දින 220කට පසු පෙටිට් උපන්දිනය සැමරීමට පෘථිවියට එයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    දින 220කට පසු පෙටිට් උපන්දිනය සැමරීමට පෘථිවියට එයි

    දින 220කට පසු පෙටිට් උපන්දිනය සැමරීමට පෘථිවියට එයි​



    අමෙරිකාවේ සේවයේ නියුතු වයස්ගතම ගගනගාමියා වන ඩොන් පෙටිට් ඔහුගේ 70 වන උපන්දිනය දා නැවත පෘථිවියට පැමිණ තිබේ.

    පෙටිට් සහ ඔහුගේ රුසියානු කාර්ය මණ්ඩල සගයන් වන ඇලෙක්සි ඔව්චිනින් සහ අයිවන් වැග්නර් රැගත් සෝයුස් එම්එස් -26 අභ්‍යවකාශ කැප්සියුලය අද (20)කසකස්තානයේ ස්ටෙප්ස් නම් ප්‍රදේශයට පැරෂුට් ආධාරයෙන් ගොඩබා ඇත.

    ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය නාසා ආයතනය පවසා ඇත.

    පෙටිට් සහ රුසියානු අභ්‍යවකාශගාමීන් දෙදෙනා මේ වනවිට ගුරුත්වාකර්ෂණයට අනුගත වීම සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

    මෙම අභ්‍යවකාශ මෙහෙයුම පෙටිට්ගේ සිව්වන මෙහෙයුම වන අතර ඒ අනුව ඔහු අභ්‍යවකාශයේ දින 590 ක් ගත කර ඇති බව සඳහන් වේ.
    පෙටිට් උපත ලබා ඇත්තේ 1955 අප්‍රේල් 20 වන දිනය.

    ඔහුට පෙර අභ්‍යවකාශයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා වුයේ 1998 දී නාසා මෙහෙයුමක පියාසර කළ අවුරුදු 77 ක් වූ ජෝන් ග්ලෙන්ට වන අතර ඔහු 2016 දී මිය ගොස් තිබේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මූ වගේ උන්ව යවන්නේ තනිකරම ඩේටා ගන්න . මිනිස් සංහතිය වෙනුවෙන් මේ මිනිස්සූ බිලිවෙන්නේ . බලහන් විකිරණ , ලෝ ග්‍රැවිටි ඔය මගුල් වල තියන්නේ ඇයි. ඩේටා වලට
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads