත් පුලුවන්, ඒ වගේම ඔයාටම කියලා උපකල්පනත් ඇති මෙයින් පරිභාහිර මට නොපෙනුන ඒවා. ඒවාත් සදහන් කරන් යන්න.

    පොලීසිය දුරකථන දත්ත පරික්ශාවකට අවසර ඉල්ලලා තියෙනවා. ඒක නම් එච්චර ඵලදායි වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි. සැලසුම් සහගත ඝාතනයකදි දැන් දැන් ස්මාට් ඝාතකයෝ තාක්ශණික උගුල් මඟ හැර යන්න ඉතා දක්ශයි. මේ නාඩගමට මුල් වුන සිම්පත් ෆේක් සීම් කාඩ් නම් ඒ පැත්තෙන් ඉදිරියට යන්න කොහොමත් අමාරුයි.

    හතර පහ හය යන උපකල්පන මන් ලොකුවට explain කරේ නෑ. ඒ මත මම වැඩිබරක් නොදාපු නිසා ඉතින් කොහොම උනත් මේක අපි හුදෙක් උද්‍යෝගය මත කරන උපකල්පන පමණයි. අඬු ලුහුඩුකම් ඇති..

    මේ අභිරහස මත විශාල ජනතා අවධානයක් තිබෙන නිසා මේක ඉක්මනින් විසඳන්න වගකිව යුතු අංශ වලට තිබෙන පීඩනයත් වැඩියි😁 එයාලාත් මේක අසාර්ථක තිර පිටපතක් කියන නිසා ඉක්මනින් විසඳන්නෙ නැතැයි .. නැද්ද හා?😂😂බලන් ඉමු!

    Copied:-Chanya Herath

    @thanujaka ඔයාට අදහසක් තියෙනවා ද මේක ගැන...Wife එදා හවස 4 ට විතර UK යන්න airport එකට යන්න ඕන නිසා කෙනෙක්ව ඉක්මනට ශාප්ටර් ඉන්න place එකට යැව්වේ කියලා කියනවා හැබැයි.CID එක tickets check කරාලු.
    ------ Post added on Dec 22, 2022 at 9:14 PM
     
    Last edited:
    • Like
    Reactions: kepu

    thanujaka

    Well-known member
  • නිව්ස් වල විස්තරේ යනවා පොඩ්ඩක් වෙනස්.
    ක්‍රිශ් පෙරේරා කියන්නේ ශාෆ්ටර් ගේ ලේකම්.
    මම පුද්ගලිකව අදුරන කෙනෙක් ක්‍රිශ් පෙරේරා කියන්නේ.
    හොද මනුස්සයෙක් ඉතිං බබාල දෙන්නෙක් එහෙම ඉන්න.
    ඒ උනාට ඉතිං පිටිං බලලා මිනිස්සුන්ට චරිත සහතික දෙන්න අපිට බෑනේ.
    ඔය කේස් එක ගැන ත්‍රෙඩ් ගොඩක් ගියත් මම රිප්ලයි නොදා හිටියේ ඒකයි.
     
