දියවැඩියාව සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    දියවැඩියාව සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

    දියවැඩියාව සුව කරන ආයුර්වේද ප්‍රතිකාර

    දියවැඩියාව හෙවත් මධුමේහයට ගොදුරු වන පිරිස වර්තමානයේ ඉතා ශීඝ්‍රව වර්ධනය වන බවක්‌ දක්‌නට ලැබේ. මෙවැනි තත්ත්වයක්‌ මතුවීමට බලපා ඇති හේතුව කුමක්‌ද කියා අපි විමසා බලමු.

    වෛද්‍යතුමියනි, දියවැඩියා රෝගය බහුල වීමට බලපා ඇති හේතුවක්‌ තිබෙනවාද?

    වර්තමානයේ අප සමාජයේ කුඩා දරුවන්ගේ පටන් වැඩිමහලු පුද්ගලයන් දක්‌වා දිනපතා ආහාරයට ගන්නේ වස විස සහිත ආහාර වර්ග. මේවායේ වස විස විතරක්‌ නෙමෙයි සීනි සහිත බවත් අධිකයි. එනිසා අපගේ රක්‌ත දූෂිත වීමක්‌ හෙවත් රුධිරය දූෂණයට ලක්‌වීමක්‌ සිදුවෙනවා. මෙසේ රුධිරය දූෂිත වූ විට ලෙඩ රෝග ඉතා පහසුවෙන් ඇති වෙනවා. ඉතිං දියවැඩියාවටත් හේතුවන රුධිර සීනි බහුලවීම නිසා පාසල් යන දරුවන්ගේ පවා වර්තමානයේ දියවැඩියාව රෝගයට ගොදුරු වීමක්‌ දක්‌නට ලැබෙනවා.

    මෙම තත්ත්වය වළක්‌වා ගන්නේ කෙසේද?

    මේ සඳහා කළ යුත්තේ සීනි අධික ආහාරපාන ගැනීම සීමා කිරීමයි. එළවළු වර්ග, පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම කළ යුතුයි.

    සීනි අධික පැණිබීම වෙනුවට කොළ කැඳ වර්ග, කොත්තමල්ලි තැම්බූ වතුර ආදිය ගැනීම ගුණදායකයි.

    වෛද්‍යතුමියනි, දියවැඩියා රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන්ගේ ශරීරය ඉතා ඉක්‌මනින් වැහැරීමට ලක්‌වීම හෙවත් කෙට්‌ටු වීමක්‌, ස්‌නායු දුර්වලවීමක්‌ තුවාල ඇති වූ විට සුවවීම ප්‍රමාදවීමක්‌ දක්‌නට ලැබෙනවා. ඊට බලපා ඇති හේතුව කුමක්‌ද?

    දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ශරීරයේ ඇති පෝෂ්‍ය කොටස්‌ ශරීරය තුළ තැන්පත් නොවී ශරීරයෙන් බැහැරවීමයි. එවිට ශරීරයේ ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. එසේ වූ විට සිරුර කෙට්‌ටු වෙනවා. ඇස්‌ පෙනීම දුර්වල වෙනවා. නිතර තෙහෙට්‌ටුවක්‌ ඇති වෙනවා. පිපාසය දැනෙනවා. අලස බවක්‌ මතු වෙනවා. මේ සියල්ලටම බලපාන්නේ ශරීරයෙන් පෝෂ්‍ය කොටස්‌ බැහැර වී යැමයි.

    මෙම තත්ත්වයට නිසි ප්‍රතිකාර නොගෙන සිටීමෙන් සිදුවන්නේ රෝගය දරුණු වී ස්‌නායු අඩපණ වීම, තුවාල ඇති වූ විට ඉක්‌මනින් සුව නොවීම ආදියයි. මෙහි දරුණුම තත්ත්වය වන්නේ තුවාල සිරුර පුරා ඔඩුදුව ගොස්‌ අතපය ඇඟිලි කපා දැමීමට ආදිය සිදුවීමයි.

    දියවැඩියාව පාලනය කරගැනීමට ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවාද?

    ආයුර්වේදයේ දියවැඩියාව සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ශාකසාරවලින් නිපදවන ඖෂධ වර්ග තිබෙනවා. ඒවා නිවැරදි වෛද්‍ය උපදෙස්‌ අනුව භාවිත කරමින් ආහාරපාන ගැනීම ද නිවැරදි අයුරින් සිදුකළ විට මතුව ඇති දියවැඩියා රෝගය පාලනය කිරීම හෝ නිට්‌ටාවට සුව කිරීම සිදුකළ හැකියි.

    මෙහිදී රෝගීන් සතුව විශාල වගකීමක්‌ තිබෙනවා. බොහෝ රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණියත් ප්‍රතිකාර ලෙසින් ලබාදෙන ඖෂධ නිසි ලෙස භාවිත කරන්නේ නැහැ. ආහාරපාන නිසි පාලනයකින් යුතුව ගන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට කොතරම් හොඳ ඔෂධ වර්ග ලබාදුන්නත් රෝගය සුව කරන්න බැහැ.

    නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන තම එදිනෙදා ජීවිතය සකස්‌ කරගත්තොත් මාස හයක්‌ යන විට තමාට මතුව ඇති දියවැඩියා රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන් බව සහතික විය හැකියි.


    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකථන අංක 0770181010 ඇමතීමෙන් ලබාගත හැකිය.

    weda3.jpg


    Divaina
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    දැන් තේරෙනවා නේද සීනි බද්දක් ගෙනාපු එකේ වැදගත්කම :P +

    :yes: ඒ උනාට උඹට රෙප් නම් දෙන්න බැරිලු... :eek: You must spread some Reputation around before giving it to LazyLizard again.