දින සියය ඉවරයි...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දින සියය ඉවරයි...

    දින සියය ඉවරයි


    මෛත්‍රිපාල සිරිසේනගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රධාන කරුණක් වූයේ දින සියයේ වැඩ පිළිවෙළ ය. එ සඳහා දින වකවානු සහිත ව දින පොතක් ඉදිරිපත් කෙරිණි. අහවල් දින අහවල් කරුණ ඉටු කරන්නේ යැයි කියැවිණි. එහෙත් ඒ එසේ ඉටු නො විණි. වැඩ පිලිවෙළක් ඉදිරිපත් කර ඡන්දය ලබා ගැනීම එකකි. ඒ ඉටු කිරීම තවත් එකකි.


    දින සියය වැඩ පිළිවෙළ ඉටු කිරීමට නොහැකි බව ඡන්දදායකයන් නොදැන සිටින්නට ඇත. ඒ කෙසේ වෙතත් එක් කරුණක් නම් ඉතා වේගයෙන් ඉටු කෙරිණි. ඒ අනෙකක් නොව රනිල් වික්‍රමසිංහ අගමැති කම ගැට කැපීම ය (පික් පොකට් ගැසීමය). ජනාධිපති දිවුරුම් දී විනාඩි කිහිපයකින් පික් පොකට් ගැසීම සිදු විය. :D:D


    දින සියයේ වැඩ සටහනට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබුණේ අප්‍රියෙල් 23 වැනි දි ය. ඒ දින සියය පසු වී දින කිහිපයක් පසු වී ය. එයට හේතුව මෙම පාර්ලිමේන්තුවට අවුරුදු පහ පිරීම දින සියයට පසුව සිදු වීම නිසා ය. එවිට නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප සහතික විය. දැන් ඒ ගැන කිසිම ප්‍රශ්නයක් තිබිය නොහැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දින සියයේ වැඩ පිළිවෙළට අනුව නොව කිසිම අයුරකින් අප්‍රියෙල් 23 හෝ එයට පෙර හෝ සිදු නොවන බැවින් ය.


    රනිල් වික්‍රමසිංහ දිගින් දිගට ම කියා සිටියේ අප්‍රියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය. එහෙත් ඔහු අමතක කළ කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහුට බලයක් නැති බව ය. ඒ බලය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේනට ය. මෛත්‍රිපාල ජනාධිපති වුවත් ඔහුට එ ජා පක්‍ෂයේ සිරකරුවකු වීමට සිදු විය. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති වීම නිසා ඔහුට යම් ශක්තියක් ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත හැකි විය. ඒ සඳහා ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට මන්ත්‍රීවරුන්ට යමක් ලබා දිය යුතු විය. එමෙන් ම මෛත්‍රිපාලට ද තම බලතල අගමැතිට ලබා දී නාමික ජනාධිපති කෙනකු වීමේ අවශ්‍යතාවක් නො වී ය. ඒ අතර ඒ සියල්ලට ම වඩා වැදගත් ප්‍රශ්නයක් ශ්‍රී.ල.නි.ප නිවට නායකයන්ට විය. ඒ මහින්ද රාජපක්‍ෂ විධායක බලතල ඇතිව හෝ නැතිව හෝ අගමැති වීම වැළැක්වීම ය. එය බටහිර රටවල මෙන් ම ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි.


    අප්‍රියෙල් 23 පාර්ලිමේන්තුව විසුරුවා නොහැරියහොත් පාරට බහින බව කබීර් හෂීම් කියයි. ඔහු පාරට නොබසින බව අමුතුවෙන් කිව යුතු නො වේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීම අවශ්‍ය යැයි ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. මේ පිටුපස ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකයන් කිහිප දෙනකුට ඇමතිකම ලබා දීම පමණක් නො වේ. මහින්ද අගමැති වීම වැළැක්වීම ද එහි වෙයි.


