දින 220කට පසු පෙටිට් උපන්දිනය සැමරීමට පෘථිවියට එයි
අමෙරිකාවේ සේවයේ නියුතු වයස්ගතම ගගනගාමියා වන ඩොන් පෙටිට් ඔහුගේ 70 වන උපන්දිනය දා නැවත පෘථිවියට පැමිණ තිබේ.
පෙටිට් සහ ඔහුගේ රුසියානු කාර්ය මණ්ඩල සගයන් වන ඇලෙක්සි ඔව්චිනින් සහ අයිවන් වැග්නර් රැගත් සෝයුස් එම්එස් -26 අභ්‍යවකාශ කැප්සියුලය අද (20)කසකස්තානයේ ස්ටෙප්ස් නම් ප්‍රදේශයට පැරෂුට් ආධාරයෙන් ගොඩබා ඇත.
ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය නාසා ආයතනය පවසා ඇත.
පෙටිට් සහ රුසියානු අභ්‍යවකාශගාමීන් දෙදෙනා මේ වනවිට ගුරුත්වාකර්ෂණයට අනුගත වීම සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.
මෙම අභ්‍යවකාශ මෙහෙයුම පෙටිට්ගේ සිව්වන මෙහෙයුම වන අතර ඒ අනුව ඔහු අභ්‍යවකාශයේ දින 590 ක් ගත කර ඇති බව සඳහන් වේ.
පෙටිට් උපත ලබා ඇත්තේ 1955 අප්‍රේල් 20 වන දිනය.
ඔහුට පෙර අභ්‍යවකාශයේ පියාසර කළ වයස්ගතම පුද්ගලයා වුයේ 1998 දී නාසා මෙහෙයුමක පියාසර කළ අවුරුදු 77 ක් වූ ජෝන් ග්ලෙන්ට වන අතර ඔහු 2016 දී මිය ගොස් තිබේ.