    • Wow
    Reactions: krizta and Kevin kj

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මට නම් හිතෙන දේ ඉහළම පැලැන්තියෙයි මැද පැලැන්තියේ පහළම පැලැන්තියේ චර්යාවන් එකිනෙකට ගොඩාක් වෙනස්. එක පැලැන්තියක එකෙක්ට අනික් පැලැන්තියක එකෙක්ගේ සාමාන්‍ය දෙයක් උනත් අසාමාන්‍ය විදිහට පේන්න පුලුවන්. ඉතින් හැමෝම තමුන් වගේ කියලා හිතාගෙන පත හෑලි ලියන එක නම් තේරුමක් නැති වැඩක්. :lol: :lol: :lol:
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    නිව්ස් වල විස්තරේ යනවා පොඩ්ඩක් වෙනස්.
    ක්‍රිශ් පෙරේරා කියන්නේ ශාෆ්ටර් ගේ ලේකම්.
    මම පුද්ගලිකව අදුරන කෙනෙක් ක්‍රිශ් පෙරේරා කියන්නේ.
    හොද මනුස්සයෙක් ඉතිං බබාල දෙන්නෙක් එහෙම ඉන්න.
    ඒ උනාට ඉතිං පිටිං බලලා මිනිස්සුන්ට චරිත සහතික දෙන්න අපිට බෑනේ.
    ඔය කේස් එක ගැන ත්‍රෙඩ් ගොඩක් ගියත් මම රිප්ලයි නොදා හිටියේ ඒකයි.
    අප්පා...එහෙමත් එකක් ද,එක එක තැන්වල වෙනස් news තමා යන්නේ.ඒක එහෙමනම් සිද්ධිය වෙනම අතකට හැරෙනවා.මේක විසඳන්න නම් අමාරුවෙයි ගොඩක්.ශාප්ටර් මහාබැංකු case එකට සාක්ශි දීපු නිසා පොලිටික්කෙක් කරා වෙන්නත් පුලුවන් කට්ටිය දාලා.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අප්පා...එහෙමත් එකක් ද,එක එක තැන්වල වෙනස් news තමා යන්නේ.ඒක එහෙමනම් සිද්ධිය වෙනම අතකට හැරෙනවා.මේක විසඳන්න නම් අමාරුවෙයි ගොඩක්.ශාප්ටර් මහාබැංකු case එකට සාක්ශි දීපු නිසා පොලිටික්කෙක් කරා වෙන්නත් පුලුවන් කට්ටිය දාලා.
    හරියටම කියන්න බෑ තාම ඔය කේස් එක.
    පොලිසිය තාම ලොකු දෙයක් ඕක ගැන හොයාගෙන නෑ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නිකන් හිතුනේ..
    ක්‍රිශ් කියන කෙනාගේ පරණ Behavior Pattern's ටිකයි දෙසැම්බර් 14/15 හැසිරුණු විදිහයි CCTV බැලුව නම් හරි..
    :yes:

    Plan කරපු දෙයක් නම් අනිවා Behavior's වෙනස් වෙන්න ඕනේ
     
    Last edited:

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දිනේෂ් ෂාෆ්ටර් දිනේෂ් ෂාෆ්ටර් කො මෙ දිනේෂ් ෂාෆ්ටර්
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    නිකන් හිතුනේ..
    ක්‍රිශ් කියන කෙනාගේ පරණ Behavior Pattern's ටිකයි දෙසැම්බර් 14/15 හැසිරුණු විදිහයි CCTV බැලුව නම් හරි..
    :yes:

    Plan කරපු දෙයක් නම් අනිවා Behavior's වෙනස් වෙන්න ඕනේ

    Matath hithune eeta samana deyak.

    Shafter gei, Krish gei, Shafter ge wife gei, BT gei sathiyakata kalin indala paya 24 ma behaviors, gihipu aapu thanui welawalui, hambawechcha ayawai, incoming/outgoing calls numbers and time, mobile network tower reports, SMS incoming/outgoing numbers and time monitor kara nam saka karayonge list eka thawa adu karaganna puluwan

    Danatamath e hamogenma katauththara aran thiyana nisa paraspara hoyagannath lesi wei
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දිනේෂ් ශාෆ්ටර් මැරුණේ එයාම අත් දෙක බැදගෙන බෙල්ල වටේ පටියක් ගැටගහන් සයනයිඩ් පොඩ්ඩක් කාල.. Short eats අරන් තියෙන්නෙ ස්වර්ගෙට යද්දී හිස් බඩ යන්න හොද නැති නිසා.. දැන් ඔය ළමයි ගෙදර යන්න.. සිරි ලංකාවේ පුකේ පොලිස් මේක විසදලා ඉවරයි
     
    • Haha
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,738
    113
    දිනේෂ් ශාෆ්ටර් මැරුණේ එයාම අත් දෙක බැදගෙන බෙල්ල වටේ පටියක් ගැටගහන් සයනයිඩ් පොඩ්ඩක් කාල.. Short eats අරන් තියෙන්නෙ ස්වර්ගෙට යද්දී හිස් බඩ යන්න හොද නැති නිසා.. දැන් ඔය ළමයි ගෙදර යන්න.. සිරි ලංකාවේ පුකේ පොලිස් මේක විසදලා ඉවරයි
    Policiye un balanawa koi boruwada acept wenne kiyala. Nathuwa unta athatama oka wisanda be nathan ona kamak ne
     
    • Like
    Reactions: siri_ayya

    Similar threads