කොත්තු, ෆ්‍රරයිඩ් රයිස් තුළ තිබෙන මාරක විෂ.........
ෆ්‍රරයිඩ් රයිස්, කොත්තු පිළියෙල කිරී මේදී, වරක් පිස ගත් බත් හෝ තිරිඟු පිටි රොටී සහ මස්, මාළු යනාදිය ශීතකරණයේ තබා, නැවත නැවත පිසීමේ ක්‍රියාවලියකට මෙන්ම, අධික උෂ්ණත්වයකට ද ලක් කෙරේ. මෙම උෂ්ණත්වය කෙසේද යත්, ඇතැම් විට ෆ්‍රරයිඩ් රයිස් සකස් කරන බඳුනෙන් පවා ගිනි දැල් විහිදෙන අතර, බත් ඇට, බිත්තර සාරු, මස් කැබලි පට පට ගා පුපුරන ආකාරයද දකින්නට පිළිවන.
මෙසේ අධික උෂ්ණත්වයකට ලක් කරමින්, නැවත නැවත පිසීමට ලක් කෙරෙන ආහාර වල, පෝෂණ හා ඖෂධීය ගුණ හානි වන බවත්, විකෘති සංයෝග සෑදෙන බවත්, එසේ සෑදෙන ඇතැම් සංයෝග උග්‍ර පිළිකා කාරක සහ විෂ ද්‍රව්‍යයන් වන බවත්, මෙම ආහාර නිෂ්පාදනයන් උත්කර්ෂයට නැන් වූ බටහිර විද්‍යාව විසින්ම දැන් සොයා දැන කියා ගෙන තිබේ.
අධික උෂ්ණත්වයකට ලක් කෙරෙන සහ යළි යළිත් පිසීමේ ක්‍රියාවලියට ලක් කෙරෙන ආහාර තුළ නිෂ්පාදනය වන විෂ සංඝටක කිහිපයක්‌ම වෙයි. ඒවා Heat-generated food toxicants නමින් හඳුන්වයි. 2002 වර්ශයේදී ස්‌වීඩන් විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගත් මෙම විෂ රසායනික සංඝටක පිළිබඳ සොයා බැලීම සඳහා යුරෝපා කොමිෂම විසින් “HEATOX Project” නමින් ව්‍යාපෘතියක් පවා දියත් කර ඇත. (http://ec.europa.eu/research/biosoci.../032r®en.html)
අධික උෂ්ණත්වයක දී පිසින ෆ්‍රරයිඩ් රයිස්, කොත්තු, ඩෙවල්, සම්සා, රෝල්ස්, මෙන්ම එක් වරක් පිසූ ආහාර ශීතකරණයේ තබා, ක්‌ෂණිකව අධික උෂ්ණත්වයකට රත් කර, නැවත නැවත ආහාරයට ගනු ලබන ආහාර තුළත් මෙම හානිකර සංයෝග තිබිය හැකි බව අවධාරණය කරමු. ඒවායින් කිහිපයක මෙසේය.
මෙම රසායනික සංඝටක සෑදෙන්නේ නැවත නැවත පිසීමකට ලක් කෙරෙන, අධි උෂ්ණත්වයක පිසින, අධික කාලයක් ගැඹුරු තෙල් වල බැඳීමකට ලක් කෙරෙන පිෂ්ටමය ආහාර වලය. යුරෝපා රටවල් වල අලෙවි කෙරෙන බේකරි නිෂ්පාදන (පාන්, බනිස්, කේක් වැනි ආහාර වල වටේ තිබෙන කර වුණු කොටස් තුළ සුලභව හමු වේ.) ළදරු ආහාර, බිස්‌කට්, කුකීස්, ස්‌නැක්‌ස්, සීරියල් වර්ග වල පවා මෙම සංයෝග සැලකිය යුතු මට්‌ටමකින් අඩංගුව තිබී සොයා ගෙන තිබේ.
මෙය සැලකිය යුතු මානව පිළිකා කාරකයක් ලෙසත්, වඳකාරකයක් සහ ස්‌නායු විෂ කාරකයක් (neurotoxins) ලෙසත් හැඳින්වේ. ආහාරයක විෂ නොවන මට්‌ටමක ඇක්‍රිල් ඒමයිඩ තිබිය යුතු ෆ්‍රරමාණයන් පිළිබඳ නව නීති ෆ්‍රරතිපාදන ගෙන ඒම සඳහා, යුරෝපා රටවල්වල අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. අධික උෂ්ණත්වයක, තෙල් මාරු නොකර, කර වුණු තෙල් වල බදින සම්සා, වඩේ, පැටිස්, රෝල්ස් මෙන්ම මෙරට අලෙවි කෙරෙනා කොත්තු සහ ෆ්‍රරයිඩ් රයිස් වල ද නිසැකයෙන්ම ඇක්‍රිල්ඒමයිඩ තිබෙනු ඇත.