    දැන් ක්‍රියාත්මක වන සැලැස්මට බටහිරයන්ගේ හා ඉන්දීයයන්ගේ ද සහාය ලැබෙයි. ඇත්තට ම සැලැස්ම චීන විරෝධී ඉන්දියාවේ් ය. ඒ වෙනුවෙන් වැඩියෙන් ම පෙනී සිටින්නේ රාජිත හා චම්පික ය. රනිල්ට හෝ ජ වි පෙරමුණට හෝ ඒ සැලැස්මට විරුද්ධ විය නො හැකි ය. ජ වි පෙරමුණේ කාර්ය භාරය නිම වී ඇත. සැලැස්මට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවා විධායක ජනාධිපති ධුරයේ බලතල රාශියක් අගමැතිට ලැබෙන සේ ව්‍යවස්ථාව සංශෝධනය කෙරෙනු ඇත. ඒ සමග මැතිවරණ ක්‍රමය ද සංශෝධනය කෙරෙනු ඇත. ඒ අතර මහින්දට විරුද්ධව කළ හැකි තව තවත් දේ කරනු ඇත. ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණ ආරම්භ කෙරෙනු ඇත. හැකි නම් මහින්දට දඬුවම් කෙරෙනු ඇත. සියල්ල අවසන් කරන විට අවුරුද්දක පමණ කාලයක් ගත වනු ඇත.


    අද රාජිත හා චම්පික කියා සිටින්නේ දින සියයට වඩා වැදගත් වන්නේ එහි කියා ඇති කරුණු ඉටු කිරීම බව ය. ඒ සඳහා දින තුන්සීයයක් වුවත් වැය කිරීමට ඔවුන් සූදානම් ය. :D:D:D මේ සියල්ල කෙරෙන්නේ එක ම එක අරමුණක් ඉටු කර ගැනීමට ය. ඒ මහින්ද දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් කිරීමට ය.


    නලින් ද සිල්වා


    2015 මාර්තු 06
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නුවර රැස්විම

    හයවැනි දා (ඊයේ) මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීම සඳහා වූ මහනුවර පවත්වන ලද රැස්වීම අතිශයින් සාරථක ය. ශ්‍රි ල නි පක්‍ෂ පික් පොකට් නායකත්වයට ඉන් අත්වූයේ පරාජයකි. පක්‍ෂයේ මහජන නියෝජිතයන්ට රැස්වීමට සහභාගි තහනම් කිරීමට එහි මධ්‍යම කාරක සභාව තීරණය කර තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම වේදිකාවේ ම පෙනී සිටියේ ය. ඒ අතර හිටපු ඇමති (නීත්‍යානුකූල ව නම් තවමත් ඇමති) සාලින්ද දිසානායක ඇතුළු මන්ත්‍රීවරු අට දෙනෙක් පමණ රැස්වීමට සහභාගි වූහ.
    වේදිකාවේ සිටි පළාත්සභා ඇමතිවරුන් හා මන්තී්‍රවරුන්, නගරසභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන්්, ප්‍රාදේශීයසභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සියයක් පමණ විය. අනුර යාපාගේ තහනම කඩදාසියකට පමණක් සීමා විය.


    රැස්වීමට සහභාගි වූ ජනතාවගෙන් අති විශාල බහුතරය ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන් බව ඉතා පැහැදිලි ය. රැස්වීම සංවිධානය කර තිබුණේ වෙනත් පක්‍ෂ හතරක් මගින් වුවත් රැස්වීම ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හිතවතුන්ගේ රැස්වීමක් විය. ඒ බව රැස්වීමට සහභාගි වූ සියල්ලන්ට ම පෙනී ගියේ ය. සියල්ලන්ගේ අපේක්‍ෂාව වූයේ මහින්ද රාජපක්‍ෂ නැවත දේශපාලනයට පිවිසී අගමැති බවට පත්වීම ය. මහින්ද රාජපක්‍ෂ විසින් එවන ලද පණිවුඩයක් කියවනු ලැබුයේ මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසිනි. ඒ පණිවුඩයෙන් මහජන අපේක්‍ෂා ඉටුකිරීමට මහින්ද ඉදිරිපත්වන බවට බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට බොහෝ දෙනකුට හැකි විය.


    එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගැට කැපූ (පික් පොකට් ගැසූ) පිරිස හැසිරෙන්නේ කෙසේ ද? අද ඔවුහු ඊනියා ජාතික ආණ්ඩුවක ඇමතිකම් බලාපොරොත්තුවෙන් සිටිති. මෛත්‍රිපාල සිරිසේන, ඔහුගේ මහරැජින හමුවීමට එංගලන්තයට යෑමට නියමිත ය. ඔහුට අනුව ඔහු එහි යන්නේ දෙවැනි එලිසබෙත්ගේ ආරාධනයකිනි. එය එසේ ම විය හැකි ය. එහෙත් මේ ගමනේ අරමුණ දෙවැනි එලිසබෙත් හා ඇගේ නියෝජිත රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මෛත්‍රිපාල මුණගැසීමක් නොවන බව පැහැදිලි ය. මෛත්‍රිපාලට ඩේවිඩ් කැමරන්ගෙන් ලැබෙන්නේ කිනම් උපදේශයක් දැයි දැනගැනීමට අපි කැමැත්තෙන් සිටිමු. ඊනියා ජාතික ආණ්ඩුව, කොළඹ වරාය නගරය, චීන සම්බන්ධකම් ආදිය ගැන කැමරන්ගේ නියෝජිතයන් මගින් කැමරන් මෛත්‍රීපාලට උපදෙස් දෙනු ඇත.


    කැමරන්ලාට මහින්ද නුරුස්සන පුද්ගලයෙක් විය. එහෙත් මෛත්‍රිපාලට ඔවුන්ගේ කැමැත්තක් ඇති බව පෙනෙයි.එසේ වන්නේ කුමක් නිසා ද? එමෙන් ම එංගලන්තයේ සිටින විසුරුණු දෙමළ ජනයා මහින්දට විරුද්ධව උද්ඝෝෂණ කළහ. ඔහුට රැස්වීම්වල කතාකිරීමට ඉඩ නොදුන්හ. එහෙත් මෛත්‍රිපාලට ඔවුන්ගෙන් විරුද්ධත්වයක් නැති බව පෙනෙයි. එසේ වන්නේ කුමක් නිසා ද? ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය ගසා කෑවුන්ට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් සාමාන්‍ය ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට හා පක්‍ෂයේ හිතවතුන්ට එය විශාල ගැටලුවකි.


    ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ එක් උපසභාපතිවරයෙක් නුවර රැස්වීමට කලින් දින පක්‍ෂයේ මහජන නියෝජිතයන් හමු වී ඔවුන්ට නුවර රැස්වීමට නොයන ලෙස කියා ඇත. එහෙත් මහජන නියෝජිතවරුන් සියයක් පමණ රැස්වීමට සහභාගි වී වේදිකාවට ද ගොඩ වුයේ මේ උපසභාපතිවරුන් මෙන් නොව ඔවුන් තනතුරුවලට කෑදර නොවන බැවිනි. අද එක්සත් ජාතික පක්‍ෂයේත් හෙට ශ්‍රී ල නි පක්‍ෂයේත් නැවතත් අනිද්දා එ ජා පක්‍ෂයේත් සාමාජිකයන් විය හැකි උපසභාපතිවරුන්ට ඇමතිකම මිස ශ්‍රී ල නි ප හා එ ජා ප අතර වෙනස නො තේරෙයි. එහෙත් කිසි දිනෙක ශ්‍රී ල නි ප අත්හැර නොගිය මහින්දට මෙන් ම නුවර රැස්වීමට සහභාගි වූ ජන සන්නිපාතයට මෙන් ම මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ පනස්අට ද ඒ වෙනස තේරෙයි. අපි ඒ වෙනස කුමක් දැයි පසුව සාකච්ඡා කරමු.


    source : http://www1.kalaya.org/2015/03/blog-post_7.html


    2015 මාර්තු 07
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විග්නේස්වරන්ගේ දෙමළ ජාතිය

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උතුරු පළාතට ගිය අවස්ථාවේ දී එහි මහා ඇමති විග්නේස්වරන් ජනාධිපති හා වෙනත් අය අමතා කළ කතාවක කියා ඇත්තේ මෙරට දෙමළ ජනයා වෙන ම ජාතියක් බව ය. මෙය අලුත් කතාවක් නො වේ. චෙල්වනායගම් නාගනාදන් ආදීහු අවුරුදු හැත්තෑවකට පමණ පෙර ද මේ කතාව කීවෝ ය.
    එයට පෙර අරුණාෂලම්ලා ද රාමනාදන්ලා ද සුන්දරලිංගම්ලා ද ඒ වචනවලින් ම නොවූවත් ඒ අදහස ප්‍රකාශ කළහ. 1976 වඩුකොඩෙයි සම්මේලනයේ දී ඒ කතාව යෝජනාවක් ලෙස සම්මත කෙරිණි.


