දියවැඩියාව ට බය උනු කාලෙ ඉවරයි......

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    දියවැඩියාව ට බය උනු කාලෙ ඉවරයි......
    ..............................................
    දියවැඩියාව කියන්නේ සීනි වැඩිවෙන එක නෙවෙයි.....
    Type 2 DM.........
    ..........................................
    .සීනි වැඩිවෙනවා කියන්නේ දියවැඩියාවේ රෝග ලක්සනයක් විතරයි...
    ..................................................................
    T2DM දියවැඩියාව කියන්නේ
    # ඉන්සියුලින් ප්‍රතිරෝදය
    # සිරුරේ අධික ඉන්සියුලින් නිශ්පාදනය
    # සිරුරේ ඉන්සියුලින් නිශ්පාදනය අඩු වීම. අග්න්‍යාශයේ බීටා සයිල වල ක්‍රියාකාරීත්වය අඩපන වීම
    # අක්මාවෙන් වැඩිපුර සීනි නිශ්පාදනය
    # ග්ලූකගොන් හෝමෝනය වැඩිපුර ක්‍රියාකාරීත්වය
    # ශරීරයේ තැන්පත් මේදය නැවත භාවිතයට ගැනීමේ නොහැකියාව.
    # අක්මාවේ සහ අග්න්‍යාශයේ තෙල් තැන්පත් වීම.
    # මේවා එකක් හෝ කීපයක්
    ........................................................
    මේ රෝගයට හේතුව මොකක්ද..?
    .............................................
    1. අදික සීනි සහ පිටි වර්ග ..සංශුද්ද කාබෝහයිඩ්‍රේට නිතර ආහාරය ට ගැනීම
    2. නිතර නිතර ආහාර ගැනීම
    3. රාත්‍රී ආහාරය ප්‍රාමාදවී ගැනීම
    4. රාත්‍රී ප්‍රමානවත් නින්දක් නොමැතිවීම
    5.ආහාරයේ ප්‍රමානවත් තරම් සංතෘප්ත මේදය නොමැති වීම.
    ..............................................................
    දියවැඩියාව සනීප කරන්න බැරිද?
    ..............................................................
    පුලුවන්.
    ......................................................
    1. බේරියෑට්‍රික් සර්ජරි කරපු අයගේ දියවැඩියාව දින කීපයක් ඇතුලත සුව වෙනවා.
    2. පිශ්ඨය අවම ආහාර වේල ගන්න අයගේ ආහාර දියවැඩියාව සුව වෙනවා.
    3. ඉන්ටමිටන්ට් ෆාස්ටින්ං කරන අයගේ දියවැඩියාව සුව වෙනවා.
    4. VLCD. ඉතා අඩු කැලරි ආහාරයක් ගන්න අයගේ දියවැඩියාව සුව වෙනවා..
    ..............................................................
    දියවැඩියාව ට සනීප කරන්න පුලුවන් කෝමද.?
    .............................................................
    # පැනිරස සහ සංශුද්ද පිශ්ඨය refined carbs ආහාරයට ගැනීම නවත්වන්න.
    # සැරින් සැරේ චුට්ට චුට්ට කන එක නවත්තන්න
    # ප්‍රදාන ආහාර වේල දෙකක් විතරක් ගන්න.
    # දවසේ ආහාර ගන්නා කාලය පැය අටකට සීමාකරගන්න
    # රාත්‍රී ආහාරය වෙලාසන ගන්න.සවස හතට පෙර.
    # රාත්‍රී දහයට පෙර නිදා ගන්න.
    # හැමෝම දොස්තරලා කියන ජනප්‍රිය කියමන මම කියන්නේ නෑ...
    ...................."ව්‍යායාම කරන්න" ..........
    කියලා...ව්‍යායාම දශමයක්වත් නොකර දියවැඩියාව සනීප කරන්න පුලුවන්...අපි කරලා තියෙනවා...නමුත් ව්‍යායාම කරන එක ඉතාම හොදයි ඔබේ ශරීර සෞඛ්‍යය ට.
    ඒ නිසා ව්‍යායාම කරන්න.
    ............................................................