පිෂ්ටය සහිත ආහාර අධික උෂ්ණත්වයක වැඩි වාර ගණනක් පිසීමේදී පිළිකා කාරකයක් මෙන්ම, උග්‍ර වකුගඩු විෂකාරකයක් ද වන hydroxymethylfurfural (HMF) නමැති රසායනික සංයෝගය ද සෑදෙන බව සොයා ගෙන ඇත. මේ පිළිබඳ මීයන් ඇසුරේ සිදු කර ඇති පර්යේෂණ වල ෆ්‍රරතිඵල ලෝක වාසීන්ගේ සැනසීමට හේතු නොවන බවනම් අවධාරණය කළ යුතු වේ. (http://americannutritionassociation....s-cooked-foods)
අප වයසට යන විට පටක වල ස්‌වභාවිකවම නිපදවෙන විනාශකාරී ෆ්‍රරdඑටීන් විශේෂයක් ඇත. AGE නමින් (Advanced Glycated End products) කෙටියෙන් හැඳින්වෙන මෙම අද්‍රdව්‍ය සංඝටක මගින් උත්තේජනය වන අපගේ සෛල superoxide iy, nitric oxide වැනි, පිළිකාවලට සහ වයසට යාමේදී ඇති වන පටක විනාශ වීම්වලට හේතු වන, නිදහස් මුක්‌ත කණ්‌ඩක සහ ෆ්‍රරතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල කරන්නට හේතු වන සංඝටක සාදනු ලබයි.
අපගේ සෛල හා ඉන්ද්‍රියයන් තුළ මෙම විනාශකාරී AGE සංඝටක එකතු වීම, දියවැඩියාව, පිළිකාව, වකුගඩු විනාශ වීම, සම වියළීම හා රැලි වැටීම, හෘද රෝග, ඇසේ පෙනීම අඩු වීම, ඇසේ සුද එඑම, මානසික අවපීඩනය, මතකය අඩු වීම වැනි වයසට යැමේදී ඇති වන සංකූලතා රාශියකටම ඉවහල් වන බවත් විද්‍යාඥයෝ අවධාරණය කරති. අවාසනාවකට අධික උෂ්ණත්වයකට ලක් කර නිෂ්පාදනය කෙරෙන සහ ඇසුරුම් කළ වානිජමය ආහාර බොහොමයකම මෙන්ම, ෆ්‍රරයිඩ් රයිස්, කොත්තු වල ද මෙම හානිකර සංඝටක තිබිය හැකි බව අවධාරණය කළ යුතුව ඇත.
මාංශමය ආහාර වැඩි කාලයක් අධික උෂ්ණත්වයකට ලක් කිරීමේදී, හෙටරොසයික්‌ලික් ඇමයින්ස්, (HCA) පොලිසයික්‌ලික් ඇරෝමැටික් හයිෙඩ්‍රාකාබන්ස(PAHs), සහ නයිට්‍රොස් ඇමයින්ස් (Nitrosamines) වැනි විෂ රසායනික සංයෝග සෑදෙන බව සොයා ගෙන තිබේ. මෙම සංයෝග අපගේ සෛලවල ඩී.එන්.ඒ. (DNA) විකෘති කරන බවත්, මෙම තත්ත්වය දරුණු පියයුරු පිළිකාව, මහාන්ත්‍රයේ සහ ආමාශයේ පිළිකා ඇති කිරීමට ද බෙහෙවින්ම ඉවහල් වන බවත් අවධාරණය කළ යුතුව තිබේ.
ආහාර වර්ග, තෙල් වල අධික උෂ්ණත්වයක (පොල් තෙල්, එළවළු තෙල් වැනි) පිසීම සිදු කරන විට හෝ අධිකව රත් වූ බඳුනකට තෙල් දමා රත් කරන විට සහ තෙල් සහිත මස් වර්ග අධික උෂ්ණත්වයක පිසින විට, එම බඳුනෙන් සුදු පැහැති දුමාරයක් පිට කෙරෙන ආකාරය ඔබත් දැක ඇතුවාට සැක නැත.
සත්ත්ව තෙල් හෝ එළවළු තෙල්වලින් මෙසේ සුදු දුමාරයක් නිකුත් කෙරෙන උෂ්ණත්වය smoking point යනුවෙන් හැඳින්වේ. මෙම දුමාරය ඇති වන්නේ තෙල්වල ස්‌වභාවික සංයුතිය බිඳ වැටී සෑදෙන වාෂ්පශීලි සංඝටක වාෂ්ප වීම නිසාවෙනි. මෙම අවස්‌ථාවේදී අතිශයින්ම හානිකර විෂ රසායනික සංයෝග සහ පිළිකා කාරක ද්‍රව්‍යයන් නිපදවෙන බව සොයා ගෙන තිබෙන අතර, මෙම දුම ආඝ්‍රාණය කිරීම පවා හානිකර බව පැවසෙන්නේය.
ෆ්‍රරයිඩ් රයිස්, කොත්තු සහ ඩෙවල් වැනි ආහාර වර්ග සෑදීමේදී ඒවාට ආහාර රසකාරක, ආහාර පදම් කාරක, සුප් කැට, විවිධ සෝස් වර්ග සුලභව යොදනු ලබයි. එමෙන්ම ෆ්‍රරයිඩ් රයිස් ආහාරයට ගනු ලබන්නේද චිලී පේස්‌ට්, චොප්සි වැනි දෙයක් සමගය. මේ සියල්ලෙහිම තිබෙන ෆ්‍රරධාන ආහාර ආකලන වර්ගයක් වන්නේ මොනො සෝඩියම් ග්ලුටමේට් ය.
MSG කියලා කෙටියෙන් හඳුන්වනු ලබන මෙම රසායනිකය, වඳභාවයට සහ ලිංගික බෙලහීනතාවයට හේතු විය හැකි බවත්, ෆ්‍රරබල ස්‌නායූ විෂ කාරකයක්, (Neurotoxin) පිළිකා ඩකාරකයක් සහ සෞඛ්‍ය ආබාධ බොහොමයක් සඳහාත් හේතු විය හැකි ආහාර ආකලනයක් බවත්, පර්යේෂකයින් අවධාරණය කොට තිබේ. ලංකාවේ හෝටල් වල පිළියෙල කරනු ලබන එක් කොත්තුවක, ෆ්‍රරයිඩ් රයිස් එකක ඵීඨ ග්රෑම් 6 ක් පමණ තිබෙන අතර, (අනුමත මාත්‍රාව මෙන් 12 ගුණයක්) එවැනි ආහාරයක් ගත්තාම, වතුර ගැලුමක් විතර බොන්න හිතෙන්නෙත්, කැස්‌ස, හිසරදය, කරකැවිල්ල වැනි රෝග ලක්‌ෂණ ඇති වෙන්නෙත්, මේ අධික ඵීඨ මාත්‍රාව නිසාය. මේ රෝග ලක්‌ෂණ වලට කියන්නේ -"චයිනීස් රෙස්‌ටොරන්ට් සින්ෙඩ්‍රාඑම්" කියාය.
කොත්තු සහ ෆ්‍රරයිඩ් රයිස් සාදනු ලබන්නේ සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකර සුදු තිරිඟුපිටි සහ සම්බා, සහල් වර්ග වලිනි. මේවා එක් අතකට පෝෂණ තත්ත්වයෙන් ඉතාමත් හීනය. අනෙක් අතට අපගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ දී ඉක්‌මනින්ම සීනි බවට පත් කෙරෙන ආහාරයන්ය. ආහාරමය තන්තුවලින් හීන වන අතර, වැඩි ග්ලයිසීමික් අගයක් ගන්නා ආහාරයන් ද වෙයි. එමෙන්ම මේවා සකස් කිරීමේදී අධික ලෙස තෙල් සහ හානිකර පාර මේදය (ට්‍රාන්ස්) අඩංගු මාගරින් වර්ගද භාවිත කෙරෙයි.