    විග්නේස්වරන් උතුරු පළාතේ මහා ඇමති ලෙස ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඇතැම්හු ඔහුගේ උගත්කම, විදග්ධභාවය, පෞරුෂය, සත්‍යගරුකබව ආදී වශයෙන් ගුණ ගැයූහ. ඇතැම් ඊනියා උගත් සිංහලයෝ ද එයට එකතු වූහ. ඔවුන්ට අනුව විග්නේස්වරන් කොළඹ හැදී වැඩී සිංහලයන් ගැන දත්තෙකි. ඔහුට උසස් පාසල් අධ්‍යාපනයක් ලැබී ඇත. ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවෙක් විය. ඔහු අනෙක් බොහෝ දෙමළ දේශපාලනඥයන්ට වඩා වෙනස් ය ආදී වශයෙන් නගරවල හැදුණු වැඩුණු සිංහලයන්ගෙන් ඇතැම්හු විග්නේස්වරන් ගුණ ගැයුහ.


    එහෙත් මේ බොහෝ අය අමතක කළ කරුණක් වූයේ පැරණි දෙමළ දේශපාලන නායකයන්ගෙන් ද බොහෝ් දෙනා කොළඹ උගත් අය බව ය. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් දේශපාලන වශයෙන් බෞතීස්ම කරනු ලැබුයේ ම දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදා ගනිමිනි. සාමාන්‍ය දෙමළ ජනයාට දෙමළ ජාතිවාදයක් නො තිබුණේ ය. දෙමළ ජාතිවාදය තිබුණේ ම ප්‍රභූ වෙල්ලායන්ට ය. ඔවුන් අතරින් ද ඉංගිරිසි උගතුන්ට ය. ඔවුන්ට තිබූ ප්‍රශ්නය වූයේ රටේ නායකත්වය තමන් අතට ගැනීම ය. රටේ ජනගහනයෙන් ඊනියා ලාංකික දෙමළ ජනයා සියයට දහයක් පමණක් වුවත් ඉංගිරිසි උගතුන් අතර දෙමළ ජනයා බහුතරය විය.:D:D මේ බහුතරය ඉංගිරිසින් විසින් අධ්‍යාපනය මගින් ඇති කරන ලද්දකි.


    ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ රටේ නායකත්වයට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් පත්කිරීම ය. දෙමළ ප්‍රභූන්ට තමන් සිංහලයන්ට වඩා උසස් ය යන හැඟීම විය. මේ අදහස් ඉංගිරිසින් විසින් මෙන් ම දකුණු ඉන්දියාවේ දෙමළ කතොාලික උගතුන් විසින් ද පෝෂණය කෙරිණි. දෙමළ ජාතිවාදයේ න්‍යායික නායකත්වය මුල දී සැපයුනේ වත්මන් තමිල්නාඩුවේ දෙමළ කතෝලික පූජකවරුන් අතිනි. අදත් ලංකාවේ ඒ සම්ප්‍රදාය දිගට ම පැවැත්වෙයි.


    විග්නේස්වරන් ඉතා පැහැදිලි ව ම දෙමළ ජාතිවාදියෙකි. ඔහු තමා කොළඹ දී ලැබූ අධ්‍යාපනය හා ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරකම තම දෙමළ ජාතිවාදය වසා ගැනීමට යොදා ගනියි. එහෙත් අපට නම් ඇත්තේ ඔහු ලබා දුන් විනිශ්චය පිළිබඳ ප්‍රශ්නයකි. විග්නේස්වරන් පොන්නම්බලම් අරුනාෂලම්ගෙන් වෙනස් නො වෙයි. වෙනත් වචනවලින් කිවහොත් අරුනාෂලම් විග්නේස්වර්ගෙන් වෙනස් නො වේ. අරුනාෂලම් මෙරට ප්‍රථම ලාංකික නීතිපති වූ බව ද ඔහු ඒ තනතුරට පත්කරන ලද්දේ ඉංගිරිසින් විසින් බව ද අමතක නොකළ යුතු ය.


    1833 සිට පැවති දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදයක් බවට පත්වූයේ දෙමළ නායකයන් සිංහල බහුතරය හමුවේ සර්වජන ඡන්දයෙන් පසු රටේ නායකත්වයට පත්විය නොහැකි බව තේරුම් ගැනීමෙන් පසු ය. සුන්දරලිංගම්ලා චෙල්වනායගම්ලා නාගනාදන්ලා කරළියට පැමිණියේ ඉන් පසු ය. ඔවුහු ද ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබූ උගත්තු වූහ. දෙමළ බෙදුම්වාදය යුක්තියුක්ත කෙරුණේ ඊනියා දෙමළ ජාතිය, ස්වයංනීර්ණ අයිතිය ආදී සංකල්ප යොදා ගනිමිනි.


