දියවැඩියාව, ස්ථුලතාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    දියවැඩියාව, ස්ථුලතාව

    1019204-basic-stovetop-rice

    මේ තියෙන්නේ ග්‍රෑම් 200 ක සහලින් පිසු බත් පිඟානක්. නිරෝගී තරුනයකුට තුන්වේලට මේ වගේ බත් පිඟන් 3 ක් කන එක ඒ හැටි දෙයක් නොවෙයි. ඒ විදියට ගනන් බැලුවොත් සතියකට බත් කිලෝග්‍රෑම් 4.2 ක් වැඩිහිටියකු ආහාරයට ගන්නවා. මේ ප්‍රමානය ආහාරයට ගැනීම සෞඛ්‍ය සම්පන්නද?
    එය ඉතා වැඩියි. සහල්වල ප්‍රදාන ව අඩංගු වන්නේ පිෂ්ඨයයි. carb කියලත් කියනවා.මෙතරම් කාබ් කෑම නිසා දියවැඩියාව, ස්ථුලතාව හා එහි සංකූලතාවලට ජනතාව ලක්වනවා.
    ගොවිතැන් කරන විට පසේ තිබෙන සහ පසට එකතු කරන රසායනික නිසා සහල් වල බැරලෝහ කැඩ්මියම් හා ඊයම් අඩංගු වී තිබෙන බව මේ පිලිබඳව පර්‍යේශන කල අය වාර්තා කර තිබෙනවා. පසේ මෙම බැරලෝහ තිබෙන අතර රසායනික පොහොරවලින් තවත් පසට එකතු වෙනවා. බොහෝ අය කියන්නේ මේ තිබෙන ප්‍රමානයන් ඇමෙරිකාව යුරෝපය ආදී රටවල් නිර්දේශ කර තිබෙන උපරිමයන්ට අඩු නිසා ප්‍රශ්නයක් නැත කියායි. නමුත් ඇමෙරිකාවෙ යුරොපයේ හෝ ඉන්දියාවේවත් අපි තරම් බත් කන්නේ නෑ.
    ලෝක සෞඛ්‍ය සංවිධානය එක් එක් රටවල් වල ආහාර රටා අද්‍යනය කර රටවල් කාණ්ඩ කර තිබෙනවා ආහාරවලින් සෞඛ්‍යයට වන බලපෑම තක්සේරු කිර්‍ර්මට. ලංකාව අයිති වන්නෙ G14 කාන්ඩයට. මේ කාන්ඩයට අයිති අනික් රටවල්නම් කොමරෝස්, ෆිජි දුපත්,කිරිබතී, පැපුවා නිව්ගිනියා, සොලමන් දූපත්,වනුආටු යන දූපත් හතයි. මේ රටවල් වලත් ප්‍රධාන ආහාරය බත්. බොහෝ අය අපි වගේ හෝ අපිටත් පිටුපසින්.
    අධික ලෙස බත් කෑමට ගිජු වීම අපේ ජාතික ලක්ශනයක්. දියවැඩියාව, ස්ථුලතාවට අමතරව තවත් අමතර අවදානමක් මෙහි තිබෙනවා. ඊයම් වැනි බැරලෝහ ශරීරයට ඇතුලුනාම ශරීරයේ තැන්පත් වෙනවා. ඊයම්වල half life අර්ධ ආයුකාලය අවුරුදු 30 ක්. ඒ කියන්නේ අද ශරීරයට ඇතුල්වන ඊයම් වලින් බාගයක් තව අවරුදු 30 කට වඩා ශරීරයේ තැන්පත්ව තියෙනවා. දිනපතා එසේ තැන්පත් වුනාම වෙනදෙය හිතාගන්න පුලුවන් නේද? දැනට තියෙන තොරතුරු වලට අනුව අවුරුදු 40 පමන වන තුරුම ඊයම් ශර්‍රරයේ තැන්පත් වෙලා උපරිමයට එනවා.
    මේකේ නරකම බලපෑම වන්නේ විකසනය වන කලලයට හා කුඩා දරුවන්ගේ ස්නායු පද්ධතිය වර්ධනයටයි. ගර්භනී මවකගේ ලේවල තියෙන කලලයට ඇතුලු වී කලලයේ මොලය වර්දනය අඩාල කරනවා. ඉන්පසු තව ඩෝස් එකක් ආහාර වලින් ලැබෙනවා. මේ නිසා බුද්ධි හීන දරු පරම්පරාවක් බිහිවනු ඇති.
    දැනට හෙලිදරව්වී ඇති තොරතුරු වලට අනුව වකුගඩු අක්‍රිය වීමටද ඊයම් හේතු විය හැකියි.
    මේ ආපදා අඩුකර ගත හැක්කේ කෙසේද?
    මෙයට කල හැකි ගොඩක් දේ තිබෙනවා. නමුත් පුද්ගලිකව තම තම තමන්ට කල හැකි දේ සටහන් කරන්නම්.
    පෝශනවේදයේ මුලිකම සංකල්පය ආහාර වේල විවිධාංගීකරණය විය යුතු බවයි. Eat variety of food. එනම් එකම ආහාර වර්ග දිගටම ගත නොයුතු බවයි. මෙය බත්වලටත් අදාලයි. බත් අඩුකරොත් ඊට ආදේශකය කුමක්ද? එලවුලු ආහාරයට ගැනීම හොඳ දෙයක්. එහෙත් එලවුලු වලත් පෙරකී ඊයම් සහල් වල වගේම අඩංගු වෙනවා. එම නිසා මේ තත්වය යටතේ මස් හා මාලු තමා හොඳම විකල්පය. ඇයි මස් මාලු හොඳ වෙන්නේ. ඒවායේ මේ බැරලෝහ හා වෙනත් හානිකර රසායනික ඉතා අඩුයි. ඒ වගේම ඒවායේ බොහෝ ගුනාධික සංඝටක අඩංගු වෙනවා. මස්වලත් මස් කොටස මිස පීකුදූ හා වකුගඩු හොඳ නෑ ඒවායේද බැරලෝහ තැන්පත් නිසා. අධික මාංශ අනුභවයක් තියෙන රටවල නම් මස් කෑම එතරම් හොඳ නැති බවට අවවාද කරනවා. ඒ අවවාදය අප වගේ රටකට ගැලපෙන්නේ නෑ. මේ ඊයම් තත්වය දිගටම පැවතිනොත් ඉතාම මෝඩ ජනතාවක් මේ රටේ ඉතිරිවේවි. මේ කියන්නේ බත් අඩුකර මස් මාලු වැඩි කර ගන්න කියායි.
     
    Last edited:

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Chicken Wala growth hormones thiyenawa.
    Malu Wala muhudata ekathu wechcha plastic micro level eken thiyenawa
     
    Anarky

    Active member
  • Jan 3, 2018
    342
    76
    28

    boru danna epa hukanno.....mas kana minissunta thama ada leda wadima...ese mese leda nemei pilika thyenne unta....me rate paya 24ma elawalu kana minissu innawa kisima prashanayak na :cool: thopith ela walu kapiya