දියවැඩියාව ප්‍රධාන කරුණු හය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දියවැඩියාව ප්‍රධාන කරුණු හය

    දියවැඩියාව හටගැනීමට බලපාන ප්‍රධාන කරුණු හය

    දියවැඩියාවට ක්‍රි.ව. අවුරුදු 3000 කට අධික දීර්ඝ ඉතිහාසයක්‌ ඇත. එනම් වෛදික යුගයෙන් පැවත ආ සියලු මනුෂ්‍ය වර්ගයාට ජාති බේදයක්‌ නොමැතිව බාල, මහලු, තරුණ වයස්‌ බේදයක්‌ද නොමැතිව සියලුම දෙනාට මෙම රෝගය වැළඳේ මෙම රෝගය ආයුර්වේදයේ ද අප පාරම්පරික ක්‍රමයේද සඳහන් වන්නේ මහා රෝග ගනයට අයත් මහා රෝගයක්‌ ලෙසය. මෙම රෝගය වැළඳීමේ ක්‍රම 6 කි.

    01.මානසිකව 90% ක්‌ හටගනී.

    එනම් මනසට කරදර, හිරිහැර, දුක්‌, කම්කටොලු, සඵල කරගත නොහැකි අනවශ්‍ය සිතුවිලි දකින දකින, සිතන සිතන දේ ලබාගැනීමට නොහැකිව කල්පනා කිරීම මනසට වධ දීම නිසා ඇතිවන මානසික ආතතිය 90% ක්‌ රෝගීන් වේ.

    02. පැණි රස, කිරි රස ආහාර වැඩිපුර ගැනීම,

    පාන් පිටිවලින් නිෂ්පාදිත ආහාර වැඩිපුර ගැනීම, සති දෙකකට වරක්‌වත් තිත්ත දෙයක්‌ ආහාරයට නොගැනීම, කේක්‌ වර්ග, පැණි බීම වර්ග, බිත්තර, කුකුළුමස්‌ බහුලව ආහාරයට ගැනීම, ජාන තාක්‌ෂණ ආහාර ගැනීම, කෘත්‍රිම ආහාර වර්ග නිතර නිතර වැඩිපුර ගැනීම, සිට්‌රික්‌ ඇසිඩ්, ඇසිටික්‌ ඇසිඩ්, කොන් සිරප්, සෝඩියම් බෙන්සොයිල්, සෝඩියම් බයිකාබනේට්‌, ඇමෝනියම්, ග්ලුකෝස්‌, සැකරින්, අජිනොමොටෝ අඩංගු ආහාර ගැනීමෙන් දියවැඩියාව හට ගනී. එපමණක්‌ නොව පිළිකා වයිරස්‌ද, ගැස්‌ට්‍රයිටීස්‌ ද ඇතිවේ.

    03. ජාන හරහා පරම්පරාවෙන් පරම්පරාවට දියවැඩියාව හට ගනී.

    මව හා පියා දෙදෙනාට දියවැඩියාව තිබේ නම් 100% දරුවන්ට හටගනී මව හෝ පියා එක්‌ අයකුට තිබේ නම් 50% දක්‌වා දරුවන්ට හට ගනී. මව හා එම පවුලේ සහෝදරයන්ට 75% දක්‌වා හට ගනී එම සහෝදරයන්ගේ දරුවන් 25% දක්‌වා හටගනී. කුඩා ළමුන්ට හා පෙර පාසල් ළමුන්ට මෙම රෝගය හටගන්නේ දෙමව්පියන්ගෙන් එන ජාන හරහාය. පාසල් ළමුන්ට අධික පැණි රස ආහාර කෑම, පැණි බීම වර්ග බීම, කෘත්‍රිම ආහාර බහුලව කෑම නිසාත් දෙමාපියන්ගේ ජාන හරහාත් හටගනී අද පාසල් ළමුන්ට මනසට බොහෝ කරදර පැටලී ඇති යුගයකි. උදේට පාසලට ගොස්‌ දවාලට පාසල ඇරී ටියුෂන් පන්ති සඳහා යයි. ඉර හඳවත් බලාගැනීමට කාලය හා වේලාවක්‌ නැත. කර තබාගෙන යන පොත් බෑගය ළමයටත් වඩා බර වැඩි උසුලා ගැනීමට නොහැකි නිසා ළමයින්ගේ මනස වියවුල්වේ. එයින් දියවැඩියාව හට ගනී. පාසල් ළමුන්ට දියවැඩියාව 16% ඇති බව සමීක්‍ෂණවලින් හෙළිවී ඇත.

    04. ඖෂධ වර්ග වැඩිපුර ගැනීම විශේෂයෙන් බටහිර ඖෂධ වැඩිපුර ගැනීම,

    ඇල්කොහොල් අඩංගු ඖෂධ වර්ග මාත්‍රාව ඉක්‌මවා නියමිත මාත්‍රාව මෙන් දෙතුන් ගුණයක්‌ මාත්‍රාවට ඖෂධ ලබාගැනීම, වේදනා නාශක ඖෂධ බහුලව ගැනීමෙන් මෙම රෝගය වැළඳේ. එපමණක්‌ නොව නොයෙකුත් අතුරු ආබාධ ගැස්‌ට්‍රයිටිස්‌, චර්ම ගත රෝග, බඩේ පපුවේ දැවිල්ල හට ගනී.

    05. නොවැළැක්‌විය යුතු වේග වැලකීම,

    මළ, මුත්‍ර, වමන, කැස්‌ස, කිවිසුම්, ශුක්‍ර, කඳුළු, මෙම වේග අවශ්‍ය වේලාවට පහ නොකර සිරුරේ තබාගෙන සිටීමෙන් දියවැඩියාව හට ගනී.

    06. අධික තරබාරුව

    උසට වඩා බර වැඩිවීම, අවුරුදු 40 ඉක්‌මවීමෙන් පසුවත් අලුත් ආහාර, අලුත් එළවළු, අලුත් මස්‌ මාලු වැඩිපුර ආහාරයට ගැනීම, මත්ද්‍රව්‍ය, සුරා මත් වතුර අධිකව ගැනීම, දවල් නිදාගැනීම, රාත්‍රී නිදි වැරීම, අසුනක වාඩි වී කකුල් දෙක තවත් පුටුවක දික්‌ අතට තබාගෙන සිටීම, අනුන්ගේ දේවල් සොයමින් අනුන්ට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, නිසාත් මෙම රෝගය හට ගනී.

    විසිවැදෑරුම් ප්‍රමේහ රෝගයන්ගේ අන්තිම අවස්‌ථාව දියවැඩියාව වේ. මුත්‍ර සමඟ සීනි බහුල වශයෙන් පිටවන හෙයින් මෙම රෝගය මධුමේහය නමින් ආයුර්වේදඥයෝ හඳුන්වති. දියවැඩියාව යයි ද වහරෙහි එයි. මධුමේහය විසිවැදෑරුම් ප්‍රමේහයන්ට අයත් භේදයක්‌ නොවේ. සියලුම ප්‍රමේහයන්ගේ අතික්‍රාන්ත අවස්‌ථාව මධුමේහයයි.

    සර්ව එව ප්‍රමෙහාසතු - කාලෙනා ප්‍රතිකාරිණඃ

    මධුමෙහFව මායානති - තදා සාධ්‍යා භවනති හි.

    ප්‍රමේහය විසිවැදෑරුම් වේ. ඒ මෙසේය.

    1. උදක මේහය, 2. ඉක්‍ෂු මේහය, 3. සාJද්‍ර මේහය, 4. සුරා මේහය, 5. පිෂට මේහය, 6. ශුක්‍රමේහය, 7. සිකතා මේහය, 8. ශිත මේහය, 9. ශනෛර් මේහය, 10. ලාලා මේහය, 11. ක්‍ෂාර මේහය, 12. නීල මේහය, 13. කාල මේහය, 14. හාරිද්‍ර මේහය, 15. මාඤර්ෂ්ඨ මේහය, 16. රක්‌ත මේහය, 17. වසා මේහය, 18. මජජා මේහය, 19. ක්‍ෂෙෘද්‍ර මේහය, 20. හස්‌ති මේහය.

    මින් අංක 1 සිට 10 දක්‌වා නිර්දිෂ්ට මේහ විශේෂය සෙමින් උපදනාහුය. (දෝෂය කඵවේ) 11 සිට 16 දක්‌වා වන මේහයෝ පිතින් උපදිනාහුය. (දෝෂය පිතවේ) අංක 17 සිට 20 දක්‌වා වන මේහ සතර වාතයෙන් උපදනාහු වෙති (දෝෂය වාතයවේ)

    පූර්වරූප ලක්‍ෂණ(

    උදක මේහය( බෙලසුල් වූ බෙහෙවින් සුදු වූ සිසිල් වූ දිය බඳු මුත්‍ර උදක මේහයෙහි පිටවේ.

    ඉක්‌ෂු මේහය( මෙහිදී බොහෝ පැණි රසින් යුත් මුත්‍ර නිබඳ පිට කරයි.

    සාන්ද්‍ර මේහය( යම් ප්‍රමේහ රෝගියකු හෝ මුත්‍ර රැයක්‌ තබා පසුදා කැරෙන පරීක්‍ෂණයෙහිදී එය ආටෝපව තිබෙන බව පෙනේ නම් එම රෝගියා සාන්ද්‍රමේහියෙකි.

    සුරා මේහය( රැයක්‌ තබාගත් මුත්‍ර යට මණ්‌ඩි ඇතිව උඩින් සුරා බඳුව තිබේනම් ඒ සුරා මේහයයි.

    පිෂට මේහය( මේ රෝගියාගේ මුත්‍ර සමග ශාරීරික පිෂ්ටධාතුව පිට වේ. මුත්‍ර කරන විට ශරීරය කිළිපොළා ලොමු දැහැගැන්වෙයි. මුත්‍ර පිටි බඳුය, බෙහෙවින් සුදුය.

    ශුක්‍ර මේහය( ශුක්‍ර මේහියා, ශුක්‍ර ධාතු බඳු ව හෝ ශුක්‍ර ධාතු මිශ්‍රව මුත්‍ර කරයි.

    සිකතා මේහය( මේ රෝගියාගේ මුත්‍ර වැලි මිශ්‍ර වූවා සේය.

    ශීත මේහය( මොහුගේ මුත්‍ර බහුලය. මිහිරිය, බොහෝ සිසිල්ය.

    ශනෛර් මේහය( මොහු සෙමින් සෙමින් බින්දු මුත්‍ර පිටකරයි.

    ලාලා මේහය( මෙහි මුත්‍ර උකුය, කෙළ බඳු මුත්‍ර පිටවන රෝගය ක්‍ෂාර මේහයයි. (සෙම කෝප කරන්නීය දෝෂය කඵවේ)

    ක්‍ෂාර මේහය( ගඳින් පැහැයෙන් හා රසයෙන් ක්‍ෂාර බඳු මුත්‍ර පිටවන රෝගය ක්‍ෂාර මේහයයි.

    නීල මේහය( නීලවර්ණ මුත්‍ර යුක්‌ත රෝගය මෙනම් වේ.

    කාල මේහය( කාලවණී අඳුන් බඳු මුත්‍ර මෙහිදී පිටකරයි.

    හාරිද්‍ර මේහය( කහ පැහැති මුත්‍ර පිටවන හෙයින් මේ හාරිද්‍ර මේහ නම්, කුළු රසැති මුත්‍ර එහිදී පිටවේ.

    මාඤාජිෂ්ඨ මේහය( මදටිය පැහැයට මුත්‍ර පිටකරයි. රළුය මී පැණි පැහැය ගනී. මුදුරසය ඇති කරයි.

    රක්‌ත මේහය( උණුසුම් වූ ලුණු රසැති වූ රුධිරධාරා බඳු මුත්‍ර මෙහි දී පිටවේ.

    වසා මේහය( වසා මිශ්‍ර මුත්‍ර පිටවන රෝගය මෙනම් වෙයි.

    මඡ්ජා මේහය( මෙහිදී ඇට මිදුළු මිශ්‍රව හෝ ඇට මිදුළු බඳුව වරින්වර මුත්‍ර පිටවේ.

    ක්‍ෂෙෘද්‍ර මේහය( කසට රස හා මිහිරි රස ඇති මුත්‍ර මෙහිදී පිට කරයි.

    හස්‌ති මේහය( වේග විවර්ජිත ව ඇතෙකුගේ මුත්‍ර බඳු මුත්‍ර පිටවෙන රෝගය හස්‌ති මේහ වේ.

    දියවැඩියාව ශරීරගත වූ විට පහළ වන රෝග ලක්‍ෂණ

    මළ වැඩිපුර පිට කරයි. කබ, කඳුළු, සංකාලාඳුරු, සොටුකබල් වැඩිපුර පිටකරයි. මුත්‍ර වරින් වර පිටකරයි. මුත්‍ර වැඩිපුර පිටකරයි. මුත්‍ර මී පැණි බඳු දුඹුරු පැහැය ඇතිවේ. මුත්‍ර කරන තැන කුහුඹුවන්, මැස්‌සන්, කඩියන් පැමිණ ආහාරයට ගනී. ඇස්‌ පෙනීම අඩුකරයි. ඇස්‌වල පුළුන් වැසුණාසේ පටල ඇතිකරයි. ශරීරය අත්පා හිරිගතිය, අතුල්පතුල් දැවිල්ල, දත්මුල් දියවී යාම, හෘදයාබාධ ඇතිවීම, ස්‌නායු පද්ධතිය දුර්වලවීම, අධික රුධිර පීඩනය, වකුගඩු දුර්වලවීම, සෛල දුර්වල වීම, අමතක වීම, කල්පනා ශක්‌තිය අඩුවීම හටගනී.

    තවද මෙම රෝගය ගර්භණී මව්වරුන්ට ගර්භණී කාලයේදී හට ගනී. එය දරු ප්‍රසූතියෙන් පසු සුව වේ. මෙය හැරුණු විට අනිකුත් දියවැඩියාව පාලනය කළ හැක. නිට්‌ටාවට සුවකළ හැක.

    දැනට ශ්‍රී ලංකාවේ 24% ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‍ෂයටම ඇති බව සමීක්‍ෂණ වලින් ඔප්පු වී ඇත. පාසල් ළමුන්ට හා පෙර පාසල් ළමුන්ට 16% ඇත. පාසල් ළමුන්ගේ දියවැඩියාව නිට්‌ටාවට සුව කළ නොහැක. පාලනය කරගත හැක. පැණි රස වැඩිපුර කෑමෙන් දත්වලටද හානි සිදුවේ. දත් දිරායයි. දියවැඩියා රෝගීන්ගෙන් 46% ක්‌ වකුගඩු හා පාද අහිමිවී ඇත. ලංකාවේ සෑම පුරවැසියන්ගෙන් 6 දෙනකුගෙන් 1 අයෙකුට දියවැඩියාව ඇත. මුළු ලෝකයේම සෑම තත්පර 10 කටම එක්‌ දියවැඩියා රෝගියෙක්‌ බිහිවේ.

    මෙම රෝගය වැළඳුණු අය ඉතාම කෙට්‌ටු භාවයට පත්වේ. එසේ සිදුවන්නේ ශරීරයේ ඇති සප්ත ධාතූන් මුත්‍ර සමඟ දියවී සිරුරෙන් පිට වී යාමයි. ආයුර්වේදයේ මධුමේහය නමින් හඳුන්වනු ලබන්නේ ශරීරයේ සප්ත ධාතූන් වන මධුර කොටස්‌ මුත්‍ර සමඟ පිටවී යාමයි.

    ශරීරයේ ලේවල ග්ලුකෝස්‌ (සීනි) මට්‌ටම තිබිය යුත්තේ 85% ත් 115% අතරය. ග්ලුකෝස්‌ මට්‌ටම 115% ට වැඩි නම් එය දියවැඩියාව වේ. සමහර අයට ග්ලුකෝස්‌ මට්‌ටම 450 - 500 ත් දක්‌වා වැඩිවී ඇත. එවිට වාතය, පිත, සෙම තුනම දෝෂ බවට පත්කරයි. සිරුරේ දියවැඩියාව අඩුවන්නේ සිරුර පුරා ඉන්සියුලින් තිබීම වේ. ශරීරයේ අග්න්‍යාසයේ ඉන්සියුලින් ගබඩාවයි. එම ඉන්සියුලින් ගබඩාවෙන් කපාට හරහා පටක දිගේ සෛල දක්‌වා ඉන්සියුලින් බෙදාහරී. එයින් දියවැඩියාව නැත. පැණි රස, මධු රස, කෘත්‍රිම ආහාර වර්ග වැඩිපුර ගැනීමෙන් අග්න්‍යාසයේ කපාට වැසේ.

    අප පාරම්පරික ක්‍රමයේ ආයුර්වේදයේ දියවැඩියාවට ඖෂධ ලබා දෙන්නේ අග්න්‍යාසයේ වැසී ඇති කපාට විවෘත කිරීම හා දොරවල් ඇරීමයි. ඉන්පසු අග්න්‍යාසයේ ස්‌වභාවික ඉන්සියුලින් කපාට හරහා සෛල දක්‌වා බෙදාහරී. එයින් දියවැඩියාව නැතිවේ.

    ආයුර්වේද වෛද්‍ය විශේෂඥ
    එච්.එම්.එස්‌.ඡේ. බණ්‌ඩාර,
    මහවිල, යටියන්තොට.

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ශුක්‍ර ......මෙම වේග අවශ්‍ය වේලාවට පහ නොකර සිරුරේ තබාගෙන සිටීමෙන් දියවැඩියාව හට ගනී.
    අතේ ගහන්නේ නැති වුනාමත් දිය වැඩියාව එනවද? :P haha