    එහෙත් මෙරට ජාතික ව්‍යාපාරයට මේ දෙමළ ජාතිවාදී අදහස පරාජය කිරීමට හැකි විය. පසුව දෙමළ බෙදුම්වාදය මත පදනම් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන නායකත්වය යටතේ අපේ රණවිරුවන්ට හැකි විය. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර පඬියන් තේරුම් නොගත්ත ද එහි දී පංචෙන්ද්‍රිය ගෝචර නොවන බලවේගවල ශක්තිය ද අපේ හමුදාවන්ට ලැබිණි. දෙමළ ජාතිවාදීහු පසුබැස්සෝ ය.


    එහෙත් අද සිංහල ජාතිකත්වය තරමක් පසු බැස ඇත. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට සියලු විජාතික (දේශීය හා විදේශීය) බලවේග එකතු විය. දෙමළ ජාතිවාදය අද නැවතත් ඉදිරියට පැමිණ ඇත. විග්නේස්වරන් ඊනියා දෙමළ සංහාර ගැන පළාත් සභාවේ යෝජනා සම්මත කර ගනියි. ඒ අතර ජනාධිපති ඉදිරියේ දී ම වෙන ම දෙමළ ජාතියක් ගැන කතා කරයි. මේ නැවතත් දෙමළ ත්‍රස්තවාදයට පසුබිම සකස් කිරීමකි. චෙල්වනායගම් නොවන්නට ප්‍රභාකරන් නැත. එහෙත් ඇතැම් සිංහලයන් ද සිතන්නේ චෙල්වනායගම් සාන්තුවරයකු වූ බව ය. එහෙත් ඔහු සිංහලයන් කෙරෙහි වෛරී දේශපාලනයක නිරත විය.


    නැති දෙමළ ජාතියක් ගැන කතාකිරීමෙන් විග්නේස්වරන් කරන්නේ වැඩි කලක් නොගොස් ම ප්‍රභාකරන් කෙනකු ඇති කිරීම ය. මෙරට තබා ඉන්දියාවේවත් (භාරතයේවත්) කිසි දිනෙක දෙමළ ජාතියක් තිබී නැත. එකල වත්මන් දකුණු ඉන්දියාව් චෝල, චේර පාණ්ඩ්‍ය ආදී වාංශික රාජ්‍ය පමණක් තිබී ඇත. එහෙත් වාංශික රාජ්‍ය තිබූ පමණින් දෙමළ රාජ්‍ය තිබිණි යැයි කිව හැකි නො වේ. ලංකාවේ ඉංගිරිසින්ට විරුද්ධව දෙමළ නායකයන් කළ සටනක් නැත. දෙමළ ජනයා කිසිවක් කර නැත. මෙරට දෙමළ වෙල්ලාල ප්‍රභූන් කර ඇති එකම කාර්යය ඉංගිරිසින්ගේ බළල් අතක් ලෙස සිං්හල ජාතිකත්වයට එරෙහිව ක්‍රියා කිරීම පමණකි. අද අවශ්‍ය වන්නේ බටහිරයන්ට හා යටත්විජිතවාදයට විරුද්ධව සිංහලයන් සමග එකතු වී කටයුතු කළ හැකි දෙමළ නායකත්වයකි. එය කිසි දිනෙක විග්නේස්වරන්ලා, සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා අතින් සිදු නො වේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රී පාලනයක් අස්ථාවර රටක්