    සමහරු කියනවා බර අඩු උනාම දියවැඩියාව සනීප වෙනවා කියලා ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ...නමුත් බර අඩු නොවී උනත් දියවැඩියාව සුව කරන්න පුලුවන්... ඉබේම බර අඩු වෙනවා ඉහත විදිහට කන්න ගත්තාම...
    .............................................................
    දියවැඩියාව සනීප කර ගන්න ඕන නම් කන්න ඕන මොනාද..?
    ......................................................
    එපා කියන ඔක්කොම ජාති කන්න.
    කන්න කියන කිසිම ජාතියක් කන්න එපා.
    .....................................................
    එපා කියන ජාති...
    ඒ කියන්නේ සාමාන්‍යයෙන් දියවැඩියාව රෝගීනට කන්න එපා කියලා කියන දේවල් ඔක්කොම කන්න
    # තෙල්. ...වර්ග...හරක් මස්..ඌරු මස්..මස්..පොල්සම්බෝල..බිත්තර කහමදය සමග දවසට අඩුම ගානෙ දෙකක්වත්...බටර් ..පොල් තෙල්..මස්...මාලු..අලිපේර..මීකිරි.හතු..ටෝෆු..සෝයා කර්ඩ්..
    .මේ ජාති ඇතිතරම් කන්න..හොදට බඩ පිරෙන්න කන්න
    (පිගානෙන් බාගයක් වත් අඩුම ගානේ)
    ...........................................................
    ඉතිරි බාගයෙන් වැඩි හරියක් ..
    .කොල ජාති ..පලා වර්ග..මැල්ලුම්...කොලපාට එලෝලු...
    කොල පාට , පුංචි,ඇඹුල පලතුරු...වෙරලු නංනං..නෙල්ලි..දිවුල් ..බෙලි..ජම්බු...අඹරැල්ල ..වගේ ලෝකල් ..ගොඩේ පලතුරු කන්න...
    තිත්ත් එලෝලු වර්ග...කරවිල, තිබ්බොටු..තුඹ..වැඩිපුර නිතර කන්න..
    .....................................................
    බඩේ ඉඩ ඉතුරු උනොත් විතරක්...
    පිශ්ඨය සහිත ආහාර චුට්ටක් බෙදා ගන්න....
    කඩල කවුපි මුං ඇට තමා ප්‍රදාන.
    ..................................................
    බත් නොකන තරමට හොදායි..
    ......................................................
    කන්න කියන කෑම ජාති කන්න එපා.
    .සාමාන්නයෙන් දියවැඩියාව රෝගීන්ට කන්න කියන කෑම ජාති කන්න එපා...
    ...........................
    @ සන් ෆ්ලවර් ඔයිල්..කෝන් ඔයිල් .එලෝලු තෙල්..වගේ තෙල් කන්න එපා...
    @ පැකට් කරපු කෑම කන්න එපා
    @ පැනි බීම ..කිරි පැක්ට්..පිටි කිරි ..එපා.
    @ අල පරිප්පු සෝයා මීට් පපඩම් එපා..
    @ සකස් කල කෑම වර්ග කන්න එපා...
    @ රූපවාහිනියේ දැන්වීමක යන කිසිම කෑමක් කන්න එපා.
    @ කහපාට ලොකු පැනිරස පලතුරු කන්න එපා...කෙසෙල්.ගස්ලබු.කොමඩු.අන්නාසි.අඹ..
    @ සීනි පැනිරස කෑම වරිග කන්න එපා..
    @ පාන්පිටි සහ හාල් පිටි වලින් හදපු කෑම ජාති කිසිවක් කන්න එපා....
    .................................................................
    කන වෙලාව
    දවල් 11-12 අතර උදේට සහ දවල්ට එක වේලයි.
    රෑට සවස 6-7 අතර කන්න.
    රජෙක් වගේ නෙවෙයි...
    කොහොමවත් උදේට කන්න එපා....
    ලොකු කෑම වේල දෙකක් ඉතරක් කන්න...ඒ වේල ඕනතරම් කන්න...
    .....................................
    මේ විදිහට කනකොට සීනි මට්ටම දඩි බිඩි ගාලා පහලට බහිනවා...
    සීනි බේත් ටික ඔක්කොම සති දෙකක් ඇතුලත නවත්තන්න පුලුවන්...
    ඉන්සියුලින් පවා නවත්තන්න පුලුවන්..
    ............................
    බේතුත් එක්ක මේ ක්‍රමය කරන්නගියොත් සීනි අඩු වෙලා හයිපොග්ලයිසීමික් වෙන්න පුලුවන්....
    .......................................................