අවධාරණය කළ යුතු තවත් වැදගත් කාරණාවක් වන්නේ මෙම ආහාර අනුභවයෙන් ශරීරයට අධික සෝඩියම් ෆ්‍රරමාණයක් ඇතුළු වීමයි. පෙර කී ආහාර රස කාරක, පදම්කාරක වැනි ද්‍රව්‍යයන්වල ද ලුණු රසය ලෙස නොදැනෙන සෝඩියම් සැලකිය යුතු ෆ්‍රරමාණයක් ඇති අතර, එයට අමතරව මේවාට අධික ලෙස ලුණු ද එක් කෙරෙයි.
අනෙක් අතට මේවාට එක් කර තිබෙන කෘත්‍රිම සුගන්ධකාරක සහ රසකාරක නිසාවෙන්, අධික ෆ්‍රරමාණයක් මේවා ගිල දැමීමට කෙනෙකු තුළ ගිජු බවක් ද ඇති කෙරෙයි. ඒ නිසාවෙන් අධික කැලරි ෆ්‍රරමාණයක් ශරීරයට ලැබෙන අතර, (Empty calorie) එම කැලරි දහනය කර ගැනීමට තරම් ක්‍රියාශීලී බවක් බොහෝ දෙනෙකුට ඇත්තේ නැත. අවසාන ෆ්‍රරතිඵලය වන්නේ හෘද රෝග සහ දියවැඩියා රෝග අවදානම ඉහළ යාමයි.
ලෝක දියවැඩියා දර්ශකයේ අපේ රට තිබෙනුයේ 21 ක් වන ස්‌ථානයේය. බත් ෆ්‍රරධාන ආහාරය කර ගත් දකුණු සහ අග්නිදිග ආසියාතික කිසිදු රටක් මෙම දර්ශකයේ 100 වන ස්‌ථානයෙන් මෙපිටට පැමිණ නැත. ජාතික ආහාරය බත් කර ගත් අපේ රටේ විශාල ලෙස දියවැඩියා රෝගීන් ඉහළ යන්නට ෆ්‍රරධාන හේතුවක් බවට, මෙරට ජනතාවගේ අධික තිරිඟු පිටි අනුභවය, සම්පූර්ණයෙන් පාහින ලද සුදු සහල් පරිභෝජනය සහ ෆ්‍රරයිඩ් රයිස් වැනි විකෘති බත් වර්ග ආහාරයට ගැනීම ඉහළ යාමත් හේතු වී ඇති බව සක්‌සුදක් සේ පැහැදිලිය.
අප මෙහි සාකච්ඡා කර ඇත්තේ සාගරයක ගිලී තිබෙන අයිස් කන්දක මතුපිට පෙනුම පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මක් නිසාද යත්, මෙම විෂම ආහාරවල තිබෙන පෙර කී, නොකී විෂ සංඝටක, පළිබෝධනාශක වර්ග සහ ආහාර රසවත් කිරීමට, පදම් කිරීමට එකතු කෙරෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍යයන් සමග සිදු විය හැකි අන්තර් ප්‍රරතික්‍රියාව පිළිබඳ තවමත් හෙළි නොවුණු තතු විත්ති බොහෝ තිබෙන්නට පිළිවන් වන බැවිනි.
-fb-
මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා
අපගේ අක්‍රමවත් ආහාර රටාව මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකාවට ප්‍රධාන හේතුවකි. වත්මන් සමාජය බෙහෙවින් පරිභෝජනය කරන ක්ෂණික ආහාර (Junk Food) හේතු වේ. විශේෂයෙන් බාගෙට පිසින ලද (pre cook) සොසේජර්ස්, මීට් බෝල්ස්, හැම් බේකන්, මස්, ඌරුමස් ආදියත් පේස්ට්‍රි, සබ්මැරින්, හොට් ඩෝග්ස්,
කොත්තු
, ෆයිඩ් රයිස් ආදිය නිතර ආහාරයට ගන්නා අය මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැලඳීමේ අවදානම තිබෙන පිරිසයි. වසරකට මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා රෝගීන් 1200ක් වාර්තා වේ.දිනකට ලීටර් 2 1/2 - 3 අතර ප්‍රමාණයක් ජලය පානය කරන, කෙඳි සහිත ආහාර, පලා වර්ග, එළවළු වර්ග, නැවුම් පලතුරු ආදියත් රතුහාලේ බත් ආදිය ආහාරයට ගන්නා අයට බොහෝ සෙයින් මහා ආන්ත්‍රික පිළිකා අවදානමින් මිදිය හැකියාව ලැබේ.
https://www.lankadeepa.lk/news/ලෝක-පිළිකා-දිනය-අදයි/101-565448