    මෛත්‍රී පාලනයක් තියෙනවා නම් තව කමක් නෑ.... එයා කට ඇරියම මෛත්‍රිය දෝරේ ගලනවා...
    :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊනියා ජාතික ආණ්ඩුවේ ඇමතිකමක් බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ එක් උපසභාපතිවරයෙක් නුවර රැස්වීමට කලින් දින පක්‍ෂයේ මහජන නියෝජිතයන් හමු වී ඔවුන්ට නුවර රැස්වීමට නොයන ලෙස කියා ඇත. එහෙත් මහජන නියෝජිතවරුන් සියයක් පමණ රැස්වීමට සහභාගි වී වේදිකාවට ද ගොඩ වුයේ මේ උපසභාපතිවරුන් මෙන් නොව ඔවුන් තනතුරුවලට කෑදර නොවන බැවිනි. අද එක්සත් ජාතික පක්‍ෂයේත් හෙට ශ්‍රී ල නි පක්‍ෂයේත් නැවතත් අනිද්දා එ ජා පක්‍ෂයේත් සාමාජිකයන් විය හැකි උපසභාපතිවරුන්ට ඇමතිකම මිස ශ්‍රී ල නි ප හා එ ජා ප අතර වෙනස නො තේරෙයි. එහෙත් කිසි දිනෙක ශ්‍රී ල නි ප අත්හැර නොගිය මහින්දට මෙන් ම නුවර රැස්වීමට සහභාගි වූ ජන සන්නිපාතයට මෙන් ම මහින්දට ඡන්දය දුන් ලක්‍ෂ පනස්අට ද ඒ වෙනස තේරෙයි. අපි ඒ වෙනස කුමක් දැයි පසුව සාකච්ඡා කරමු.

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජාතික විධායක(විකට) සභාව



    ජාතික විධායක සභාව නමින් පෙනී සිටින සංවිධානයක් ගෝඨාභය රාජපක්‍ෂ සිරභාරයට ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මෙය සිරභාරයට ගැනීමක් ද අත්අඩංගුවට ගැනීමක් ද යන්න පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් ජාතික විධායක සභාවේ අදාළ තීරණය ඒකමතික යැයි වාර්තා වෙයි.

    මේ තීරණය ගත් රැස්වීමට මාදුළුවාවේ සෝභිත හිමියන් සහභාගි වූ සේක් දැයි දැනගැනීමට ක්‍රමයක් නැත. උන්වහන්සේ පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණේ තමන්වහන්සේට ජාතික විධායක සභාවේ රැස්වීම් ගැන නොදන්වන බව ය. එසේ කියා උන්වහන්සේට ඒ වැදගත් සභාව ගන්නා තීරණවලින් නිදහස් වීමට නො හැකි ය. රැස්වීම්වලට සහභාගි වුවත් නැතත් උන්වහන්සේ ඒ වැදහත් සභාවෙහි සාමාජිකත්වය දරණ තාක් එහි තීරණවලට උන්වහන්සේ ද වගකිව යුතු ය.


    ඒ කෙසේ වෙතත් ජාතික විධායක සභාව පිහිටුවනු ලැබ ඇත්තේ කිනම් පනතක් යටතේ ද , කිනම් ඇමතිවරයකු විසින් ද, කැබිනට් මණ්ඩලය විසින් ද, පාර්ලිමේන්තුව විසින් ද, ගැසට් නිවේදනයකින් ද ආදී වශයෙන් කරුණු රාශියක් දැනගැනීමට අවශ්‍ය වෙයි. ගමක මරණාධාර සමිතියක් පිහිටුවීමේ දී ද අනුගමනය කළ යුතු ක්‍රියාදාමයක් වෙයි. එයට ව්‍යවස්ථාවක් වෙයි. එහි වැඩ කටයුතු කෙරෙන පිළිවෙළක් වෙයි. එයට අයත් බලතල වෙයි. එයට කළ හැකි වැඩ හා කළ නොහැකි වැඩ වෙයි.


    ජාතික විධායක සභාවට ව්‍යවස්ථාවක් වේ ද? එහි කටයුතු කෙරෙන්නේ කෙසේ ද? ඒ සභාවට යම් නීත්‍යානුකූලභාවයක් වේ ද? ඒ නීත්‍යානුකූලභාවය ලැබෙන්නේ කෙසේ ද? ඒ සභාව ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? අප දන්නා තරමින් ජාතික විධායක සභාවට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට, සිරභාරයට ගැනීමට බලයක් නැත. බලයක් නැතිව තීරණ ගන්නේ කෙසේ ද? ගන්නා තීරණ ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?


    ජාතික විධායක සභාව අඩුම තරමෙන් කැබිනට් උපදේශක මණ්ඩලයක් ද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ වෙනත් අයකු හෝ මේ පිලිබඳ පැහැදිලි පිළිතුරක් දිය යුතු ය. එසේ නොමැතිනම් ජාතික විධායක සභාව ජාතික විකට සභාව බවට පත්වීමේ අවදානමක් ඇත.