    ඒ නිසා කෑම පිගානෙන් පිශ්ටය සහිත ආහාර අඩු කරන එක ක්‍රම ක්‍රමයෙන් කරන්න....
    ඒ වගේ ම කෑම වේල් දෙකකට කෑම වේල ගේන එකත් ක්‍රම ක්‍රමයෙන් කරන්න....
    ......................................................
    මෙට්ෆෝමින් ඇර අනික් බේත් නවත්තලා පටන් ගන්න පුලුවන්...
    ...........................................................
    .එක පාරටම මේ ක්‍රමය කලොත් උන. වමනය වගේ එන්න පුලුවන්...(keto flu)
    ඒකට බය වෙන්න එපා...ඒක ඉබේම දවස්ක් දෙකක් ඇතුලත නැතිවෙලා යනවා..ඉබෙව්ටම...
    ඒ නිසා ක්‍රම ක්‍රමයෙන් ..
    මේ ක්‍රමයට හුරු වෙන්න........
    ...................................................
    බඩගිනි වැඩි වෙලා මට මොනව හරි වෙයිද...?
    දියවැඩියාව රෝගීන්ට තියෙන නිතර නිත්‍ර කන්න ඕන වෙන එක පෙරේත කම නෙවෙයි..එයාලගේ ලෙඩේ සහ කෑම වේලේ අධිකව ඇති පිශ්ඨය නිසා ඇති වෙන රෝග ලක්ශනයක්...අපි කිය්න විදිහට කන්න ගත්තොත්..බඩ ගින්න දවස් තුනෙන් නැතිවෙලා යනවා....මේ පරන මනුස්සයාමද කියලා දන්න කියන අය කියන්න ගනී...දවස් තුනක් පටි තද කරන් මේ ක්‍රමයට අනුගත වෙන්න...ඊට පස්සෙ දියවැඩියාව වෙන් ඔබ් සදහටම නිදහස්...................
    ...........................................
    දියවැඩියාව සනීපයි කියන්නේ කෝමද.?
    ................................................
    ...ඔබේ HbA1c මට්ටම (බෙහෙත් කිසිවක් නොමැතිව) 5.6 ට වඩා පහලින් තියා ගන්න ඕන....
    මාස තුනකට වරක් ජීවිතය තියෙන තාක් කල් මේ පරීක්සාව කරන්න ඕන. 5.6 ට වඩා අඩු අගයක පවත්වා ගන්න ඕන.......මොකද ඔබ පරන ක්‍රමයට නැවත කන්න ගියොත් දියවැඩියාව නැවත හිස ඔසවන්න පුලුවන්.
    .....................................................
    කොලෙස්ටරෝල් ගැන බයවෙන්න එපා...ඒක බොරුවක්...
    සමහර විට මේ ක්‍රමයෙදි LDL සහ total cholesterole වැඩි වෙන්න පුලුවන්...ඒක සාමාන්‍ය දෙයක්...මැරෙන්නෙ නෑ..
    ..........................................................
    මේක මම හොයා ගත්තු ක්‍රමයක් නෙවෙයි...
    බටහිර වයිද්‍ය විද්‍යාවේ තියෙන ක්‍රමයක්...
    මේ සම්බන්දයෙන් කරපු සමීක්ශන සහ පරීක්ශන ඇති තරම් තියෙනවා.....
    ..................................
    2020 American Diabetic Association එකෙන් පවා මේ ක්‍රමය අනුමත කරලා තියෙනවා..
    .එයාලා කියනවා
    (දියවැඩියාව රෝගියෙකුට)මිනිහෙකුට ජීවත් වෙන්න පිශ්ඨය දශමයක්වත් ඕන නෑ කියලා.
    කවුරු හරි කියනවා නම් මේක බොරු කියලා ..
    මේ ගැන ඕනතරම් research තියෙනවා.
    .........................................................
    Dr.Wannaku
    ..............................................................
    Whatsapp 0714485994
    ......................................................
    අපේ දියවැඩියාව කන්ඩායමට එකතු වන්න ඔයාලා හැමෝටම ආරාදනා කරනවා
    https://www.facebook.com/groups/224267952713784/?ref=share
    .............................................................
    Links to evidence
    https://doi.org/10.1136/bmj.m4743

