දියවෙන ජීවිත 🧊

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    What’s this man even saying?

    යථා බුබ‍්බුලකං පස‍්සෙ යථා පස‍්සෙ මරීචිකං ~ එවං ලොකං අවෙක‍්ඛන‍්තං මච‍්චුරාජා න පස‍්සති.
    දිය බුබුලක් (ඉපිද වහා නස්නේ යැ යි තුච්ඡ යැ යි අසාර යැ යි) යම්සේ බලා ද, (පවනින් සැලුනු ඉරු රැස යැ යි කියන ලද) මිරිඟුව ගන්නට නොනිසි යැ යි දක්නේ ද, එ පරිද්දෙන් ම (ස්කන්‍ධායතනධාතුසංඛ්‍යාත) ලෝකය (ඉපිද වහා නස්නේ ය, තුච්ඡ ය, අසාර ය, ආත්ම ආත්මීය භාවයෙන් ගන්නට නො නිසි යැ යි) නුවණැසින් බලන තැතැත්තහු මෘත්‍යුරාජ තෙම (මරණ තෙම) (තමාට අවිෂය වූ නිවන් පුරයට ගිය හෙයින්) නො දක්නේ ය.