    ඇතැම් විට ළමයි සෙල්ලම් පාර්ලිමේන්තු පිහිටුවති. එසේ සෙල්ලම් පාර්ලිමේන්තුවල කටයුතු කිරීමෙන් ළමයි විනෝද වෙති. ජාතික විධායක සභාවත් එවැනි සෙල්ලම් ආයතනයක් ද? කිසි දිනෙක බලයට පැමිණීමට නොහැකි කිහිප දෙනකුට ඉඳහිට රැස්වී තමන්ට නිල බලයක් නැති වුවත් තීරණ රැගෙන තේ කෝප්පයක් බී ගිලන්පස වළඳා සතුටු වීමට තැනක් ලබාදීම එතරම් වරදක් නො වේ. එහෙත් මේ විකට වටයට වියදම් වන්නේ එහි සාමාජිකයන්ගේ මුදල් විය නො හැකි ය. යහපාලනය අනුව මෙවැනි ආයතනයකට මහජන මුදල් වියදම් කිරීමට හැකි ද? සාධාරණ සමාජයක් ඇති කිරීමට මෙවැනි ආයතනයක් මහජන මුදලින් පිහිටුවිය හැකි දැයි සෝභිත හිමියන් අප වැනි හුදී ජනයාගේ පහන් සංව්ගය පිණිස වදාරන්නේ ද?


    නලින් ද සිල්වා


    2015 මාර්තු 13
     

    Lansalaral

    Member
    Jun 20, 2011
    1,213
    212
    0
    Kurunegala
    මෛත්‍රී පාලනයක් තියෙනවා නම් තව කමක් නෑ.... එයා කට ඇරියම මෛත්‍රිය දෝරේ ගලනවා...:angry::angry::angry::angry::no::no::no::no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෛත්‍රී පාලනයක් තියෙනවා නම් තව කමක් නෑ.... එයා කට ඇරියම මෛත්‍රිය දෝරේ ගලනවා...:angry::angry::angry::angry::no::no::no::no:

    සුට්ට සුට්ට මෛත්‍රිය දෝරේ ගලනවා...:rofl::rofl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔත්තු සේවාවල හවුල් කරුවෝ


    මහින්ද රාජපක්‍ෂ තම පරාජය පිළිබඳ ව ඉන්දියාවේ පළවන හින්දු පුවත්පතට ඉතා පැහැදිලි ව ප්‍රකාශ කර ඇත්තේ පරාජය පිටුපස ඇමරිකාවේ සී අයි ඒ, එංගලන්තයේ එම් අයි 6 හා ඉන්දියාවේ රෝ ඔත්තු සේවා සිටි බව ය. එමෙන් ම මෙරට රෝ ප්‍රධානියාව ආපසු කැඳවන ලෙස ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීම අනුව ඔහු කැඳවා තිබූ බවත් එහෙත් එසේ කළේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල අවසාන අවස්ථාවේ දී බවත් ප්‍රකාශ කර ඇත. මෙය සුළුපටු ප්‍රකාශයක් නො වේ. ඔත්තු සේවා මෙරට ක්‍රියාත්මක වන බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අයට පැහැදිලි කරුණක් විය. සැලැස්මකට අනුව සිදු වූ එය කුමන්ත්‍රණයක් නො වේ.

    මහින්ද රාජපක්‍ෂට අනුව රෝ ඔත්තු සේවය තමා පරාජය කිරීමට ක්‍රියා කළේ තම චීන ප්‍රතිපත්තිය වැරදියට වටහා ගැනීම නිසා ය. එමෙන් ම ඉන්දීය අගමැති මෝදි රෝ ඔත්තු සේවයේ කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු නො වේ. මෙය නිවැරදි යැයි අපි නො සිතමු. රෝ පමණක් නොව අනෙක් ඔත්තු සේවා දෙක ද මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ (ඔවුන්ට අනුව රෙජිමයේ) චීන ප්‍රතිපත්තියට විරුද්ධ විය. ඔවුන්ට අවශ්‍ය බටහිර ගැති ඉන්දියාවට පක්‍ෂපාති චීන විරෝධි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලංකාවකි. එසේ නොවන කල ඒ ආණ්ඩුව පෙරළා දැමීමට ඔත්තු සේවා කටයුතු කරයි.


