දියණිය

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0

මාතර - වළස්මුල්ල - මිද්දෙණිය ප‍්‍රදේශයේදී පියෙකු විසින් සිය නව මස් හැවිරිදි සිඟිති දියණියගේ ගෙළ කපා අද අලූයම ඝාතනය කර තිබෙනවා. මොහු මාස කිහිපයක සිට බිරිඳ සහ දරුවා අතහැර දමා ගොස් සිටි බවයි වාර්තාවන්නේ. අනතුරුව දික්කසාදය සඳහා දෙදෙනාම එකඟතාවය පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා සිඟිති දියණියගේ සැපදුක් විමසීමට බව පවසමින් විටින් විට නිවසට පැමිණ තිබෙනවා. ඊයේ (16) මෙලෙස නිවසට පැමිණි මොහු දියණිය කිසිවෙකුටත් නොදන්වා රැුගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව මෙම පුද්ගලයාගේ මව විසින් අදාළ පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදී දැනුම්දී ඇත්තේ කුඩා දියණිය නැවත රැුගෙන විත් භාරදෙන ලෙසයි. එහිදී සැකකරු දියණිය භාරදීමට නම් මිද්දෙණිය ප‍්‍රදේශයේ ඇති තේක්ක කැලය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා. එම දැනුම්දීමට අනුවයි කුඩා දියණියගේ මවගේ ඥාති සහෝදරයෙකු වන පුද්ගලයෙකු අද උදෑසන තේක්ක කැලය වෙත පිටත්ව ගොස් ඇත්තේ. එහිදී ගෙළ තියුණු ආයුධයකින් කපා අමානුෂික ලෙස ඝාතනය කළ නව මස් හැවිරිදි කුඩා දියණියගේ සිරුර තේක්ක කැලය තුළ දමාගොස් තිබියදී හමුවුණා. ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ මව මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය වෙත පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කෙසේ වෙතත් සැකකාර පියා ප‍්‍රදේශයෙන් පළා ගොස් ඇති බවයි මිද්දෙනිය පොලීසිය ප‍්‍රකාශ කළේ.


1389867011_1269785_hirunews_baby-deth.jpg


:(:(:(:(
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,501
    3,737
    113
    mehemath kalakanni innawane,,,,,,,,,,, ammooooooooooo komada me kirisappayata eheama deyak kale.....
     

    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    policen hamabnu wei ahu uanahama hodata uta \

    mona unath amma appage wardi lamaya marapu eka num saha gahaan warada