දියතලාව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දියතලාව ඇල්ලේගම පාසැල් කන්ද ප්‍රදේශයේදී අට හැවිරිදි දැරිවියක් දූෂණය කොට මරා දමා තිබියදී ඇගේ සිරුර හමුවී තිබේ. ඇල්ලේගම විදුහලේ 3 වන වසරේ ඉගෙනුම ලැබූ අට හැවිරිදි දැරිවියක වූ එච්.එම්.ඉරේෂිකා සත්සරණී නැමැති දැරිය මෙලෙස දූෂණය කොට මරා දමා තිබිණි. මවත් පියාත් හැරුණු කොට වැඩිමල් සොහොයුරෙකුගේත්, සොහොයුරියකගේත් බාල නැඟණිය වූ සත්සරණී ජීවත් වූ නිවසට යාබද නිවසෙහි ගරාජයක සේවකයෙකු වාසය කොට තිබේ. ඔහු බිරිඳගෙන් වෙන්ව හුදකලාව වාසය කොට ඇති අතර බිරිඳගේ නිවස ගිනිතැබීමේ වරදට සිරගතව සිට මීට සතියකට පමණ පෙර නිදහස්ව පැමිණියෙකි. නලීන් ප්‍රියදර්ශන (49) නැමැති මේ පුද්ගලයා සත්සරණිගේ පියා සමග හිතවත්ව සිටි අතර නිතර නිවසට ආගිය අයෙකි. සිරගතව පැමිණි දාමරිකයෙකු බව දැන සිටියද සත්තරණිගේ පියා මේ පුද්ගලයාගේ මිතුරුකම විශ්වාස කොට තිබේ. කෙසේ වෙතත් ගොදුර සොයා පැමිණි ගරාජ්කරුට එම විශ්වාසය සිය ඉලක්කයට යන්නට වඩාත් පහසු වී තිබේ.

    ඊයේ (18) ගොම්මන් හවස් වරුවේද මේ බිහිසුණු අපරාධකරු සත්සරණිගේ නිවසට පැමිණියේය. වෙනත් ඇඳුමක් රැගෙන එන්නට ගෙදර යන්නම් යැයි සැකකාර අපරාධකරු සත්සරණිගේ පියාට කියා ඇති අතර මිදුලේ දුව පැන ඇවිදිමින් සිටි සත්සරණීද කැටුව යන්නම් යැයි ද පවසා තිබේ. පරිස්මට යැවීම ඈලියාවට යතැයි නොසිතූ දැරිය‍ගේ පියා ඊට එකඟව ඇත.

    එහෙත් දඩයක්කරු ගොඳුර රැගන ගෙදර ගියේය. සවස හයට ගෙදර ගිය මිතුරාත් දියණියත් රාත්‍රී අට වනතුරුත් නොපැමිණීම හේතුවෙන් දැරියගේ ගෙදර සියල්ලෝම කළබල වූහ. අසල නිවෙසක පිරිසට කතා කොට මේ බව දැනුම් දුන් අතර ඔවුන්ද සමග සැකකරුගේ නිවෙස පිරික්සා ඇත. එහෙත් දොරගුලු ලා තිබූ හෙයින් නිවසේ කිසිවකු නැතැයි ඔවුහු සිතූහ.

    මේ බව පොලිසියට දැනුම් දෙනලෙස අසල්වාසීන් කීවද දැරියගේ පියා තුළ සිය මිතුරාට එරෙහිව පැමිණිල්ලක් කරන්නට තරම්හෝ සැකයක් ඒ වනතුරුත් තිබී නැත. එහෙත් දියණිය හෝ මිතුරා ගැන කිසිදු තොරතුරක් නැති තැන බණ්ඩාරවෙල පොලිසියට මේ බව පැමිණිලි කළහ. පසුව සියලු දෙනා එක්ව සැකකරුගේ නිවසේ ජනෙල් කඩා බැලූ විට අටහැවිරිදි දැරියගේ ඇඳුම් රැසක් තිබී ඇති අතර යහනෙහි ලේ බිඳු කිහිපයක්ද තිබී ඇත. භීතියට පත් වූ සියලු දෙනාම දැරිය සොයා ගමම පීරා ඇති අතර අද (19) අලුයම එකහමාරට පමණ දැරියගේ නිසල සිරුර අසල කුඹුරක තිබී හමුවී ඇත. මේ වන විට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.


    Lankadeepa
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මරණ දඩුවම දෙන්න ඔනේ මේ වගේ අයට
    මොකද හදන්න බැහැ මේ වගේ මානසික අසහනකරෙයොන්ව...
    තාත්තගේ වැරැද්ද..... කරන්න දෙයක් නැහැ දැං
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඔන්න රනිල් වහන්සෙගෙ පිබිදුන ශ්‍රී ලංකාවෙ තරම. උන්නාන්සෙ විපක්ෂෙ කාබාසිනියා කරන නිසා තමා ආණ්ඩුව පිස්සු නටලා මිනිස්සුන්ගේ ඔළු විකාර වෙලා මේ වගේ දේවල් වෙන්නෙ. :lol:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ලංකාවෙ වෙන හැම රෙද්දටම ඈස්චර්යය කියන උන්ට තේරෙනවද මම උඩ කියලා තියෙන එකත් ලංකාවෙ වෙන හැම රෙද්දටම ඔය තියෙන්නෙ රජාගෙ ඈස්චර්යය කිය කිය කමෙන්ට් ගහන එකෙත් තියෙන ගොන් කම ? අද නම් කවුරුවත් ඈස්චර්යය ගැන කියලා නෑ තමයි කියන්න කලින් මම ඒක කිව්වෙ. :lol: