දියවැඩියාව පාලනය කරන අයුරු

saturn

Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    දියවැඩියාව පාලනය කරන අයුරු

    වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරයන රෝගයක්‌ බවට දියවැඩියාව පත්ව තිබේ. ඊට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අපගේ ජීවන රටාවේ පවතින වැරදි හුරුපුරුදුය. පිෂ්ඨය අධික ආහාරපාන වැඩිපුර ගැනීම, කය වෙහෙස කරවමින් එදිනෙදා කටයුතුවල නිරත නොවීම ආදී හේතු නිසා අප ඉතා ඉක්‌මනින් දියවැඩියා රෝගයට ගොදුරු විය හැකිය.

    මෙලෙස යම් පුද්ගලයකු දියවැඩියා රෝගයට ගොදුරුවී ඇත්නම් ඒ බව හඳුනාගන්නේ කෙසේද කියා අපි විමසා බලමු.

    දියවැඩියා රෝගියකුගේ රුධිර සීනී මට්‌ටම පවතින්නේ කුමන අගයකද ?

    නීරෝගී පුද්ගලයකුගේ රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම (සීනී මට්‌ටම) පැවතිය යුතු අගයක්‌ තිබෙනවා.

    නිරාහාරව සිට පරීක්‌ෂා කිරීමේදී එය ඩෙසිලීටරයකට මිලිග්‍රෑම් 100 ට වඩා අඩු විය යුතුයි. (100 mg/dl)

    ආහාර ගැනීමෙන් පසු පරීක්‌ෂා කිරීමේදී හෝ ග්ලූකෝස්‌ මිලිලීටර් 75 ක්‌ පානය කිරීමෙන් පසු පරීක්‌ෂා කිරීමේදී එය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 140 ට අඩුවිය යුතුයි. (140 mg/dl)

    යම් පුද්ගලයකුගේ රුධිර සීනී මට්‌ටම නිරාහාර පරීක්‌ෂාවකදී 100 mg/dl ත් 126 mg/dl ත් අතර අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදු කළ පරීක්‌ෂාවේදී එය 140 mg/dl ත් 100 mg/dl ත් අතර අගයක පවතීනම් එම පුද්ගලයා පූර්ව දියවැඩියා මට්‌ටමේ සිටින බව තීරණය කරනු ලබයි.

    නිරාහාරව සිට පරීක්‌ෂා කිරීමේදී රුධිර සීනී මට්‌ටම 126 mg/dl වඩා වැඩි අගයක පවතීනම් හෝ ආහාර ගැනීමෙන් පසු සිදුකළ රුධිර සීනී පරීක්‌ෂාවේදී එය 200 mg/dl වැඩි අගයක පවතීනම් එම පුද්ගලයා දියවැඩියා රෝගයට ගොදුරුවී ඇති බව තීරණය කරනු ලබයි.

    මීට අමතරව රුධිරයේ පවතින ග්ලූකෝස්‌ අනු හා බැඳුනු හිමොග්ලොබින් අගයේ ප්‍රතිශතය පරීක්‌ෂා කිරීම හෙවත් ග්ලයිකෝසිලේටඩ් හිමොග්ලොබින් පරීක්‌ෂාවේදී එහි අගය 6.5 ට වඩා වැඩිනම් (6.5 Hb A1C) එම තැනැත්තා දියවැඩියා රෝගයෙන් පෙළෙන බව තීරණය කරනු ලබයි.

    මෙම Hb A1C පරීක්‌ෂාව මඟින් පසුගිය මාස 02 ක්‌ හෝ 3 ක්‌ ඇතුළත පැවති රුධිරයේ ග්ලූකෝස්‌ මට්‌ටම හඳුනාගැනීමටද පිළිවන.

    දියවැඩියා රෝගයට ගොදුරු නොවී සිටීමට නම් Hb A1C අගය 7 ට වඩා අඩු මට්‌ටමක පවත්වාගත යුතුය.

    දියවැඩියා රෝගයට බහුලවම ගොදුරුවන වයස්‌ සීමාවක්‌ තිබේද ?

    දියවැඩියා රෝගය වර්ග දෙකක්‌ ඇත. කුඩා කල සිට යම් පුද්ගලයකුගේ අග්න්‍යාසයෙන් ඉන්සියුලීන් නිපදවීම දුර්වලව පවතින අවස්‌ථා තිබෙනවා.

    එය පළමු කාණ්‌ඩයේ දියවැඩියා රෝගය ලෙස හඳුන්වනු ලබනවා. මෙම කාණ්‌ඩයේ දියවැඩියාවට කුඩා කල සිට ගොදුරු විය හැකියි.

    වයසට යැමත් සමඟ අග්න්‍යාසයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම නිසාද දියවැඩියාව මතුවේ. මෙය දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියාව ලෙස හඳුන්වනවා. මෙම දියවැඩියාව බහුලව දැකිය හැක්‌කේ වයස අවුරුදු 35 පමණ ඉක්‌මවූ විටදීය. නමුත් වර්තමානයේ තරුණ පිරිස්‌ අතර සහ පාසල් වියේ පසුවන දරුවන් අතරද දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගය දක්‌නට ලැබේ.

    මෙලෙස අඩු වයසින් දියවැඩියාවට ගොදුරුවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ අධික තරබාරුවයි.

    දියවැඩියා රෝගයේ දී මතුවන රෝග ලක්‌ෂණ මොනවාද ?

    දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි රෝග ලක්‌ෂණ වනුයේ නිතර මුත්‍රා පිටවීම, අධික පිපාසය නිතර මතුවීම, රාත්‍රියට මුත්‍රා කළ යුතු වාර ගණන වැඩිවීම, ශරීරයේ බර අඩුවීම, සිරුරේ අප්‍රාණිකබව, අලසබව ඉතා ඉක්‌මනින් විඩාවට පත්වීම, ඇස්‌ බොඳවී පෙනීම, තුවාල හටගත් විට ඉක්‌මනින් සුව නොවීම, ලිංගික ප්‍රදේශවල දිලීර රෝග පැතිරීම ආදියයි.

    දියවැඩියාව සඳහා භාවිතා කරන "මෙට්ෆොමින්" ඖෂධය දිගුකලක්‌ ගැනීම අහිතකරද ?

    නූතන වෛද්‍ය පර්යේෂණ අනුව මෙට්ෆොමින් ඖෂධය දියවැඩියා රෝගීනට වඩාත් සුදුසු බව අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන් දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගීනට රුධිරයේ සීනි මට්‌ටම පාලනය සඳහා ප්‍රමුඛව ලබාදිය යුතු ඖෂධයක්‌ බවට මෙට්ෆොමින් පත්ව තිබෙනවා.

    එනිසා මෙට්ෆොමින් දීර්ඝ කාලයක්‌ භාවිතා කිරීම නිසා වකුගඩු හෝ අක්‌මාවට හානියක්‌ සිදුවන බවට විද්‍යාත්මකව ඔප්පුවී නැහැ. ඉතා සුළු ප්‍රමාණයක්‌ වූ දියවැඩියා රෝගීන් පිරිසකට මෙට්ෆොමින් ගත්විට බඩ බුරුලට යැම, බඩ පිපුම වැනි අපහසුතා මතුවිය හැකිsයි.

    දරුණු ලෙස වකුගඩු හානියට ලක්‌වූ පුද්ගලයනට මෙට්ෆොමින් ලබාදෙන්නේ නැහැ.

    ඊට හේතුව මෙට්ෆොමින් මඟින් වකුගඩු හානියට ලක්‌වීම නොව මෙට්ෆොමින් ශරීරයෙන් ඉවත්වන්නේ වකුගඩු මඟින් වීමයි.

    එනිසා දියවැඩියා රෝගීන් මෙට්ෆොමින් ගැනීමට අනවශ්‍ය බියක්‌ ඇතිකරගත යුතු නැහැ.

    දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් හෝමෝනය ලබා දෙන්නේ කුමන අවස්‌ථාවේද?

    පළමු කාණ්‌ඩයේ දියවැඩියා රෝගීන් හෙවත් කුඩා කල සිට ශරීරයෙන් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම දුර්වල අයට ඉන්සියුලින් එන්නත් මඟින් ශරීරයට ලබාදෙනවා.

    මීට අමතරව දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ටත් ඉන්සියුලින් ලබාදෙන අවස්‌ථා තිබෙනවා. දැඩි ලෙස රෝගී තත්ත්වයට පත්ව මුඛය මඟින් ඖෂධ ලබාගත නොහැකි තත්ත්වයේ පසුවන අයට, ගර්භනී සමයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට, ශල්‍යකර්මවලට ලක්‌ව තවම නිසි සුව අතට පත්ව නොසිටින අයට මෙට්ෆොමින් ඖෂධය මුඛය මඟින් ලබා ගැනීමට අපහසු අවස්‌ථාවලදී ඔවුනට ඉන්සියුලින් එන්නත් ලබා දෙනවා.

    දියවැඩියා රෝගීනට සුදුසු ආහාර මොනවාද ?

    රුධිරයට ඉතා ඉක්‌මනින් ග්ලූකෝස්‌ නිකුත් කරන සරල සීනි වර්ග සහිත ආහාර වර්ග සහ කෙඳි සහිත බව, අඩු පිටි සහිත බව වැඩි ආහාර වර්ග දියවැඩියා රෝගීන්ට සුදුසු නැහැ.

    දියවැඩියා රෝගීන්ට ඉතාමත් සුදුසු වන්නේ පිෂ්ඨය පාලනය කළ හැකි කෙඳි සහිත ආහාරපාන වර්ගයි.

    නිවුඩු හාල්, තම්බපු හාල්, රතු කැකුළු සහල් කුරක්‌කන්, කොල්ලු, මෙනේරි, කවුපි වැනි කෙඳි සහිත බව වැඩි පිෂ්ඨ ජනක ධාතුව අඩු ආහාර වර්ග ගුණදායකය.

    එළවළු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති එළවළු වර්ග ගුණදායකය. මැල්ලුම් වර්ග, ගෝවා, බෝංචි, පිsපිඤ්Æ, සලාද වර්ග, වැටකොලු, පතෝල, දඹල වැනි එළවළු වර්ග වැඩිපුර ආහාරයට ගැනීම සුදුසුය.

    පිෂ්ඨය වැඩි අල වර්ග වට්‌ටක්‌කා, කොස්‌, දෙල් වැනි ආහාර වර්ග ගැනීමේදී ආහාර වේලේ ඇති අනෙකුත් පිෂ්ඨ ආහාර වර්ග අඩු කළ යුතුයි.

    එනම් කොස්‌, දෙල්, අල වර්ග ආදිය ආහාරයට එක්‌ කරගන්නවානම් එම ආහාර වේලට එක්‌කරගන්නා බත් ප්‍රමාණය අඩුකර ගත යුතුයි.

    පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී කොළ පැහැති ඇඹුල් සහිත පලතුරු වර්ග වඩාත් ගුණදායකයි. වෙරළු, නෙල්ලි, ඇඹරැල්ලා, පේර, කාමරංකා, කොළපාට ඇපල්, දිවුල් ආදී පලතුරු වර්ග ආහාරයට ගත හැකියි.

    කෙසෙල්, අඹ, ගස්‌ලබු, රඹුටං, වරකා, දොඩම්, අන්නාසි වැනි පලතුරු වර්ගවල පිෂ්ඨය අධිකයි. එනිසා එම පලතුරු වර්ග ආහාරයට ගැනීම සීමා කළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රධාන ආහාර වේලකින් පසු මෙවැනි පලතුරු වර්ගයක්‌ ආහාරයට ගන්නේ නම් ප්‍රධාන ආහාර වේලේ ඇති පිෂ්ඨ අහාර වර්ග සීමා කළ යුතුයි.

    ප්‍රධාන ආහාර වේලකින් පසු කෑමට ගන්නා සීනි අධික අතුරුපස වර්ගවන කේක්‌, පුඩිං, අයිස්‌ ක්‍රීම් ආදිය ගැනීම සීමා කළ යුතුයි.

    කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ
    විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    thanks for info :shocked: :shocked:

    වර්තමානයේ ඉතා ශීඝ්‍රයෙන් පැතිරයන රෝගයක්‌ බවට දියවැඩියාව පත්ව තිබේ.

    කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ
    විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    patta mcn
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    වටිනා පොස්ටුවක්

    You must spread some Reputation around before giving it to saturn again.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං මෙට්ෆොමින් ශරීහෙන් ඉවත් වෙන්නෙ වකුගඩු වලිං නං එහෙම කාලයක් ඉවත් කිරීමෙදි වකුගඩු වලට හානි වෙනව වෙන්න බැරිද ? :oo: :oo:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    ඉතිං බං මෙට්ෆොමින් ශරීහෙන් ඉවත් වෙන්නෙ වකුගඩු වලිං නං එහෙම කාලයක් ඉවත් කිරීමෙදි වකුගඩු වලට හානි වෙනව වෙන්න බැරිද ? :oo: :oo:

    පැනඩෝල් පෙත්තක් බිව්වත් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. හොදම දෙය ලෙඩ නොහදාගෙන බෙහෙත් නොබීමට වග බලා ගැනීමයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැනඩෝල් පෙත්තක් බිව්වත් සයිඩ් ඉෆෙක්ට් තියෙනවා. හොදම දෙය ලෙඩ නොහදාගෙන බෙහෙත් නොබීමට වග බලා ගැනීමයි.

    පැනඩෝ්ල් නං එච්චර අවුලක් නෑනෙ බං කැක්කුමක් ආව වෙලාවක විතරනෙ මෙට්ෆොමින් එහෙම නෙමේනෙ දිගටම ගන්න වෙනවනෙ එහෙම එකක ඔහොම අතුරු ආබාධ තිබ්බාම ගන්න මිනිස්සු අමාරුවෙ :( :(
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    පැනඩෝ්ල් නං එච්චර අවුලක් නෑනෙ බං කැක්කුමක් ආව වෙලාවක විතරනෙ මෙට්ෆොමින් එහෙම නෙමේනෙ දිගටම ගන්න වෙනවනෙ එහෙම එකක ඔහොම අතුරු ආබාධ තිබ්බාම ගන්න මිනිස්සු අමාරුවෙ :( :(

    දියවැඩියාව කියන්නේ තව තවත් රෝගවලට අත වැනීමක් බදුයි