    http://dx.doi.org/10.1136/bmjdrc-2016-000354

    https://doi.org/10.2337/dci19-0014
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මට දියවැඩියාව නම් නෑ ඒත් බර අඩුකර ගන්න ඕන නිසා මම කන්නේ ඔය විදිහට තමයි. ඒ කියන්නේ උදේට කන්නේ දහයත් එකොළහත් අතර බිත්තර දෙකයි බ්‍රවුන් ටෝස්ට් දෙකයි. හවස තුනට විතර කිව්කම්බ එකක් කනවා. හයෙන් ඉස්සල්ලා රෑට කනවා ගොඩක් වෙලාවට කන්නේ සැලඩ් එකක් එක්ක බේක්‌ කරපු මාළු හරි චිකන් හරි තමයි. මම මේක කරන්න පටන් ගත්තේ පහුගිය ජනවාරි දහඅට එතකොට මගේ බර කිලෝ 83 යි ඊයේ වෙනකොට මගේ බර කිලෝ 72. ව්‍යායාම නම් කරේ නෑ වෙලාවක් නැති නිසා. තනිකරම කෑමෙන් තමයි ඔය ගාන අඩුකරේ. දැන් පුදුම සැහැල්ලුවක් ඇගට දැනෙන්නේ. ඒ නිසා ලෙඩක් හැදෙනකම්ම ඉන්නේ නැතුව හැදෙන්න කලින් පරිස්සම් වෙන්න.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    178498093_2911869249131702_8906415464677730540_n.jpg
    177871903_2911869285798365_6198632505006567047_n.jpg
    178412140_2911869299131697_1268369406821342135_n.jpg
    177762415_2911869279131699_5866216822419488200_n.jpg
    177919181_2911869282465032_8288572641917545721_n.jpg

    හැමදාම කන බත් නැතුව මේ විදිහට කන්න..
    හැමදාම තඩි බත් පිඟානකට එළවළු, මස්, මාළු පොඩ්ඩක් දාගෙන කාපු විදිහ වෙනස් කරලා බත් නැතිව මේ විදිහට කන්න පුරුදු වෙන්න. බත් කනවනම් මේස හැඳ 7 ක් ( බත් අඬු කෝප්පයක් හෙවත් ග්‍රෑම් 100 ක්) පමණ හෝ ඊට අඩුවෙන් ගන්න. මේ කෑම ජාතිම අවශ්‍ය නෑ. ඔබ එදිනෙදා ආහාරයට ගන්න එළවළු මස්, මාළු ජාති වලින් මේ විදිහට හදා ගන්න.‍
    කොළ එළවළු, මස්, මාළු, බිත්තර, හතු වැඩියෙන් කෑමට ගන්න. තක්කලි, වට්ටක්කා, ගෝවා බෝංචි නිතර කෑමට එකකර ගන්න. ස්ට්‍රෝබෙරි, කොමඩු, පේර වගේ පලතුරු වගේම ඇඹුල් රස පළතුරුත් එකතු කර ගන්න.
     

    Aladeen

    Junior member
  • Oct 4, 2012
    9
    27
    13
    @ රූපවාහිනියේ දැන්වීමක යන කිසිම කෑමක් කන්න එපා.

    Best one......
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    meka hariyatama hari.. keto diet.. thawa green tea wage ewa athi tharam bonna.. seeni dala nam bonna epa.. palaweni dawas tika amarui.. bath heenen pena dawasuth enawa.. eth amaruwen hari allagena inna.. target weight ekatai , sugar adu unama.. hemmeta carbs denna.. keto wala awula..nawaththala kanna gaththamam..aye patas gala anga enawa.. :(