    මෙහි දී බලපෑවේ ආණ්ඩුවේ චීන ප්‍රතිපත්තිය පමණක් නො වේ. බටහිරයන් විසින් ඇති කෙරී පෝෂණය කෙරුණු ඉන්දියාවේ සහාය ලැබුණු දෙමළ ජාතිවාදයේ අපේක්‍ෂාවන් ඉටු කිරීමට ද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය විය. මෛත්‍රිපාල සිරිසේනට එංගලන්ත අගමැති කැමරන් ඩවුනිං වීදියේ දී කී දේත් මෝදි තමා පිළිගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයේ දී ප්‍රකාශ කළ කරුණුත් අනුව දහතුනෙන් ඔබ්බට යෑමට ඔවුන්ට ඇති අවශ්‍යතාව පැහැදිලි වෙයි. ඔත්තු සේවාවලට මහින්ද රාජපක්‍ෂ පැරදවීමට අවශ්‍ය වූයේ චින ප්‍රතිපත්තිය මෙන් ම දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් බටහිර හා ඉන්දියාව අනුගමනය නොකිරීමේ ප්‍රතිපත්තිය ද හේතුවෙනි. ඔත්තු සේවාවල කාර්ය අවසන් වී නොමැති බව ද අවධාරණය කළ යුතු ය.

    රෝ ඔත්තු සේවයේ කටයුතුවලට මෝදි සම්බන්ධ නැතැයි කීම ද අපි නො පිළිගනිමු. එය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් වන නිසා එසේ සම්බන්ධයක් නැතැයි කීමට සිදුවන්නට ඇත. ඒ කෙසේ වෙතත් ඔත්තු සේවා රාජ්‍ය සමග සම්බන්ධකමක් නැතැයි ප්‍රචාරය කරන්නේ රාජ්‍යවලට ඇතැම් කරුණුවල දී එමගින් අත පිසදමා ගැනීමට හැකි බැවිනි. මෝදි මහින්ද රාජපක්‍ෂට අණ නොකළේ අණ කිරීමට නොහැකි වූ බැවින් මිස අණ කිරීමට අකමැති වූ නිසා නො වේ. රනිල් සිරිසේන ආණ්ඩුව අද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි ක්‍රියාකරයි. ආණ්ඩුව ඇතැම් විට මෝදි කියන දේ නොකරන්නේ නම් ඒ චීනයට ඇති බිය නිසා ය.


    අපට තවත් වැදගත් ප්‍රශ්නයක් ඇසීමට ඇත. ඔත්තු සේවා, විශේෂයෙන් ම රෝ ඔත්තු සේවය ලංකාවේ දී ක්‍රියාත්මක වීමේ දී ඔවුන්ගේ හවුල් කරුවන් ලෙස කටයුතු කළෝ කවරහු ද? අප ඔවුන් ගැන සොයා බලන්නේ නැත් ද? විදේශීය ඔත්තු සේවා සමග එකතු වී ආණ්ඩු පෙරළීම අභ්‍යන්තර ව ආණ්ඩුවකට විරුද්ධව කටයුතු කිරීමක් නො වේ. ආණ්ඩුවකට විරුද්ධව අභ්‍යන්තර ව නීත්‍යානුකූල ව කටයුතු කිරීමට පුරවැසියකුට අයිතියක් ඇත. එහෙත් මේ අයිතියේ සීමාව කුමක් ද?


    පුරවැසියකුට විදේශීය ඔත්තු සේවයක් සමග එකතු වී පවත්නා ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කළ හැකි ද? එය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් නො වන්නේ ද? අතීතයේ සිට ම මෙරට රජවරුන්ට විරුද්ධව භාරතීය වාංශික රජවරුන්ගේ සහාය ලබාගත් රාජ වාංශිකයෝ සිටියහ. එමෙන් ම රාමායණය පිළිගන්නේ නම් විදේශීය රජවරුන්ගේ ඒජන්තයෙන් ලෙස මෙරට රජවරුන්ට විරුද්ධව කටයුතු කළ විභීෂණලා (ඊනියා යහපාලකලා) සිටියහ. එක්තරා ආකාරයකින් ගතහොත් ඇතැම් නිළමෙලා 1815 දී රජුට විරුද්ධව ඉංගිරිසින් සමග එක් වී කටයුතු කළහ. ඩොයිලි සමග එකතු වූවෝ මෙරට සිටියහ. අප ඒ සම්ප්‍රදාය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ඉඩ දිය යුතු ද?


    නලින් ද සිල්වා


    2015 මාර්තු 14
     
    • Like
    Reactions: Challenger SRT8